Tuesday, June 2, 2015

බටහිර සංස්කෘතියට පිළිතුර යක්‍ෂ සංස්කෘතියද?

සිංහල බෞද්ධ සංස්කෘතියේ පිහිටෙන් සිංහලයෝ වසර දෙදහස් ගණනකට ආසන්න කාලයක් මෙරට බුද දහම රැක ගනිමින් සිංහල බෞද්ධ රාජ්‍යයක් පවත්වාගෙන ආහ. අදටත් අපි පොසොන් පොහොය මිහිඳු රහතන් වහන්සේ බුදු දහම මෙරටට ගෙන ආ දින ලෙස සැමරීමෙන් පිළිබිඹු වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයේ වසර දෙදහස් ගණනක පැවැත්මය. එමෙන්ම පොසොන් උත්සවය පිළිබිඹු කරන්නේ ඒ කාලාන්තරය තුල සිංහල බෞද්ධ සංස්කෘතියේ ගලා යාමය.

නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ඉදිරියේ අපි පසු බසිමින් සිටින්නෙමු. අද අප සමත් වී සිටින්නේ බටහිර සංස්කෘතිය මුළුමනින් අනුකරණය කිරීමට මිස එය සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට නොවේ. සංස්කෘතියක් යනු අවසානයේ ගත් කල දැනුම් පද්ධතියකි. බටහිර දැනුමේ වියුක්ත බවක් ඇත එය සිංහල බෞද්ධ සංස්කෘතියට නුහුරුය. නමුත් දැනුම අවශෝෂණය කර ගැනීමට මූලික වශයෙන් නිර්මාණශීලී බවක් තිබිය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණශීලී බවෙහි පසුබෑමක් ඇතැයි මම සිතමි. එසේත් නැත්නම් නිර්මාණශීලී බව යට ගසන බවක් ඇතැයි මම සිතමි.

සිංහල බෞද්ධ සංස්කෘතිය බවට පෙරලුනේ හෙළ සංස්කෘතියය. මිහිදු හිමි මෙහි වැඩම කිරීමට පෙරද මෙරට බුද දහමක් පැලපදියම් වි තිබුනු බවට දැන් සාක්‍ෂි ඇත. හෙළ සංස්කෘතිය යක්‍ෂයින්ගේ සංස්කෘතිය ලෙසද සැලකිය හැකිය. නමුත් හෙළ සංස්කෘතිය බිඳ වැටී ක්‍රමයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය මුල් බැස ගන්නවාත් සමඟම යක්‍ෂ සංස්කෘතියේ දායකත්වය හීන වී ගියේය.

යක්‍ෂ සංස්කෘතිය නිතැතින්ම සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා නිර්මාණශීලි වුවා විය හැකිය. මහා විහාරයේ හෙළ අටුවා වලට ගිනි තැබීම නිර්මාණශීලීබව යට ගැසීමට තැත් කල සංස්කෘතියක් විසින් නිර්මාණශීලී සංස්කෘතියක් පරාජය කිරීම ලෙස දැකිය හැකිය.

එසේ නමුත් යක්‍ෂ සංස්කෘතිය තවමත් අළුයට ගිනි මෙන් මෙරට සමාජය තුල ඇතැයි සිතීමට මම කැමතිය. විශ්ව විද්‍යාල නොගිය ගම්වල තරුණ තරුණියෝ කලින් කලට තාක්‍ෂණික හපන් කම් පෙන්නුම් කරන්නේ ඒ නිසා විය හැකිය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට තුල මෙල්ල කල හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා යක්‍ෂ සංස්කෘතියකටය. නිර්මාණශීලත්වයකින් හෙබි යක්‍ෂ සංස්කෘතියකට බටහිර දැනුම අවශෝෂණය කරගත හැකි වනු ඇත.

6 comments:

  1. අපේ කී දෙනෙක් මේ සත්‍යය තේරුම් අරන්ද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නේ.

    ReplyDelete
  2. A very precise but informative article!

    Expecting more information with regard to the Hela Civilization that existed here before Mahindagamanaya !



    ReplyDelete
  3. මේ පිළිබඳව මටත් මීට පෙර විවිධ විචිකිච්චා ඇති වි තිබෙනවා. සිංහල බෞද්ධයෝ නිර්මාණශිලි නොවීම මට තිබෙන විශාල ප්‍රශණයක්. එසේත් නැත්නම් නිර්මාණශීලිත්වය සිංහල බෞද්ධයින්ට අවශෝෂණය කරන්නේ කසෛ්ද යන්න මට නිතර තිබෙන්නා වූ ප්‍රශ්නයක්. මා මේ සඳහා විවිධ උත්සහයන් ගෙන තිබෙනවා. එහෙත් ඒවා ඉතා මන්දගාමීවවයි සිංහලයින් වෙත යන්නේ. ඇතැම්පිරිස්ට ඒවා නොවැටහෙන තරම්. මා හට දැනට අවුරුද්දකට උඩ දී යක්‍ෂ දාරාවේ කේන්‍ද්‍ර බලන පරපුරක තිබී අමුතුම සිතුවමක් දකින්න ලැබුණා. එම සිතුවම අවුරුදු 100 කට වඩා පැරණි සිතුවක්. එම සිතුවමේ තිබෙන්නේ ඛා-ගෝලය සහ නක්‍ෂත්‍ර අතර සම්බන්ධයක්. මා මුල දී සිතුවේ එය පරිඝණක සිතුවමක් කියායි. එය ඒ තරම්ම සියුම් නිර්මාණයක්. මා බටහිර සමාජයේත් ජීවත්ව ඇති නිසාවෙන් බටහිර නිර්මාණ ගැනත් හොඳ අවබෝධයක් මා හට තිබෙනවා. එම නිර්මාණය අතින් කළ නිර්මාණයක් යැ යි මා මුල දී පිළිගැනීමට ද එකඟ වූ යේ නැහැ. එහෙත් ඔවුන්ගේ සීයා එනම් නිර්මාණය කළ තැනැත්තා (දැනට ජීවතුන් අතර නැත) විසින් පුස්කොළ පත්වල අදින ලද සියුම් හදහන් පිටපත් විශාල ප්‍රමානයක් පෙන්වීමෙන් පසුව මා එය අතින් නිර්මාණය කරන ලද්දක් බව වටහා ගත්තා. ඔවුන්ගේ සීයා කිසිදු ජ්‍යාමිතික උපකරණයක් නොමැතිව එම නිර්මාණ කර ඇති බව ද ඔවුන් විසින් මා හට පැවසුවා. මා හට සිතෙන පරිදි මෙම යක්‍ෂ ධාරාවේ මිනිසුන් යුක්ලීඩ් ජ්‍යාමිතියට එහා ගිය වෙනත් ජ්‍යාමිතියක් වැනි දෙයක් උරුමකරගත්තෝ වෙති.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මේ ලිපිනයට ලියන්න janaka.wansapura@gmail.com

      Delete
    2. කුමක්ද?, එම නිර්මාණයද?

      Delete
    3. ඊමේල් හරහා ඔබ සම්බන්ධ කර ගැනීමට කැමතියි.කැමති නම් කරුණාකර ඉහත ලිපිනයට පිළිතුරු දෙන්ඩ.

      Delete