Monday, July 20, 2015

මහින්ද යනු රටකි

සමහරක් කියනවා ජාතික ව්‍යාපාරය තනි මිනිහෙක් මත පදනම්වුනු එකක්ය අද මහින්ද නැත්තම් ජාතික ව්‍යාපාරය කොට උඩ කියල හිටං.

මෛත්‍රීපාල හිටියෙ නැත්තං ඔය කියන ඊනියා විප්ලවය වෙයිද? රනිල් අගමැති වෙයිද? රනිල් බැංකු හොර කමෙන් බේරෙයිද? තනි මිනිහෙක් මත පදනම්වුනේ යමපාලනය නෙවෙයිද? ඒ විතරක්ද? අද වෙනකොට මහින්දට විරුද්ධව අගමැති අපේක්‍ෂකයා ලෙස ඉල්ලන්න රනිල් වෙනුවට ඉදිරිපත් කරන්න ඔය කියන පුරවැසි බලයට වෙන අපේක්‍ෂකයෙක් ඉන්නවද? නැහැ. ඒ නැත්තෙ වෙන මොකුත් හින්ද නෙවෙයි ඇමෙරිකාවෙත් එංගලන්තයෙත් ඉංදියාවේත් තේරීම රනිල් සහ රනිල් පමණයි. තනි මිනිහෙක් මත යැපෙන මේ රටේ දැනට තියෙන එකම දේශපාලනය එජාපයේ දේශපාලනයයි.

ජනාධිපතිවරණයෙන් පරාජය ලබලා ගෙදර ගිය මහින්ද නැවත දේශපාලනයට ගෙන්වා ගත්තේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ උවමණාවට බව අමතක කරන්න එපා.


1 comment:

  1. එක්සත් ජාතික පක්ෂයයි ඒකේ ඉන්න පොෂ් නායකයොයි දන්නෙ නෑ මේ රටේ සාමාන්‍ය ජනයාගේ මනස වැඩකරම විදිහ. උන් හිතන්නේ හැම තිස්සෙම මොකක් හරි තොරොම්බල් කරත්තයක් දක්කලා රටේ ජාතිකත්වය මිනිස්සුන්ගෙන් ඈත් කරවන්න පුළුවන් කියලා. මහින්ද ඉන්නේ ජාතිකත්වය පැත්තේ කියල දන්න යූඇන්පී ගොබ්බයෝ මිනිස්සු ජාතිකත්වයෙන් ඈත් කරල තමන්ට කිට්ටු කරගන්න මහින්දට බොරුවට හොරා කිය කිය උන්ගේ හොර කම් යට ගහන ගමන් බටහිර තොරොම්බල් කරත්ත දක්කනවා. මේ මෝඩයො හිතන්නේ මහින්දව මිනිස්සුන්ගෙන් ඈත් කරන්න උන්ගේ සීනි බෝල තර්ක වලටයි බොරු පොරොන්දු වලටයි පුළුවන් කියලා. මහින්ද පැරදුනත් රටේ ජාතික අනන්‍යතාවය පැත්තේ ඉන්න බහුතරයකට නැවත මහින්ද අවශ්‍යයි කියන එක මෝඩ යූඇන්පී කාරයන්ට තේරෙන්නේ නෑ. ඒකයි මහින්ද නැවතත් දේශපාලනේට ආවේ රටට ජාතියට හිතවත් බහුතරයක් එතුමා නැවත ඉල්ලා හිටි නිසා මිස බලයට කෑදරකමක් නිසා නොවන බව මේ මෝඩ යුඇන්පී කාරයන්ට නොතේරෙන්නේ.

    ReplyDelete