Monday, August 17, 2015

ජාතික ව්‍යාපාරයට කරන්නට වැඩ ඇත

මැතිවරණයක ඡන්දය සෘජුවම මන්ත්‍රී කෙනෙකු පත් කිරීම සඳහාත් වක්‍රව අගමැති වරයෙකු පත් කිරීම සඳහාත් බලපායි. මහින්ද අගමැති නොකරන බව ඡන්දයට කලින් ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය සංධානයට ඡන්දය දෙන්නට බලාපොරොත්තුවී සිටි ඡන්ද දායකයෙකු තේරුම් ගන්නේ තමන්ගේ ඡන්දය අගමැති කෙනෙකු පත් කිරීම සඳහා වලංගු නොවන බවයි. බලයක් නැති ඡන්දයක් පාවිව්චි කිරීම සඳහා ඡන්ද දායකයෙකුට ඇති උනන්දුව කුමක්ද?

ජනාධිපතිවරණයේදී සංධානයට ඡන්දයදුන් ජනතාවගේ උද්‍යෝගය මැතිවරනයේදී දකින්නට නැති එක් හේතුවක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ලෙස දැක්විය හැකිය. එජාපය සහ ජවිපෙය ජනතාව සංධානයෙන් ඉවතට ගැනීම සඳහා මේ ප්‍රකාශය යොදාගත්හ. මෙය මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂයක සභාපති වශයෙන් කරන බලපෑමක් නොව (සභාපතිට අගමැති පත් කල නොහැක) ජනාධිපතිවරයා තම විධායකබලය යොදා ගනිමින් මැතිවරණයට කරන බලපෑමකි. පරාජය ලද තමන්ගේ හිතවතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එමින් ආණ්ඩුවක් පිහිටූවීම සඳහාද ජනාධිපතිවරයා විසින් සෘජුවම බලපෑම් කරනු ඇත.

අවශ්‍යව ඇත්තේ මහින්ද පිලේ සංවිධානාත්මක ව්‍යුහය යලි ගොඩනැඟීමය. ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරමින් එය විනාශ කරමින් සිටියි. එය නව පක්‍ෂයක් වශයෙන් හෝ සංධානය වශයෙන් හෝ ශ්‍රීලනිපය වශයෙන් හෝ යලි ගොඩනඟා ගැනීම ජාතික ව්‍යාපාරයේ පළමු කාර්යය වනු ඇත. එහි අරමුණ විපක්‍ෂය ජනාධිපතිවරයාට නතු නොකිරීමය. එසේ වූවිට මහින්දගේ පිල විපක්‍ෂයේ සිටියත් එය මතවාදීව මෙතෙක් යහපාලන ආණ්ඩුවේ තිබි විපක්‍ෂයට වඩා බලවත් වනු ඇත. එය ජයග්‍රහනයකි. අවශ්‍ය විටෙකදී එය ජාතික ප්‍රශ්ණවලට තීරණාත්මක ලෙස යොදාගැනීමට ජාතික ව්‍යාපාරයට හැකිය.

4 comments:

  1. මෙතනදී මහින්දගේ වැරදි ක්‍රමවේදත් බපෑවා. එයා මෛත්‍රීපාලට එරෙහිව පැහැදිලි වැඩපිලිවෙලක් ඉදිරිපත්කර වෙනම පක්ෂයකින් මැතිවරනයට ඉදිරිපත් වුනා නම් මීට වඩා බලයක් ගන්න තිබුනා.
    ලව් ලෙටර් එනකම් බලා සිටීම එයා කල මෝඩ කමක්.

    ReplyDelete
    Replies
    1. එක්තරා දුරකට එකඟයි.වෙනම සන්ධානයකින් තරඟ වැදුණා නම් එකගේ කන සිරිසේන වැනි නිවටයෙක්ට ඇති බලපෑම් කිරීමේ ශක්තිය අවමයි.නමුත් ඔහු කිසිදිනෙක පක්ෂය පාවා නුදුන්නෙකු ලෙස අද නැතත් දිනෙක ඉතිහසගතවනු නොඅනුමානයි.

      Delete
  2. //ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරමින් එය විනාශ කරමින් සිටියි. එය නව පක්‍ෂයක් වශයෙන් හෝ සංධානය වශයෙන් හෝ ශ්‍රීලනිපය වශයෙන් හෝ යලි ගොඩනඟා ගැනීම ජාතික ව්‍යාපාරයේ පළමු කාර්යය වනු ඇත. එහි අරමුණ විපක්‍ෂය ජනාධිපතිවරයාට නතු නොකිරීමය. එසේ වූවිට මහින්දගේ පිල විපක්‍ෂයේ සිටියත් එය මතවාදීව මෙතෙක් යහපාලන ආණ්ඩුවේ තිබි විපක්‍ෂයට වඩා බලවත් වනු ඇත. එය ජයග්‍රහනයකි. අවශ්‍ය විටෙකදී එය ජාතික ප්‍රශ්ණවලට තීරණාත්මක ලෙස යොදාගැනීමට ජාතික ව්‍යාපාරයට හැකිය// ++++++++++++++++++

    ReplyDelete
  3. මහින්ද කලාතුරකින් බිහිවෙන නායකයෙක්. එහි විවාදයක් නෑ. මම හිතන්නෙනම් ජාතික ව්‍යාපාරය මහින්ද මත යැපීම නැවතිය යුතුයි. නව නායකත්වයක් යටතේ එය ඉදිරියට යා යුතුයි.

    ජාතික ව්‍යාපරයට මහින්දව ප්‍රමුඛ උනාට මහින්දට ජාතික ව්‍යාපරය මතක් වෙන්නේ සිය පක්ෂයටත් පස්සේ. මහින්දට සියල්ලට වඩා පක්ෂය ප්‍රමුඛ වීම හෝ එසේ හැසිරීමට ඔහුට බල කොට තිබීම ජාතික ව්‍යාපරයේ උන්නතියට බලපාන ප්‍රබල ගැටලුවක්.

    ReplyDelete