Sunday, May 31, 2015

එජාපයට බලය දීම රටට විනදායකය

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කෙරුනේ ව්‍යවස්ථාවට අනුකූලව නොවේ. ඔහු පත් කෙරුනේ අගමැති කෙනෙකු සිටියදීය. රනිල් වික්‍රමසිංහ ඒ තනතුරට පත්කිරීමේදී හිටපු අගමැති දි. මු. ජයරත්න ව්‍යවස්ථානුකූලව ඒ තනතුරින් ඉවත් කෙරුනේ නැත.  අගමැති කෙනෙකු සිටියදී නව අගමැති කෙනෙකු පත් කල හැකි බවවත් එසේ පත් කිරීමේදී හිටපු අගමැති ගේ තනතුර අහෝසි වෙන බවවත් ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. ඒ නිසා රටේ නීතියට අනුව රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැති නොවේ. ඇරත් පාර්ලිමේන්තුවේ සුළුතරයක් හිමි එජාපයේ නායකයෙකුට බහුතරයක කැමැත්ත ලැබේයැයි නිගමණය කිරීමට නව ජනාධිපතිතුමා භාවිතා කල විද්‍යාත්මක ක්‍රමය කුමක්ද? අද අගමැතිට ගෙන එන විශ්වාසභංග යෝජනාවෙන් පෙනී යායුත්තේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැති බවත් නොතිබුනු බවත් නොවේද? මැතිවරණ පොරොන්දු රටේ නීතිය නොවේ. කෙසේ හෝ වේවා අද මෙරට රජ්ජුරුවෝ රනිල් වික්‍රමසිංහය. රජකම ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන රනිල්ගේ දොරටු පාලයාය. 

සිංහලුන්ගේ දේශපාලන බලය නිශේද කර සිංහල බෞද්ධ විරෝධී රනිල් වික්‍රමසිංහ රජ කමට පත් කිරීම සිංහල බෞද්ධ විරෝධී දෙස් විදෙස් බලවේගවල එකම අභිප්‍රාය විය. 

සිංහලයෝ දෙමළ සහ මුස්ලිම් ජනයා මෙන් සාමූහිකත්වය පමණක් පදනම් කරගෙන දේශපාලන තීරණ නොගනිති. ඔවුහු තම ස්වාධීිනත්වයද අගය කරති. නමුත් සිංහලයෝ දේශපාලනයේ විවිධ සිද්ධි තුල පොදු බවක් උකහා ගැනීමට අපොහසත් වෙති. අවාසනාවකට ඒ හේතුව නිසා සිංහලුන් ලෙහෙසියෙන් රවටන්ට හැකිය. යහපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කථා මැවුනේ විශේෂයෙන්ම සිංහලුන් රැවටීමටය. සුළු ජනයා අතරට ඒ කථා ගෙන ගියේවත් නැත.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට නීතියානුකූලව අගමැති වීමට අවස්ථාවක් ඇත. මෛත්‍රීපාල සිරිසේනට පැවරී ඇති කාර්යය කෙසේ හෝ රනිල් අගමැති කරවීමය. සිංහල බෞද්ධ විරෝධී දෙස් විදෙස් බලවේගවල පැතුම එයය. ඔවුන් ඒ සඳහා ධනය සහ බලය යොදවනු ඇත. රනිල් රාජිත සහ මෛත්‍රීපාල යන තිදෙනා ජනාධිපතිවරණයට වසරකට පමණ කාලයකට ඉහතදී ඇමෙරිකාවේ නමගිය විශ්ව විද්‍යාලයකට ගෙන්වා ගැනුනේ කුමකටද යන්න සිතා ගැනීමට අපහසු නැත. දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් තම පක්‍ෂයේ පරාජය සඳහා නායකත්වය දුන් පක්‍ෂ නායකයෙකුගෙන් එරට ප්‍රධානතම විශ්ව විද්‍යාලයකට ඉගෙනීමට යමක් තිබුනායැයි නොසිතිය යුතුය.

ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ විරෝධී බලවේගවල අවසන් ඉලක්කය රනිල්ට රජකම දීමද?

එය කෙසේවත් විය නොහැකිය. රනිල් බටහිරට දාසකම් කරන බව ඇත්ත; නමුත් ඔවුන්ට රනිල් වැනි තාවකාලික දාසයෙක් ගෙන් ඵලක් නැත. රනිල්ට ඔවුන්ගේ ඇති සුහද කමක්ද නැත. (අවාසනාවකට ඇතැම් සිංහල දේශපාලඥයින් එසේ සිතන්නේ නැත. සුදු තානාපතිවරයෙක් තමන් සමඟ ආප්ප වැලඳුවොත් පසුදින මුලු රටම සුද්දාට ලියා දීමට තරම් සුද්දා කෙරෙහි ලෙන්ගතු කමක් ඔවුන් සිතෙහි ඇතිකර ගන්නා බව අප දැන ගන්නේ පසුදා ඔවුන් මාධ්‍ය හමුවේ කියන උජාරු කථාවලින්ය) 

රනිල් ගෙන් මතුවටද සිංහලුන්ගේ දේශපාලන බලය නිශේද කෙරන දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් සිංහල බෞද්ධ විරෝධී බලවේගවලට අවශ්‍යය. ඒ වැඩපිළිවෙල වෙනකක් නොව උතුරු නැඟෙනහිර පළාත්වල බටහිර සහ ඉංදියාව මත යැපෙන රාජ්‍යයක් පිහිටුවීමය. එය වෙනම රාජ්‍යයක් වශයෙන් හැඳින්වෙන්නේද නැත්නම් වෙනයම් නමකින් හැඳින්වෙන්නේද යන්න ඒ වනවිට සිංහලුන් ගිලීමට සැරසී සිටින ගුලි මත රඳා පවතිනු ඇත. 

රනිල් පත්වූ විගසම ඇරඹෙන වැඩ පිලිවෙල වනු ඇත්තේ රට දෙකඩ කිරීමය. රට බෙදීම සඳහා අද මෙරට දේශපාලනයේ සිටින සුදුසුම පුද්ගලයා රනිල්ය. ඇස් පිය ගසන වේගයෙන් එය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් කටයුතු කරනු ඇත. සිංහලුන්ට හැකි වන්නේ වෙනදේ බලා සිටීමට පමණි. අවශ්‍යනම් සිංහල බෞද්ධ තරුණයින් ප්‍රචන්ඩත්වයට යොමු කර මර්ධනය වෙත කැඳවාගෙන යාමට අනුර කුමාර සහ චම්පක රණවක වැන්නන් යොදාගැනෙනු ඇත. සුපුරුදු පරිදි සිංහල බෞද්ධ තරුණයින් මර්ධනය කෙරීම බටලන්දේ රනිල් විසින් ඉටු කරනු ඇත. ඊනියා පුරවැසි සංවිධාන ලවා මූණ ඉච්ඡාවට මානව හිමිකම් කොමිසමට පෙත්සම්ද යැවෙනු ඇත. කොයි හැටි වෙතත් අවසාන ඉලක්කය වනුයේ රට බෙදීමය. රනිල් වික්‍රමසිංහ අගමැති කෙරෙන්නේ ඒ සඳහා සහ ඒ සඳහා පමණි.

Monday, May 25, 2015

බටලන්දේ රනිල්

රනිල් වික්‍රමසිංහ ගැන මෙරට තරුණ තරුණියන්ට හරියට දැන ගන්නට ජනාධිපතිවරණයට කලින් අවස්ථාවක් නොලැබිනි. ඒ නිසා තරුණයින් අතර රනිල්ට මහත්මා ගති ඇති පරිණත ශූර දේශපාලකයෙක් වශයෙන් ප්‍රතිරූපයක් ගොඩනඟාගැනීමට හැකිවිනි. 

නමුත් අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය රනිල් වික්‍රමසිංහ හඳුනාගන්නේ ප්‍රභූ පරවේනිය නිසා ඉහලට ආ නමුත් වැඩ බැරි මෙරට සමාජය ගැන අවබෝධයක් නැති ඉන් මුක්තව ජීවත්වන තනිකඩයෙකු වශයෙනි. ඒ රනිල්ගේ හොඳ පැත්තය

පසුගිය දින 150 දී නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ. 

බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය. අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි. අපට වෙන විශේෂඥ පුහුණුවක් ඕනෑම නැද්ද?

ඊයේ පෙරේදා වෙබ් අඩවි පාලකයින් යැයි කියාගන්නා තරුණයින් පිරිසක් ගෙන්වා ඔවුන් ලිය යුතු දේ ගැන රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේය. රනිල් තමන්ට කිව යුතු බොරුවවත් හරියට ගොතා ගන්නට උත්සාහයක් දරන්නේ නැත. ඒ ඔහු මෙරට මිනිස්සු අඳ බාලයන් යැයි පුරුද්දෙන්ම සිතන බැවිනි. ඒකාධිපතිවරුන්ගේ හැටි එහෙමය. 

Sunday, May 24, 2015

It is Sinhalas country

If this is not Sinhalas country whose country is it? Those who oppose the idea that it is Sinhalas country, will not say that it is Tamil’s country or Muslim’s country either. Instead they will argue that it is everybody’s country or it is Sri Lankan’s country. I get it.  Everybody has equal rights to it. Sinhalas do not deny it. But is it Sri Lankan’s country in the same sense that it is Sinhalas country?

In other words who fought Elara, the Pandyas, the Cholas, the Portuguese, the Dutch and the English? Is it the Sri Lankans or the Sinhalas? Clearly it is the Sinhalas who, as a nation, fought to keep this country independent from foreign rule.

Sinhalas by building a nation in this country and fighting for the sovereignty of that nation have earned, as a nation, not as individuals, (a) the right to say that this is their country. This right is different from the (b) rights of all individual citizens of this country who can claim that this is his or her country.

That difference is an important one. This difference between (a) and (b) should not be allowed to fade away for the political convenience of Pakayas. 

It is also important to note that when Sinhalas say that it is their country it is not to deny the Tamils or Muslims of rights (a) and (b). It is to safeguard the foundation of this nation.

Ideally it is good if Tamils and Muslims too believe that it is their forefathers who fought to keep this country independent from Elara, the Pandyas, the Cholas, the Portuguese, the Dutch and the English and by extension that this is their country. If believing so make them Sinhalas; that is fine. If that make them Sri Lankans instead; that is fine too. Then we can all happily say that this is Sri Lankans country. But politically we haven’t gotten there yet. We can and we should.


But can we get there by denying that this is Sinhalas country? If we deny that it is Sinhalas country it cannot be either Tamils country or Muslims country. It will  literally be someone else’s country. That would be Pakayas. You don’t want that to happen. Do you?

Friday, May 22, 2015

අස්ථාවර දේශපාලනයක නීතියට පැවැත්මක් නැත

ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ මහින්ද රාජපක්‍ෂ “රෙජිමය” නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකරන්නේය යන කට කථාවක් මතිනි. නමුත් පත්වී ඉතා කෙටි කලකින්ම රටේ නීතිය පිළිබඳව තිබුනාටත් වඩා දැඩි අවිශ්වාසයක් ඊනියා යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇත.

අද පක්‍ෂ විපක්‍ෂ දෙපක්‍ෂයේම දේශපාලඥයෝ මෙරට විනිසුරුවන් ලබාදෙන තීන්දු ප්‍රසිද්ධියේම විවේචනය කරති. නීතියානුකූලව පත්නොවූ අගමැතිතුමාද මෙරට අධිකරන තීන්දු පොදුරාජ්‍ය මණ්ඩලයේ විමර්ශණයට ලක්විය යුතු යැයි පවසයි. අධිකරණ තීන්දු මෙසේ විවේචනය කිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක්දැයි සාමාන්‍ය ජනතාවට මැන ගත නොහැකිය. මීට පෙර උසාවියට අපහාස කලැයි විපක්‍ෂයේ දේශපාලඥයින් පිරිසක් චෝදනා ලැබූවේ අගවිනිසුරු වරයෙකු පන්නා දැමීමට උද්ඝෝශණය කල නීතිඥයින් පිරිසකට එවැනි චෝදනා නොකෙරනු වාතාවරණයකය. උසාවි ලබාදෙන තීන්දු පිළිබඳව සාමාන්‍ය ජනතාව තුල ඇතිවෙන හැඟීම කුමක්ද? නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ස්වාධීන කිරීම වෙනුවට දේශපාලඥයින්ගේ අධීක්‍ෂණය යටතේ අපරාධ විමර්ශණ ඒකකයක් පිහිටුවීම මඟින් ප්‍රශ්ණය තවත් සංකීර්ණ කෙරිනි. පැමිණිලි කරුවන් සහ චුදිතයින් බහුතරයක් දේශපාලඥයින්ම වෙන බැවින් දේශපාලඥයින් යටතේ ඇති මෙවැනි ඒකකයක් තුලින් නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳ ජනතාව තුල විශ්වාසයක් ගොඩනැඟිය හැකිද යන්න සැක සහිතය. විශ්වාසය නැතිකල නීතිය පිළිපැදීමක් නැත. පිළිනොපදින විට නීතියට පැවැත්මක් නැත. අද යාපනයේ කාහල කරුවන් පෙන්වන්නට උත්සාහ දරන්නේ තමන් නීතිය පිළිබඳ තැකීමක් නොකරන බව නොවේද?


රටක නීතියක් පවතින්නට නම් එහි ජනතාව නීතියට ගරු කල යුතුය. නීතිය පවතින්නේ නීතිය පොත්වල ලියා තැබුනු නිසාවත් උසාවි තිබුනු පලියටවත් පොලීසියක් තිබුනු පලියටවත් නොව මිනිසුන්තුල නීතියේ සාධාරනත්වය සහ එය සාධාරණව ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශ්වාසයක් තිබෙන නිසාය. ඒ විශ්වාසය නැති තැන නීතියක් නැත. නමුත් නීතිය විසින්ම නීතිය පිළිබඳ විශ්වාසයක් ජනතාව තුල ඇතිකල නොහැකිය. නීතියට තනියම කල හැකි කිසි දෙයක් නැත. නීතිය පිළිබඳ විශ්වාසය ඇති කල හැක්කේ දේශපාලනයටය. දේශපාලනය ඇත්තේ නීතියට ඉහලිනි. (පාර්ලිමේන්තුව අධිකරණය හා විධායකය අතර ඇතැයි සැලකෙන ඊනියා බල බෙදීමක් මේ කථාවට අදාල නැත. ඒවා මේ ආණ්ඩු ක්‍රමයේ අවයවය. මේ ලිපියේ දේශපාලනය සහ නීතිය ගැන කථා කෙරෙන්නේ යම් ආණ්ඩු ක්‍රමයකට සීමාවී නොව සාධාරන වශයෙනි).


අද මෙරට දේශපාලනයේ නොසංසිඳුනු බල අරගලයක් ඇත. ඒ නිසා මෙරට දේශපාලනය අස්ථාවරය. අස්ථාවර දේශපාලනය නීතිය පිළිබඳව ඇතිකරවන්නේ අවිනිශ්චිත බවකි. ඒ අවිනිශ්චිත බව නීතිය පිළිබඳ විශ්වාසයක් ජනතාව තුල ඇතිකරන්නේ නැත. ජනතාව තුල නීතිය පිළිබඳව විශ්වාසයක් නැත යනු රටේ නීතියක් නැතිවීමය.


ඊනියා යහපාලන ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම් නඩු දැමීම් සහ හිරේ දැමීම් ජයටම කරගෙන යන බව සත්‍යයකි. යහපාලන ක්‍ෂමාලාපකයින් සිතන්නේ තමන් රටේ නීතිය ස්ථාපිත කරන බවය. නමුත් ඒ සියලු ක්‍රියා හුදු නීතියේ අතපය විසි කිරීම්ය. අත පය විසි කිරීම් වලින් පමණක් රටක නීතිය පවත්වාගෙන යා නොහැකිය. නීතිය පවතින්න නම් නීතිය පිළිබඳව විශ්වාසයක් ජනතාව තුල ඇති කල යුතුය. ඒ සඳහා නොසැලෙන දේශපාලන වාතාවරණයක් රට තුල තිබිය යුතුය. නමුත් එවැනි දේශපාලනයක් අද රට තුල නැත. ඊනියා යහපාලන ආණ්ඩුව සහ එය බලයට පත් කල න්‍යායාචාර්ය වරුන් එහි සම්පූර්ණ වගකීම දැරිය යුතුය.


මෙරට අරාජික වීමට ඉඩ නොදිය යුතුය. ස්ථාවර දේශපාලනයකින් රටක නීතියක් පිහිටුවිය හැකි වුනද නීතිය ක්‍රියාත්මක කිරීමෙන්ම රටක
දේශපාලනය ස්ථාවර කල නොහැකි බව අවබෝධ කරගත යුතුය. දේශපාලනය ඇත්තේ නීතියට ඉහලිනි. මුලික වශයෙන් කල යුත්තේ දේශපාලනය ස්ථාවර කිරීමය. ඒ හරහා නීතිය ස්ථාපිත කිරීමය. මෙරට දේශපාලනය ස්ථාවර වීමට නම් විශේෂයෙන්ම සිංහලුන් තුල තමන්ගේ නිදහස රැකෙන බවට හැඟීමක් ඇතිවිය යුතුය. පවතින දේශපාලනය තුල එවැනි හැඟීමක් සිංහලුන්ට ඇති වෙන්නේ නැත.

Wednesday, May 20, 2015

සියළු වාමවාදියෝ නැමෙන සුළුය

සෝමවංශ අමරසිංහට අනුව දැන් ජවිපෙ සේවය කරන්නේ එජාපයටය. ඒ බව අපි ජනාධිපතිවරණයට බොහෝ කලක සිටම දැන සිටියෙමු. නමුත් ජවිපෙ නායකයින් ගැන අපි නොදන්නා දෙයක් සෝමවංශ අමරසිංහට අපට කියා දෙයි. ලුණු ඇඹුල් අත්හල විට ව්‍යවහාර භාශාවෙන් පැවසුවහොත් ඔහු පවසන්නේ ජවිපෙ නායකයින්ගේ කිසි කොලිටියක් නැති බවය. බැලූ බැල්මට ඔහු කියනදේ නිවැරදියැයි මමද සිතමි. මීට වසර විසි පහකට පමණ ඉහතදී ජවිපෙය විසින් අදට වඩා වෛරී මිනීමරු දේශපාලනයක් ගෙනගියද පුද්ගලිකව ගත් විට එහි කාඩරයන් තුල අද පොදුවේ වාමවාදීන් යැයි හඳුනාගන්නා දේශපාලන ක්‍රියාකාරීන්ට නැති මානූශීය ගුණ තිබුනැයි මම සිතමි. ඒ මානුශීය ගුණයේ පදනම එකල සිටි ජවිපෙ සහෝදරයින් පොදුවේ පුද්ගලිකත්වය තුනීකරගෙන සිටීම යැයිද මම සිතමි.

මුලු සමාජයම තව තවත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යටවීමත් සමඟම ජවිපෙ කාඩරයන් මෙන්ම විවිධ වර්ණවල සමාජවාදීන්ද පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන සංස්කෘතික විපර්යාසයකට ගොදුරුවී සිටිති. එහි විශේෂත්වය වාමවාදීන්ගේ දේශපාලන රංචු සාමාන්‍යයෙන් සාමූහිකත්වය මුල් කරගෙන සංවිධානයවෙන රංචුවීමය. සාමූහිකත්වය මුල් කරගෙන සංවිධානය වෙන රංචු වල සාමාජිකයින්ගේ පුද්ගලිකත්වය ඉස්මතුවනවිට ඒ සංවිධානවලට තිබුනු ආකාරයටම පැවැතිය නොහැකිය. ඔවුන් තමන්ගේ ජීවන චර්යාවට ගැලපෙන පරදි දේශපාලන මතවාදද වෙනස් කර ගත යුතුය. මීට වසර විසි පහකට පමණ ඉහත සිටි සමාජවාදීන් මේ වනවිට ලිබරල් සමාජවාදීන් බවට රූපාන්තරණය වී ඇත්තේ ඒ අනුවය. නුදුරු අනාගතයේදී ඔවුන් සමාජවාදී කෑල්ලත් හලා ගනිමින් හුදු ලිබරල්වාදීන් බවට පත්වනු ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් සමාජවාදය ගිලගෙන එහි හිස් කබල ආභරනයක් ලෙස පැලඳීම සිනිටුහන් කරමිනි.


අද එජාපය විසින් ජවිපෙය ගිල ගන්නේද ඒ න්‍යායටමය. නමුත් මේ සංස්කෘතිකමය විපර්යාසය වාමවාදීන් විසින් හඳුනාගන්නේ දැයි සැක සහිතය. ඔවුන් තෝන්තුවී ඇති බව නම් පෙනේ. ලඟදී වාමවාදියෙකු විසින් මට කියා සිටියේ දැන් ඉන්නේ පනස් හයේ දරුවන් නොව හැත්තෑ එකේ දරුවන් සහ (මෙහි සහ කෑල්ල වැදගත්ය) හැත්තෑ හතේ දරුවන් බවය. මේ දරුවාගේ නැණසට හසු නොවන්නේ හැත්තෑ හතේ බලයට පත්වූ එජාපය විසින් හැත්තෑ එකේ සමාජවාදී විප්ලවයකට නායකත්වය දුන් නායකයා ඝාතනය කල බවය. පෙරලීමට එරෙහිව මතවාදයක් නැතිවිට පෙරලුනු පැත්ත හොඳා යැයි කීම හැරෙන්නට කරන්නට දෙයක් නැත.


සමාජවාදීන්ගේ සංස්කෘතික පෙරළිය ඇමෙරිකානු සංස්කෘතියේ පසුගිය වසර පනහ හැට කාලය තුල සටහන් කෙරී ඇත. මැකාති යුගයේ එහි සිටියේ සමාජවාදීන්ය. අද එහි සිටින්නේ ඔවුන්ගෙන් බුද්ධිමය වශයෙන් පැවතගෙන එන ලිබරල්වාදීන්ය. ඔවුහු අද එරට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන දේශපාලන ධාරාවක එතරම් වැදගත්කමක් නොලැබෙන උප කුලකයකි. බටහිර සංස්කෘතික ආධිපත්‍ය දිගටම පැවතිය හොත් මෙරට විවිධ වර්ණදාරී වාමාවාදීන්ද තව වසර විස්සකින් පමණ නවතින්නේ එතැනය. 


උගතෙකුවූ ඔබාමාද ඇමෙරිකානු ජනාධිපතිවරණයට මුලින්ම ඉදිරිපත්වන කාලයේදී යම් තරමක ලිබරල්වාදී අදහස් දැරීය. ඔහු කළු ජාතිකයෙක් වීම ගැන මහා ප්‍රචාරයක් ලබා දුන්නද ඔහුගේ මුල් රැලිවලට එරට නූගත් කළු ඇමෙරිකානුවන් සහභාගීවූයේ නැති තරම්ය. ඔබාමාට ජනාධිපතිකම හිමිවූයේ ඔහු ඔහුගේ ලිබරල් ගති හලා එරට ප්‍රධාන දේශපාලන ධාරාවට අනුගතවූ බැවිනි. අද එරට ලිබරල් වාදීන් අතර ඔබාමා ලිබරල් යැයි හඳුනාගන්නෙකු සොයාගත නොහැකි තරම්ය.


ඇමෙරිකාවේ මෙන් මෙරට සියළු වාමවාදී සංවිධාන වලටද පිරිස් බලය හිඟය. ඔවුන්ගේ රැලි වල මිනිස්සු නැත්තේ ඒ නිසා මිස වෙනයම් හේතුවක් නිසා නොවේ. නමුත් ඔවුන්ටද ඇමෙරිකාවේ ලිබරල්වාදීන්ට මෙන්ම උගත්කම නිසා ලැබෙන උද්දච්ඡ කමක් ඇත. ලිබරල්වාදීන්ගේ සාමාන්‍ය ආකල්පය නුගත් මිනිස්සුන්ට තමන්ගේ දාර්ශණික මතවාද නොතේරන බවය. ඒ නිසා ඔවුන්ගේ කාර්යය නුගතුන්ට කියාදීම බවය. ඒ අතින් බලන විට මෙරට ජාතික ව්‍යාපාරය සැමවිටම උත්සාහ කරන ලද්දේ නුගත් සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතැඟි මතවාද ලෙස ඉදිරිපත් කිරීමටය. ජාතික ව්‍යාපාරයේ පිරිස් බලය හෙට අනිද්දා ලිබරල් වීමට නියමවී සිටින ඊනියා ලිබරල් වාමවාදීන්ගේ පිරිස් බලයට වඩා වැඩි වීමට එය හේතුවක් විය හැකිය.


ලිබරල්වාදීන්ට  ඇමෙරිකාව තුල සැලකිය යුතු දේශපාලන බලයක් නැත. බොහෝවිට ඔවුන් පවතින්නේ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල ආශ්‍රිත ශිෂ්‍යය සංවිධාන මතය. ප්‍රධාන නගර වලින් එපිට ඔවුන්ගේ භෞතික පැවැත්මක්ද නැත. නමුත් ඔවුහු ඇමෙරිකානු ප්‍රධාන දේශපාලන ධාරවක් වන ඩිමොක්‍රැටික් පක්‍ෂයට දාර්ශණික මතවාද (බයිට්) සපයන බැවින් ඔවුන්ට තමන්ගේ ඡන්ද බලයට වඩා පෙනුමක් මාධ්‍ය තුලින් ලැබෙයි. ලිබරල්වාදීන්ගේ පැවැත්මට පාදක වන්නේ එම කාර්යය. අද ජවිපෙ ඇතුළු සියළු වාමවාදීන්ගේ ඓතිහාසික කාර්ය භාරය වී ඇත්තේද එයමය. එනම් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මෙහෙයවනු ලබන රනිල් වික්‍රමසිංහ සහෝදරයාගේ එකසත් ජාතික පක්‍ෂයට බයිට් සැපයීමය. සියළු වාමවාදීන් තව වසර විස්සකින් පමණ පූර්ණ ලිබරල්වාදීන් බවට පත්වී තමන්ගේ ෆැන්ටසිය අත් කරගැනීම ගැන සතුටු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Monday, May 18, 2015

කොටි පැරදුවේ ත්‍රස්තවිරෝධී දේශපාලනය නොවේ

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව අසතුටු වෙන කෙනෙකු දේශපාලනයේ අද වෙනවිට සොයාගත නොහැකිය. 2009ට පෙර නම් කොටින්ගේ පරාජයක් නොපැතු විකල්ප දේශපාලන ක්‍රියාකාරකයින් කොතෙකුත් මෙරට සිටියහ. අද ඔවුන් වෙනත් දේශපාලන මතවාද වලට තල්ලුවී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හොඳායි යැයි පවසති. එසේ නොකියා දැන් බැරිය. යම් හෙයකින් කොටි පරාජය කිරීමට නොහැකිවී දෙමළ ජාතිවාදීන් විසින් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගත්තේ නම් ඉහත කී දේශපාලන ක්‍රියාකාරකයින් අද සිටිනු ඇත්තේ කොටින් එදා ගෙනගිය ත්‍රස්තවාදය අනුමත කරන දේශපාලන මතවාදයකය. නමුත් අද සියල්ලෝම පාහේ කොටි ත්‍රස්තවාදය පිටුදකිති. ප්‍රභාකරන් බේරා ගැනීමට සැරසුනු බටහිර ආණ්ඩුද තමන් කොටි ත්‍රස්තවාදය පිටුදකින්නේ යැයි කියයි. බටහිරුන් එසේ කියද්දී කොටි ත්‍රස්තවාදය හොඳා යැයි කීමට මෙරට කිසි දේශපාලන ක්‍රියාකාරිකයෙකුට ඉඩක් නැත.

කොටි ත්‍රස්තවාදය පිටුදකිනවුන් අතර කොටි පරදා ලබාගත් නිදහස විජයග්‍රහණයක් ලෙස සැමරීමට විරුද්ධ වන දේශපාලන ක්‍රියාකාරකයින්ද වෙති. මැයි 18දා විජයග්‍රහන දිනයක් ලෙස සැමරුවේ නැතිවුනද ඔවුහු ත්‍රස්තවාදය පිටුදකිති. ඒ ඔවුන් පොදුවේ ත්‍රස්තවාදය පිටුදකින නිසාය (ත්‍රස්තවාදය හොඳ නෑනෙ ත්‍රස්තවාදය හොඳ වෙන්නෙ කොහොමද). ඒ නිසා අපි ඔවුන්ගේ දේශපාලනය ත්‍රස්තවිරෝධී දේශපාලනය ලෙස හඳුන්වමු. නමුත් මැයි 18 විජයග්‍රහණ දිනයක් ලෙස සැමරිය යුතු යැයි කියන පිරිසක්ද වෙති. ඔවුහුද කොටි ත්‍රස්තවාදය පිටුදකිති. ඔවුන්ගේ දේශපාලනය ජාතිකත්වයයි. මම අසන ප්‍රශ්ණය මෙයයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හේතුවුනු එහි පිටුපස තිබුනු දේශපාලනය ත්‍රස්තවිරෝධී දේශපාලනයද ජාතිකත්ව දේශපාලනයද?

පැහැදිලිවම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම පිටුපස තිබුනු දේශපාලනය ජාතිකත්ව දේශපාලනයයි. එය හුදෙක් ත්‍රස්තවිරෝධී දේශපාලනයක් වී නම් අදත් තැන තැන කොටි බෝම්බ පිිපිරවෙනු ඇත. ඊනියා මයිම් ගම් වල සිංහලුන් කැලෑවේ රැය පහන් කරනු ඇත. ආණ්ඩුවේ පිරිසක් නොර්වේ හෝ වෙනයම් රටක කොටි සමඟ සාකච්ඡා පවත්වනු ඇත.

ත්‍රස්තවිරෝධී දේශපාලනයට කොටි ත්‍රස්තවාදය පැරදවිය නොහැක්කේ ඇයි? මුලින්ම ඒ දේශපාලනය ලොවේ ඕනෑම රටකට පොදුයැයි සැලකෙන ත්‍රස්තවාදයකියන් කොටි ත්‍රස්තවාදය වෙන්කර හඳුනාගන්නේ නැති බැවිනි. දෙවනුව කොටි ත්‍රස්තවාදයට මුල්වූ දෙමල ජාතිවාදය ඔවුන් හඳුනාගන්නේ නැති බැවිනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු සුවිශේෂ තැන අහිමි කිරීම දෙමළ ජාතිවාදයේ අරමුණයි. නැගෙනහිර සහ උතුරු පළාත් දෙමළ නිජබිම්  (දෙමළ ජාතියට පමණක් උරුම යන අර්ථයෙන්) ලෙස සැලකීම එහි ක්‍රමවේදයයි. මේ දෙමළ ජාතිවාදය හඳුනා නොගෙන  ඊට පිළිතුරු නොදී හුදෙක් ත්‍රස්තවාදය යුධ බලයෙන් පරාජය කිරීමට ගියේ නම් අදත් මේ රට ලේ විලකි.

90 දශකයේ සිට චන්ද්‍රිකා සහ රනිල් සුදු නෙලුම් තවලම් බැඳගෙන කලේ හුදෙක් ත්‍රස්තවිරෝධී දේශපාලනයකි. එය සාර්ථක වුනේ නැති බව කවුරුත් දනිති. තවමත් පැවතියේ නම් රනිල්ටවත් චන්ද්‍රිකාටවත් මේ කපේ දීවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකිය. එලෙසම මැයි 18දා විජයග්‍රහන දිනයක් ලෙස සැමරීම පිටු දකින දේශපාලනයටද මොනවා කීවත් කොටි ත්‍රස්තවාදය නම් පරාජය කල නොහැකිය.

කොටි ත්‍රස්තවාදය පරාජය කෙරුනේ දේශපාලනික වශයෙන් ඒ පිටුපසවූ දෙමළ ජාතිවාදය නිවැරදිව හඳුනාගැනැනු නිසාය. දෙමළ ජාතිවාදය හරහා තමන්ගේ නිදහස අහිමි වෙන බව සිංහලුන් දැනගත්හ. ඒ හරහා කොටි ත්‍රස්තවාදයට එරෙහි හමුදා මෙහෙයම් සාධාරණය කෙරිනි. ඒ නිසා තරුණයෝ යුධ හමුදාවට බැඳුනහ. සටනේ දිවිදුන් සෙබළුන් ජාතිය විසින් වීරයන් බවට පත් කෙරිනි. කොටි ත්‍රස්තවාදය නිදහස් සටනක් ලෙස සිංහලුන් නොදූටුවේ නම් කෙරුනු ආකාරයට සාර්ථකව දිනනතාක් හමුදා මෙහෙයම් කිරීමට ශක්තියක් ජාතියට හිමි නොවෙනු ඇත.

සිංහලුන්ගේ නිදහස් සටන නිදහස් සටනක්ම මිස ආක්‍රමණකාරී සටනක්වත් ජාතිවාදී සටනක්වත් නොවිනි. කොටින් මිනිස් පලිහක් නිර්මාණය කර සිටිද්දී තම ජීවිත පුදමින් මානූශීය මෙහෙයුමක් කිරීමට අප හමුදාවන්ට හැකිවූනේ ඔවුන් එය ජාතිවාදී සටනක් හෝ ආක්‍රමණකාරී සටනක් ලෙස නොදුටු නිසාය. පොදුවේ මෙරට සාමාන්‍ය සිංහලුන්ටද තිබුනේ එවැනි හැඟීමක් බව සැඟවීමට ඉඩ නොදිය යුතුය. ඒ නිසා රණ විරුවන්ගේ සටනට සහ එහි පිටුපස වූ ජාතිකත්ව දේශපාලනයට අමුතුවෙන් මානුශීය බවක් කැවීමට අවශ්‍ය නැත. එය ස්වභාවයෙන්ම දෙමළ ජාතියට එරෙහිවූ එකක් නොව සිංහලුන්ගේ නිදහස සඳහාවූ එකකි.

18 දා විජයග්‍රහණ දිනයක් ලෙස සැලකීමට විරුද්ධවන ඊනියා විකල්ප දේශපාලන ක්‍රියාකාරීන් උත්සාහ දරන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය පිටුපසවූ දේශපාලනය මානුශීය නොවූවත් තමන් මානුශීය බව පෙන්වීමටය. මොවුන් මානුශීය නොවෙනවා පමණක් නොවේ ඔවුන් ත්‍රස්තවිරෝධී යැයි කීවත් අදටත් පැවතියේ නම් ඔවුන්ට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමටද නොහැකිය.

Friday, May 15, 2015

ප්‍රජාතන්ත්‍රවාදයට සිංහලුන්ගේ නිදහස පාවා දීමට ඉඩ නොදෙමු

දියවඩණ නිලමේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අස්ගිරි නා හිමියෝ ජනාධිපතිතුමාට අප්‍රසාදය පළ කර ඇත. එහෙමයි එහෙමයි කියා අසා ගෙන සිටියද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් කල හැකි දෙයක් ඇත්දැයි සැකය. මෛත්‍රීපාල සිරිසේන අද පිළිවෙලින් එජාපයේත් බටහිරුන්ගේත් වහලෙකි. ඔහු සිංහලුන්ගේ නිදහසද ඒ අනුපිළිවෙලට පාවා දෙමින් සිටියි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අස්ගිරි නා හිමියන්ට සිංහලුන්ගේ විශේයෙන් සිංහල බෞද්ධයින්ගේ ගෞරවය හිමි විය යුතුය. උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන වැදගත් පොදු කාරණයක් ඇත. එනම් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු තැන රෝම-ලංදේසි නීතියටවත්, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයටවත්, ඊනියා මානුශික හිමිකම් වලටවත් යටත් නොකල හැකි බවය.


නමුත් අද මෙරට බමුණෝ සහ වෙන්ඩ බමුණෝ අපට කියා දෙන්නට හදන්නේ සිංහල බෞද්ධයින් තමන්ගේ ජාතිය සහ සංස්කෘතිය පිළිබඳ දරන හැඟීම් සහ ආකල්ප නොවටිනා බවත් වටින්නේ ඊනියා නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානුශික හිමිකම් බවත්ය. මේ වටිනාකම පිළිබඳ ගැටුමේ දිනුම් පැරදුම් තීරණය වන්නේ බමුණන් සහ වෙන්ඩ බමුණන් සිතන්ඩ කැමති පරිදි තර්කානුකූලව නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අසමත් බව තර්කාණුකූලව පෙන්වාදී ඇති බව බුමුණෝ නොදනිති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් තබා ඇමෙරිකානු ඩොලරයවත් ලොව මුල්‍ය ගණුදෙනු සඳහා සම්මතයක් ලෙස ගැනෙන්නේ යම් තර්කයකට අනුකූල නිසා නොවේ. 


රෝම-ලංදේසි නීතියටවත්, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයටවත්, ඊනියා මානුශික හිමිකම් වලටවත් බටහිරුන්ට එරෙහිව සිංහලුන්ගේ නිදහස රැක දිය නොහැකිය. මේ සියලු සංකල්ප අද පාවිච්චි කෙරෙන්නේ සිංහලුන්ගේ නිදහස අහිමි කිරීම සඳහාය.


සිංහලුන්ගේ නිදහස නැති කිරීමට අද පාවිච්චි කෙරෙන ප්‍රධානම ක්‍රමවේදය ඔවුන්ගේ ඡන්ද බලය අහිමි කිරීමය. ඡන්දයක් නැතිව අගමැතිවරයෙක් පත් කෙරිනි.
ආණ්ඩුවක් පිහිටුවෙනි. ඔහු ඡන්දය ඉල්ලුවානම් ඔහුට දිනිය නොහැකි බව ඔහුද දනී.  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම උදුරා ගැනිනි. ඒ හරහා ජනතාව විසින් පත් කල ඔවුන්ගේ නියෝජිතයින්ට බලපෑම් කිරීමට ජනතාව සතු හැකියාවට වඩා හැකියාවක් සභාපති අත් කර ගත්තේය. ඒ හරහා අගමැතිට වඩා බලය හිමි කෙරෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනිනි. එය රටේ නීතියය. ජනතාවට ඒ සඳහා බලපෑමක් කල නොහැකිව තිබිය දී රටේ නීතිය වෙනස් කෙරිනි. ඒ අතර ජනතා නියෝජිතයෝ බුරුතු පිටින් උසාවි ගෙන යයි. මේ සියලු බලපෑම් අද කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂ වටා පෙල ගැසෙන සිංහලුන්ට වුනද ඊනියා යහපාලකයින් විසින් බටහිරුන්ගේ අනුබලය ඇතිව නොදුරු දිනයකදී පොදුවේ සියලු සිංහලයන්ගේ නිදහස අහිමි කරනු ඇත.

එදා පටං සිංහලුන් සටන් කර ඇත්තේ තමන්ගේ නිදහස වෙනුවෙන් පමණි. සිංහලුන්ගේ වීරයෝ රට ජාතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටි උන්ය. ද්‍රෝහියෝ නිදහස පාවාදුන්නෝය. අදද එය එසේමය.

Thursday, May 14, 2015

නිදහස සීමා කෙරීම අසමානතාවට බලපාන අයුරු


සම්බෝල සමාජයට එරෙහිව සලාද සමාජය

මේ ලිපියෙන් නිදහස සහ සමාජ විශමතාව පිළිබඳ මතවාදයක් ඉදිරිපත් කෙරෙයි. අප විසින් නිර්මාණය කරන සමාජ ආකෘතියක් ඒ සඳහා පදනම් කරගැනෙයි. මෙහිදී පුද්ගල නිදහස සරල ගණිතමය සංකල්පයකින් නිරූපණය කෙරෙන අතර පොදු සමාජයේ නිදහස විවිධ අගයන් ගත් පුද්ගල නිදහස්වල එකතුවක් ලෙස ව්‍යාපදේශ (simulate) කෙරෙයි. සමාජයේ නිදහස සීමා වෙද්දී පුද්ගල නිදහසද සීමාවෙයි. එහිදී පුද්ගල නිදහස් අතර අසමානතාව මැණ ගැනීමට ඉහත ආකෘතිය යොදා ගැනෙයි. අපේ ආකෘතියට අනුව පුද්ගල නිදහස් සීමා කෙරන යාන්ත්‍රනය සංස්කෘතිය මත පදනම්වේ. මෙහිදී පුද්ගල නිදහස පිළිබඳව ප්‍රතිවිරුද්ධ ආකල්ප දරන සමාජ දෙකක් සැලකෙයි. සම්බෝල සමාජය තුල පුද්ගල-නිදහස් එකිනෙක මත සමපාත විය හැකි අතර සලාද සමාජයේ එසේ විය නොහැකිය. සමාජයේ පොදු නිදහස හැකිලෙද්දී සාපේක්‍ෂ වශයෙන් අසමානතාව වැඩි වන්නේ සම්බෝල සමාජයකද සලාද සමාජයකද යන්න මෙහිදී සලකා බැලෙන මූලික ප්‍රශ්ණයයි.

සාමාන්‍යයෙන් නිදහස ගැන කථා කරද්දී සිතට නැඟෙන්නේ දේශපාලන නිදහස පිළිබඳවය. අසමානතාව (inequality) පිළිබඳව කථා කරද්දී වැදගත් වන්නේ ආර්ථිකයය. බටහිර උගතුන් බොහෝවිට සංස්කෘතිය ගැන කථා කරන්නේ දේශපාලනයත් ආර්ථිකයත් අමතක කොටය. නමුත් අපි මෙහිදී නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට අනුව යමින් දේශපාලනයත් ආර්ථිකයත් සංස්කෘතියත් එකිනෙකින් ස්වායත්ත නොවන සංකල්ප ලෙස සලකමු. ඒ නිසා මෙහිදී නිදහස යැයි සලකන්නේ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික හැසිරීම් සම්බන්ධයෙන් සමස්ථයක් ලෙස ගත්විට ලැබෙන නිදහසය. පුද්ගලයෙකු සතු ඒ සමස්ථ නිදහස පුද්ගල නිදහස ලෙස අපි මෙහිදී අර්ථ දක්වමු. ඒ අනුව අසමානතාව යැයි අදහස් කෙරන්නේ සමාජයක පුද්ගල නිදහස් අතර තිබිය හැකි පරතරයයි. හුදු දේශපාලන හෝ ආර්ථික හෝ නිදහසක් වෙනුවට සමස්ථ නිදහසක් සැලකීම මඟින් නිදහස සහ සමාජ විශමතාව පොදු කථාවක් තුල එකිනෙකට සම්බන්ධ කිරීමට අවස්ථාවක් ලැබේ. එය මේ කථාවේ විශේෂත්වයක් යැයි අපි විශ්වාස කරමු.

Sunday, May 10, 2015

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්කිරීමට කටයුතු කලවුන් පොදුවේ පැවසූයේ තමන් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා වැඩ කරන බවය. ඔහුට චන්දය දුනවුන්ද සිතුවේ ඔවුන් තම චන්දය පාවිච්චි කරන්නේ ඒ සඳහා බවය. නමුත් මයි-ත්‍රී චන්ද ව්‍යාපාරයේ අරමුණ වූයේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කර සිංහල බෞද්ධ දේශපාලන ශක්තිය බිඳ දැමීම මිස මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමක් නොවන බව අද පැහැදිලිවම පෙනේ. සමහර යහපාලන ක්‍ෂමාලාපකයින්ගේ අරමුණ වූයේද එයම විය. තවත් සමහර ක්‍ෂමාලාපකයින් මෙරට දේශපාලන සංස්කෘතිය දුශණය වීමට හේතුව සිංහල බෞද්ධයින්ගේ දේශපාලනය යන මතය දැරූහ. දරති. මොවුන් සියල්ලන්ම ජාතිවාදීන් ලෙස අප හඳුනාගත යුතුය. කෙසේ වෙතත් මොවුන්ට අයත් නොවන නමුත් මෙරට දේශපාලන සංස්කෘතිය යහ මඟට ගැනීමට අවංක උවමණාවක් තිබෙන යහපාලන ක්‍ෂමාලාපකයින් පිරිසක්ද වෙති. මෙරට දේශපාලන සංස්කෘතිය සදාචාරමත් නොවන බව ඕනෑම වැඩිහිටියෙකු දැන සිටිය යුතුය. යහපාලනවාදී නොවුනද අපටද මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට උවමණාවක් ඇත.

නමුත් මහින්ද ගෙදර යවා මෛත්‍රී-රනිල් බලයට ගෙන ඒමෙන් දේශපාලන සංස්කෘතිය යහ මඟට හැරවෙන්නේ නැති බව සහ සංස්කෘතියක් එසේ හැරවිය නොහැකි බව සියලු ආකාරයේ යහපාලන ක්‍ෂමාලාපකයින් දැන සිටිය යුතු විනි. අඩු තරමින් දැන්වත් ඔවුන් ඒ බව අවබෝධ කරගත යුතුය.


ක්‍ෂමාලාපකයින් කල මුල් වැරැද්ද ඕනෑම වෙනසක් සාපේක්‍ෂ බව නොසැලකීමය. මහින්ද මෛත්‍රීපාල රනිල් රාජිත ආදීන් මෙරට දේශපාලන වේදිකාවේ අඩු තරමින් වසර තිහක්වත් රඟපෑ චරිතයය. ඔවුන්ට ඉතිහාසයක් ඇත. ඉතිහාසය පදනම් කරගෙන මේ චරිත අතර සාපේක්‍ෂ වෙනසක් ක්‍ෂමාලාපකයින්ට මැණ ගත හැකි විය යුතු විනි නමුත් ඔවුහු ඒ ගැන සැලකිලිමත් නොවූහ. මහින්ද ගෙදර යවා පත් කරගන්නා අයගේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ ඉතිහාසය පදනම් කරගෙන තක්සේරුවක් නොකෙරිනි. ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන ඇමෙරිකාවේ කොමික් වීරයෙක් පමණට උස් කෙරිනි. මහින්ද රාජපක්‍ෂ ඉන්දීය සිනමාවේ දුෂ්ඨයෙක් පමණට පහත් කෙරිනි. අද මංගල සමරවීර සිතාමතා මහින්ද රාජපක්‍ෂගේ වත්කම් පිළිබඳව පතුරවන කට කථා ජනතාව අතර විහිළුවක් බවට පත්වී ඇතත් එය පසුගිය වසර කිහිපයක් තිස්සේ යහපාලනවාදීන් විසින් සංවිධානාත්මකව කරගෙන ගිය බොරු පතුරවන ව්‍යාපාරයකින් සිදුවුනු එක් අත් වැරැද්දක් පමණක් විය හැකිය. මංගල සමරවීරට මෙන්ම අපටද එය එසේදැයි නිශ්චිතව කීමට නොහැකිය. කෙසේ වෙතත් ක්‍ෂමාලාපකයින් මේ කථා විශ්වාස කලහ. විශ්වාස කරමින් ඒවා පැතිරවූහ. අවසානයේ මහින්ද ගෙදර යවා පත්කර ගන්නා අය පිළිබඳව ඔවුන්ගේ ඇස් වැසිනි. වෙනස සාපේක්‍ෂ බව තේරුම් නොගැනීම ක්‍ෂමාලාපකයින් කල පලමු වැරැද්දය.


දෙවෙනි වැරද්ද හුදු දේශපාලන වෙනසකින් සංස්කෘතික වෙනසක් කල හැකියැයි සිහින මැවීමය. අසූවේ දශකයේ සිටම මෙරට සංස්කෘතිය පාදඩකරණයට ලක්වෙමින් තිබේ. ඊට හේතුව අපට බටහිර සංස්කෘතිය පරාජය කිරීමටවත් එහි ගුණාංග සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමටවත් නොහැකි වීමය. මෙරට දේශපාලන සංස්කෘතිය මෙරට පොදු සංස්කෘතියේම අංගයකි. දේශපාලනයේ පමණක් සංස්කෘතිය වෙනස් කල නොහැකිය. දේශපාලකයින් වෙනස් කිරීමෙන් පමණක් දේශපාලන සංස්කෘතිය කොහෙත්ම වෙනස් කල නොහැකිය.


මේ කාරණා දෙකම හේතුවෙන් සියලු ආකාරයේ යහපාලන ක්‍ෂමාලාපකයින් අවංකව හෝ වංකව බලාපොරොත්තුවෙන දේශපාලන සංස්කෘතියේ වෙනස ඔවුන්ට අත් කර ගත නොහැකි වෙනු ඇත. නමුත් ඔවුන් වෙලී සිටින මුලාව නිසා මෙරට සිදුවෙමින් පවතින සහ ඉදිරියේදී සිදුවිය හැකි මහා පරිමාණ දේශපාලන සහ ආර්ථික වංචා ( මහා බැංකු කොල්ලය, ෆෙඩරල් ) ලැම්බෝගිනි ඝනයටම වැටී ලිස්සා යාමට ඉඩ ඇත.

Sunday, May 3, 2015

වෙසක් සිරි

වසර ගණනාවකට පසු පවුලත් සමඟ කොළඹ වෙසක් සිරි නැරඹීමට ගියෙමි. දැන් වෙසක් සරුය. පෙරට වඩා අලංකාරය ක්‍රමවත්ය බලන්ට එන මිනිස්සු කන්දරාවද වැඩිය.  ලයිට් බකට් කූඩු කොඩි දන්සැල් තොරණ් බැලූ බැලූ අතය. අසිරිමත්ය. එහෙත් වෙසක් සමයේ දැන් මෙන් තොරණ් නොතිබුනු අද මෙන් මිනිස්සු එලියට බැස්සේ නැති කාලයක් මෙරට තිබිනි. ඒ මරණය බිය නිසාය. එකල මිනිස්සු ගැවසෙන තැන් වල කොටි බෝම්බ පත්තු කලහ. ඒ මරණ බිය නම් නැති කලේ රනිල් වික්‍රමසිංහ නොවේ. ඔහුටත් පොදුවේ එජාපයටවත් මෙරට මිනිසුන්ගේ මරණ බිය නැති කිරීමට හැකියාවක් වත් උවමණාවක්වත් නොතිබුනු බව මතක් කර දිය යුතුය. ඉදිරියේදීද එය එසේම වනු ඇත.

පුද්ගලිකව මම මේ අවුරුදු සමයේත් වෙසක් සමයේත් අපමණ වින්ඳනයක් ලබමින් සිටිමි. ඒ මා අවට පරිසරයත් මගේ ක්‍රියාකාරකමුත් අතර ඇති ගැලපීම නිසාය. ඇමෙරිකාවේ සීත සෘතුවේ අවට පරිසරයේ හිම වටී ඇති සීතල දිනක වාහනයේ ගමන් කර අතර අමරදේවගේ සිංදුවකට සවන් දෙනවිට යම් කාලකන්නි කමක් සිතට දැනිනි. මගේ සිතුවිලිත් අවට පරිසරයත් අතර තිබුනු නොගැලපීම ඊට හේතුවන්නට ඇත. ඇමෙරිකාවේ වාසය කරද්දී අවුරුදු සමයේත් වෙසක් සමයේත් ක්‍රිකට් ලෝක කූසලාන තරඟ සමයේත් ඒ නොගැලපීම යම් යම් ප්‍රමාණයකට දැනිනි. යම් තොරාගත් සංඛ්‍යාතවල ශබ්ද තරංග එකට නාද වෙනවිට කණට මිහිරිය (හාමොනයිස්ඩ්).


මා අතිශයෙන් ප්‍රිය කරන සිංදු කුලකයක් ඇත්නම් ඒ භක්ති ගීතය. එකල ගුවන් විදුලියේ සරල සංගීත ශිල්පීන් සියල්ලන්ම තමන්ගේ ගීත එකතුවට භක්ති ගී ඇතුලත් කර ගැනීමට වග බලා ගත්හ. මා රසිකයෙක් මිසක් සාහිත්‍ය හෝ සංගීත විචාරකයෙක් වීමට සුදුසු කමක් ඇත්තෙක් නොවන නිසා භක්ති ගී පිළිබඳව සිතට එන සියල්ල කීමට මැලි වෙමි. නමුත් බෝසතුන් නෙරන්ජනා නදිය තරණය කිරීම කෙලෙස් නේරංජාව.. තරණය… කලේ අප මහ බෝසතා …ලෙස ගැයෙන විට සිතට දැනෙන්න විස්තර කල නොහැක්කේ මගේ භාෂාවේ දුර්වල කම නිසා බව නොකියා බැරිය.


අර අවුරුදු වලට වෙස් ගැන්වුනු සුපිරි වෙලඳසැල් වෙසක් සැමරුවේ කෙලෙසදැයි දැන ගැනීමට නොහැකිවිනි. නමුත් දවස පුරා රූපවාහිණි නාලිකාවලත් ගුවන් විදුලියේත් භක්ති ගී අසන්නට ලැබීම ගැන සතුටු වෙමි. භක්ති ගී ශාන්ත සුන්දර පරිසරයක් නිර්මාණය කරන බව මගේ හැඟීමය. නමුත් රෑ දෙගොඩ හරිය වෙනතෙක් ශබ්ද විකාශණ යන්ත්‍රයකින් අපේ නිවස අසලවූ දන්සැලේ භක්ති ගී වැයීම මට එතරම්ම අවුලක් නොවුනද අන් අයටද එසේම වීයැයි කිව නොහැකිය.


ඊයේ එනම් වෙසක් දින රාත්‍රියේ වෙනදාටත් වඩා පාරේ වාහන වැඩිය. කොළඹ ගංගාරාම විහාරය අසන්නයේ වාහන තදබදය තවත් වැඩිය. නමුත් එය හිතු තරම් වදයක් නොවිනි. වෙසක්දා එය එසේ නොවීම වැදගත්ය. කාර් පැදීම තවමත් අපට නුහුරු බටහිර සංස්කෘතික චර්යාවකි. මහ මඟ වාහන ධාවනය සඳහා යම් පිළිවෙලක් (ඕඩර්) තිබිය යුතුය. බටහිර සංස්කෘතිය තුල ඒ ඕඩරය නිර්මාණය වෙන්නේ එකිනෙකාගේ පුද්ගලික (වාහනයද ඇතුලුව) අවකාශයට ගරු කිරීම පදනම් කරගෙනය. නමුත් ඕඩරයක් ඇති කල හැකි එකම ක්‍රමය එය නොවේ. අනුන්ගේ පුද්ගලික අවකාශ ඉවසා වැදෑරීම තුලද ඕඩරයක් නිර්මාණය කල හැකිය. වෙසක්දා වාහන තද බදය වදයක් නොවුනේ කවුරු කවුරුත් අනුන්ගේ පුද්ගලික අවකාශ තමන්ගේ අවකාශ මත පතිතවීම ඉවසා සිටි නිසා විය හැකිය. එය එසේ නම් කාර් පැදීම අපේ සංස්කෘතියට අවශෝෂණය කල යුත්තේ ඒ ආකාරයට මිස පුද්ගල අයිතීන් ඉලිප්පීම පදනම් කරගෙන නොවේ.


තොරණ් මඟින් කියාදෙන්නේ ජාතක කථාය. නමුත් අද දවසේ තොරණ කාර්යක්‍ෂම අධ්‍යාපන මෙවලමක්දැයි සැක සහිතය. මා පුද්ගලිකව තොරණක් ආශ්‍රයෙන් ජාතක කථාවක් ඉගෙනගෙන නැත. බොහෝවිට මා ඇදී යන්නේ එහි චිත්‍ර කලාවටය. නමුත් නිර්මාණශීලී බව කප්පාදු නොකොට වෙසක් සමයේ ජාතක කථා මීටත් වඩා හොඳින් ඉගැන්වීමට ක්‍රමයක් ඇත්නම් හොඳය. කිව යුත්තේ වඩාත් වැදගත් වන්නේ ජාතක කථාව බවය.


ජාතක කථා ගැන කථා කරනවිට සේරි වාණීජ සහ කච්ඡපුට යන දෙදනා අමතක කල නොහැකිය. එකෙක් කපටියෙකි අනිකා බෝසතෙකි. නූතන දේශපාලණයේද මෙවැනි ප්‍රතිවිරුද්ධ චාරයන් ඇති දේශපාලන චරිත හමුවේ. ජනාධිපතිකම ලැබූදා හිටං මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කථාවලට සවන්දුනහොත් එහි ඇත්තේ එකම තේමාවක් බව කාට වුනත් වැටහෙනු ඇත. ඒ තේමාව තමා ගැනය. මම කෙතරම් දුක් වින්ඳේද, මට මේ ලැබුනු පදවිය, මම කෙතරම් පරිත්‍යාගශීලීද ආදී වශයෙන් මෛත්‍රීපාල සිරිසේන නිතර කථාකරන්නේ තමා ගැනය. විශේෂයෙන් මෙරට දේශපාලකයින් ගේ චාරය එය නොවේ. කෙසේ වෙතත් හෙතෙම තමන්ගේ ගොඩ වැඩි කරගනිමින් සිටියි. අනිත් අතට දිනේශ් ගුණවර්ධන මහතා තමන් ගැන නොව පොදු ජාතික ව්‍යාපාරය වෙනුවෙන් තනිව සටනක් කරමින් සිටියි. විමල් සහ ගම්මන්පිලට තිබිය හැකි (තිබිය යුතු) පුද්ගලික දේශපාලන අරමුණු පවා දිනේශ් ගුණවර්ධන මහතාට ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා ඔහු නූතන කච්චපුටයකු යැයි කිව හැකිය. මේ වෙසක් සමයේ මෙරට සංස්කෘතියට ගරු කරන්නන්ගේ ආශිර්වාදය ඔහුට හිමි වෙනවා ඇති