Thursday, November 26, 2015

කොටි නිදහස් කිරීම

දෙමළ ත්‍රස්තවාදයට පදනම දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය වන බැවින් අවශ්‍යනම් කොටි ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වාගැනීම අතාර්කික නොවේ. නමුත් මොවුන් සම්බන්ධයෙන් කරුණු දෙකක් සැලකිය යුතුය. 

1. ඔවුන් සෘජුව හෝ වක්‍රව හෝ මිනිස් ඝාතනවලට සම්බන්ධවී ඇත
2. ඔවුන් පෙනී සිටින බෙදුම්වාදී දේශපාලනය රටේ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධීය. 

පොදුවේ ඕනෑම දේශපාලන සිරකරුවෙකු සඳහා මේ කරුනු දෙකම සත්‍ය වන්නේ නැත. (උදාහරනයක් වශයෙන් හුදෙක් ආණ්ඩුවක් පෙරලීමට පදනම්වන දේශපාලනය නීතිවිරෝධී ලෙස සැලකිය නොහැකිය) නමුත් කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් මේ දෙකම සත්‍යය. එම නිසා අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නම්‍යශීලී විය යුත්තේ සිරකරුවාත් පවතින දේශපාලන වාතාවරනයත් යන දෙකම සැලකිල්ලට ගැනීමෙනි. එසේ කිරීම රජයේ වගකීම වේ. පසුගිය රජය යටතේ යටත්වූ කොටින් (සමහරු පුනුරුප්ථාපනය කිරීමෙන් අනතුරුව) නිදහස් කර හරිනු ලැබුයේ ඉහත කරුනු දෙකම සැලකිල්ලට ගෙන ඔවුන්ගෙන් රාජ්‍යයට හෝ සිවිල් සමාජයට අනතුරක් නැතැයි තීරණය කරනු ලැබූ නිසා විය හැකිය. එසේ සිතිය හැක්කේ එම රජය යටතේ ඇතැම් සිරකරුවන් නිදහස් කෙරුනේ දේශපාලන බලපෑම් මත නොවන නිසාය.

නමුත් වත්මන් රජය කොටි සිරකරුවන් නිදහස් කිරීමට තීරණය කරන්නේ හුදෙක්ම දෙමළ බෙදුම්වාදී දේශපාලන බලවේග සහ තානාපතිවරුන් හරහා ඊට උදව්කරන බටහිර ආණ්ඩුවලින් කෙරෙන බලපෑම නිසාය. මේ බලපෑම් උඩ කොටි සිරකරුවන් නිදහස් කිරීම තුලින් රජය නීති විරෝධී දේශපාලනයකට වක්‍රාකාරයෙන් පිළිගැනීමක් අත් කර දෙයි. 

කොටි සිරකරුවන් නිදහස් කිරීමට ඉල්ලීම තුලින් දෙමළ ජාතිවාදීන් බලාපොරොත්තු වන්නේද බෙදුම්වාදයට දැන් පිලිගැනීමක්ද පසුව නීතිමය බවක්ද අත් කර දීමටය. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට කෙරෙන උද්ඝෝශණය හුදෙක් මානුශීය ඉල්ලීමක් නොව බෙදුම්වාදී දේශපාලනයකි.

3 comments:

  1. මහින්ද නිදහස් කරන කොට අවුලක් නෑ නේ....

    ReplyDelete
    Replies
    1. අවුලක් නැති වෙන පදනම ලිපියෙ ලියල තියෙනවා. කෙහෙද කියවනව එකක්යැ

      Delete
  2. සහතික ඇත්ත. නමුත් මේ සත්‍යය රට කරවන අය සළකන්නේ නැහැ. රට කරවන දේශපාලන පක්ෂ ගණන් ගන්නේත් නැහැ. ඊනියා සමාජවාදී පක්ෂ ගණන් ගන්නේත් නැහැ. අවසානයේ ඉතිරි වන්නේ නමට පමණක් ඒකීය නමුත් සියලු වැසියන්ට එක සමාන අයිතියකින් සහ නිදහසකින් සංචාරය කරන්නට නොහැකි රටක් පමණයි.

    ReplyDelete