Friday, May 15, 2015

ප්‍රජාතන්ත්‍රවාදයට සිංහලුන්ගේ නිදහස පාවා දීමට ඉඩ නොදෙමු

දියවඩණ නිලමේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අස්ගිරි නා හිමියෝ ජනාධිපතිතුමාට අප්‍රසාදය පළ කර ඇත. එහෙමයි එහෙමයි කියා අසා ගෙන සිටියද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් කල හැකි දෙයක් ඇත්දැයි සැකය. මෛත්‍රීපාල සිරිසේන අද පිළිවෙලින් එජාපයේත් බටහිරුන්ගේත් වහලෙකි. ඔහු සිංහලුන්ගේ නිදහසද ඒ අනුපිළිවෙලට පාවා දෙමින් සිටියි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අස්ගිරි නා හිමියන්ට සිංහලුන්ගේ විශේයෙන් සිංහල බෞද්ධයින්ගේ ගෞරවය හිමි විය යුතුය. උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන වැදගත් පොදු කාරණයක් ඇත. එනම් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු තැන රෝම-ලංදේසි නීතියටවත්, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයටවත්, ඊනියා මානුශික හිමිකම් වලටවත් යටත් නොකල හැකි බවය.


නමුත් අද මෙරට බමුණෝ සහ වෙන්ඩ බමුණෝ අපට කියා දෙන්නට හදන්නේ සිංහල බෞද්ධයින් තමන්ගේ ජාතිය සහ සංස්කෘතිය පිළිබඳ දරන හැඟීම් සහ ආකල්ප නොවටිනා බවත් වටින්නේ ඊනියා නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානුශික හිමිකම් බවත්ය. මේ වටිනාකම පිළිබඳ ගැටුමේ දිනුම් පැරදුම් තීරණය වන්නේ බමුණන් සහ වෙන්ඩ බමුණන් සිතන්ඩ කැමති පරිදි තර්කානුකූලව නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අසමත් බව තර්කාණුකූලව පෙන්වාදී ඇති බව බුමුණෝ නොදනිති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් තබා ඇමෙරිකානු ඩොලරයවත් ලොව මුල්‍ය ගණුදෙනු සඳහා සම්මතයක් ලෙස ගැනෙන්නේ යම් තර්කයකට අනුකූල නිසා නොවේ. 


රෝම-ලංදේසි නීතියටවත්, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයටවත්, ඊනියා මානුශික හිමිකම් වලටවත් බටහිරුන්ට එරෙහිව සිංහලුන්ගේ නිදහස රැක දිය නොහැකිය. මේ සියලු සංකල්ප අද පාවිච්චි කෙරෙන්නේ සිංහලුන්ගේ නිදහස අහිමි කිරීම සඳහාය.


සිංහලුන්ගේ නිදහස නැති කිරීමට අද පාවිච්චි කෙරෙන ප්‍රධානම ක්‍රමවේදය ඔවුන්ගේ ඡන්ද බලය අහිමි කිරීමය. ඡන්දයක් නැතිව අගමැතිවරයෙක් පත් කෙරිනි.
ආණ්ඩුවක් පිහිටුවෙනි. ඔහු ඡන්දය ඉල්ලුවානම් ඔහුට දිනිය නොහැකි බව ඔහුද දනී.  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම උදුරා ගැනිනි. ඒ හරහා ජනතාව විසින් පත් කල ඔවුන්ගේ නියෝජිතයින්ට බලපෑම් කිරීමට ජනතාව සතු හැකියාවට වඩා හැකියාවක් සභාපති අත් කර ගත්තේය. ඒ හරහා අගමැතිට වඩා බලය හිමි කෙරෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනිනි. එය රටේ නීතියය. ජනතාවට ඒ සඳහා බලපෑමක් කල නොහැකිව තිබිය දී රටේ නීතිය වෙනස් කෙරිනි. ඒ අතර ජනතා නියෝජිතයෝ බුරුතු පිටින් උසාවි ගෙන යයි. මේ සියලු බලපෑම් අද කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂ වටා පෙල ගැසෙන සිංහලුන්ට වුනද ඊනියා යහපාලකයින් විසින් බටහිරුන්ගේ අනුබලය ඇතිව නොදුරු දිනයකදී පොදුවේ සියලු සිංහලයන්ගේ නිදහස අහිමි කරනු ඇත.

එදා පටං සිංහලුන් සටන් කර ඇත්තේ තමන්ගේ නිදහස වෙනුවෙන් පමණි. සිංහලුන්ගේ වීරයෝ රට ජාතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටි උන්ය. ද්‍රෝහියෝ නිදහස පාවාදුන්නෝය. අදද එය එසේමය.

14 comments:

  1. Well said!

    The country is being ruled by the White Christian imperialists, Indian expansionists and their local lackeys here. It seems 2015 is fast becoming a darkest of the dark turning point in Sinhalese Buddhist history as had been in 1815 and in 1915. Karl Marx said that the History repeats itself first by a comedy then by a tragedy!






    ReplyDelete
  2. දැන් දියවඩන නිලමේ වැරදි කරා නමුත් සිංහල බෞද්දයෙක් නිසා ඒ අත්අඩංගුවට ගැනීම වැරදියි. මරු තර්කේ?
    සිංහල බෞද්ධ නම් නීතියටත් පිටින් තියෙන්න ඕනේ. රෝම ලන්දේසි නීතිය නැතුව ඕනේ රජ කාලේ තිබ්බ වැඩවසම් නීතියද?

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ නීතියක් වුව වෙන කිසියම් නීිතියක් වුව සියලු පුද්ගලයින් නීතිය ඉදිරියේ එක සමානය. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට විශේෂ තැනක් තිබිය යුතුය. රෝම-ලංදේසි නීතියවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විය යුතු විශේෂ තැන ආරක්‍ෂා කර දෙන්නේ නැත.

      Delete
    2. මේකෙන් වෙන්නෙ බෞද්ධයො හොරු කියන මානසිකත්වය ඇතිවීම. යහපාලනේට ආපු උන්ගෙ හොරකම් හොයන්නෙ නෑනෙ. මේව දේශපාලන පලිගැනීම්. බොරු චෝදනා දාල ආන්ඩු විරෝධය මට්ටු කිරීමයි වෙන්නෙ. සිංගප්පූරුවෙත් මෙහෙම තමයි කළේ.

      Delete
    3. දෙමළ හොරු අල්ලන්නෙ නෑනෙ. දෙමළ කෙනෙකුට චෝදනාවක් ආවොත් හොරාගෙ අම්මගෙ කමිටුවකට යොමු කරනවනෙ.

      Delete
  3. හොරකම් කළේ සිංහල බෞද්ධ නීතියට අනුවද?

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ආණ්ඩු විරෝධී නම් එයා ට හොරා හොරා කියනව පොඩි උන් වගෙ. හරිනම් ආණ්ඩුවෙ හොරුත් අල්ලන්න එපායැ.

      Delete
  4. මැරිච්චි අලින් ගේ ඇටකටු ගොඩගන්න පන්සල් බිම හාරන යහපාලන සක්කිලි අසූ නවේ මැරුව උන් ගේ අලු වත් ඉතුරු කලාද?

    සියලු දියුනුයි කියනා රටවල නීතිය හමෝටම එක වගේ හරියටම ක්‍රියාත්මක වෙනවා කියා හිතන් ඉන්නා වෙන්ඩ පොශ් මැටි මෝල්ලුන් ට අපේ දෙ රැක ගැනීම පිලිඹ්ද හැඟීමක් නැහැ.... කරුමේ කරුමේ...

    ReplyDelete
  5. අලි හොරෙක්ගෙ කේලමක් විශ්වාස කරලා හිටන් පන්සලට අපහාස කරපු අයට දැන් මොනවාද කරන්න ඕනෑ

    සමරසේකර

    ReplyDelete
  6. නීතිය සාධාරන වෙන්න ඕන. ඒ වගේම කෙළමක් අහල මිනිස්සු හිරේදාන්න ගියොත් මහ විනාසයක්. ජාති ආගම් බේද වලින් තොරවනීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.
    අවුරුදු 29 ක ඊනියා තරුණිය සීගිරිය කුරුටු ගාල නිදහස් වුනේ දෙමළකම නිසා. එයා සිංහල වුනානම් තවම හිරේ
    මේකද යහපාලනේ

    ReplyDelete
  7. කවදත් වගේ මරු ළිපියක්.. අපරාදේ පිටරටක ඉන්නේ, ඇවිත් මෙහේ කම්බා හොර රැල එක්ක සෙට් උනා නම් බොහෝම වටිනවා.. නැත්නම් තනාපති කමක් හරි ඉල්ලලා බලන්න..

    ReplyDelete
    Replies
    1. බුවා කමෙන්ට් ලිව්වට ලිපි කියවන්නේ නැහැනෙ..

      Delete
  8. මේ රටේ තවත් සම්ප්‍රදායික සිංහල අන්තවාදයකට ඉඩ තියෙයි කියලා හිතන්නනම් බෑ. මේ සිංහල ජාතිවාදය පරාජය කරන්නම ඕනේ. ඉස්සරහට එන්නේ සිංහල අන්තවාදීන්ට යහපත් පාලනයක් නෙවෙයි. එය එසේ වියයුතුමයි.

    ReplyDelete