Monday, January 4, 2016

හෝ ගාන පොකුණ (සම්මාන නොලද)

පොළොන්නරුවේ කලා උපාධිදාරිණියකට කොළඹ අන්තර්ජාතික පාසලක සිංහල ඉගැන්වීම සඳහා පත්වීමක් ලැබී කොළඹ එයි. ඇයට ඉංග්‍රීසි කථා බහ හුරු නැත. විදුහල්පතිතුමා ඇතුළු සෙසු ගුරු භවතුන් ඈ වැඩිකලක් එම පාසලේ රැඳෙතැයි නොසිතයි. නමුත් බොහෝ දුක්‍ෂරතා මැද ඈ ධෛර්යෙන් තම කාර්යය කරගෙන යයි. අැගේ උත්සාහය නිසාම පාසලේ ළමුන් කෙමෙන් සිංහල ඉගෙනගැනීමට උනන්දුවක් දක්වයි. මුලින් සිංහල වචනයක්වත් කථා නොකල ඔවුන්ට සිංහලෙන් කථා පැවැත්වීමට ඈ උනන්දු කරවයි. ඇය සිංහල භාශාවට අමතරව ඉතිහාස කථාද ඔවුන්ට කියා දෙයි. දරුවෝ ඒ කථා අශාවෙන් අසා සිටියි. ක්‍රමයෙන් ඈ පාසල් ළමුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේත් සෙසු ආචාර්ය මංඩලයේත් සිත් දිනා ගැනීමට සමත් වෙයි.

වරක් ඈ පරාක්‍රමබාහු රජු ගැන කියා දෙද්දී දරුවන්ට පරාක්‍රම සමුද්‍රය දැක බලා ගැනීමට අසාවක් ඇතිවෙයි. මේ පාසලේ දරුවන් ඊට කලින් බෞද්ධ පුරා වස්තු සිද්ධස්ථාන ගැන අසාවත් තිබුනේ නැත. දරුවන්ගේ ඉල්ලීම මත පරාක්‍රම සමුද්‍රය නැරඹීම සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කෙරෙයි. සෝමාවතියේ පවත්වන්නට යෙදෙන පූජාවකටද සහභාගි වීමේ අරමුණින් චාරිකාව සඳහා පිටත්වීමට තොරා ගැනෙන්නේ පෝය දිනකි. නමුත් එම ජාත්‍යන්තර පාසලේ කාලසටහන එංගලන්තයේ පාසල් කාලසටහන් සමඟ සමපාතවූ එකක් වූ හෙයින් පෝය දිනය එම පාසලට නිවාඩු දිනයක් නොවිනි. ඒ හේතුව උඩ විිදුහල්පතිතුමා චාරිකාවට අවසර නොදෙයි.

කළකිරුණු දරුවෝ චාරිකාවට අවසර ගැනීම සඳහා පාසල තුල අරගලයක් කරයි. දෙමව්පියන්ද ඊට එකතුවෙයි. අරගලය කෙලවර වෙන්නේ මුළු පාසලේම කාලසටහන ලංකාවේ ආගමික හා ජාතික උත්සව දිනට අනුගතවන පරිදි ප්‍රතිසංවිධ්නය කිරීමෙනි. පරාක්‍රම සමූද්‍ර චාරිකාවටද අවසර ලැබෙයි.

කතා නායිකාව පෙරටුකොට ගෙන දරුවෝ සූඛෝපභෝගී බස් රථයකින් පොළොන්නරුවට පැමිණෙයි. ඒ වනවිට පොළොන්නරුවට මහ වැසි වසා ගං වතුර ගලා ඇත. පරාක්‍රම සමුද්‍රය තෙක් වාහනයට යා නොහැකිය. ආපසු හරවා කොළඹ යෑමට තීරණය වෙයි. දරුවෝ කලකිරෙයි.

නමුත් එය අවසන නොවේ. මේ සාරි අඳින පොළොන්නරුවේ කලා උපාධිදාරිණී ගුරුවරිය අහල ගම්මුන් සමඟ කථා කරගෙන පාරුවක් ගෙන්වා ගනියි. ඇයට පාරු පැද හුරුය. පාරුව හබල් ගාමින් ඇය දරුවන් පරාක්‍රම සමුද්‍රයට ගෙනයයි. දරුවෝ සතුටින් ඉපිල යති. ඇය සතුටු කඳුලු සලයි.

නිමි.

8 comments:

  1. පිල්ම් එක ලස්සන ඇති. අවසානය අභව්‍ය කරල තිබුනත් ඒ සිද්ධියෙන් ගුරුවරියගේ අපහසුව හා ධෛර්යය මනාව පේනවා.. ජය වේවා..

    ReplyDelete
  2. හෝ ගාන පොකුණ 2 ලගදිම......

    ReplyDelete
  3. මට නම් නිකං අභව්‍යයි වගේ. ඔහොම දෙයක් උනොත් ඉතිං චිත්‍රපටයකම තමයි.

    ReplyDelete
  4. නියමයි ජානක... ඇත්තටම මෙහෙම දේ වෙනවා.. මම දන්නවා ජාත්‍යන්තර පාසල් තුලත් ගුටි බැට දෙන ගුරුවරු..

    මේ නිර්මාණය තුල ඔබ ඇතුළුව අපේ ඩයිස්පෝරාවේ අති බහුතරය ඉන්නවා. ඒකයි හිම ගුලු අස්සෙ ඉඳගෙනත් කරවල කෑල්ලයි මුගුණුවැන්න කොලයි හොයන්නේ.. ඉරිදා දහම් පාසල් යන්නේ..

    කොහොම නමුත් ෆිල්ම් එකකට නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ඩයස්පෝරා කරුමෙ මම ගෙවල ඉවර කලා දැන් හරියටම අවුරුද්දකට විතර ඉහත. මේ හිත් මට පහල වෙන්නේ මම ඔය කියන රටවල් අත්දැකල තියන නිසාත් මම මේ රටින් ලත් දායාද ගැන මට හීනමානයක් නැති නිසාත්.

      දැන් තිරගතවෙන ෆිල්ම් එක නම් හොලිවුඩ් අච්චුවේ ගහපු එකක්. ජයලත් මනෝරත්න ඇතුළු ප්‍රතිභාපූර්ණ නළුවන් ඉන්න නිසා බලන්න පුළුවං.

      Delete
    2. මමත් හෝ ගාන පොකුණ බැලුවා. මම නම් film එකට ඉහලින්ම කැමතියි. අවශ්‍යනම් පැහැදිලි කරන්න පුළුවන්. ඒක හොලිවුඩ් අච්චුවේ ගහපු එකක් කියල කියන වංශපුර දේවගේ ජානක මහත්මය තමන්ගේ අදහස තව පැහැදිලි කලානම් හොඳයි. හොලිවුඩ් අච්චුව කියල general formula එකක් තියෙනවද? තියෙනවනම් ඒ මොකක්ද?
      Anura Bandara Wansarathna

      Delete
  5. මුලදී ජාත්‍යන්තර පාසල් සිංහල බෞද්ධයෝ අතර ජනප්‍රිය වුනේ නෑ. එය ජනප්‍රිය වුනේ එක පන්තියක් අතර විතරයි.
    සිංහල බෞධයන්ගේ කැමැත්ත තිබුනේ පුලුවන්නම් දරුවා රෝයල් එකට දමන්න ඒක කරන්න බැරිනම් ආනන්ද වගේ ජනප්‍රිය බෞද්ධ පාසලකට දමන්න, ඒත් බැරිනම් සුපිරි කතෝලික පාසලකට දමන්න. ඒත් බැරිනම් තර්ස්ටන්, ඩී.එස්. වගේ පාසලකට දමන්න.
    එම නිසාම පසුව එම පාසල් වලට සිංහල බෞද්ධයන්ව ආකර්ශණය කරගන්න වැඩපිලිවෙලක් අවශ්‍ය වුනා. ඒ අනුව ඉංග්‍රීසි දහම්පාසල්, ඉංග්‍රීසි අවුරුදු උත්සව, ඉංග්‍රීසි කලගෙඩි නැටුම් ආදිය එක්කරන්න වුනා. ඒ වුනත් තවමත් සිංහලයන්ට සාපේක්ෂව මුස්ලිම්වරු අතර ජාත්‍යන්තර පාසල් ජනප්‍රිය වැඩියි.

    හිමගුලු අස්සෙ ඉඳගෙන කරවල හෙවීමේ වරදක් නෑ. ඒක වැරදි නම් ඔස්ට්‍රේලියාවට ආපු සුද්දෝ ඇබෝජියන් වරු වගේ ජීවත්විය යුතුයි. ඇමරිකා සුද්දො රතුඉන්දියානුවන් ලෙස ජීවත්විය යුතුයි. අනිත් අතට එමනිසා ලංකාවට විදේශ විනිමයක් ලැබෙනවා.

    ReplyDelete
  6. නමුත් එය අවසන නොවේ. මේ සාරි අඳින පොළොන්නරුවේ කලා උපාධිදාරිණී ගුරුවරිය අහල ගම්මුන් සමඟ කථා කරගෙන පාරුවක් ගෙන්වා ගනියි. ඇයට පාරු පැද හුරුය. පාරුව හබල් ගාමින් ඇය දරුවන් පරාක්‍රම සමුද්‍රයට ගෙනයයි. දරුවෝ සතුටින් ඉපිල යති. ඇය සතුටු කඳුලු සලයි.

    2015 ජනවාරි 8ත් අපේ අවසානය නොවේ ... ගං වතුරේ පාරුව හබල් ගාමින් අපි පරාක්‍රම සමුද්‍රයට යමු.

    ReplyDelete