Monday, January 11, 2016

රාජ්‍ය බලය සිංහලයන් සතු විය යුතුය

රටේ ඉතිහාසයත් ජන සංයුතියත් සලකන විට මෙරට රාජ්‍ය බලය තිබිය යුත්තේ සිංහලයන් අතේය. රාජ්‍ය බලය සිංහලයන් අත නොවේ නම් එය තිබිය යුත්තේ කා අතදැයි අපට තවත් ඇසිය හැකිය. එය එසේ නොවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී විය යුතුය. මෙරට ඉතිහාසයටත් සංස්කෘතියටත් අනුගතව රට ඉදිරියට ගෙන යා යුතුය. රටේ අනාගතය හැසිරවීමට සිංහලුන්ට ඇති බලය හා සමාන බලයක් හෝ ඊට වැඩි බලයක් වෙන සංස්කෘතියක් නියෝජනය කරන ජන වර්ගයකට නොතිබිය යුතුය. තමන්ට රිසි පරිදි රට කෙරෙන බවට පොදුවේ සිංහලුන්ට හැඟී යා යුතුය. එසේ නොවිය යුතු යැයි කීමට මතවාදී පදනමක් තිබිය හැකිද?

ඉතිහාසයේ සතුරු ආක්‍රමණ මඟින් රාජ්‍ය බලය පැහැරගත් අවස්ථාවල රාජ්‍ය බලය තමන් අතින් ගිලිහුණ බව සිංහලුන්ට ඇඟට දැනෙන්නට ඇති. සිංහලුන් නිදහස් සටන් කෙරුවේ ඒ නිසාවිනි. නමුත් අද සිංහලුන්ගේ බලය පැහැර ගැනෙන්නේ ඊට වඩා සූක්‍ෂම ආකාරයටය. අවාසනාවකට එය සිංහලුන්ගේ ඇඟට දැනෙන විට ප්‍රමාදවී වැඩිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම, විධායක බලය යොදවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැරීම, විධායක බලය යොදවා ජනතාව ප්‍රතික්‍ෂේප කල අපේක්‍ෂකයින් පාර්ලිමේන්තුවට ගැනීම, විධායක බලය යොදවා සිංහලුන්ගේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ මන්ත්‍රීවරුන් එකතු කර ආණ්ඩුවක් පිහිටුවීම, එමඟින් සැබෑ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ හිමිවිය යුතු වරප්‍රසාද අහිමි කිරීම සහ ඉදිරියේදී යෝජනා කර ඇති පරිදි නීති විරෝධී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම. මේ සියලු ක්‍රියාකාරකම් පෙල ගසා ඇත්තේ සිංහලුන්ට රාජ්‍ය බලය අහිමි කිරීමටය. පැහැදිලිවම රෙජිමය විසින් ඉතාම කෙටි කාලයක් තුල යහපාලන ව්‍යාපෘතියේ මූලික අරමුණ කරා මෙරට රැගෙන ගොස් ඇත. මොවුන් නිර්මාණය කරන්නට යෙදෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් මෙරට රාජ්‍ය කරවනු ඇත්තේ මෙරට බහුතරයක්වූ සිංහලුන්ගේ සිතැඟි අනුව නොව දෙමළ ජාතිවාදීන්ටත් ඉංදියාවටත් එංගලන්තයටත් ඇමෙරිකාවටත් අවශ්‍ය පරිදිය. 

ව්‍යවස්ථා සංශෝධන ගැන බිය විය යුතු නැතැයි ජනාධිපතිවරයා පවසයි. ඒ අතරම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් තමන් බලාපොරොත්තු වන්නේ සිංහලුන් තේරුම් නොගන්නා යම් වෙනසක් කිරීමට යැයි ජනාධිපතිවරයා පවසයි. සිංහලුන්ට නොතේරෙන දේවල් කිරීමට රෙජිමයට බලයක් ලබා දුන්නේ කව්රුන් විසින්ද? ජනාධිපතිවරයාගේ බලයෙන් ඇමතිකම් ලබා ගත් ජනතාව අතර බලයක් නැති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධන ගැන දෙන පොරොන්දු විශ්වාස කල හැකිද? 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත්වීමේ සිට ව්‍යවස්ථාව වෙනස් කරලීම දක්වා රෙජිමය විසින් අධිපති බලය යොදවා පාර්ලිමේන්තුව තුල කෙරුනු වෙනස්කම් එලෙස සිදු කිරීමට තුඩු දුන් හේතුවක් මෙරට දේශපාලනයේ 2015 ජනවාරි 8 දාට ඉහත පැවැතිනිද? අඩු තරමින් මේ වෙනස් කම් කරන්නේ සිංහලුන්ගේ කුමන ප්‍රශ්ණයක් විසඳීමටදැයි රෙජිමය විසින් පෙන්වා දී තිබේද? මීට වසරකට ඉහතදී සිංහලුන් සුළුතරයකට හෝ ප්‍රශ්ණයක් විනි නම් ඒ මහින්ද රාජපක්‍ෂ රජයේ ඊනියා දූශණය. නමුත් ජනවාරි 8දා සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුල සිදුකර ඇති විපර්යාසයන් දූශණ මර්ධනය කිරීම සඳහා අවශ්‍යදෑ යැයි කිව හැකිද? පැහැදිලිවම මුල සිටම මේ වෙනස් කම් සිදුකර ඇත්තේ අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අරමුණ ඇතිවය.

ඉංදියාවේ රාජ්‍ය බලය ඇත්තේ හිංදුන් අතය. එය එසේ නොවීමට හේතුවක් නැත. ඇමෙරිකාවේ රාජ්‍ය බලය ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියේ සුදු ක්‍රිස්තියානින් අතය. ඔවුන්ගේ අතින් එය ගිලිහෙන්නේ නැත. මේ කිසි රටක රාජ්‍ය බලය වෙන සංස්කෘතියක් නියෝජනය කරන ජන වර්ගයක් හා සමව බෙදා ගෙන නැත. සිංහලුන්ට මේ රටේ රාජ්‍ය බලය හිමි විය යුතු යැයි අප කියන්නේ ඒ අර්ථයෙන්මය. දෙමළ ජනයාට දෙමළ වීම නිසා යම් ප්‍රශ්ණයක් ඇත්නම් එයට විසඳුම සිංහලුන්ට රාජ්‍ය බලය අහිමි කිරීමවත් සිංහලුන්ට හා සමාන රාජ්‍ය බලයක් ජනවාර්ගික පදනම මත දෙමළ ජනයාට දීමවත් නොවේ. මෙරට ප්‍රශ්ණ විසඳිය යුත්තේ ඒකිය රාජ්‍යයක් තුල සිංහලුන් අත රාජ්‍ය බලය රඳවමිනි. 

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් ආණ්ඩු පක්‍ෂයේද අනික විපක්‍ෂයේද සිටින තාක් කල් සිංහලුන්ට තමන්ට රාජ්‍ය බලය ඇත යන හැඟීම තිබිනි. අද විපක්‍ෂ බලය ඇත්තේ සම්බන්ධන් නියෝජනය කරන දෙමළ ජාතිවාදීන් අතය. මීට පෙර මෙවැනි අවස්ථාවක් උද්ගත වූයේ 77-83 කාලයේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමක්ති පෙරමුණ විපක්‍ෂයේ සිටි අවධියේය. දෙමළ ජාතිවාදී දේශපාලනය සන්නද්ධ අරගලයක් දක්වා ගෙනයාමට ජවයක් ලැබුනේද මේ අවධියේදීය. ඊනියා නිදහසින් පසු සිංහලුන්ට රාජ්‍ය බලය පිළිබඳව සැකැයක් ඇතිවූනේද ඒ සමයේමය. අද නැවතත් මේ රට 77-83ට සමාන දේශපාලන වාතාවරණයකට ඇද දමා ඇත. ප්‍රශ්ණය සුළු ජනවර්ගයක් නියෝජනය කරන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ බලය හිමිවීම නොව විපක්‍ෂයත් ආණ්ඩු පක්‍ෂයත් දෙකම සිංහල විරෝධී වීමය. ආණ්ඩුව සිංහල විරෝධීව කටයුතු කරනවිට ඊට එරෙහිවීමට සිංහලුන්ට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නැතිවීමය. පසුගිය ජනවාරි 8දා සිට අද දක්වා යහපාලනවාදීන් විසින් ක්‍රියාත්මක වූයේ මේ වතාවරණය රට තුල ඇති කරලීමටය. ඉතිරිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජාතිවාදයට සරිලන පරිදි සකස් කිරීමය.


වෙන්වී සිටින දෙමළ ජනයා සිංහල ජාතියට බඳවා ගනිමු 

Friday, January 8, 2016

ව්‍යවස්ථාව සම්බන්ධ නිවැරදි ප්‍රශ්ණය හඳුනා ගනිමු

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගන්නා තීරණය කුමක් වේිදැයි තවම කිව නොහැකිය. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෛත්‍රී-රනිල් හවුලට ජනවරමක් දී නැති බව නම් කිව හැකිය. ඒ සඳහා පාර්ලිමේන්තු කමිටු පත් කිරීමටද ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. අපේ විරෝධය මේ ජනතා විරෝධී සහ නීති විරෝධී ක්‍රියා පාර්ලිමේන්තුව තුල මේ රෙජිමයට ඇති අධිපති බලය පාවිච්චි කර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමටය. ඒ මිස ව්‍යවස්ථාව වෙනස් කල යුත්තේ කොහොමද යන්න ගැන ප්‍රශ්ණයක් මෙහිදී අදාල නැත.

විරෝධය මෙතැන තිබියදී යම් යම් පාර්ශවයන් විසින් ව්‍යවස්ථාව සංශෝදනය විය යුත්තේ රජයට ඕන විදිහට නොව මේ ආකාරයටයි කියමින් ඔවුනොවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ නම් රජයට විපක්‍ෂ බවක් පෙනුනද ඒ ක්‍රියාවේ උපාය මාර්ගිකව බරපතල ප්‍රශ්ණයක් ඇත. මන්ද ඒ මඟින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සහ ඒ වෙනුවෙන් සභා පිහිටුවීම අනුමත කෙරෙන බැවිනි. ඒ හරහා රෙජිමයට තමන්ට එල්ලවෙන මූලික විරෝධතාව මඟ හැර ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ කෙසේද යන්න ගැන පමණක් කථා කිරීමට ඉඩක් ලබා ගත හැකිය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී හමක් පොරවාගෙන අවසානයේ රෙජිමයට අධිපතිවාදීව ක්‍රියාකිරීමට ඉඩක් සලසා ගත හැකිය.

රජයට විපක්‍ෂයැයි හඟවමින් තම තමන්ගේ සංශෝධන ඉදිරිපත් කරන පාර්ශව ගැන විමසිලිමත් විය යුත්තේ පාර්ලිමේන්තුව තුල ජවිපෙත් ඉන් පිටත රෙජිමයට හිතවත් වෘත්තීය සමිතිත් රෙජිමය ආරක්‍ෂා කර ගැනීම සඳහා කල බොරු විරුද්ධවාදී මවාපෑම් මේ වෙනවිට අපි හොඳින් දන්නා බැවිනි. මෙවැනි පුහු විරෝධතාවල අරමුණ ජනතාව නොමඟ යවා රෙජිමයට තම අධිපති බලය පාවිච්චි කිරීම සඳහා බොරු ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් සකසා දීමය.

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සහ ඒ වෙනුවෙන් සභා පිහිටුවීමම ජනතා විරෝධීය එමෙන්ම නීති විරෝධීය. විරුද්ධත්වය එල්ල විය යුත්තේ එතනටය.

Thursday, January 7, 2016

යමපාලනය වෙනුවෙන් ජාතික කොඩිය එසවිය යුතු නැත

1818 න් පසු සිංහලයින් කල දරුණුතම නිදහස් සටන කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන විය. 1818 දී සිංහලයෝ පරාජය වූහ. නමුත් 2009 දී සිංහලයෝ සටන ජයග්‍රහණය කලහ. 

සාමාන්‍ය සිංහලයෝ පක්‍ෂ භේද නොතකා කොටි සටනට සහයෝගය දුන්හ. ඉන් කියවෙන්නේ සිංහලුන්ගේ දේශපාලනයේ පක්‍ෂ දේශපාලනයට යටින් දිවෙන අරටුවක් ඇති බවය. ඒ අරටුව ජාතිකත්වයයි. 

2009 යේ ජයග්‍රහණයෙන් පසුව ඉතා කෙටි කාලයක් තුල මෙරට ගොවිතැන, වෙදකම, කලාව, විලාසිතා ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි නව නිර්මාණ බිහි වෙන්නට පටන් ගැනිනි. මේවා කලේ රටේ සාමාන්‍ය මිනිස්සුය. නිදා සිටි ජාතියකට පණ ලැබිනි. අවශ්‍ය නම් ලෝකයම ජය ගත හැකි යැයි සිංහලුන් සිතුහ. 

රටක් ජාතියක් දියුණුවන්නේ එරට මිනිසුන් තමන්ගේ රට ජාතිය ගැන ආඩම්බර වෙනවිටය. දියුණුවන රටවල රාජ්‍ය අනුග්‍රහයෙන් රට වැසියන් තුල දේශාභිමාණය පෝශණය කෙරෙන්නේ ඒ නිසාය. 

නමුත් පසුගිය ජනවාරි 8දා පත්වුනු හවුල් ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද?

මේ ආණ්ඩුවට අවශ්‍ය සිංහලයාගේ කොන්ඳ බිඳින්නටය. ඔවුන් තුල හීනමානය වපුරන්නටය. එසේ කර දේශපාලණිකවත් ආර්ථිකවත් මෙරට විදේශයන්ට නතු කිරීමටය. සිංහලුන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින ජාතියක් කරවීමටය. ජාතික කොඩිය ඔසවා සිංහලුන්ට ඊට සහයෝගය දැක්විය නොහැකිය.

Monday, January 4, 2016

හෝ ගාන පොකුණ (සම්මාන නොලද)

පොළොන්නරුවේ කලා උපාධිදාරිණියකට කොළඹ අන්තර්ජාතික පාසලක සිංහල ඉගැන්වීම සඳහා පත්වීමක් ලැබී කොළඹ එයි. ඇයට ඉංග්‍රීසි කථා බහ හුරු නැත. විදුහල්පතිතුමා ඇතුළු සෙසු ගුරු භවතුන් ඈ වැඩිකලක් එම පාසලේ රැඳෙතැයි නොසිතයි. නමුත් බොහෝ දුක්‍ෂරතා මැද ඈ ධෛර්යෙන් තම කාර්යය කරගෙන යයි. අැගේ උත්සාහය නිසාම පාසලේ ළමුන් කෙමෙන් සිංහල ඉගෙනගැනීමට උනන්දුවක් දක්වයි. මුලින් සිංහල වචනයක්වත් කථා නොකල ඔවුන්ට සිංහලෙන් කථා පැවැත්වීමට ඈ උනන්දු කරවයි. ඇය සිංහල භාශාවට අමතරව ඉතිහාස කථාද ඔවුන්ට කියා දෙයි. දරුවෝ ඒ කථා අශාවෙන් අසා සිටියි. ක්‍රමයෙන් ඈ පාසල් ළමුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේත් සෙසු ආචාර්ය මංඩලයේත් සිත් දිනා ගැනීමට සමත් වෙයි.

වරක් ඈ පරාක්‍රමබාහු රජු ගැන කියා දෙද්දී දරුවන්ට පරාක්‍රම සමුද්‍රය දැක බලා ගැනීමට අසාවක් ඇතිවෙයි. මේ පාසලේ දරුවන් ඊට කලින් බෞද්ධ පුරා වස්තු සිද්ධස්ථාන ගැන අසාවත් තිබුනේ නැත. දරුවන්ගේ ඉල්ලීම මත පරාක්‍රම සමුද්‍රය නැරඹීම සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කෙරෙයි. සෝමාවතියේ පවත්වන්නට යෙදෙන පූජාවකටද සහභාගි වීමේ අරමුණින් චාරිකාව සඳහා පිටත්වීමට තොරා ගැනෙන්නේ පෝය දිනකි. නමුත් එම ජාත්‍යන්තර පාසලේ කාලසටහන එංගලන්තයේ පාසල් කාලසටහන් සමඟ සමපාතවූ එකක් වූ හෙයින් පෝය දිනය එම පාසලට නිවාඩු දිනයක් නොවිනි. ඒ හේතුව උඩ විිදුහල්පතිතුමා චාරිකාවට අවසර නොදෙයි.

කළකිරුණු දරුවෝ චාරිකාවට අවසර ගැනීම සඳහා පාසල තුල අරගලයක් කරයි. දෙමව්පියන්ද ඊට එකතුවෙයි. අරගලය කෙලවර වෙන්නේ මුළු පාසලේම කාලසටහන ලංකාවේ ආගමික හා ජාතික උත්සව දිනට අනුගතවන පරිදි ප්‍රතිසංවිධ්නය කිරීමෙනි. පරාක්‍රම සමූද්‍ර චාරිකාවටද අවසර ලැබෙයි.

කතා නායිකාව පෙරටුකොට ගෙන දරුවෝ සූඛෝපභෝගී බස් රථයකින් පොළොන්නරුවට පැමිණෙයි. ඒ වනවිට පොළොන්නරුවට මහ වැසි වසා ගං වතුර ගලා ඇත. පරාක්‍රම සමුද්‍රය තෙක් වාහනයට යා නොහැකිය. ආපසු හරවා කොළඹ යෑමට තීරණය වෙයි. දරුවෝ කලකිරෙයි.

නමුත් එය අවසන නොවේ. මේ සාරි අඳින පොළොන්නරුවේ කලා උපාධිදාරිණී ගුරුවරිය අහල ගම්මුන් සමඟ කථා කරගෙන පාරුවක් ගෙන්වා ගනියි. ඇයට පාරු පැද හුරුය. පාරුව හබල් ගාමින් ඇය දරුවන් පරාක්‍රම සමුද්‍රයට ගෙනයයි. දරුවෝ සතුටින් ඉපිල යති. ඇය සතුටු කඳුලු සලයි.

නිමි.