Friday, January 8, 2016

ව්‍යවස්ථාව සම්බන්ධ නිවැරදි ප්‍රශ්ණය හඳුනා ගනිමු

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගන්නා තීරණය කුමක් වේිදැයි තවම කිව නොහැකිය. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෛත්‍රී-රනිල් හවුලට ජනවරමක් දී නැති බව නම් කිව හැකිය. ඒ සඳහා පාර්ලිමේන්තු කමිටු පත් කිරීමටද ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. අපේ විරෝධය මේ ජනතා විරෝධී සහ නීති විරෝධී ක්‍රියා පාර්ලිමේන්තුව තුල මේ රෙජිමයට ඇති අධිපති බලය පාවිච්චි කර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමටය. ඒ මිස ව්‍යවස්ථාව වෙනස් කල යුත්තේ කොහොමද යන්න ගැන ප්‍රශ්ණයක් මෙහිදී අදාල නැත.

විරෝධය මෙතැන තිබියදී යම් යම් පාර්ශවයන් විසින් ව්‍යවස්ථාව සංශෝදනය විය යුත්තේ රජයට ඕන විදිහට නොව මේ ආකාරයටයි කියමින් ඔවුනොවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ නම් රජයට විපක්‍ෂ බවක් පෙනුනද ඒ ක්‍රියාවේ උපාය මාර්ගිකව බරපතල ප්‍රශ්ණයක් ඇත. මන්ද ඒ මඟින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සහ ඒ වෙනුවෙන් සභා පිහිටුවීම අනුමත කෙරෙන බැවිනි. ඒ හරහා රෙජිමයට තමන්ට එල්ලවෙන මූලික විරෝධතාව මඟ හැර ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ කෙසේද යන්න ගැන පමණක් කථා කිරීමට ඉඩක් ලබා ගත හැකිය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී හමක් පොරවාගෙන අවසානයේ රෙජිමයට අධිපතිවාදීව ක්‍රියාකිරීමට ඉඩක් සලසා ගත හැකිය.

රජයට විපක්‍ෂයැයි හඟවමින් තම තමන්ගේ සංශෝධන ඉදිරිපත් කරන පාර්ශව ගැන විමසිලිමත් විය යුත්තේ පාර්ලිමේන්තුව තුල ජවිපෙත් ඉන් පිටත රෙජිමයට හිතවත් වෘත්තීය සමිතිත් රෙජිමය ආරක්‍ෂා කර ගැනීම සඳහා කල බොරු විරුද්ධවාදී මවාපෑම් මේ වෙනවිට අපි හොඳින් දන්නා බැවිනි. මෙවැනි පුහු විරෝධතාවල අරමුණ ජනතාව නොමඟ යවා රෙජිමයට තම අධිපති බලය පාවිච්චි කිරීම සඳහා බොරු ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් සකසා දීමය.

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සහ ඒ වෙනුවෙන් සභා පිහිටුවීමම ජනතා විරෝධීය එමෙන්ම නීති විරෝධීය. විරුද්ධත්වය එල්ල විය යුත්තේ එතනටය.

2 comments:

  1. පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනයයි. ඕනෑම අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට පරම අයිතියක් තිබේ. නමුත් එකී ව්‍යවස්ථා සංශෝධන හෝ, නව ව්‍යවස්ථාව, රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට එරෙහි වනවාද නොවනවාද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කලපසු, ජනමත විමසුමකින් 2/3 බලයකින් සම්මත වීමෙන් පසුව පමණයි. ක්‍රියාත්මක කළහැකි වන්නේ. දැනට අපේ රටේ සිටින ආණ්ඩුක්‍රම විශේෂඥයන් හිතුවක්කාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ඉඩදෙනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ.

    ReplyDelete
  2. මේ ව්‍යවස්ථාව බෙදුම්වාදය සනසන්න ගේන කොලේ වහල ෆෙඩරල් කුනුහරපය රටට පටවන එකක්. මේ මර උගුල පරදන්න හැමෝම එකා වගේ එකතු වෙන්න ඕනේ.

    ReplyDelete