Monday, May 25, 2015

බටලන්දේ රනිල්

රනිල් වික්‍රමසිංහ ගැන මෙරට තරුණ තරුණියන්ට හරියට දැන ගන්නට ජනාධිපතිවරණයට කලින් අවස්ථාවක් නොලැබිනි. ඒ නිසා තරුණයින් අතර රනිල්ට මහත්මා ගති ඇති පරිණත ශූර දේශපාලකයෙක් වශයෙන් ප්‍රතිරූපයක් ගොඩනඟාගැනීමට හැකිවිනි. 

නමුත් අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය රනිල් වික්‍රමසිංහ හඳුනාගන්නේ ප්‍රභූ පරවේනිය නිසා ඉහලට ආ නමුත් වැඩ බැරි මෙරට සමාජය ගැන අවබෝධයක් නැති ඉන් මුක්තව ජීවත්වන තනිකඩයෙකු වශයෙනි. ඒ රනිල්ගේ හොඳ පැත්තය

පසුගිය දින 150 දී නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ. 

බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය. අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි. අපට වෙන විශේෂඥ පුහුණුවක් ඕනෑම නැද්ද?

ඊයේ පෙරේදා වෙබ් අඩවි පාලකයින් යැයි කියාගන්නා තරුණයින් පිරිසක් ගෙන්වා ඔවුන් ලිය යුතු දේ ගැන රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේය. රනිල් තමන්ට කිව යුතු බොරුවවත් හරියට ගොතා ගන්නට උත්සාහයක් දරන්නේ නැත. ඒ ඔහු මෙරට මිනිස්සු අඳ බාලයන් යැයි පුරුද්දෙන්ම සිතන බැවිනි. ඒකාධිපතිවරුන්ගේ හැටි එහෙමය. 

8 comments:

  1. මෙතන හිරිකිත හිතෙන වැඩේ තමයි ඉහ නිකට පැහිච්ච වම්මු රනිල්ව මාර්කටින් කරන්න දගලන දැගලිල්ල. කබරයා කියල දැන දැනත් පොලවේ හැපී ..හැපී තලගොයා කියනවනේ අම්මපා.

    ReplyDelete
  2. අනේ අපිත් ඔය කියන " අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය" කියන ගනයට වැටුනත් ඔබතුමා තරම්මනම් යකා කලුවට පේන්නෙ නෑ

    ReplyDelete
  3. Somawansa embraced Ranil as If they were homosexuals! JVP Somawansa forgot how his comrades were butchered in the Batalanda! Marxists are very opportunistic. Today a good national leader can be gauged easily watching the U.S. Attitude toward him or her. If you USA appreciates, he is very harmful to the country. If USA hates he or she can be a very positive and constructive leader to a country! Today Marxists can sleep together with USA! Today JVP and Trotskists play the pro-American role!

    ReplyDelete
  4. @AnonymousMay 26, 2015 at 5:50 AM

    යකාගේ හරි පාට බල ගන්න කොලපාට කන්නාඩිය ගලවලාම බලන්න වෙනව ඉතිං. එත් ඉතිං .... යකා කළු උනාට හරිම හරි හොදයි ...නේ.

    ReplyDelete
    Replies
    1. කොලපාට කන්නාඩිය දාලා කලු පාට බලන්නෙ කොහොමැයි?

      Delete
  5. විජාතික මනසක් තිබුණු රනිල් වික්‍රමසිංහට ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීමේ උවමනාවටත් වඩා මේ රටට ගැලපෙන අදහස් තිබුන රටට ආවේනික විදිහට හිතන පතන මිනිස්සුන්ගෙන් පලිගන්න උවමනාවකුත් හිත යට තිබුනා. රනිල් ඒ උවාමනාවත් ඉෂ්ඨ කරගත්තා බටලන්ද හරහා.

    ReplyDelete
  6. රනිල්ව මාකට් කරන්නෙ දවසේ පඩියට වැඩ කරන උන්නෙ

    ReplyDelete
  7. මුගේ මාමා තම්බිමුදිඅන්සේට කට ලොඹු වෙනකම් බැරිඋනා බලය ගන්න. 1977 මිනිසුංව ගොනාට ඇන්දුවා ඇට රාත්තල් අටෙන් . මූ අන්දන්නෙ WIFI වලින් . අපේ ගොන් කොල්ලෝ මූට රැවටෙනවා .

    ReplyDelete