Wednesday, July 22, 2015

දිනන මහින්ද සහ පැරදුනු මහින්ද

පසුගිය ජනාධිපතිවරණයේ අතුරු ප්‍රතිපල වශයෙන් වැදගත් දේශපාලන වෙනස්කම්  කිහිපයක් සිදුවිනි. ඉන් ප්‍රධාන වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ බැරිකම ජනතාවට නැවතත් දැක ගත හැකිවීමය. එජාප රජය භාරයේ අද රුපියල මස්ත බාල්දු වී ඇත. දේශීය කෘෂි නිශ්පාදන වලට සාධාරන මිලක් නොලැබෙයි. ඉන්දීය සමාගම් වලට වාසි සහගත අයුරින් බදු සහන ලැබෙන අතර දේශීය කර්මාන්ත බිඳ වැටෙමින් පවතියි. පඩි වැඩිකිරීම් මෙන්ම කොත්තමල්ලි ඇතුළු බඩු මිලද පහත දැමුනේ දින සියයකින් පැවැත්වීමට බලාපොරොත්තුවූ මැතිවරණය සඳහා ජනතාවට අල්ලස් දීමට මිස දීර්ඝ කාලීන ආර්ථික සැලැස්මක් මත නොවේ. නමුත් මේ ඡන්ද අල්ලස් ගෙවීමට භාණ්ඩාගාරයට අරමුදල් නොතිබුනු බව හෙලි කලේ වෙන කවුරුත් නොව චන්ද්‍රිකා කුමාරතුංගමය. මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කෙරුනේත් රටේ ආදායමට ඔරොත්තු නොදෙන සේ දැන් විදේශ ණය ලබා ගන්නේත් එජාපයේ බැරිකම පියවා ගැනීමටය. 

එජාපය අසූව දශකයේ රටේ ආර්ථිකය මෙහෙය වූයේද මේ අයුරිනි. රටේ භෞතික සහ  මිනිස් සම්පත් වලට ආර්ථික වටිනාකමක් මෙන්ම අභිමානයක් ලබා දෙනු වෙනුවට එජාප රජය ඒ සම්පත් බහු ජාතික සමාගම් වලට සූරා කෑමට ඉඩ ප්‍රස්ථාව සලසා දුනි. නිර්මාණශීලී බවක් නැති එජාප රජය ආදායම් ඉපයීමට දැන සිටි එකම මාර්ගය එයය. ඒ ඔස්සේ එදා සිට අද දක්වා එජාප රජයන් රටේ ආර්ථිකය සහමුලින්ම විදේශයන් මත යැපීමට සැලසුවේය. පැහැදිලිවම ජනාධිපති වරණයෙන් දින සියයක් යනවිට එජාපයේ බැරිකම නැවතත් ජනතාවට දැක ගන්නට හැකිවී ඇත.

ජනාධිපතිවරණයෙන් පසු සිදුවූ අනෙක් වැදගත් දේශපාලන වෙනස නම් ජාතික ව්‍යාපාරය තුල සැඟවී සිටි ජාතිවාදී දේශපාලඥයින් එම ව්‍යාපාරයෙන් හැලීයාමය. රාජිත සේනාරත්න සිංහල බෞද්ධ විරෝධියෙකි චම්පික රණවක මුස්ලිම් විරෝධියෙකි මොවුන් දෙදෙනාම අද සිටින්නේ 83 ජූලි කලබලයට සෘජුවම දායකවූ එක්සත් ජාතික පක්‍ෂය තුලය. එය ඔවුන්ට සුදුසුම තැනය.

නමුත් මේ කිසි වෙනසකටත් වඩා ප්‍රගතිශීලී දේශපාලන වෙනස සිදුවූයේ මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙනි. 8 වෙනිදා පැරදී මැදමුලණට ගිය මහින්ද ජාතික ව්‍යාපාරයෙන් වෙන් කෙරුනු හුදු පුද්ගලයෙක් පමණක් විනි නමුත් මැදමුලණින් ගෙන  මහින්ද තනි පුද්ගලයෙක් නොව රටකි. ලබන 18 දා දිනන්නේ රටක් වූ ඒ මහින්දය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂයයි. එජාපය මෙන් නොව ශ්‍රීලනිපෙය පහල සිට ඉහලට බලය විහිදුවන පක්‍ෂයකි. ශ්‍රීලනිපයද ඒ නිසා ජාතික ව්‍යාපාරයද පණ ගැනෙන්නේ බලය පහල සිට ඉහලට විහිදෙන විටය. 

2010 න් පසු ජාතික ව්‍යාපාරය දේශපාලණීකරනය වන්නට පටන් ගැනිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජාතික ව්‍යාපාරය තුල සිය බලය තහවුරු කරන්නට උත්සාහ ගත්තේය. ඒ හේතුවෙන් ජාතික ව්‍යාපාරය තව තවත් දේශපාලණීකරනය විය. ක්‍රමයෙන් ජාතික ව්‍යාපාරය තුල බලය පහල සිට ඉහලට ගමන් කරන මාර්ග අවහිර කෙරිනි. මහින්ද තනි විනි. තනි කෙරිනි. ජනවාරි 8දා එහි උපරිම ඵල නෙලා ගැනීමට විජාතික ගැති බලවේග වලට හැකිවිනි. පැරදුනු මහින්ද මැදමුලණට ගියේය. සිදුවූදේ තේරුම් ගත් මෙරට බුද්ධිමත් ජනතාව මැදිහත්වී ජාතික ව්‍යාපාරය යලි ජනතාකරණය කලහ. ඔවුන් මැදමුලණින් කැන්ඳන් ආ මහින්ද අද නායකත්වය ලබා දෙන්නේ බලය පහල සිට ඉහලට විහිදෙන සජීවී ජාතික ව්‍යාපාරයකටය. 18 දා මහින්ද ජය ගන්නේ ඒ නිසාය.

2 comments:

  1. එක්සත් ජාතික පක්ෂයේ වැඩ බැරිකම විතරක්ම නෙවෙයි මේ බහුජාතික සමාගම් වලට රටේ ආයතන පවරලා දීල ආර්ථිකය පිට රටවලට ගැටගහන්න හේතුව. එක්සත් ජාතික පක්ෂයේ බටහිර විජාතික ගැති මනස ඔවුන්ට හුරු කරල තියෙන්නේ රටේ නිදහස් චින්තනයට වැට බැඳලා බටහිරට ගැති වෙමින් ඔවුන්ට රටේ ආර්ථිකයම විතරක් නෙවෙයි මුළු රටේම හැම දෙයක්ම අනියම් ආකාරයකට පවරා දීල බටහිර පාලනාධිකාරයේ නියෝජිතය විදිහට ආණ්ඩු කරන්න. ඒකයි ඔවුන් රටේ මිනින්නුන්ට ස්වාධීනව නැගී සිටිමින් කරන්න පුළුවන් හැම දේකටම වැට බැඳල ජාතියේම පිට කොන්ද කඩන්න ආර්ථික අතින් විතරක් නෙවෙයි හැම අතින්ම උත්සහ කරන්නේ.

    ReplyDelete
  2. මගේ රටට දළදා හිමි සරණයි!
    https://www.facebook.com/SriAvTvNetwork/videos/954677447926573/

    ReplyDelete