Sunday, August 16, 2015

දුෂිතම මැතිවරණය

මෑත කාලයේ මෙරට පවත්වන්නට යෙදෙන දූෂිතම මැතිවරණය සඳුදා පැවැත්වීමට නියමිතය. මැතිවරණය පවත්වන්නටද ප්‍රථමයෙන් ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ඇත. නමුත් කොළඹ නගරයේ මැතිවරණ පෝස්ටර් නැතිවීම උගතුන් වැදගත් කොට සලකන බැවින් ඒ බව මේ මැතිවරණය සාධාරන මැතිවරණයක් ලෙස පෙන්නුම් කිරීමට යොදා ගෙන ඇත. 

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මීට මසකට පමණ පෙරය. අන් සියලුම පක්‍ෂ තම මැතිවරණ රැලි වල දී ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය නොදිය යුතු හේතුවක් ලෙස ජනතාවට පෙන්වා දුන්හ. ඔවුන්ගේ තර්කය වූයේ මෙයයි. “ඔබලා මහින්ද අගමැති කිරීම සඳහා සංධානයට ඡන්දය දුන්නත් මහින්ද අගමැති වෙන්නේ නැත. ඒ නිසා ඔබේ ඡන්දයෙන් වැඩක් නැත”. වැඩක් නැති ඡන්දයක් වැඩක් නැත. 

ව්‍යවස්ථාවට අනුව අගමැති ධූරයට පත්වෙන්නේ ජනාධිපතිගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් බලය ඇති මන්ත්‍රීවරයාය. මැතිවරණයට කලින් පාර්ලිමේන්තුවේ බහුතරයක් බලයක් හිමිවෙන මන්ත්‍රීවරයා කවුදැයි නිගමණය කල නොහැකිය. ඒ නිසා මැතිවරණයට පෙර අහවල් අපේක්‍ෂකයාට අගමැතිකම දෙන්නේ යැයි හෝ අහවල් අපේක්‍ෂකයාට අගමැතිකම නොදෙන්නේ යැයි නිගමණය කිරීමට ජනාධිපතිවරයාට සාධක නැත. නමුත් ඔහු එසේ ප්‍රකාශ කරයි නම් ඉන් සිදුවෙන්නේ මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද දායකයින්ගේ ඡන්දයට අසමමිතික ලෙස වටිනාකම් දීමය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් අගමැති නොකරන බවට ප්‍රකාශ කරන ඡන්ද අපේක්‍ෂයාට ලැබෙන ඡන්දයේ වටිනාකම මැතිවරණයට පෙර ශුන්‍ය වෙන අතර ඔහුගේ ප්‍රතිවාදීන්ට ලැබෙන ඡන්දයේ වටිනාකම මැතිවරණයට පෙර ඉහල දැමෙයි. මැතිවරණයක් පැවැත්වීමට පෙර සියලු ඡන්ද දායකයින්ගේ ඡන්දයට එකම වටිනාකමක් හිමිවිය යුතුය. එසේ නොවේ නම් මැතිවරණ පවත්වන්නේ කුමටද? ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමක් නොවන්නේ කෙසේද?

නමුත් ප්‍රශ්ණය ජනාධිපතිවරයා තම ප්‍රකාශය මැතිවරණයට කලින් කිරීම පමණක් නොවේ ඔහු ගෙන ඇති තීරණයද ව්‍යවස්ථාවට පටහැනිය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂට අගමැතිකම නොදෙන බව කියයි. යම් හෙයකින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මහින්දට නොලැබුනහොත් මහින්දට අගමැතිකම නොලැබෙන බව කිව යුතු නැත. ඒ නිසා මෙහි කියවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මහින්දට හිමි වුනද මහින්ද අගමැති නොකරන බවය. 

ව්‍යවස්ථාවේ ඇත්තේ අගමැති ධූරයට පත් කල යුත්තේ ජනාධිපතිගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් බලය ඇති මන්ත්‍රීවරයා බවය. ඒ අනුව යම් කෙනෙකුට අගමැතිධූරය හිමි නොවන්නේ නම් එසේ හිමි නොවිය යුත්තේ ජනාධිපතිවරයාගේ මතයට අනුව ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි නොවන නිසා සහ ඒ නිසා පමණය. ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය.

ඉන් කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව ජනාධිපතිවරයා දරන මතය හැර ජනාධිපතිවරයා දරන වෙන මතයක් මත පදනම්ව (පක්‍ෂයේ ජේෂ්ඨයෙක් නොවීමේ සිට හුදු පුද්ගලික වෛරය දක්වා) ඔහුට කෙනෙකුට අගැමති ධූරය හිමිකල හෝ අහිමිකල නොහැකි බවය. ජනාධිපතිවරයා එසේ කරයි නම් එය ව්‍යවස්ථාවට පටහැනිය. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවිට ජනාධිපතිවරයා ඒ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පදනම්ව නොවේ. මන්ද මැතිවරණයක් නොපවත්වා බහුතරය තීරණය කල නොහැකි බැවිනි. ඒ නිසා ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථාවට පටහැනිය.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති නොකරන බවට ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය එක් අතකින් මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමකි අනිත් අතින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. පැහැදිලිවම මේ මැතිවරණය දූෂිතය. ජනාධිපතිවරයා විසින් කරන ලද මැතිවරණ දූෂණය හොර ඡන්ද දැමීමටත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ටත් තාප්පවල පොස්ටර ඇලවීමටත් අන්තය. නමුත් මේ කිසිවක් සාධාරන මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන කිිසිම පාර්ශවයක් විසින් මේ වනතුරු විවේචනයට ලක් කර නැත.

7 comments:

  1. මේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද දේවල් මිසක්කා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කල දේවල් නෙවෙයිනේ. මෙතන කොහොමවත් ජනාධිපති බලතල පාවිච්චි කිරීමක් සිදුවෙලා නෑ නේද?

    පක්ෂය ඇතුලේ කචල් කරගත්තේ බල ලෝභී, කපටි, මිනීමරු මරානේ. මරා නැතුව මේ චන්දෙ තිබ්බානම් ශ්‍රීලනිපෙ දිනනවා. ඊට පස්සේ වෙනත් පක්ෂ සහාය කරගෙන ආණ්ඩුවක් හදනවා. අන්න අර විමලයා, දිනේසා, වාසුවා, ගොම්මන්පිලයා තමයි ශ්‍රී ලංකා එක කන ඉහඳ පණුවෝ.

    ReplyDelete
  2. සිරිසේනගේ පුස් වෙඩි වලට අපි බය වෙන්න ඕන නෑ. සිරිසේන මහත්තය එක එකාගෙන් අහගෙන විකාර දොඩවන තරමට මහින්ද මහත්තයට වඩා වාසි වෙනවා.

    ReplyDelete
  3. No, brother those NGO kakkas are bothered about their bundles of dollar notes! Maithree violates blatantly election law but Sobhita and dollar clique are silent! War criminal Blair is in the island in order to mastermind the coup! If Mahinda wins they first try to buy MPs with billions. If it doesn't work they do what they did to Patrice Lumumba! As a monk who has " engaged in so called human rights activities" for more than a decade I can see what really is happening! In a world CIA agents are named for MP posts by so called Marxists parties, everything can happen. False flag attacks are being hatched at this very moment in order to blame Mahinda and his friends. Batalanda Ranil gets every advice from CIA. People have to be vigilant. Life of many is in danger.

    ReplyDelete
  4. මහින්දම, දී මූට දෙන කොට කිසි අවුලක් නෑ නේ.....?

    ReplyDelete
  5. An excellent post!

    Yes, this is undoubtedly the most corrupt and fraudulent election which has ever held in Sri Lanka due to the reasons you so eloquently described. The White Christian Western Imperialists, their stooges here, Indian expansionists and Eelamist have come to terms that their lackey stands no chance in wining tomorrow's election. So they will try their best to deny Mahinda's victory by employing their puppet Sirisena.

    ReplyDelete
  6. මෙතෙක් අපේ රටේ (විධායක ජනාධිපති ක්‍රමය යටතේ) අගමැති ධූරය දැරූ අය සියළු දෙනා කායිකව මෙන්ම මානසිකවද දුබල අයයි. එසේ නොවන කෙනෙකුට අගමැති ධූරය ලබාදීමට වත්මන් ජනාධිපති තුමා වත් එඩිතර වනු දැකීම මගේ බලාපොරොත්තුවයි. ඒත් මහින්ද යනු කායිකව මෙන්ම මානසිකවද ඉතා දුබලයකු බව මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී මොනවට පැහැදිලි විය!!!!!!!!!!!!!

    ReplyDelete
  7. 1982 ජනමත විචාරණයට පසුව මෙරට දූෂිත මැතිවරණය වීමට යන්නේ මෙයයි.
    මැතිවරණ රාජකාරී සඳහා යෙදවූ බොහෝ අයට තැපැල් චන්ද අයිතිය අහිමි කර ඇත.එසේ තැපැල් චන්දය ඉල්ලුම්කර නොලැබී ඇති සියලුම අය සිරිලංකා හෝ බුලත්කොලයට හිතවත් අය වේ මැතිවරණ ප්‍රචාරණය සීමා කරනු ලබා ඇති අතර බොහෝ ප්‍රදේශ වල චන්ද පත්‍රිකා සමග බෙදාදෙන අපේක්ෂක ලැයිස්තුවද ලබා දී නැත. ඉතාමත් සූක්සම ලෙස යූ ඇන පී යේ සුපුරුදු චන්ද මගඩි කල එලි බසිමින් ඇත

    ReplyDelete