Friday, January 27, 2017

සමලිංගික බව අයිතියක්ද?

සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයින්ගේ ලිංගික ජීවිත ඔවුන්ගේ දේශපාලන වෘත්තියට බලපෑමක් ඇති කරන්නේ නෑ. ඒ නිසා කෙනෙක් සමලිංගිකද නැද්ද යන්න දේශපාලකයෙක් සම්බන්ධයෙන් අපේ රටේ මිනිස්සුන්ට එතරම් වැදගත් දෙයක් නෙවෙයි. එක වැදගත් නොවෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඒක වැදගත් නොකරන නිසයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු මේවගේ පුද්ගලික දේවල් පුද්ගලික දේවල් හැටියට මිසක් අයිතීන් හැටියට සලකන්නේ නෑ. ඒක තමයි අපේ ගතිය. නමුත් මේ ගතිය බටහිර රටවල ලිබරල් ගතිය නෙවෙයි.

බටහිර සංස්කෘතියේ සමලිංගික බව අයිතියක්. එතකොට ඒක වැදගත් දෙයක් තව දුරටත් පුද්ගලික දෙයක් නෙවෙයි. දැන් මේගොල්ලො හදනවා සමලිංගික අයිතියට සමතැන් ලබා ගන්ඩ. පහත ලින්ක් එකේ තියෙන්නෙ ඔවුන්ගේ ලිංගිකත්වය හෙලි වුනාට පස්සෙ මුහුණ දෙන්ඩ වුනු අඩම් තේට්ටම් හමුවේ වෘතිය අතහැරදාලා ගිය ඇමෙරිකාවේ සමලිංගික දේශපාලකයින්ගේ ලිස්ට් එකක්.

 17 Politicians Who’ve Faced Gay Rumors Or Sex Scandals

මේවගේ දේවල් ලංකාවේ වෙන්නේ නෑ. හැබැයි අපි ලිබරල් සංස්කෘතියෙත් නෙවෙයි ඉන්නෙ. එහෙනම් මේක තේරුම් ගන්නේ කොහොමද? පුද්ගලික අයිතීන් උලුප්පවා ගන්නේ නැතිවත් අපේ රටේ අයට පොදුවේ මීට වඩා සමාජ සාධාරණයක් ඉටුවෙන්නේ නැද්ද? බටහිර සමලිංගික අයිතීන් මෙහෙ පිහිටුවන්ඩ හදන අයගෙන් අපිට අහන්ඩ ඕන ප්‍රශ්ණය තමයි මේවා ගෙනැල්ලා තව අවුරුදු පනහකින් හැටකින් විතර අද ඇමෙරිකාව ඉන්න තැනට බඩ ගාන එකද වඩා නුවනට හුරු නැත්නම් අපේ ගති තවත් ස්ථාපනය කරන එකද?

මා දන්නා විදිහට සමලිංගික සේවනය වරදක් ලෙසට මෙරට දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කරලා තියෙන්නේ එකල ඉංග්‍රීසින් විසින් ඔවුන්ගේ උවමණාවට. සිංහල සංස්කෘතිය තුල එහෙම උවමණාවක් අදටවත් තියෙනවැයි කියල හිතන්ඩ බැහැ. ඕක මෙතෙක් ක්‍රියාත්මක කරලත් නැත්තේ ඒ නිසා මිසක් අපේ සමාජයේ සිදුවුනු වෙනසක් නිසා නෙවෙයි. අවශ්‍යනම් කරන්ඩ තියෙන්නේ සංස්කෘතියට නොගැලපෙන නීතියක් වශයෙන් එය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම මිස සමලිංගික සේවනයට නීතිමය තැනක් ලබා දීම නෙවෙයි. ඒක ඉවත් කරන අතරේ අපේ සංස්කෘතියට නොගැලපෙන වෙනත් නීති ඇත්නම් ඒවාද ඉවත් කිරීමට කටයුතු කල යුතුයි.

4 comments:

  1. සමලිංගිකයන්ට ඔහුන්ගේ අයිතීන් ලබාදිය යුතුයි

    ReplyDelete
  2. ජානක.... හොඳම නැති දෙයක් තමයි තව කාගෙවත් ජනේලයෙන් එබී බැලීම. ඒකම තමයි අපි හදා වඩා ගතයුතු ගුණාංගය. ජානක යම් කිසි අදහසක ඉන්නවා. ඒක වරදක් නෙමේ. නමුත් ජානක , ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා, ඒ මතය වැරදියි කියන. මේකත් ඒ වගේ දෙයක්. ජානක , ඔබ මට වඩා යමක් කමක් දන්නා මිනිහෙක් වෙන්නැති. ඒත් අපි මිනිසුන්ට අන්‍යෝන්ය ආදරය සහ ගරු කිරීම පවත්වා ගෙන යමු. අපි කාටත් ගැටුම් අප්පිරියයිනේ. කෙනෙක් තව කෙනෙක්ගේ කැමැත්ත නිර්දය අවමානයකට ලක්කිරීම ඒතරම් සුදුසු නොවේ. මම ඔබේ පෝස්ට් එකේ අවසානයට කැමතියි.මට සමාවෙන්න. මේ මගේ සිතුවිල්ල.

    ReplyDelete
  3. සමලිංගික සේවනය නීතිගත කළාම කියමු. ඉන්පසුව පැන නගින සමාජ ගැටලුවලට විසඳුම් හොයන්නත් වෙනවා. සමලිංගික දෙමාපියන්ගේ දරුවන් අනෙක් සාමාන්‍ය දරුවන් සමග හැසිරීමේදී යම් යම් මනෝවිද්‍යාත්මක ගැටලු ඇති වෙන බව සොයාගෙන තිබෙනවා. අනෙක ඇතැම් විට සමාජ විරෝධී චරිත ද මෙහිදී ඇති විය හැකියි. අවශ්‍ය අය ඕන විදිහකට සමලිංගිකව හැසිරුනාවේ කියලා මේක නීතිගත කරන එක නොකළ යුතු බවයි මම නම් හිතන්නේ.

    ReplyDelete
  4. හ්ම්ම්...
    සමලිංගිකත්වය ගැන කතා කරන එක ලේසි පහසු මාතෘකාවක් නෙවෙයි.

    ඔන්න සින්ඩියටත් බ්ලොග් එක දා ගත්තා.. පුළුවන් වෙලාවක අපේ පැත්තේ එන්න.
    සිතුවිලි සිංහල බ්ලොග් කියවනය

    ReplyDelete