Monday, February 15, 2016

මාධ්‍යයට තර්ජන

මාධ්‍යවේදියෙකු විසින් ගායන ශෛල්‍යයක් බැළලියකගේ හැඬීමට සමාන කිරීමත් අගමැතිවරයා විසින් ඒ මාධ්‍යවේදියා බල්ලෙකුට සමාන කිරීමත් යන සිද්ධිය අඩි සීයක් පමණ ඉහලින් සිට බලන විට පෙනෙන්නේ සාමාන්‍ය සිංහලයින් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව ආරක්‍ෂා කරගැනීමට දරන උත්සාහයත් රජයක් විසින් ඔවුන්ගේ සංස්කෘතිය පාගා දැමීමට දරන උත්සාහයකුත් නොවේද?

නිදහස් උත්සවයේ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛල්‍යයෙන් ගායනය කිරීම සාමාන්‍ය සිංහලයින් අගය කලේ නැත. මිනිසුන් ඊට අකමැතිවූයේ එම ගායිකාවවත්, දෙරණ මාධ්‍යවේදියාවත්, අගමැතිවරයාවත් කල කී දේ හෝ ඔවුන් සම්බන්ධ සිදුවීම් වලින් ස්වාධීනව බව වැදගත්ය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පිටරටින් එන දේ ගන්නට මැලි නැත. නමුත් මිනිස්සු මේකට කැමති නැති වීමෙන් පෙනෙන්නේ නිදහස් උත්සවය හරහා මේ ආණ්ඩුව සංස්කෘතික වශයෙන් දුන් දේත් දුන් විදිහත් දෙකම මේ රටේ මිනිස්සුන්ට ඇල්ලුවේ නැති බවයි. 

මිනිස්සු අකමැති දේ මිනිස්සුන්ට බලෙන් කැව්වේ ගාලුමුවොදර පිටියේ පමණක් නොවේ රජය රජයේ මාධ්‍ය හරහා එය මුලු රටටම ගිල්ලුවේය. විද්‍යුත් මාධ්‍ය අවකාශය අයිති ජනතාවට යැයි කියන්නේ නම් රජය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කලේ යැයි අවශ්‍ය නම් කෙනෙකුට කිව හැකිය. 

පුද්ගලික ජනමාධ්‍ය මේ රටේ සංස්කෘතිය බලෙන් වෙනස් කිරීම කාලයක් තිස්සේ කරගෙන එමින් පවතියි. මේවාට මේ රටේ සාමාන්‍ය මිනිසුන් කැමති යැයි කිව නොහැකියි. පුද්ගලික ජන මාධ්‍ය පමණක් නොවේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන පවා විවිධ විද්‍යුත් මාධ්‍ය හරහා සෙවල ආකාරයට මේ රටේ ජන විඥ්ඥාණය වෙනස් කිරීම සඳහා සමාජ-සංස්කෘතික ඉන්ජිනේරු ව්‍යාපෘති කරගෙන යමින් සිටියි. මේ බොහෝ දේ ගැන රටේ ජනතාවට කල හැකි දේ අවමය.

නමුත් රජයේ අනුග්‍රහයෙන් කෙරෙන සමාජ-සංස්කෘතික ඉන්ජිනේරු ව්‍යාපෘති පිළිබඳව ජනතාවට යමක් කල හැකි විය යුතුය. ඒ මන්ද රජය පත් කරන්නේ ජනතාව විසින් බැවිනි. මෙයින් කියන්නේ රජයක් සමාජ-සංස්කෘතික ඉන්ජිනේරු ව්‍යාපෘතිවලට අත නොගැසිය යුතු බව නොවේ. නමුත් එය ජනතාව සමඟ අන්‍යෝන්‍ය සබඳතාවක් තබා ගනිමින් ජනතාවගේ කැමැත්තෙන් සිදු කල යුතුය. නිදහස් උත්සවයේ ඔපෙරා ගැයීම ජනතාවට එතරම් බලපෑමක් කල හැකි යමක් නොවේ නමුත් ජන මාධ්‍යයක බලපත්‍ර තහනම් කිරීමට අගමැතිවරයා කරන තර්ජනය බරපතල බලපෑමකි. එය ජනතාව ඉල්ලන දෙයක්ද? දෙරණ වසා දමන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේ නැත්නම් අගමැතිවරයාගේ තර්ජනය ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමකි. ජනමාධ්‍ය සඳහාවූ විද්‍යුත් අවකාශයේ අයිතිය ඇත්තේ ජනතාවටය රජය එහි භාරකාරයා පමණි.

2 comments:

  1. ඔයගැන අගමැතිටත් වැඩිය අමාරුව තියන බ්ලොග් එකෙක් ලියන ඉන්නවා "මාතලං" කියල...

    අගමැතියට වෙලා තියෙන්නෙ අගමැතිකම ගත්තට රට කරවන එක බැරිකම. ඒක වහගන්න කරන දේවල් තමයි ඔය. මිනිහගේ ප්‍රමුඛතා තමයි මිනිහා ආමන්තරනය කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. That fellow "Mathalan" is an ace NGO Kakka. So is the fellow called "Para". These types of ass-lickers of the White Christian Western Imperialists have soiled Kottu and have made once very much popular blog-role unpopular among many intelligent and scholarly contributes and readers. In other words Kottu has now become a shit-hole of NGO Kakkas.

      Delete