Sunday, March 29, 2015

රාජ්‍ය බලය හා පක්‍ෂ විපක්‍ෂ බෙදුම


පාර්ලිමේන්තුව තුල රාජ්‍ය බලයට ප්‍රතිවිරුද්ධ (දේශීය) බලවේගයකට දේශපාලනය කිරීමට අවකාශය තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස සැලකිය යුතුයි. ඒ අයිතිය සුරැකිය හැක්කේ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය අතර බෙදීම නිරවුල්ව තැබීමෙනි. එය කල හැකි එක් වැදගත් ක්‍රමයක් නම් විපක්‍ෂ නායකයෙකු හඳුනා ගැනීමය.

විපක්‍ෂය යනු කවුරුද?

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය ලෙස බෙදීම කල යුත්තේ රාජ්‍ය බලයට ඇති සම්බන්ධකම පදනම්වයි. සෘජුව හෝ වක්‍රව හෝ රාජ්‍ය බලයට සම්බන්ධකම් ඇති දේශපාලකයෝ තමන් අයිති දේශපාලන පක්‍ෂය කුමක් වුවද ආණ්ඩු පක්‍ෂයට අයිති ලෙස සැලකිය යුතුය. විරුද්ධ පක්‍ෂයට අයිති විය යුත්තේ සෘජුව හෝ වක්‍රව හෝ රාජ්‍ය බලයට සම්බන්ධකම් නැති දේශපාලකයෝය. විපක්‍ෂ නායකයා බවට පත් වීමට සුදුසුකම් ඇත්තේ මේ අයටය.

පැවති ආණ්ඩුව පෙරලා නව ආණ්ඩුවක් පත් කිරීමට ක්‍රියාකල සියලු දේශපලකයෝ තමන් අයිති දේශපාලන පක්‍ෂය කුමක් වුවද අර්ථ දැක්වීමෙන්ම පවතින රාජ්‍ය බලයට සම්බන්ධකම් දක්වන පුද්ගලයෝය. ඒ අනුව ඔවුන්ට විපක්‍ෂ නායකධූරයට පත්වීමට සුදූසු කමක් නැත. සම්බන්ධන්ට අනුර කුමාරට චම්පිකට හෝ නිමල් සිරිපාලට විපක්‍ෂ නායකත්වය දීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කෙලසීමය.

Wednesday, March 25, 2015

කෘතිම රැලි

වසර දෙකක් පමණ තිස්සේ අන්තර් ජාලය සහ මෙරට ජන මාධ්‍ය අරක් ගෙන සිටි මුස්ලිම් විරෝධී කථා සහ රාවණ කථා අද අසන්නට දකින්නට නැත. විදුලි බලය විසන්ඳි කෙරුවාක් මෙන් මහින්දගේ පරාජයත් සමඟම ඒ කථා නැවතිනි.  එහි ක්‍රියාකාරීන්ද අද නිහඬ වී ඇත. පැහැදිලිවම මුස්ලිම් විරෝධී සහ රාවණ රැලි කෘතිමව නිර්මාණය කරන ලද ඒවාය (මේ අතර සිංහල විරෝධී රැල්ලක් මුස්ලිම් වරුන් අතර තිබෙන්නට ඇතැයි සිතිය හැකිය). හිටි හැටියේ පටන් ගත හැක්කේත් එලෙසම නවතා දැමිය හැක්කේත් පොදු ජනතාව තුලින් බිහිවෙන ස්වභාවිකව රැලි නොව කෘතිම රැලිය. හදිසියේම නැවතුනද ඒ රැලි මර්ධනය කිරීම සඳහා යම් බාහිර බලයක් යෙදුනු බවක්ද පෙනෙන්නට නැත. මේ හේතුව නිසාද ඒ රැලි කෘතිමව නිර්මාණය කරන ලදැයි තව දුරටත් සැක කල හැකිය.

කෙසේ නමුත් රැලි හදිසියේම නැවතුනේ මහින්දගේ පරාජයත්් සමඟම බැවින් රැලි පවතිනතාක් කල් පැවතුනේ මහින්දගේ පරාජය උදෙසා යැයි සිතිය හැකිය. තව දුූටත් යමින් රනිල්-මෛත්‍රී ජයග්‍රහණයේ වගකීම ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව බාර ගෙන ඇති බැවින් ඉහත රැලි නිර්මාණය කර පවත්වාගෙන යාමේ ගෞරවය ඒ ආයතනයට හිමිකර නොදීමටද හේතුවක් නැත.


මේ රැලි වලට සෘජුව හෝ වක්‍රව හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ දායකවූවන් බටහිර ඒජන්තයින් හෝ ඔවුන්ගේ ඉත්තන් ලෙස හැඳුනාගැනීමට උත්සාහ කිරීම අවැදගත් අසාර්ථක ව්‍යායාමයකි. මෙරට බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ මතවාදය කුමක් වුනද (රැලි වලට පක්‍ෂවුනද විපක්‍ෂවුනද) අඩු වැඩි වශයෙන් දායකවුනේ මේ රැලි වල පැවැත්මටමය. අපිද එහි වගකීම ගනිමු. එසේවීමට හේතුව ඒ රැලි පවත්වාගෙන ගියේ කුමක් අරභයාදැයි බහුතරයක් අවබෝධ කර නොගෙන සිටි බැවිනි. ආපසු බලන විට පෙනීම හොඳය. දැන් පෙනී යන්නේ මේ රැලි පවත්වාගෙන යන ලද්දේ වෙන කිසිම හේතුවකට නොව මහින්ද දේශපාලණයෙන් ඉවත් කර සිංහල බෞද්ධයින්ගේ දේශපාලන බලය නැති කර දැමීම සඳහා බවය.


ජලය නැති තැනක රැලි නැඟිය නොහැකිය. සිංහලුන්ට මුස්ලිම් වරුන්ගේ ආක්‍රමණ පිළිබඳව කනස්සල්ලක් තිබිනි. ඔවුන්ට තමන්ගේ ඉතිහාසය පිළිබඳවද උනන්දුවක් තිබිනි. නමුත් රැලි මැවුනේ සාමාන්‍ය සිංහලුන් විසින්වත් ඔවුන්ගේ ඒ උවමණාවල් වලටවත් නොවේ. රැලි මැවුනේත් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ පවත්වාගෙන ගියේත් අන්තර්ජාලයේ සහ ජන මාධ්‍ය තුල මිස සාමාන්‍ය ජනතාව අතර නොවේ.


රැලි වලින් කෙරුනු එක් කාර්යයක් නම් ඔවුන්ගේ දේශපාලන බලය සොරා ගැනෙනතාක් කල සිංහල බෞද්ධයින්ගේ අවධානය වෙනතක තබා ගැනීමය. නමුත් රැලි වල මූලික අරමුණ මහින්ද රාජපක්‍ෂට ඡන්ද අහිමි කිරීමය. මුස්ලිම් විරෝධයට පක්‍ෂවූවන්ද විපක්‍ෂවුවන්ද අවසානයේ මහින්දට ඡන්දය දීමෙන් වැලකිනි. එමෙන්ම රාවණ කථා විශ්වාස කල වුන්ද ඊට විරුද්ධවුවන්ද අවසානයේ මහින්දට විරුද්ධ වුනහ. එක අතකින් මුස්ලිම් විරෝධය සහ රාවණා විශ්වාසය සිංහල බෞද්ධයින්ගේ ස්වොත්තමවාදයක් ලෙස හංවඩුගසා මහින්ද නම් සිංහල බෞද්ධ නායකයාට විරුද්ධව ඡන්දය මෙහෙයවීමට මේ රැලි පාවිච්චි විනි. අනිත් අතින් මුස්ලිම් අන්තවාදයට සහය දෙන්නේ යැයිද රටේ පුරා වස්තු මංකොල්ල කන්නේ යැයිද පවසමින් මහින්දට එරෙහිව ඡන්දය මෙහෙයවීමට මේ රැලි පාවිච්චි විනි. මේ කිසි රැලියකින් මහින්දට ඡන්දය නැතිවුණා මිස ඇතිවුණේ නැත.


නමුත් රැලි හරහා මහින්දට නැතිවුනේ සම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්දවත් සම්ප්‍රදායික එජාප ඡන්දවත් නොවේ. නැතිවුනේ වයස අවුරුදු විස්ස තිස්පහ පමණ අතරවූ, දේශපාලණය පිළිබඳ වැඩි උනන්දුවක් නැති, තමන්ගේම සුභ සිද්ධිය සඳහා පමණක් වැඩ කරන, උගත් තරුණ පිරිස ගේ ඡන්දයය. ජාතිවාදී ලෙස මුස්ලිම් වරුන්ට විරුද්ධ වෙමින් රාවණා කථා විශ්වාස කරමින් ගොස් රනිල්-මෛත්‍රීට ඡන්දය දුන්නේ මා දන්නා එක් අයෙකු පමණක් නොවන බව මට විශ්වාසය. මොවුන් මේ රැලි හරහා එක්කෝ සිංහල බෞද්ධකම තමන්ගේ පෞද්ගලික හිමි කමක් කරගත්හ එක්කෝ ඊට ඉඳුරාම විරුද්ධ වෙමින් සිංහල බෞද්ධකම පෞද්ගලික දෙයක් ලෙස සලකමින් එය ප්‍රතික්‍ෂේප කලහ. දෙතැනදීම වරද පැටවුනේ මහින්ද රාජපක්‍ෂටය. 


මෙවැනි රැලි නැවත නැගිය හැකිය. ඒ රැලි අන්තර් ජාලයේ හෝ මාධ්‍ය තුල උපත ලබා එහිම ජීවත් වනු ඇත. ඒ රැලි හඳුනාගෙන එහි නොගැලී ඒවා හෙලිදරව් කිරීම ජාතික ව්‍යාපාරයේ වගකීම වේ.

Monday, March 23, 2015

Educated UNPiers may come out of their closets

A political ideology must be about a collective no? What else could it be based on? For the typical SLFPier, that collective is his family, tribe, village, and the nation; in that order. These are groupings that he is intimate with and ones which can be considered real. Typically, UNP has nothing much to do with ideologies. But the educated among them like the idea of ideologies. They find comfort in such concepts as democracy, nationalism, good governance etc. Of course these are abstract ideas based on abstract collectives unlike the real collectives that SLFPiers based their ideologies on.

So when the SLFPiers are concerned about their collective (say the nation) they sound down right tribal as if they feel it in their guts whereas when the UNPiers talk about such things (the educated do) they sound “sophisticated”. But on the other hand since the collective is something imaginary to the UNPiers they can do bad things to the real collective with a clear conscience….and invariably they do.

In 1983, my recollection is that majority of the mob that came to loot and burn Tamil homes in our neighborhood consisted of UNP supporters, (except for that one guy who was known to be some sort of a leftist who was later chased out of the mob apparently because he had suggested looting the Cooperative Society outlet) probably because they knew that they could get away with it. It does not mean that all UNPiers are racists; not by any chance. But not having a political ideology that flows from a real society that one can identify with, does not instil discipline. This deficiency runs through the UNP hierarchy. It is not a secret that JR, yes the one venerated by the venerable Rathana, ran what was then considered to be the most degenerate election campaign ever; in 1977. Come to think of it, the one ran by Ranil-Sirisena this time around doesn’t smell of flowers either. I guess it runs in the UNP family. But it does not contradict them from paying homage to abstract concepts like human rights, good governance, etc, precisely because these concepts are not based on real collectives, like the one they are looting.

During the past decade, because UNP was out of power, UNPiers (at least the educated among them) were forced to pay lips service to SLFP ideologies. So when SLFPiers talk of Sinhala nation, UNPiers did the same, when SLFPiers spoke against the betraying of national integrity, UNPiers approvingly nod their heads. But the difference was that it felt more real to the SLFPiers than to the educated UNPiers. This is again because while the SLFPiers were thinking of the society in which they lived, the typical educated UNPier had to substitute an abstract society.

Finally.. finally now that the dictator of ideologies has been sent home, the UNPiers now do not have to pretend that they agree with SLFP ideologies. That means they no longer need to be saddled with unsophisticated tribal feelings of the SLFPiers, which is good. But wait… what about those “sophisticated” abstract ideas? In reality weren’t they poor substitutes that UNPiers had adapt to under the dictatorship? Why not get rid of them too. Then they can be as free as the 1983 rioters.

Friday, March 20, 2015

දඬුවම් දෙන්නේ කාටද?

චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය යුධ අපරාධ පිළිබඳ බාහිර පරීක්‍ෂණයකට විරෝධය දක්වන්නේ බාහිර පරීක්‍ෂණයකට ඉඩ දුනහොත් ඇයට අනුව අපට අපක්‍ෂපාත පරීක්‍ෂණයක් කල නොහැකියි කියා බටහිරුන් ඉදිරියේ අගෞරවයට පාත්වන්නට වන බැවිනි. ඊට අමතරව මතවාදීව සාමාන්‍ය ශ්‍රීලනිප පාක්‍ෂිකයින් සමඟ ඈ සිටින බව පෙන්වීමට අවශ්‍යතාවක්ද චන්ද්‍රිකා මහත්මියට තිබිය හැකිය. නමුත් සාමාන්‍ය ශ්‍රීලනිප පාක්‍ෂිකයින් මෙන්ම මෙරට බහුතරයක් සිංහලුන් කොටි ත්‍රස්තවාදය නිමාකල රණවිරුවන්ට හා රාජපක්‍ෂ වරුන්ට එය වරදක් ලෙස සලකා කවුරුන් හෝ දඬුවම් දෙනවාට විරුද්ධය. එහිදී බාහිර පරීක්‍ෂණයක් පවත්වනවාද නැත්නම් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වනවාද යන්න වැදගත් නොවේ. පරීක්‍ෂණ පැවැත්වීමම ප්‍රශ්ණයකි.

දැන් පඬියන් අසනු ඇත්තේ වරදක් කලා නම් පරීක්‍ෂණයක් පවත්වා වරද කරුවන්ට දඬුවම් දීම නොසුදුසු වන්නේ කෙසේද කියාය. ඒ කටටකම ඔවුන් තවත් අසනු ඇත්තේ වරදක් නොකලේ නම් පරීක්‍ෂණයක් පැවැත්වීමට විරුද්ධ වන්නේ මන්දැයි කියාය. ඔවුන් මේ තර්ක නගන්නේ මේ තර්ක ඕනෑම වරදක් හෝ ඕනෑම පරීක්‍ෂණයක් හෝ සම්බන්ධයෙන් නැගිය හැකි තර්ක යැයි ඔවුන් සලකන නිසාය. නමුත් මෙහි සිදුවන දේ ඕනෑම වරදක් හෝ ඕනෑම පරීක්‍ෂණයක් ලෙස සැලකිය හැක්කේ ඊට සම්බන්ධ බොහෝ වැදගත් කරුණු නොසලකා හරිමිනි. පඬියෝ තම ගැති කම වසා ගන්නට මේ කරුණු කුහක ලෙස බැහැර කරති. 

වැදගත් වන්නේ සතියක් දෙකක්ද? කොටි ත්‍රස්තවාදීන් වසර තිහකට අධික කාලයක් තිස්සේ සිංහලුන් මරා දැමූ බව නොසලකා සිටිය හැකිද? කොටි ත්‍රස්තවාදීන්ට බටහිර ආණ්ඩු වලින් උදව් උපකාර ලැබුණු බව නොසලකා සිටිය හැකිද? අද යුධ අපරාධ ගෙන එන්නේද එම ආණ්ඩුවලින් බව නොසලකා සිටිය හැකිද? ඒ ආණ්ඩු අද ලොව වටා අන් රටවල් මත තම අධිරාජ්‍යවාදී බලය පතුරුවමින් සිටින බව නොසලකා සිටිය හැකිද? මේ කිසිත් නොසලකා මෙහි ඇත්තේ ඕනෑම වරදක්, ඕනෑම පරීක්‍ෂණයක් හා ඕනෑම දඬුවමක් පමණක් යැයි පඬීයන් කීවද සාමාන්‍ය සිංහලුන්ට ඊට වඩා බුද්ධියක් මෙන්ම ඉවක්ද ඇත.

ඇත්තටම මේ චෝදනා ගෙන එන්නේ කවුරුන් විසින්ද යන්න සැඟවීමට හෝ නොසලකා සිටීමට හෝ අමතක කිරීමට හෝ නොහැකිය. බටහිර ආණ්ඩු විසින් මෙරට රණ විරුවන්ට චෝදනා ගෙන එනවිට අද ඒ ගැන හඬක් නඟන දෙමළ දේශපාලඥයින්ට ඒ පිළිබඳව වගක් වත් නොවිනි. ඔවුන් මේ යුධ අපරාධ මන්ත්‍රය කියවන්නට පටන් ගත්තේ තරමක් ප්‍රමාද වී බටහිර ආණ්ඩුවල සහ දෙමළ විසුරුණු ජනයාගේ බලපෑම මතය. ඉන් පෙනී යා යුත්තේ ඊනියා යුධ අපරාධ චෝදනා යුද්ධයෙන් දුක් විඳි දෙමළ ජනයාගේවත් ඔවුන් නියෝජනය කරන ඔවුන්ගේ නායකයින්ගේ වත් මූලික ප්‍රශ්ණයක් නොවුනු බවය. එය මූලික වශයෙන් බටහිර ආණ්ඩුවල උවමණාවකි. පැහැදිලිවම බටහිර ආණ්ඩුවලට අවශ්‍ය පරීක්‍ෂණ නොව දඬුවම් කිරීමටය.

බටහිර ආණ්ඩුවලට දඬුවම් කිරීමට අවශ්‍ය කාටද? 

එදා ගොන්ගාලේගොඩ බංඩා ඉංග්‍රීසීන්ට හසු වුනු අවස්ථාවේදී ඔහුව ඝාතනය නොකර ඔහුව රටින් පිටුවහල් කලේ රටින් පිට ජීවත්වීම මරණයට වඩා වේදනාකාරී යැයි එදා කන්ද උඩරට ප්‍රදේශවල ජීවත්වුනු මිනිස්සු සිතු නිසා යැයි කියැවේ. රටින් පිට ජීවත්වීම මරණයට වඩා වේදනාකාරී වන්නේ මරණයට පත්වන මිනිසාට විය නොහැකිය එසේ විය හැක්කේ ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට ඇතුළු පොදුවේ ඔහු ජීවත්වුනු සමාජයටය. වීර කැප්පෙටිපොලත් රාජසිංහ රජතුමාත් මේ ආකාරයට රටින් පිටුවහල් කලේ වැඩි වශයෙන්ම එදා කන්ද උඩරට ප්‍රදේශවල ජීවත්වුනු මිනිස්සුන්ට සහ පොදුවේ මෙරට සිංහලුන්ට දඬුවම් කිරීමට විය යුතුය. මතක හිටින පාඩමක් කියා දීමට විය යුතුය. ඒ පාඩම වෙන කිසිවක් නොව තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් මින්පසු සටන් නොකරන ලෙසටය. බටහිරුන් යුධ අපරාධ චෝදනා හරහා යලිත් සිංහලුන්ට උගන්වන්නට ලැහැස්ති වන්නේ ඒ පාඩම මය.

Wednesday, March 4, 2015

බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලැබෙන ආරක්‍ෂාව

ඉංග්‍රීසීන්ගේ රජු අපේ රජු ලෙස සැලකීම නැවතුනේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ රජය විසින් ස්ථාපිත කල කොල්වින් ආර් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් නිර්මාණය කර ගනු ලැබූ 1972 ව්‍යවස්ථාවෙනි. එමඟින් සොල්බරි ව්‍යවස්ථාවේ සුලු ජනයාගේ අයිතීන් සම්බන්ධව විශේෂයෙන් කියවුනු 29 වෙනි වගන්තිය වෙනුවට සියලු ජාතීන්ගේ මුලික අයිතීන් රැක දෙන බවට කියැවුනු අතර එහි හයවෙනි වගන්තියෙන් බුද්ධාගමට විශේෂ තැනක් හිමි වෙන බවත් බුද්ධ සාසනය රැකීම රජයේ වගකීම බවත් කියවිනි. 

බුද්ධාගමට මුල් තැන දිය යුතුය යන වගන්තිය ව්‍යවස්ථාවට ඇතුලත් වන්නට ඇත්තේ සිංහලුන් සතුව තිබු ඓතිහාසික මතකයක් නිසා විය යුතුය. අඩුතරමින් හැත්තෑ ගණන් විටද ඒ මතකය සිංහල නායකයින්ගෙන් ගිලිහී නොතිබෙන්නට ඇති. අදද සාමාන්‍ය ජනයා තුල ඒ මතකය ඇතැයි සිතිය හැකි නමුත් රනිල් රාජිත මංගල ආදීන්ගෙන් සමන්විත කමිටුවකින් අද රටේ ව්‍යවස්ථාව නිර්මාණය කලේ නම් එවැනි වගන්තියක් ඇතුලත් කරතැයි සිතිය හැකිද?


කොල්වින් ආර් ද සිල්වා මහතාට අනුව 1972 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හා නිදහස් ගැන කියවෙන 6 වෙනි පරිච්ඡේදයෙන් කිසිම ජාතියකට හෝ ආගමකට අයත් ජන කොටසකට වෙනත් ජන කොටසක් අභිබවා අයිතියක් හෝ නිදහසක් හෝ හිමි කර ගැනීමට ඉඩ නොදෙයි. නමුත් එහි දෙවෙනි පරිච්ඡේදයෙන් (හය වෙනි වගන්තියෙන්) බුද්ධාගමට මුල් තැන දිය යුතු යැයි කියවෙයි. සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට එක සමාන අයිතීන් ලැබෙන විට බෞද්ධාගමට මුල් තැන දිය යුතුය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? මෙය නිරවුල්ව තේරුම් ගත යුතුය.


මේ වගන්තියෙන් කියවෙන්නේ යමෙකු බෞද්ධවූ නිසා ඔහුට යම් විශේෂ අයිතියක් හිමිවිය යුතු බවවත් එසේත් නැත්නම් බෞද්ධයින්ට සමූහයක් (පුද්ගල එකතුවක්) වශයෙන් විශේෂ අයිතියක් හිමිවිය යුතු බවවත් නොවෙන බව පැහැදිලි විය යුතුය. ඊනියා උගතුන්ට සිතිය හැක්කේ පුද්ගලික (හෝ පුද්ගල එකතුවකට හිමි) අයිතීන් ගැන පමණකි. රටේ ව්‍යවස්ථාව අද සිටින බටහිර උගතුන්ගේ නිර්මාණයක් වුනි නම් එහි බෞද්ධාගමට මුල් තැන දිය යුතුය යන වගන්තිය ඇතුලත් නොවීමට බොහෝවිට ඉඩ ඇත්තේ ඒ නිසාය.


මෙහි බෞද්ධාගම යනුවෙන් ගැනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මිස වෙනකක් නොවේ. ඓතිහාසිකව සිංහල බෞද්ධයින් ඉල්ලා සිටින්නේ තමන්ගේ සංස්කෘතියට මුල්තැන දෙන ලෙසටය. සමහර විට ඔවුන් එසේ ඉල්ලීමට ඇත්තේ සිංහලුන් නිරන්තරයෙන් සංස්කෘතික බලපෑම් වලට ලක්වූ නිසාත් වඩා වැදගත් ලෙසට එවැනි බලපෑම් වලට ඔවුන් විවෘතව හිඳි නිසාත් විය හැකියි. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් විමිවිය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතියේ පැවැත්මට පදනම් වුනු නිසාවෙනි. ඒ මිස සිංහල බෞද්ධයින් රටේ බහුතරයක් වන නිසා නොවේ. බහුතරය සිංහල බෞද්ධ නිසා ඔවුන්ගේ සංස්කෘතියට විශේෂ තැනක් හිමිවිය යුතු නම් අන්‍ය ආගමික සංස්කෘති වල ජනයාටද ජන අනුපාතයට සරිලන පරිදි සංස්කෘතික මට්ටම් හිමි විය යුතුයැයි තර්ක කල හැකිය. ඒ ඒ සංස්කෘතිවල ජනයාට ජන අනුපාතයට අනුව පහත් මට්ටම් හිමිවීම සාධාරනද?


අප තේරුම් ගත යුත්තේ මෙතන ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රික (පුද්ගලික) අයිතියක් ලබාදීමක් නොවන බවය. එනම් බෞද්ධාගමට මුල් තැන දීම යන්න පුද්ගලික අයිතියක් ලබා දීමක් ලෙස තේරුම් ගත නොහැකිය. එය සංස්කෘතියට ලැබෙන දෙයකි. ඉංදියාවේ හිංදු සංස්කෘතියටත් ඇමෙරිකාවේ ක්‍රිස්තියානි සංස්කෘතියටත් විශේෂ තැනක් ලැබෙන්නේ මේ ආකාරයටම මිස වෙන ආකාරයකට නොවේ. ඒ ඒ රටවල ඒ ඒ සංස්කෘති වලට විශේෂත්වයක් ලැබෙන්නේ ඓතිහාසිකව ඔවුන්ගේ ජාතීන් පවත්වාගෙන යනු ලබන්නේ ඒ ඒ සංස්කෘතිවල පදනම් වී බැවිනි. විශේෂත්වය නම් ඇමෙරිකානු ව්‍යවස්ථාවේ ක්‍රිස්තියානි සංස්කෘතියට විශේෂ තැනක් හිමිවිය යුතු බව සඳහන් නොවීමය.


යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට (එහි ඇන්ග්ලෝ සැක්සන් අනු සංස්කෘතියට) ඇමෙරිකාවේ ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂාවක් ලබා දිය යුතු නැත. ඊට බලපෑම් කිරීමට සමත් වෙන සංස්කෘතියක් එතුලත් ඉන් පිටත් අද වෙනතුරු නැත.  ඊට හේතුව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සෙසු සංස්කෘතීන් කෙරෙහි සිය ආධිපත්‍යය පතුරුවා හැර සිටින බැවිනි. එය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ස්වභාවයකි. නමුත් ස්වභාවයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය අන් සංසකෘතීන් මත සිය ආධිපත්‍යය පතුරුවන්නේ නැත. එසේ කල බවට ඉතිහාසය සාක්‍ෂි දරන්නේ නැත. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියටද අධිපතිවාදී නොවී හෝ පැවැත්මක් තිබිය යුතුය. මෙරට රජ කල රජවරුන් සිංහල බෞද්ධ කරවා දළදා වහන්සේ රැක ගැනීම රජුට භාර කිරීම සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සඳහා එදා සිට සිංහලුන් ගත් ක්‍රියා මාර්ගයක් ලෙස සැලකිය හැකිය. එවිට එය රැකෙන්නේ එහි භාරකාරත්වය නිසා මිස එහි ඇති ආධිපත්‍යයක් නිසා නොවේ. 


සිංහල බෞද්ධ සංස්කෘතියට ආධිපත්‍යයක් නැත. එලෙස එය රැක ගත නොහැකිය. අදද ව්‍යවස්ථාවෙන් සපයා දෙන්නේ රාජත්වයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට ලැබුනු ආරක්‍ෂාවමය. ඒ ආරක්‍ෂාව සිංහල බෞද්ධයින් පතන ආකාරයටම ලැබෙනවාද යන්න ප්‍රශ්නයක් වියහැකි මුත් එසේ ලැබිය යුතුයැයි කියන ව්‍යවස්ථාව සිංහල බෞද්ධයින් විසින් ගරුකොට සැලකීම නුවණට හුරුය.