Wednesday, November 18, 2015

සුදු ජාතීන්ගේ සාමුූහිකබව සහ අපේ ගෝත්‍රික බව

මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රංශයට තම සහෝදරත්වය ප්‍රකාශ කිරීමට ඉංග්‍රීසීහු ඊයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ එංගලන්තය සහ ප්‍රංශය අතර පැවති පාපන්දු තරගය යොදා ගත්හ. ඊට එංගලන්ත ප්‍රභූ වරුන් රැසක් සහභාගීවී ඇති අතර එහිදී ඉංග්‍රීසි ජාතිකයෝ ප්‍රංශ ජාතික ගීය (ප්‍රංශ බසින්) ගැයූහ. ප්‍රංශ ජාතික කොඩිය ලංඩනයේ උත්කර්ශවත් ලෙස ප්‍රදර්ශණය කෙරිනි. 

ඉංග්‍රීසි ජාතිකයින් ප්‍රංශ ජාතිකයින් සමඟ මේ අත්වැල් බැඳගන්නේ වෙන කිසිවක් නිසා නොව තමන්ට පොදු සතුරෙක් සිටින බව ඔවුන් හඳුනාගන්නා නිසාය. ඔවුන් දකින පොදු සතුරා  මුස්ලිම් සංස්කෘතියය.

ඉංග්‍රීසි ජාතිකයින් වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශණය කල සාමූහිකත්වය සාමාන්‍යයෙන් අපේ සිරි ලංකාවේ හීබයියන් (හීනමානිත බයියන්) සිංහලුන් සම්බන්ධයෙන් හඳුනාගන්නේ ගෝත්‍රික ලක්‍ෂණයක් ලෙසටය නමුත් අපේ දුප්පත් හීබයියන්ට මේ සුදු ජාතිකයින් ගෝත්‍රිකයින් ලෙස හඳුන්වන්ට තරම් ගටක් නැත.



7 comments:

  1. පොදු සතුරා මුස්ලිම් සංස්කෘතිය නොවේ. අන්තවාදී, දැඩි මතධාරී මුස්ලිම් ත්‍රස්තවාදයයි. අන්තිම මුස්ලිම් ත්‍රස්තවාදියාත් මරා දමනතුරු මේ ඒකාබද්ධ සටන අත් නොහළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් සංස්කෘතියත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියත් අතර සෘජු ගැටුමක් ඇත. ඒ සංස්කෘතික ගැටුම, මතුපිටින් පෙනෙන මුස්ලිම් ත්‍රස්තවාදයටත් බටහිර රටවල් විසින් නොයෙකුත් හේතු දක්වමින් මුස්ලිම් රටවල් ආක්‍රමණය කිරීමටත් පදනමය.

      Delete
  2. අපේ සමහර බකපන්ඩිතයන්ට අනුව අපේ රටේ අපේ ජාතික උරුමය ගැන කතා කරන එවුන් තමයි ගෝත්‍රික. බටහිරදී ඒ රටවල මිනිස්සු ජාතික අනතුරකදී රටවල් හැටියට අභ්‍යන්තර ජනගහනයත් සංස්කෘතික පදනම මත රටවල් සාමූහිකවත් එක්ව ක්‍රියා කරනවා. අපේ එවුන්ට මේ රටේ අපේ ජාතියට ඇතිවන අභියෝගයකදී ලෝකේ වෙනත් රටවල සහය ලබාගැනීම කෙසේ වෙතත් රට අභ්‍යන්තරයේ ජාතිකත්වය මත ජනයා එක්ව යම් වගකීමක් ඉටුකිරීමටවත් ශක්තියක් නෑ. ඒතරමට අපි බටහිරටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි.

    ReplyDelete
  3. සින්හල බවුද්දයො කියන්නෙ ,ගෝත්‍රික සත්ව කොට්ටාසයක්!!

    ReplyDelete
  4. ඔවුන් දකින පොදු සතුරා "මුස්ලිම් සංස්කෘතියය." බෘනායි රටේද ඔබ කියන මුස්ලිම් සංස්කෘතියය ඇත ඔබ ඔවුන්ද පොදු සතුරා ලෙස සලකන්නේද
    මුස්ලිම් සංස්කෘතියය සහ මුස්ලිම් ත්‍රස්තවාදය පටලවා නොගන්න

    ReplyDelete
    Replies
    1. මෙයා කවදාවත් අන්මත ඉවසන්නේ නැති එක්කෙනෙක්. මීට ඉහතදීත් අපි දාපු කොමෙන්ට් කැපුවා.

      Delete
    2. මුස්ලිම් රටක් යම් කණ්ඩායමක් මුස්ලිම් අන්තවාදීන් ලෙස හඳුන්වන පදනමත් බටහිර ආණ්ඩු මුස්ලිම් රටවල් ආක්‍රමණය (ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව) කරන පදනමත් එකම නොවේ. ඉන් ඔබ තේරුම් ගන්නේ කුමක්ද?

      Delete