Thursday, August 20, 2015

මහින්දවාදීන්ගේ අපේක්‍ෂාව

සංධානයේ මහින්දගේ පිළට සිය ඡන්දය පාවිච්චි කල මෙරට ජනතාව නුගේගොඩ රැලියේ සිට මැතිවරණය දක්වාම සිටියේ එකම මතවාදයකය. එනම් දෙමළ ත්‍රස්තවාදය පරදවා දිනාගත් නිදහස යලි පාවා නොදිය යුතුය යන තැනය. තමන්ට දේශපාලන නායකත්වය දීම සඳහා ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කලේද තමන්ගේ මතවාදය වෙනුවෙන් ක්‍රියාත්මකවේ යැයි අපේක්‍ෂාකල හැකි එකම නායකයා ඔහු වීම නිසාය.

මැතිවරණයේදී මේ ඡන්ද දායකයෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් කල්පණාකාරීව ඡන්දය පාවිච්චි කලහ. මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි පිල් මාරුකරතැයි ජනතාව විසින් හඳුනාගත් අපේක්‍ෂකයින්ට මනාප ලැබුනේ නැත. ඒ නිසා ජනතාව සංධානයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යැවුවේ මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් සැදීමට නොවේ. ඊට එක හෙලාම විරුද්ධවය. එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුල් ආණ්ඩුවක් නොගැසීමෙන් සංධානයේ ඡන්ද දායකයන් බලාපොරොත්තු වූයේ එජාපයට අවශ්‍ය පරිදි රට බෙදීමට ඉඩ නොදීමටය. 

අගමැති වශයෙන් දිවුරුම් දුන් සැනින් රනිල් වික්‍රමසිංහ විසින් නැගෙනහිර සහ උතුරු පලාත්වලට රාජ්‍ය බලය බෙදා දීමට ක්‍රියාකරනු ඇත. හවුල් ආණ්ඩුවකට යන සංධානයේ මන්ත්‍රීවරුන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි වනුඇත. 

මහින්ද නායකයා ලෙස පත් කර ගැනීම, මෛත්‍රීපාල සිරිසේනගේ හෙංචයියන්ට මනාප නොදීම, එජාපය සමඟ හවුල් (කැමතිනම් ජාතික) ආණ්ඩුකට නොයාම යන දේශපාලන ස්ථාවර මහින්දවාදීන් විසින් ගනු ලැබුවේ ඒ තීරණ තමන්ගේ මූලික පදනමවූ බෙදුම්වාදයට විරුද්ධවීම හා සංගතවූ බැවිනි.

ඒ නිසා සංධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්‍ෂය හා හවුල් (ජාතික) ආණ්ඩුවකට යාමට ජන වරමක් නැත. එමෙන්ම සංධානයෙන් මනාප නොලැබ පැරදුනු අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට යැවීමද ජනතාවගේ අපේක්‍ෂාවන්ට විරුද්ධව ක්‍රියා කිරීමකි. 

නමුත් මේ දෙකම සිදුවනු ඇත. එහිදී මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂ නායකයෙකු වශයෙන් නොව විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ඇති බලය පාවිච්චි කරනු ඇත. ඒ බලපෑම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි කිසිවෙකු නොකියනු ඇත. සංධානයට ඡන්දය දුන් මහින්දවාදීන්ට කලහැක්කේ එය තමන්ගේ අපේක්‍ෂාව නොවන බව හඬනගා ප්‍රකාශ කිරීමය.

9 comments:

  1. දැන් වෙන්න තියෙන හරිය වෙලා ඉවරයි. විජාතික බලවේග නැවතත් ඉහ ඉස්සුවේ මෛත්‍රීපාල ජනාධිපතිගේ උදවුවෙන් රනිල් හොර පාරෙම බලයට ගෙනැල්ල. මේ චන්ද ප්‍රතිඵලය කාට උනත් සාධාරන ලෙස සැක කටයුතු දේ බොහොමයක් ගැන හිතන්න ඉඩකඩ විවර කළා. දැන් කරන්න තියෙන්නේ ජාතිකත්වය පදනම් කර ගනිමින් මහින්ද වටා සිටින ජන බලවේගය ඒකාබද්ධ වශයෙන් ඉදිරි අභියෝග ජය ගැනීමට කටයුතු කිරීමයි. එතැනදී මහින්දට ඊට නායකත්වය දීම වගේම පරන වැරදි හදා ගන්න එකත් කරන්න වෙනවා.

    ReplyDelete
  2. ජාතික ව්‍යාපාරයට "සංඝායනාවක්" අවශ්‍යයි, නව නායකත්වයක්, පක්ෂ ඉක්මවා යන දැක්මක්, නොනවත්වා ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය හැකි කෙඩරයක්, හා ශක්තිමත් "අපේ ප්‍රවාද" අවශ්‍යයි. ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටින්නන් සියල්ල අවුල් කර ඇත. ඇත්තෙන්ම අලුතෙන්ම පටන් ගත යුතුව ඇත. ජාතික ව්‍යාපාරයේ මතය රටේ ප්‍රධාන විපක්ෂයේ මතය බවට පත් කල යුතුව ඇත.

    ReplyDelete
  3. ජාතිවාදයට, චන්දෙදි උතුරෙන් ලැබිල තියෙන ප්‍රතිචාරයවත් දැනගෙන නෙමේද මේ වාගෙ ලිපි ලියන්නෙ .මහින්ද පස්සෙ යන එවුන්ට වෙන්නෙ මොකක්ද කියල බලාගෙන ඉන්න.

    ReplyDelete
  4. මෛත්‍රිපාලට පමණක් එහිදී වරද පැටවිය නොහැකිය. මේවාට මහින්ද රාජපක්ෂට විරුද්ධ විය හැකිය. ඔහු එසේ නොකරන්නේ ඇයි?

    ReplyDelete
  5. WHAT HAPPENED TO 58LAKH VOTES WHO VOTED FOR MAHINDA RAJAPAKSE

    http://www.lankaweb.com/news/items/2015/08/20/what-happened-to-58lakh-votes-who-voted-for-mahinda-rajapakse/

    ReplyDelete
  6. ඔහේ වගේ ජාතිවාදී ගෝත්‍රිකයන්ටත්, ගොබ්බ මහනුන්ටත් ජනතාව හොඳ පාඩමක් ඉගැන්නුවා.. ඔහේලා වගේ කාළකන්නින්ට තව අවුරුදු පහක් වත් යනකන් මේ රටේ කිසි තැනක් නෑ.. ඔහේලට වඩා වත්මන් පරපුර ඉදිරියෙන් සීටීම රටේ වාසනාවක්...

    ReplyDelete
    Replies
    1. මං වගේ ඈයොන්ට රටේ තැනක් තිබිය යුතුය කියා මමද බල නොකරමි. නමුත් මම මගේ කාලය සම්පූූර්ණයෙන්ම නොකා මෙරට තරණ පරපුර ඉදිරියෙන් තැබීම සඳහාද වැය කරමි.

      ජාතිවාදීන්ට එදත් අදත් සෙවන දුනේනේ එක්සත් ජාතික පක්‍ෂයයි. ශ්‍රීලනිපය හා සසඳන කල එය ගෝත්‍රවාදීද වේ. වෙනදා මෙන්ම අදත් ජයග්‍රහණ හමුවේදී ඔවුහු ඒ ලක්‍ෂණ ප්‍රදර්ශණය කරති.

      Delete
  7. මට අනුවනම් ජාතික ව්‍යාපාරයට නව නායකත්වයක් අවශ්‍යයි. මහින්ද මත යැපුන හොඳටම ඇති.

    ReplyDelete
  8. මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරියේ නෑ කියන එක ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයාට සාපේක්ෂව යහපත් ගුනයක් වෙන්න ඇති නමුක් අපිට සාපේක්ෂව ඒකෙ විශේෂ හොඳක් නෑ.

    ReplyDelete