Tuesday, August 4, 2015

යූ එන් පිය ජාතිවාදීයි!!!

දෙමළ ජනතා සංධානය දෙමළ ජනයාට ස්වයංනිර්ණ අයිතිය තිබිය යුතුයි යැයි කියද්දී එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද අපේක්‍ෂකයින් කියන්නේ එය දෙමළ සංධානයේ අපේක්‍ෂාව වුනද එය සිදු නොවන බවය. නමුත් එය ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොවේ.ඊළාම් කොටි වසර 30ක් තිස්සේ මෙරට ලේ විලක් කලේද මේ අපේක්‍ෂාව උඩය. දෙමළ ජාතිවාදීන් යලිත් තමන්ගේ අපේක්‍ෂාවන් මුදුන් පත් කර ගැනීමට ක්‍රියා නොකරන බවට එජාපයට දිය හැකි සහතිකය කුමක්ද? ජනතාව මේ ප්‍රශ්ණය අසන්නේ රනිල් වික්‍රමසිංහ ෆෙඩරල් ක්‍රමයක් දෙමළ ජනතාවට ලබා දෙන බව ඉංදියාවේ මාධ්‍ය වලට පවසා ඇති වාතාවරණයකය. 

මැතිවරණයෙන් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තුවෙන පක්‍ෂයක් වශයෙන් එජාපයේ වගකීම තමන්ගේ රජයක් යටතේ දෙමළ ජනතා සංධානයට ඔවුන්ගේ අපේක්‍ෂාව ඉටු කර ගැනීමට ඉඩ දෙන්නේද නොදෙන්නේද නොදෙන්නේ නම් ඒ කෙසේද යැයි ජතාවට පැහැදිලි කර දීමය. නමුත් එජාපයට එය එසේ නොකර මඟහැරීමට තැත් කරයි. ඒ වෙන කිසි හේතුවක් නිසා නොව එජාපයට රාජ්‍ය බලය ලබා ගැනීමට නම් දෙමළ ජාතිවාදයට කප්පම් නොගෙවා එය කල නොහැකි නිසාය.

මේ ප්‍රතිපත්ති මත එජාපය ජාතිවාදී වෙන්නේ සිංහලුන්ට එරෙහිව නොවේද?

1 comment:

  1. එක්සත් ජාතික පක්ෂයටයි රනිල්ටයි අනුව මේ රටේ ඇත්තේ සිංහල ජාතිවාදයකි. දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදයන් ඇත්තේම නැත. උන් ඉතා හොඳය රනිල්ට ආණ්ඩු කරන්නට ඉඩ දී ෆෙඩරල් ලබාගෙන ඔහෙ පාඩුවේ ඉන්න දෙමළ සන්ධානය හිතනව ඇති රනිල් එක්ක හවුලේ උතුර ලියාගෙන. මුන්ට චන්දේ දෙන සිංහල යූ ඇන් පී ගොන් හරක් සේරම බඩගෝස්තරේ වෙනුවෙන් අම්ම තාත්ත උනත් පාවදෙන කාලකන්ණි. ඒ ටිකයි කියන්න තියෙන අන්තිම දේ.

    ReplyDelete