Wednesday, August 5, 2015

බළලුන් ලවා කොස් ඇට බාවන්ඩ හදන සිංහල බෞද්ධ විරෝධීන් හඳුනාගනිමු

මහින්ද රාජපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැවත බලයට ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස වැලක්වීමට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධීන්ටය. 

මොවුහු ඒ සඳහා එක්සත් ජාතික පාක්‍ෂිකයිනුත් ජනතා විමුක්ති පෙරමුනේ පාක්‍ෂිකයිනුත් යොදා ගන්නට උත්සාහ කරති. මේ පක්‍ෂ දෙකෙහිම නායකත්වය එක හෙලාම සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග වෙනුවෙන් පෙනී සිටිති. නමුත් ඒ පක්‍ෂ දෙකෙහිම සාමාන්‍ය ජනයා ගැන එසේ කිව නොහැකිය. කෙසේ නමුත් සිංහල බෞද්ධ විරෝධීන් (මහින්ද විරෝධීන්) මහින්ද පරාජය කිරීම සඳහා විවිධ සටන් පාඨ යොදා ගනිමින් ජනතාව එජාපයට හෝ ජවිපෙයට හෝ තල්ලු කිරීමට උත්සාහ දරති.


හරිනම් එජාපයට ජනතාව තල්ලු කෙරන සටන් පාඨත් ජවිපෙයට තල්ලු කෙරෙන සටන් පාඨත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය යුතුය මන්ද ඔවුන්ගේ ඊනියා දේශපාලන දර්ශණය වෙනස් බැවිනි. නමුත් අද එහි වෙනසක් දක්නට නැත. ඒ නැත්තේ ඇයි? අපි විමසිය යුත්තේ එයයි. ඒ නැත්තේ මේ ප්‍රවාහයන් දෙකම පිටුපස ඇත්තේ හුදු සිංහල බෞද්ධ විරෝධයක් පමණක් නිසාය.

ඔබ සිංහල බෞද්ධ විරෝධී පදනමක් මත එජාපයට හෝ ජවිපෙයට හෝ ඡන්දය දෙන්නට එකඟද?

1 comment:

  1. මුළු විජාතික හතුරු බලවේග සියල්ල දැන් එකම කඳවුරකට ඇවිත් ඉන්නේ ජාතිකත්ව විරෝධී සටන්පාඨ එලිපිට ගෙන එමින්. එයයි මේ මැතිවරණයේ තීරනාත්මක බව. අප මේ විජාතික සතුරු පාර්ශවය අගෝස්තු 17 වනදා කතිරයෙන් පරාජය කළයුත්තේ ඉතා තීරනාත්මකවයි.

    ReplyDelete