Thursday, July 30, 2015

හෙට පෝදා අපි රටට සෙත් පතමු

ඉතිහාසයේ මෙරට රජ වරුන් තැනුනේ පංසල් ආශ්‍රයෙන් වුනත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අද පංසල් තුල දේශපාලනය කල නොහැකිය.

බෞද්ධයින්ට පංසල් තහනම් කල හැකිද?

හෙට අපි එකම අරමුණක් ඇතිව පංසල් ගොස් මල් පහන් පූජා කරමු. පිං දහම් කරමු. මේ රට ආරක්‍ෂා කරන සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ට පිං දෙමු. මේ රටේ නිදහස ආරක්‍ෂා වේවා යැයි පතමු. රටේ නිදහස රකින දේශප්‍රේමී නායකයින්ගේ ආරක්‍ෂාව පතමු.

Wednesday, July 29, 2015

ඔබ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න

ඒ කාලෙ ඔය මායිම් ගම් කියල හඳුන්වපු සිංහල ගම්මානවලට කොටි ත්‍රස්තවාදීන් පැනල දරු පැටව් කැතිගාපු වාරයක් වාරයක් ගානෙ ඔබටත් කොටින්ව මරාගෙන මැරෙන්න හිතෙන්න ඇති. ඔබට පමණක් නොවේ හිතක් පපුවක් තියෙන මේ රටේ හැමෝටම එහෙම හිතුනා. නමුත් අපි හැමෝටම එහෙම කැක්කුමක් තිබිලත් අවුරුදු තිහක් තිස්සේ අපිට කොටි පරද්දන්න නොහැකිවුනේ ඇයි? ඒ මොකවත් නිසා නෙවෙයි අපි කාටවත් තනි පුද්ගලයින් හැටියට ක්‍රියා කරල රටේ නිදහස රැක ගන්න බැරි නිසයි. රටේ නිදහස රැක ගත හැක්කේ රාජ්‍ය බලයටයි. රාජ්‍ය බලය මෙහෙයවන්න සුදුසු රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. රටක නිදහස රැකෙන්නෙ රාජ්‍ය නායකයා ක්‍රියාකරන ආකාරයටයි.

එකේ අනිත් පැත්තත් එහෙමයි. රටේ මිනිස්සු නිදහස පිළිබඳව මොන ආකල්ප දැරුවත් රාජ්‍ය නායකයෙකුට අවශ්‍යනම් රටේ නිදහස පාවල දෙන්නත් පුළුවන්. 


මෙවර ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඡන්දය දෙන්න හිතාගෙන සිටින බොහෝ දෙනෙකුට රට ගැන කැක්කුමක් තියෙන බව සැකයක් නැහැ. ඔවුන් බහුතරයක් රට බෙදනවට විරුද්ධයි. ඔවුන් ඡන්දය දීමට බලාපොරොත්තුවෙන මන්ත්‍රී අපේක්‍ෂකයින් බහුතරයකුත් එහෙමයි. නමුත් ඊලඟට මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න නායකයා රටේ නිදහස පාවා දෙන ආකාරයට ක්‍රියා කලහොත් ඔබටවත් මටවත් අපි කිසි කෙනෙකුටවත් රාජ්‍ය බලයට විරුද්ධව ගිහින් තනි තනියෙන් රටේ නිදහස රැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනෙ.


අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව. 


රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි. 


මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?


යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි.
රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

Wednesday, July 22, 2015

දිනන මහින්ද සහ පැරදුනු මහින්ද

පසුගිය ජනාධිපතිවරණයේ අතුරු ප්‍රතිපල වශයෙන් වැදගත් දේශපාලන වෙනස්කම්  කිහිපයක් සිදුවිනි. ඉන් ප්‍රධාන වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ බැරිකම ජනතාවට නැවතත් දැක ගත හැකිවීමය. එජාප රජය භාරයේ අද රුපියල මස්ත බාල්දු වී ඇත. දේශීය කෘෂි නිශ්පාදන වලට සාධාරන මිලක් නොලැබෙයි. ඉන්දීය සමාගම් වලට වාසි සහගත අයුරින් බදු සහන ලැබෙන අතර දේශීය කර්මාන්ත බිඳ වැටෙමින් පවතියි. පඩි වැඩිකිරීම් මෙන්ම කොත්තමල්ලි ඇතුළු බඩු මිලද පහත දැමුනේ දින සියයකින් පැවැත්වීමට බලාපොරොත්තුවූ මැතිවරණය සඳහා ජනතාවට අල්ලස් දීමට මිස දීර්ඝ කාලීන ආර්ථික සැලැස්මක් මත නොවේ. නමුත් මේ ඡන්ද අල්ලස් ගෙවීමට භාණ්ඩාගාරයට අරමුදල් නොතිබුනු බව හෙලි කලේ වෙන කවුරුත් නොව චන්ද්‍රිකා කුමාරතුංගමය. මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කෙරුනේත් රටේ ආදායමට ඔරොත්තු නොදෙන සේ දැන් විදේශ ණය ලබා ගන්නේත් එජාපයේ බැරිකම පියවා ගැනීමටය. 

එජාපය අසූව දශකයේ රටේ ආර්ථිකය මෙහෙය වූයේද මේ අයුරිනි. රටේ භෞතික සහ  මිනිස් සම්පත් වලට ආර්ථික වටිනාකමක් මෙන්ම අභිමානයක් ලබා දෙනු වෙනුවට එජාප රජය ඒ සම්පත් බහු ජාතික සමාගම් වලට සූරා කෑමට ඉඩ ප්‍රස්ථාව සලසා දුනි. නිර්මාණශීලී බවක් නැති එජාප රජය ආදායම් ඉපයීමට දැන සිටි එකම මාර්ගය එයය. ඒ ඔස්සේ එදා සිට අද දක්වා එජාප රජයන් රටේ ආර්ථිකය සහමුලින්ම විදේශයන් මත යැපීමට සැලසුවේය. පැහැදිලිවම ජනාධිපති වරණයෙන් දින සියයක් යනවිට එජාපයේ බැරිකම නැවතත් ජනතාවට දැක ගන්නට හැකිවී ඇත.

ජනාධිපතිවරණයෙන් පසු සිදුවූ අනෙක් වැදගත් දේශපාලන වෙනස නම් ජාතික ව්‍යාපාරය තුල සැඟවී සිටි ජාතිවාදී දේශපාලඥයින් එම ව්‍යාපාරයෙන් හැලීයාමය. රාජිත සේනාරත්න සිංහල බෞද්ධ විරෝධියෙකි චම්පික රණවක මුස්ලිම් විරෝධියෙකි මොවුන් දෙදෙනාම අද සිටින්නේ 83 ජූලි කලබලයට සෘජුවම දායකවූ එක්සත් ජාතික පක්‍ෂය තුලය. එය ඔවුන්ට සුදුසුම තැනය.

නමුත් මේ කිසි වෙනසකටත් වඩා ප්‍රගතිශීලී දේශපාලන වෙනස සිදුවූයේ මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙනි. 8 වෙනිදා පැරදී මැදමුලණට ගිය මහින්ද ජාතික ව්‍යාපාරයෙන් වෙන් කෙරුනු හුදු පුද්ගලයෙක් පමණක් විනි නමුත් මැදමුලණින් ගෙන  මහින්ද තනි පුද්ගලයෙක් නොව රටකි. ලබන 18 දා දිනන්නේ රටක් වූ ඒ මහින්දය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂයයි. එජාපය මෙන් නොව ශ්‍රීලනිපෙය පහල සිට ඉහලට බලය විහිදුවන පක්‍ෂයකි. ශ්‍රීලනිපයද ඒ නිසා ජාතික ව්‍යාපාරයද පණ ගැනෙන්නේ බලය පහල සිට ඉහලට විහිදෙන විටය. 

2010 න් පසු ජාතික ව්‍යාපාරය දේශපාලණීකරනය වන්නට පටන් ගැනිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජාතික ව්‍යාපාරය තුල සිය බලය තහවුරු කරන්නට උත්සාහ ගත්තේය. ඒ හේතුවෙන් ජාතික ව්‍යාපාරය තව තවත් දේශපාලණීකරනය විය. ක්‍රමයෙන් ජාතික ව්‍යාපාරය තුල බලය පහල සිට ඉහලට ගමන් කරන මාර්ග අවහිර කෙරිනි. මහින්ද තනි විනි. තනි කෙරිනි. ජනවාරි 8දා එහි උපරිම ඵල නෙලා ගැනීමට විජාතික ගැති බලවේග වලට හැකිවිනි. පැරදුනු මහින්ද මැදමුලණට ගියේය. සිදුවූදේ තේරුම් ගත් මෙරට බුද්ධිමත් ජනතාව මැදිහත්වී ජාතික ව්‍යාපාරය යලි ජනතාකරණය කලහ. ඔවුන් මැදමුලණින් කැන්ඳන් ආ මහින්ද අද නායකත්වය ලබා දෙන්නේ බලය පහල සිට ඉහලට විහිදෙන සජීවී ජාතික ව්‍යාපාරයකටය. 18 දා මහින්ද ජය ගන්නේ ඒ නිසාය.

Monday, July 20, 2015

මහින්දට පංසල් තහනම් වෙයිද?

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතා නොකරන ලෙසට පක්‍ෂ ලේකම්වරුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස්තුමා විසින් ප්‍රකාශ කොට තිබුනි. මේ උපදේශය සියලු පක්‍ෂ සඳහාත් සියලු ආගමික ස්ථාන සඳහාත් වලංගු වන බව පෙනෙන්නට සැලසුනද මෙහි එකම අරමුණ මහින්ද රාජපක්‍ෂ පංසල් භුමිවල රැස්වීම් තැබීම වැලකීම බව නොදන්නේ මෙරට අත දරුවන් පමණි. මැතිවරණයේ අනිත් අගමැති අපේක්‍ෂකයා වන රනිල් වික්‍රමසිංහට පංසල් වලින් ආරාධනා ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඇරත් පංසල් ගානේ පුද පූජා පැවැත්වීම රනිල් වික්‍රමසිංහට ඉතිරිව සිටින ඡන්ද දායකයින්ද නැති කර ගැනීමට හේතු වනු ඇත. ජවිපෙ නායකයින් නම් එදා සිටම බුදුන් වඳින්නේ කැමරාවට හසු නොවෙනාකාරයටය. ඒ නිසා ජවිපෙට මේ ප්‍රකාශය අදාල නැත. පැහැදිලිවම මැ.කෝ. ගේ මේ බලපෑමේ එකම අරමුණ මහින්ද රාජපක්‍ෂ අභිබවා රනිල් වික්‍රමසිංහට මැතිවරණයේදී අයුතු වාසියක් අත් කරදීමය.

එය එක පැත්තක් පමණි. 

මැතිවරණ කොමසාරිස් වරයාගේ වගකීම විය යුත්තේ සියලු අපේක්‍ෂකයින්ට සාධාරනවූ වාතාවරණයක් පවත්වා ගෙන යාමය. යම් අයෙකු පංසල් භුමිතුල දේශපාලන රැස්වීම් පැවැත්වීම තව අයෙකුට අසාධාරනයක් වන්නේද? පංසලක රැස්වීම් මෙන්ම පූජා කටයුතුද සිදුවන්නේ පංසලේ නායක ස්වාමීන්වහන්සේගේ අවසරය සහ අනුදැනුම මතය. ඊට දායක සභාවේද කැමැත්ත ලැබේ යැයි සිතිය හැකිය. පංසලේ මේ වගකිය යුත්තන්ගේ ඇරයුම නොමැතිව මහින්ද රාජපක්‍ෂට පංසල් තුල දේශපාලන රුස්වීම් තබා පුද පූජා හෝ පැවැත්විය නොහැකි බව එතරම් පැහැදිලි කල යුතු කරුණක් නොවේ. දැන් ප්‍රශ්ණය මෙයයි පංසලේ වගකිය යුත්තන්ගේ දේශපාලන කැමැත්ත මහින්ද රාජපක්‍ෂ නම් ඔවුන් ඔහුට ආරාධනා නොකල සිටිය යුත්තේ ඇයි? රනිල්ට කැමැත්තක් නොමැති නිසා මහින්දටද ආරාධනා නොකර සිටිය යුතුයැයි මැ.කෝ. කියන්නේද? මැතිවරණයක් යනු ජනතාවගේ දේශපාලන කැමැත්ත නිදහසේ ප්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවක් විය යුතුය. මෙරට බෞද්ධ ජනයා මහින්ද රාජපක්‍ෂට පංසල් වලට ආරාධනා කරන්නේ තමන්ගේ උවමණාව සහ කැමැත්ත ඔහුට ප්‍රකාශ කර සිටීමටය. එයට ඉඩ දිය යුතුය.   
  
ප්‍රශ්ණය එතැනින්ද නිම නොවේ. මැ.කෝ. උපදෙස් දෙන්නේ පක්‍ෂ ලේකම්වරුන්ට වුනද මහින්ද රාජපක්‍ෂට ආරාධනා ලැබෙන්නේ පංසල්වල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාවන් වලිනි. ඒ නිසා මැ.කෝ. වක්‍රාකාරයෙන් බලපෑම් කරන්නේ නායක ස්වාමීන් වහන්සේලාටය. එය රජයේ නිළධාරියෙකුට කැපද? පංසල් වල වැඩ කෙරෙන ආකාරය පිළිබඳ අනුශාසනා කරන්නේ ඒ ඒ නිකායන්හි නායක ස්වාමීන් වහන්සේලා විසිනි එය රජයේ නිලධාරීන්ට අදාල කාරනා නොවේ.

මහින්ද රාජපක්‍ෂට ජය පතමින් මෙරට පංසල් තුල කරගෙන යන පුද පූජා හා දේශපාලන රැස්වීම් මෙරට ජනතාවගේ අයිතියය. ඒ අයිතිය පැහැර ගැනීමට ඉඩ නොදෙමු.


මහින්ද යනු රටකි

සමහරක් කියනවා ජාතික ව්‍යාපාරය තනි මිනිහෙක් මත පදනම්වුනු එකක්ය අද මහින්ද නැත්තම් ජාතික ව්‍යාපාරය කොට උඩ කියල හිටං.

මෛත්‍රීපාල හිටියෙ නැත්තං ඔය කියන ඊනියා විප්ලවය වෙයිද? රනිල් අගමැති වෙයිද? රනිල් බැංකු හොර කමෙන් බේරෙයිද? තනි මිනිහෙක් මත පදනම්වුනේ යමපාලනය නෙවෙයිද? ඒ විතරක්ද? අද වෙනකොට මහින්දට විරුද්ධව අගමැති අපේක්‍ෂකයා ලෙස ඉල්ලන්න රනිල් වෙනුවට ඉදිරිපත් කරන්න ඔය කියන පුරවැසි බලයට වෙන අපේක්‍ෂකයෙක් ඉන්නවද? නැහැ. ඒ නැත්තෙ වෙන මොකුත් හින්ද නෙවෙයි ඇමෙරිකාවෙත් එංගලන්තයෙත් ඉංදියාවේත් තේරීම රනිල් සහ රනිල් පමණයි. තනි මිනිහෙක් මත යැපෙන මේ රටේ දැනට තියෙන එකම දේශපාලනය එජාපයේ දේශපාලනයයි.

ජනාධිපතිවරණයෙන් පරාජය ලබලා ගෙදර ගිය මහින්ද නැවත දේශපාලනයට ගෙන්වා ගත්තේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ උවමණාවට බව අමතක කරන්න එපා.


Tuesday, July 14, 2015

දෝරේ ගලා යන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කා වෙනුවෙන්ද?

මෑත ඉතිහාසයේ පැවැත්වුනු කිසිදු මැතිවරණයකටත් වඩා මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය රටේ අනාගත ගමන් මඟ තීරණය කරනු ඇත. මෙවර ඡන්දය වැදගත් වනුයේ  දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවන නියෝජිතයා පිළිබඳව නොව මැතිවරණයෙන් පසු රටේ නායකයා වන්නේ කව්ද යන්න පිළිබඳවය. මෙරට ජනාධිපතිවරයාද එංගලන්තය ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩුද ඔවුන්ගේ නියෝජිත තානාපතිවරුන්ද මෙරට අනුකාරක උගතුන්ද දැනටමත් තීරණය කර ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය කුමක්වුවද මහින්ද රාජපක්‍ෂට අගමැතිකම නොදිය යුතු බවය. ඒ අභිප්‍රාය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීමට මේ කිසිවෙකු පසුබට නොවෙනු ඇත. 

එක්සත් ජනතා නිදහස් සංධානයේ සියලුම නායකයින්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියයට අනූ නවයක් පමණ සාමාජිකයින්ද තමන්ට විරුද්ධ වෙද්දී ඒ සංවිධාන දෙකෙහිම සභාපති වරයා වශයෙන් රැඳෙමින් නාමයෝජනා ලබාදීමේදී ඒ පාක්‍ෂිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට තමන් ක්‍රියා කල බව ජනාධිපතිවරයා අද පැවසූයේ කාගේ අනුමැතිය අපේක්‍ෂාවෙන්ද? පාර්ලිමේන්තුවේ බහුතරයක් අගමැතිවරයා දේශාභියෝගයට ලක් කිරීමට සූදානම් වෙද්දී විධායක බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් පික් පොකට් අගමැතිවරයා බේරාගත් බව ජනාධිපතිවරයා පැවසූයේ කාගේ අනුමැතිය අපේක්‍ෂාවෙන්ද? ජනාධිපතිවරයා පවසන්නේ අවශ්‍ය නම් රටේ ජනතාවගේ ස්වාධිපත්‍යයට ඉහලින් කටයුතු කිරීම සඳහා තමන් පසුබට නොවෙන බවය. ජනාධිපතිවරයා චරිත සහතික බලාපොරොත්තු වෙන්නේ කාගෙන්ද? මහින්ද රාජපක්‍ෂ සමඟ සිටින මෙරට සිංහල බහුතරයෙන් විය නොහැකිය. මැතිවරණයට පෙර අඩුම තරමින් සංධානයේ නායකත්වයෙන් හෝ මෛත්‍රීපාල සිරිසේන ඉවත් කල යුතුය.


ජනාධිපතිවරයාගේ හෙලිදරව්වට සමගාමීව මේ වනවිට රනිල් වික්‍රමසිංහ මෙරට නායකයා කරවීම සඳහා මෙතෙක් මෙරට දේශපාලනයේ එක් රැස්කෙරුනු විශාලතම දේශපාලන පක්‍ෂ එකතුව සංවිධානය කෙරී ඇත. ජවිපෙ ඇතුළු සෙසු කණ්ඩායම් ඊට එකතු කරනුයේ මැතිවරණයෙන් පසුවය. ඒ ජවිපෙය අලියා ලකූණෙන් ඉල්ලීම පහල මට්ටමේ ජවිපෙ සාමාජිකයින්ට ජීරණය කර ගත නොහැකි නිසා පමණය. මැතිවරණයෙන් පසු ජවිපෙ නායකයින්ට රනිල් වික්‍රමසිංහ මහ බැංකුව කොල්ල කෑවාද කොල්ල කෑමට උදව්දුන්නාද කොල්ලය වසං කලාද නැත්නම් ඒ සියල්ලටම වැරදි කරුද යන්න වැදගත් නොවනු ඇත.  


රනිල් වික්‍රමසිංහ එජාප ආණ්ඩුවක් පිහිටුවා ගත හොත් ජනාධිපතිවරයාගේ විධායක බලතල සිඳලමින් ඒ සියලු බලතල අගමැති (පාර්ලිමේන්තුව යැයි සඳහන් වුනද ඒ නාමිකව  පමණි) අතට ගනු ලබනු ඇත. ඒ අර්ථයෙන් මේ මැතිවරණය විධායක අගමැති වරයෙකු පත් කිරීම සඳහා වනු ඇත. විධායක බලය ලබා ගන්නා රනිල් වික්‍රමසිංහ සිය පැවැත්ම සඳහා බටහිරුන්ට කප්පන් ගෙවනු ඇත. පළමුවැන්න ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු මෙරට රණ විරුවන්ට දඬුවම් පැමණුවීමය. දෙවැන්න ව්‍යාජ නාමයක් යොදා ගනිමින් නැගෙනහිර සහ උතුරු පළාත්වලට අසමමිතික ලෙස රාජ්‍ය බලය පවරාදීමය. රනිල් වික්‍රමසිංහ අගමැතිවූ වහාම මේ දේශපාලන වෙනස්කම් ඇසිපිය ගසන වේගයෙන් සිදු කෙරෙනු ඇත්තේ ඒ පිළිබඳව සිංහලුන්ට ඇඟිල්ලක්වත් ඉස්සීමට නොලැබෙන ආකාරයටය. එතැනින් පසු ජවිපය චම්පික රණවක සහ රතන හාමුදුරුවෝත් සිංහලුන්ට වන අසාධාරනය ගැන කිඹුල් කඳුලු සලමින් සිංහල තරුණයින්ගේ මළමිනී මතින් රාජ්‍යය බලය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වනු ඇත.


මේ සියල්ල ඉදිරියේ සිදුවිය හැකි සිද්ධීන් සම්බන්ධ අනුමාණයකි. ඉදිරියේ සිදුවිය හැකි සිද්ධීන් ගැන අපට කිව හැක්කේ අතීතය ගැන සැලකීමෙනි. අතීතයේ මේ දේශපාලකයින්, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ක්‍රියාකර ඇත්තේ කෙසේද?


2001දී රනිල් අගමැති ධූරයට පත්ව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට විරුද්ධව යමින් කැබිනෙට්ටුවක් පත් කර ගත්තේ ජනවාරි 9දා රාජකීය විිද්‍යාලයේ තම සගයන් කැබිනෙට්ටුවට පත්කරගත් ආකාරය සිහි ගන්වමිනි. තුන් මසක් යන්නට කලින් රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මත අතුරුගිරියේ මිලෙනියම් සිටිහි පවත්වාගෙන ආ කොටින්ට තර්ජනයක්ව තිබූ දිග දුර මෙහෙයුම් හමුදා රහස් ඛන්ඩයක් අත්අඩංගුවට ගෙන එහි නිළධාරීන්ගේ අනන්‍යතා අනාවරණය කෙරිනි. 2002 දී රනිල් වික්‍රමසිංහ කොටි සමඟ ගිවිසුමක් අත්සන් කලේය. ඉන් මාස කිහිපයකට පසු ඔහු ජෝර්ජ් බුෂ්ද ටෝනි බ්ලෙයාර් ද වජ්පායීද හමුවී ඔවුන්ගේ පැසසුමට ලක්වුනේ කොටි සමඟ ගිවිසුම කාවෙනුවෙන්ද යැයි කියාපාමිනි. ගිවිසුම අතරේ කොටි ආයුධ රැස් කරගත් අතර හමුදා රහස් සේවයේ නිළධාරීන් රැසක් කොටි විසින් ඝාතනය කෙරිනි. 2004 ඔහු බලයෙන් පහ කෙරනවිට මෙරට මුලු මනින්ම කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට හසුව තිබිනි. 2007 ජූලි මාසයේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේ තොප්පිගල කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම කෙරෙන අවස්ථාවේදී තොප්පිගල යනු කැලයක් පමනක් යැයි කියමින් රණ විරුවන් සමච්චලයට ලක්කලේද රනිල් වික්‍රමසිංහය. 


රනිල් සමඟ අද අත්වැල් බැඳ සිටින චන්ද්‍රිකා රාජිත චම්පික සහ මංගලද කොටි පරාජය කල නොහැකියැයි සිතුවෝවූහ. ඔවුහු සමහරක් යුධ හමුදා මෙහෙයුම් වලට විරුද්ධව ජන මතය වෙනස් කිරීමට උත්සාහ කලහ, කොටි පැරදවීමට දිවිපිදූ රණ විරුවන්ගෙන් රනිල් ඇතුළු මේ කණ්ඩායම සහතික බලාපොරොත්තු වන්නේ නැත. දෙමළ ජාතිවාදය පැරදවිය යුතුයැයිද මෙරට ඒකීය බව ආරක්‍ෂා කල යුතුයැයිද සිතන සිංහලුන්ගෙන් ඔවුන් සහතික බලාපොරොත්තු වන්නේ නැත. මොවුහු බලයට පත්වුවහොත් 2002 දී බටහිරුන් රනිල්ට පැවරූ කාර්යය ඉටු කරමින් රට පාවා දෙන බව නිසැකය. 

මෙරට කෙරවිය යුත්තේ මෙරටුන්ට ඕනෑ විදිහට බව අපි කියාපාමු.

Friday, July 10, 2015

Why blame MY3?



Some blame MY3 for allowing Mahinda Rajapakshe’s nomination. The same, like innocent victims of a Ponzi scheme, believe that there was a revolution earlier this year and that MY3 led it. 

The latter is a lie, (therefore) the former is baseless.


What happened on January 8th is a revolution if you believe that revolutions happen because a greedy company poisoned the drinking water of a village. Certainly it is a cause for concern and one that requires political action but the central bank of this country was robbed in day light by a Singaporean friend of the prime minster but failed to spark a revolution. This is because real revolutions, ones that seek to transform an entire society don’t just happen because people do not like what the government does. In the same vein Rathupasswala incident was not a cause for such revolution. But it was branded as part of a real revolution. Those who subscribed to this brand thought they were taking part in a revolution. They were ultimately coerced into taking membership in the MY3 fan club
.

MY3 fan club’s only contribution to the so called revolution was believing that a revolution was taking place. But that was good enough for regime change.


What existed for the last several years in the country was not a grass root struggle to overhaul the political system but a Ponzi scheme (in the political sense) to oust Mahinda Rajapakshe. 


Of course, in the later years, a large section of the society did not like how MR was running (or not running) the country and wanted him out of office. What is interesting about most vociferous of these MR haters is that they did pretty well during the “regime”. They had good jobs, had their children in good schools and drove to exotic destinations on the newly carpeted highways in SUVs and simply wanted a man who talked walked and dressed like them running the country. “Who the hell these buggers think they are” they thought-out loud about Rajapakshes but dared not start a revolution because it ain’t their style. Still this was an innocent political ambition albeit a long term vision.  But the Ponzies who started what was later branded as a Revolution were different. They wanted to oust Rajapakshe and install a puppet regime that could be manipulated by the west and India (if the west allowed) and eventually divide the country and send their heroes to the guillotine so that Sinhalas would never lift a finger again. Ponzies plan was not exactly what the majority of MR haters had in mind. Ponzies on their part did well to hide the grand plan and dished out a made up revolution to the hoi polloi. Gullible MR haters gobbled up the Revolution idea and became members of the MY3 club.


The Ponzi scheme did not have a head figure because Ponzi schemes do not need one. It was about one and half months before the presidential elections that the Ponzies came out with the name of Maithripala Sirisena. By that time the Ponzi scheme was well entrenched in the society and the MR haters quickly exalted MY3 to be their revolutionary leader. Their beloved MY3 was not even part of the Ponzie scheme till the last minute let alone leading it. MY3 was so chosen only because Ranil Wickramasinghe had a pathetic record among the Sinhalas. Anyone with a doubt should consult Rajitha Senaratne. 


The Ponzie scheme is now falling apart though Rajitha thinks there is still a chance to come good. Some MR haters still have not realized that they bought into a Ponzie scheme. They insist that MY3 betrayed them but I think it is unfair by MY3. It would be a consolation to them if one day MY3 admit that he himself was a victim of the Ponzie scheme.

Wednesday, July 8, 2015

රට කෙරවිය යුත්තේ මෙරටුන්ට ඕනෑ විදිහටය

ඉතිහාසය පුරා සිංහලුන් බලෙන් තම ජාතියවත් ආගමවත් පතුරුවන්නට උත්සාහ කලේ යැයි නොකියැවේ. ඔවුන් වැදගත් කොට සැලකූ යම් දේශපාලන මතවාදයක් තිබුනි නම් ඒ මෙරට කෙරවිය යුත්තේ මෙරටුන්ට ඕනෑ විදිහට බවය. මෙරටුන්ට ඕනෑ විදිහ පදනම්වූනේ ඒ ඒ කලට මෙරට ප්‍රධාන සංස්කෘතික ධාරව හිටි තැනය. 

නමුත් අද රට කෙරෙන්නේ විදේශිකයින්ට ඕනෑ විදිහටය. ඊනියා යහපාලන ආණ්ඩුව ඒ සඳහා ඉඩකඩ සලසා දෙමින් සිටියි. ඒ නොතකනවුන්ට කූරුඳු පොලු පහර කෑමට සිදුවෙතැයි මංගල සමරවීර ලඟදී අනතුරු ඇඟවීමක් කලේය. ඇමතිවරයාගේ තර්ජන නොසලකා හැරිය නොහැකිය. 1999 වයඹ පළාත් සභා මැතිවරණය තුන්සියයකට ආසන්න ගණනකට මරු කැඳවමින් මෙරට සිදුවූ දූෂිතම මැතිවරණයයි. එදා චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් වයඹ ඡන්දය ව්‍යාපාරය මෙහෙයවූයේද මංගල සමරවීරය. එබැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදීත් මංගල සමරවීරගේ අනතුරු ඇඟවීම වලංගුවෙයි.


කිසිම රාජ්‍යයක් අන් රටවල බලපෑමකින් තොරව කරගෙන යාමට නොහැකිය. නමුත් රට කරවනවුන් මෙරටුන්ට ඕනෑ විදිහට රට කෙරීමට උත්සාහ කරන බව ජනතාවට ඒත්තු යා යුතුය. අද නොකෙරෙන්නේමද එයය. පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ ඡන්දය ඉල්ලනවාට බටහිරුන් මෙන්ම යහපාලන හෙන්චයින්ද බියය. ඒ ඉල්ලුවොත් මහින්ද දිනන බව දන්නා නිසා මිස වෙනයම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී හේතුවක් නිසා නොවේ. මහින්ද අගමැති බවට වුවහොත් මෙරට මෙරටුන්ට ඕනෑ විදිහට කරවන බව ඔවුහු දනිති. 


මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා දෙන බව ආරංචිවූ සැනින් බටහිර තානාපතිවරුන් පිරිසක් ජනාධිපතිතුමා හමුවූ බව කියැවෙයි. මෙරට  මැතිවරණ වල නාම යෝජනා දෙන නොදෙනවුන් පිළිබඳව අදහස් දැක්වීම විදේශ තානාපතිවරුන්ට අයත් කාර්යයක් නොවේ. නමුත් මෙරට දේශපාලන තීන්දු ගන්නේ මෙරට ජනතාවට ඕනෑ විදිහට බව ජනාධිපතිතුමා ඔවුන්ට කී බවක් නොකියැවිනි. මෙරටුන්ට අවශ්‍ය එසේ සිතන නායකයෙකි.


උතුරේ දෙමළ ජාතිවාදී නායකයෝ බටහිරුන්ගේ ආධාර ඇතුව මෙරට ෆෙඩරල් රාජ්‍යයක් දිනාගත හැකියැයි විශ්වාසයෙන් පසුවෙති. ඒ ගැන ප්‍රසිද්ධියේ තම ඡන්ද දායකියන් හා සාකච්ඡා පවත්වති. නමුත් ඊනියා යහපාලකයින් සහ හෙන්චයියන් ඒ බව දකුණේ සිංහල ජනතාවගෙන් වසන් කරති. වසර ගණනාවක් ඇසුනු නඩුවක් හදිසියේ නිමවා සුනිල් රත්නායක විරුවාට මරණ දංඩණය නියමවූයේ මෙරටුන්ට ඕනෑවුනු නිසා නොව දෙමළ ජාතිවාදීන්ට දොල පිදේනියක් දෙන්නට වූ නිසා විය යුතුය. රනිල් ඇතුලු පිරිස රට කරවන්නට අර අදින්නේ මෙරටුන්ට ඕනෑ විදිහට නොවෙන බව පැහැදිලිය. 


යූඑන්පිය අත දිග හැර මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරන බව පෙනේ. පසුගිය ජනාධිපතිවරණයේද මෛත්‍රී පිල වෙනුවෙන් විශේෂයෙන්ම කඳුරට ජනතාව අතර යහමින් ඡන්ද අල්ලස් බෙදා හැරුනු බව රහසක් නොවේ. ලංගම බස් රථ මුදල් ගෙවා චන්ද ව්‍යාපාරයේ යෙදවීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකිය ඒ මුදල් ලැබෙන්නේ කොහෙන්ද යැයිද දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. මෙරට පවත්වන මැතිවරණවලදී කිසිදු පක්‍ෂයකට විදෙස් රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බවට සහතිකයක් මැතිවරණ කොමසාරිස්තුමා විසින් ජනතාවට ලබා දිය යුතුය. 


බටහිරුන් ඉදිරි මැතිවරණයේදී තමන්ට වහල්වූ පක්‍ෂයක් දිනවීම සඳහා ජීඇස්පී සහන එක පැත්තකින්ද යුධ අපරාධ චෝදනා අනිත් පැත්තෙන්ද යොදා ගනු ඇත. ඒ සඳහා ඊනියා යහපාලකයින් සහ ඔවුන්ගේ හෙන්චයියන් මෙරට දැනටමත් සූදනම් කෙරී ඇත. අජිත් පෙරේරාට අනුව ජීඇස්පී සහන ඔබාමාගේ අත්සනින්ම අපට ලබාදීම තරම් ආශ්චර්යයක් තවත් නැත. නමුත් ජීඇස්පී සහන ලබා දීම හෝ නොදීම හෝ බටහිරුන් යොදා ගන්නේ එමඟින් පවතින ආන්ඩුවට බලපෑම් කිරීමට බව අජිත් පෙරේරා නොදැනිතත් ජනතාව දනී. යුධ අපරාධ චෝදනා යොදා ගැනෙන්නේද ඒ ආකාරයටය. මැතිවරණයට කලින් මහින්ද සහ රණවිරුවන්ට ජිනීවාහිදී යුධ අපරාධ චෝදනා ගෙන ආවොත් එය යූඑන්පියට අවාසි සහගත වනු ඇතැයි බටහිරුන් කල්පනා කරනු ඇත. ඒ නිසා බොහෝවිට කෙරෙනු ඇත්තේ එම චෝදනා පස්සා දොරෙන් පිට කර පසුව අගමැතිවරයා ලවා එය හකුලා ගැනීමට බල කෙරවීම විය හැකිය. එතැනදී චෝදනා වලට තාවකාලික විරාමයක් ලබාදී අගමැතිවරයා සිංහලුන් ඉදිරියේ වීරයෙකු බවට පත් කිරීමට සැලස්වෙනු ඇත. උපන් ගෙයි අදක්‍ෂයින්වූ රනිල් ඇතුළු පිරිස මේවා අපේ වැඩ කියමින් මැතිවරණයේදී ලකුණු දමා ගැනීමට උත්සාහ කරනු ඇත. නමුත් ජනතාවගේ අපේක්‍ෂාව යුධ අපරාධ චෝදනා වලට මෙන්ම ජීඇස්පී සහනවලටද නොනැමෙන ආණ්ඩුවකි.

රටට අවශ්‍ය මෙරටුන්ට ඕනෑ විදිහට රට කරවන නායකයෙකි. වර්තමානයේ ඊට සුදුසුකම් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට පමණි. ජනතාව අතර ඉල්ලුමක් ඇත්තේද ඒ මහතාට පමණි. මෙරට මිනිසුන්ගේ දේශපාලන දර්ශණය ඉන් පැහැදිලිවෙයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති අපේක්‍ෂත්වය ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ආකාරයකට නිශ්ක්‍රිය කර මෙරට ජනතාව යලිත් වරක් රැවටුවහොත් මංගල සමරවීරගේ කුරුඳු පොල්ලටවත් ඔවුන් නවත්වන්ට නොහැකි වනු ඇත.

Thursday, July 2, 2015

ජනතාව ඉල්ලන එකම නායකයා මහින්දයි

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වශයෙන් තෝරා ගැනීමට වසරකට දෙකකට පමණ පෙර සිටම මහින්ද විරෝධී රැල්ලක් මෙරට නිර්මාණය කර තිබිනි. මහින්දට විරුද්ධ වන අපේක්‍ෂකයා කවුරුන්දැයි නොදැන වුවද ඒ ප්‍රචාරක රැල්ල මඟින් සමාජයේ සැලකිය යුතු පිරිසක් මහින්දට විරුද්ධව ඡන්දය දීම සඳහා පෙල ගස්සවා තිබිනි. පොදු අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන ලෙස ජනතාව හඳුනාගත්තේ පසුගිය නොවැම්බර් මස විසි එක් වෙනිදාය එනම් ඡන්දයට මාස එක හමාරකට පමණ පෙරය. නමුත් ඔහුට ඡන්දය දුන් අයවත් නොවැම්බර් මස විසි එක් වෙනිදාට පෙර දිනකදී මෛත්‍රීපාල සිරිසේන ඉල්ලමින් සිටියේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනතාව ඉල්ලු නායකයෙක් නොව අවසන් මොහොතේ ජනතාගේ ඇඟේ ගැසූ ඡන්ද අපේක්‍ෂකයෙකි. නමුත් මහින්ද විරෝධී රැල්ල නිර්මානය කල බෙදුම්වාදීන් ජනවාරි 8 දා කෙරුනැයි සැලකෙන විප්ලවයක නායකයා ලෙස හඳුන්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේ සැලකීම විසුළු සහගතමුත් ඊනියා විප්ලවවාදීන් එසේ සිතන්නේ විප්ලවය ඔවුන්ගේ මිස පොදු ජනතාවගේ නොවන නිසා විය යුතුය.

එක්සත් ජාතික පක්‍ෂය විසිනම වතාවක්ම පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහ ඒ විප්ලවයේ නායකයා ලෙස පත් නොකෙරුනේ පරාජය නියත බව විප්ලව කාරයින් අවබෝධ කරගෙන තිබුනු බැවිනි. එහෙයින් රනිල් වික්‍රමසිංහ ජනතාව නොඉල්ලූ නමුත් ජනතාවගේ ඇඟේද නොගැසුනු දේශපාලකයා බවට පත්වීමට වාසනාව ලැබීය.

අදටත් ජනතාව රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේ නැත. මෛත්‍රීපාල සිරිසේනට ජනවාරි 8 දා තිබුනු ඉල්ලුමවත් නැත. වම්පක රණවක, සෝභිත හිමි, රතන හිමි සහ චන්ද්‍රිකා කුමාරතුංග ගැන නොකියන තරමට හොඳය. අද වෙනවිට ජනතාව ඉල්ලන එකම නායකයා මහින්ද රාජපක්‍ෂය. රාජපක්‍ෂ පවුලේ අන් සහෝදරයින්ටද ඒ ඉල්ලුම නැත.   

බොහෝ දේශපාලන කුහකයින් මේ ඉල්ලුම මහින්ද රාජපක්‍ෂ විසින්ම නිර්මාණය කරන ලද ඉල්ලුමක් ලෙස හොවා දැක්වීමට උත්සාහ කෙරුනද එය ඔහු විසින් නිර්මාණය කරන ලද ඉල්ලුමක් නොවේ. නායකයෙකු සඳහා එවැනි ඉල්ලුමක් මෙරට ජනතාව තුල කෘතිමව නිර්මාණය කල හැකිව තිබිනි නම් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට තැටමූ තරම් තටමන්නට උවමණා නොවිය යුතුය. පැහැදිලිවම මහින්ද ඉල්ලා සිටින්නේ මෙරට පොදු ජනතාවය. 

යහපාලනය යමපාලනයක් විය. රනිල් වික්‍රමසිංහ මෙරට සිදුවූ ලොකුම හොරකම වැසීමට තැත් කලේය. හොරා රට පැන්නේය. පොරොන්දුවූ සහන, ව්‍යවස්ථා සංශෝධන, විනිවිද භාවය, රාජ්‍ය මාධ්‍ය අදේශපාලණික කිරීම, යන කිසිවක් ඉටූ කෙරුනේ නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දීද ප්‍රතිවාදීන් රාජ්‍ය බලය යොදා මර්ධනය කිරීම නැවතී නැත. මේ සැම එකක් අතරේ බෙදුම්වාදය දියත් කෙරී ඇත. ජනතාව මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන විකෘතීන් සමනය කර ස්ථාවර දේශපාලන වාතාවරනයක් මෙරට යලි ඇති කරන ලෙසය. අද සිටින යමක් කල හැකි එකම දේශපාලඥයා මහින්ද රාජපක්‍ෂය. ජනතාව එය අවබෝධ කරගෙන සිටී.

යමපාලකයෝ එතැනට පත්වීම සඳහාවත් කිසියමක් කලවුන් නොවූහ. ඇමෙරිකාව ඉංදියාව සහ අනිකුත් විදේශ බලවේග ඔවුනට එය කර දුනි. පත්වූ පසුද යමපාලකයින්ට කිසි යමක් කරගත නොහැකි විය. මේ නොහැකියාව විශේෂයෙන්ම එජාපයේ සලකුණය. මෑත දේශපාලනයේ එජාපය නමක් දරන්නේ ජවිපෙ තරුණයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ කොටි ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින් රණ විරුවන්ට අපහාස කිරීම සම්බන්ධයෙනි. ආර්ථික ක්‍ෂේත්‍රයේ එජාපය නමක් දරන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීම සහ දේශීය කෘෂිකර්මාන්තය බිඳ දැමීම සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්‍ෂයේ නොහැකියාවට අද සිංහල බෞද්ධ විරෝධී ලිබරල් මතවාදයක්ද එකතුවී ඇත. රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ විරෝධී වුවද එය මෙතෙක් කල් පක්‍ෂයේ මතවාදයක්ව මුල් බැසගෙන නොතිබිනි. නමුත් අද එය සිදුවෙමින් පවතී. උපන්ගෙයි නොහැකියාව සහ ලිබරල් මතවාද යන විකෘත එකතුවෙන් බිහිවෙන දේශපාලන දරුවා නපුංසක දේශපාලනයකි. මහින්ද විරෝධය පිටුපස සිටින්නේ ඒ නපුංසක දේශපාලනයයි.

නපුංසක දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට බියය. ඔවුන් අද පවසන්නේ මහින්ද රාජපක්‍ෂට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදිය යුතුය කියාය. ඕනෑම අයෙකුට දේශපාලනය කිරීමට අවස්ථාවක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඔවුන් නොදන්නවා නොවේ නමුත් නපුංසක දේශපාලනයේ හැටි එහෙමය. 

ජනතාවට අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ඒමට අයිතියක් තිබිය යුතුය. ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මැතිවරණයට පිවිසිය යුත්තේ ජාතිකවාදී දේශපාලනයත් නපුංසක දේශපාලනයත් අතර පැහැදිලි බෙදීමක් ඇති කරමිනි.