Monday, February 2, 2015

පණස් අට ලක්‍ෂයේ දේශපාලන ස්ථාවරය

මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුනු පනස් අට ලක්‍ෂයේ දේශපාලන ස්ථාවරය කුමක්ද? අද ආණ්ඩුවට සහය දෙනවුන් සිතන්නට කැමති මේ පනස් අට ලක්‍ෂය සමූහයක් වශයෙන් දූශණයට හා වංචාවට කැමති වුනු අය බවය. එය හරිද? මේ අය ඡන්දයට පෙර අන්තර්ජාලය හරහා සංවිධානාත්මක ලෙස මූදා හැරි රාජපක්‍ෂ පවුලේ ඊනියා විශමාචාර (පූර්ව මැතිවරණ බොරු) අනුමත කල අයද? මේ පනස් අට ලක්‍ෂය කුඩු කැසිනෝ ආදී මෙකී නොකී සදාචාරාත්මක නොවෙන දෑ අනුමත කල අයද?

ඒ පනස් අට ලක්‍ෂයේ පොදු දේශපාලන ස්ථාවරය හඳුනාගැනීමට නම් ඔවුන් කවුදැයි හඳුනාගත යුතුය. ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ නිර්ණාමිකව බැවින් මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය පොදුවේ යම් ජන වර්ගයකට අයිති යැයි හෝ ඒ ජන වර්ගයට අයත් නොවේ යැයි හෝ යන්න සෘජුවම කිව නොහැකිය. එය අනුමාණ කල හැක්කේ උද්ගමණයෙන් පමණි. මෙරට දිස්ත්‍රික්ක එකොලහක සිංහල බෞද්ධ ප්‍රතිශතය සියයට හැත්තෑවක් හෝ ඊට වැඩිය. ඒ දිස්ත්‍රික්ක එකොලහෙන් දහයකම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාය. එපමණක් නොවේ මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි ඡන්ද ලබා ගත්තේ ඒ දිස්ත්‍රික්ක දහයෙන් පමණි. ඒ අනුව මෙරට බහුතරයක් සිංහල බෞද්ධ ජනයා ඡන්දය දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට යැයි නිගමණය කල හැකිය. සිංහල බෞද්ධයින් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශ වලින් පමණක් යම් අපේක්‍ෂකයෙකුට වැඩිපුර ඡන්ද ලැබුනේ නම් සිංහල බෞද්ධයින් බහුතරයක් ඡන්දය දුන්නේ ඔහුට යැයි කීමද වඩා නිවැරදි නැත්නම් සිංහල බෞද්ධයින් බහුතරයක් ඡන්දය දුන්නේ ඔහුට විරුද්ධව යැයි කීමද වඩා නිවැරදි?  පැහැදිලිවම සිංහල බෞද්ධ බහුතරයක් ඡන්දය දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට නොව මහින්ද රාජපක්‍ෂ මහතාටය. මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ දිස්ත්‍රික්කවලින් පසුගිය ජනාධිපතිවරණයට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නිසා ඉහත නිගමණය අසත්‍ය වෙන්නේ නැත. 


අද ආණ්ඩුවේ ඇතැම් අය විසින් මේ පැහැදිලි ජනවාර්ගික බෙදීම යට ගැසීමට (පශ්චාත් මැතිවරණ බොරු) බලවත් උත්සාහයක් දරන බව පෙනේ. එය කරන්නේ වාර්ගික සහජීවනය පතා පමණක් නම් එය සාධාරනය කල හැකිය. නමුත් ඉන් පනස් අට ලක්‍ෂයක පොදු දේශපාලන ස්ථාවරය යට ගැසීමට උත්සාහ දරන්නේ නම් එය සාධාරන නොවේ. පනස් අට ලක්‍ෂයේ පොදු දේශපාලන ස්ථාවරය සිංහල බෞද්ධයින්ගේ දේශපාලන ස්ථාවරයය. ඒ වෙන කිසිවක් නොව රට බෙදීමට ඉඩ නොදෙන බවය. එය ජනාධිපතිවරණයට සතියකට උඩදී බිහිවූවක් නොව අඩු තරමින් වසර විසිපපහක පමණ සිට මෙරට වර්ධනයවූ මතවාදයකි. එහි පදනම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛත්වයක් තිබිය යුතුය යැයි  සිංහලුන් තුල ඇති හැඟීමය. වසර දෙදහසකට වැඩි කලක් තිස්සේ සිංහලුන්ට ඒ හැඟීම තිබිනි. 1815දී ඉංගී්‍රසීන් සමඟ ගිවිසුම් ගසද්දීත් ඔවුන්ට ඒ හැඟීම තිබිනි. අද අපි විසින් පිලිපදින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැනක් දිය යුතු යැයි කියැවෙන්නේද ඒ ඓතිහාසික හැඟීම නිසා මිස මෙරට දේශපාලකයින්ට හදිසියේ පහලවුනු ප්‍රඥ්ඥාවක් නිසා නොවේ.  


මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රමුඛත්වයක් තිබිය යුතුය. ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැනක් දිය යුතු යැයි කිය තිබුනද ඉන් අදහස් වන්නේ බෞද්ධයින්ට තනි පුද්ගලියන් වශයෙන් හෝ පුද්ගල එකතුවක් වශයෙන් හෝ විශේෂ තැනක් හිමිවිය යුතු බව නොවේ. ඒ බව සියලු ආගම් හා ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවේ ඇති අනිත් වගන්තිවලින් තහවුරු වේ. එසේනම් බුද්ධාගමට මුල් තැන දීම යන්නෙන් අදහස් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට මුල් තැන දීම විය යුතුය. ජන වාර්ගික පදනමක් මත මෙරට රාජ්‍ය බලය බෙදා දෙනවිට නැතිවෙන්නේ සිංහල බෞද්ධයින්ට පුද්ගලිකව හෝ ඔවුන්ගේ එකතුවකට ඇති දෙයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට තිබිය යුතු මුල් තැනය. මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් පනස් අට ලක්‍ෂයක් වන මෙරට ජනයා රට බෙදන්නට ඉඩ දිය නොහැකිය යන දේශපාලන ස්ථාවරයේ සිටින්නේ මේ පදනම උඩය.


මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් බහුතරයක් ඔහුට ඡන්දය දුන්නේ බෙදුම්වාදයට විරුද්ධ නිසාය. නමුත් ඔවුන් රාජ්‍ය දුශණයට හෝ වංචාව අනුමත කරන අය නොවේ. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් බහුතරයක් ඔහුට ඡන්දය දුන්නේ රාජ්‍ය දුශණය හා වංචා වලට විරුද්ධ නිසාය. නමුත් ඔවුන් බහුතරයක් අඩු තරමින් ඔහුට ඡන්දය දුන් සිංහලුන්වත් බෙදුම්වාදය අනුමත කරතැයි කීමට සාධාරන හේතුවක් නැත (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ රට බෙදෙන බවට පොරොන්දුවක් දී නැති බැවින්). නමුත් අද ආණ්ඩුවට සහය දෙන සුළු පිරිසක් ඉතා සූක්‍ෂම ආකාරයට බෙදුම්වාදයට පෙළ ගැසෙන බව පෙනේ. ඔවුන් ඉඟි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවේ රට බෙදීම සඳහාවූ ජන රැල්ලක් මතින් කියාය. නමුත් එයට බහුතරයේ අනුමැතියක් ලැබී නැත. රජය එවැනි ස්ථාවරයක් ගන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

26 comments:

  1. එහෙම කියන්නේ සිරිසේනගේ අයද මහින්දගේ අයද.. එයට චන්දේ දුන් ඔක්කොම පට්ට ජාතිවාදියෝ.. ආයේ ඒකේ දෙකක් නෑ.. ඉස්සර ඉඳන් මම ඔහේගේ ළිපි කියවනවනේ. ඔහෙත් දෙමළ ලේවලට බොහෝම කෑදර පට්ට ජාතිවාදියා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලේ පිපාසිත පිසාචයා... මුන්ගෙ බොරු දේශප්‍රෙමිත්වය

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. පට්ට ජාතිවාදීන් නොවෙයි බෙදුම්වාදයට විරුද්ධ අය.
      එයාට විරුද්ධව ඡන්දය දුන් සිංහලයන් බෙදුම්වාදීන්ය කියනවා නොවෙයි.
      නමුත් ඔහුට ඡන්දය දුන් පදනම ඒකයි.

      Delete
  2. මේ පිරිසෙන් බහුතරය ලොකු රැවටීමකට අසුව ඇති පිරිසක් බව මගේ අදහසයි. ඒ සඳහා විවිධ හේතු ඇත. ඔවුන් ගේ මොලයට වඩා හදවත බලවත් වී එමගින් පාරාන්ධබවක් ඇති වීම මූලිකම හේතුවයි.

    ReplyDelete
    Replies
    1. //ඔවුන් එකෙක්වත් මානව හිතවාදියො නොවෙයි.දාගෙන ඉන්න වෙස්මූණට යටින් කුණු ගදගහන අභ්‍යන්තරයක් තියෙන්නෙ.මූණු දෙකක් පෙන්නන එවුන්.විදේශගත දෙමළ ජාතිවාදීන් එක්ක ආර්ථික සම්බන්ධතා තියන අය.සෝබනකාර මානව හිතවාදීන් ගෙ නිරුවත ඒකයි//

      Delete
  3. මට කෙසේ වෙතත් ඔහේලාට නම් මගේ ලේ වලට කෑදර කමක් ඇති බවයි පෙනෙන්නේ. හැකිනම් මෙරට බහුතරයක් සිංහලුන් රට බෙදන්ට කැමති බව සංඛ්‍යනමය විදිහකට හෝ වෙන විදිහකට පෙන්නුම් කර දෙන්න හදවතට වහල් නොවී මොළයෙන්

    ReplyDelete
    Replies
    1. බහුතර සින්හල විතරක් නෙමෙයි මෙ රටෙ ඉන්න සියලුම ක්‍රිස්තියානි හා මුස්ලිම් මිනිසුනුත් රට බෙදන්න අකමැතියි.... යුද්දෙන් පීඩා වින්ද සියලුම අය දෙමලුන්නුත් ඇතුලුව ඔබතුමා වගෙ අය හැර

      Delete
    2. නැහැ දෙමළ අය 95% ක් රට බෙදීමට පක්ෂයි.මුස්ලිම් අය 99% රට බෙදීමට පක්ෂයි.ක්‍රිස්තියානීන් 20 % පමන රට බෙදුවත් නැතත් කමක් නෑ කියන ස්ථාවරයේ ඉන්නවා.
      ඇනෝගෙ කතාව අර්ථශුන්‍යයි

      Delete
  4. යහපාලන ඔස්තාද් ලා අපට නැවු ටෝක් දුන්නේ එතනෝල් කුඩු සහ කැසිනෝ වලට විරුද්ද බව පෙන්වමිනි.

    තවම එක බාර් එකක් වත් වසා දැම්මේ නැත. ජොනියාගේ වයඹ එතනෝල් කර්මාන්තයද නැගලා ම යයි. අය වැයෙන් එතනෝල් කර්මාන්තශාලා වලට වයිර බදු ගැසුවේය. ඒ පලාත්බදව පැතිරී සිටින එ ජා ප කසිප්පු මුදලාලිලාට සහනයක් දෙන්නය.

    කොලඹ දම්මික පෙරේරා ට අයත් "බැල්ලිගෙ" කැසිනෝව තවමත් යහතිනි.

    කුඩු ගේනාවා යැයි පොලිසියෙන් ද name and shame වලට ලක් වූ දුමින්ද සිල්වා තවම නිදැල්ලේය. ඔහුත් කුඩු ලන්සාත් තවම සිරි ලන්කා පක්සේ මහජන නියෝජිතයන් ය. අඩුමතරමින් සිරිසේනයා එම කුඩු කරුවන් ව සිරි ලන්කා පක්සෙන් වත් එලවා දැම්මේ නැත.

    දුමින්ද මන්ත්‍රී කමින් පහ කරන්න අමාරු නං ඒක කරන්න ඕනෑ නැත.....

    පුලුවං නං එතුමාව සිරිසේන වන ඔබ තුමා නායකත්වේ දරන සිරි ලංකා පක්සෙන් පන්නන්නය....

    ඒසේ පන්නන්නේ නැත්තේ ඔබත් දුමින්ද ගේ කුඩුසල්ලි වලින් පොඩි අතමාරුවක් වත් අරං දැයි අපට සිතෙමි....

    එහෙමත් නැත්නම් "ජීවන් ලා සහ දඩුවේ උම්මාලෝකලා" නිකං අහක යන කේස් වලට ටැපලෙයි කියලා බයටද?

    ReplyDelete
  5. A very good analysis! 5.8 million Sinhalese Buddhist voters are in real danger and vulnerable position. The new UNP government is mobbed by Federalists who are hell bent to divide the country on ethnic lines. The governor to the Eastern Province, the chief Advisor to the President on Foreign Affairs and the most of the ministers are ardent federalists.

    The regime change project by the West and India has been very successful. The sheer intensity of the West’s and India’s keenness in the present government has never been seen in the post-independent Sri Lanka. The most tragic part of this whole thing is that it is the sons and daughters of that 5.8 million who would ultimately make their supreme sacrifice on behalf of the country when a threat of the division of the country emerges as they did in the past. It seems that treat is really looming now.

    ReplyDelete
    Replies
    1. No No . Are you pissu-double? Mathalan and Rasika's '' so-called- posh'' kids would come all the way from Australia and Utopia to fight against the terrorists.
      Even now they are training with computer games.
      Ha.., you silly guy. Get your facts right. They are very good duel citizens Can be in Australia when srilanka is no more.

      Delete
  6. ලිපියේ ඇති කරුණු වලට එකඟ විය හැකියි.ඇත්තෙන්ම මේ පනස් අට ලක්ෂය හොරකම්,මුදල් නාස්තිය,විකාර වැඩ දැනගෙන ඡන්දෙ දුන්නෙ ඔවුන් බෙදුම්වාදයට එරෙහි නිසා තමයි.මෛත්‍රීපාලට ඡන්ද වැටුනෙ සුළු ජාතීන්ගෙන්.
    සිංහලයන් 55% පමන මහින්දට දුන්නා.
    මම සිංහල බෞද්ධ රාජ්‍යයකට එකඟ නැතත් බෙදුම්වාදයට නම් විරුද්ධයි.
    සිංහලයන්ගෙන් ඇතමෙක් ඉන්නවා ඊළමක් බිහිවෙනවාට කැමති අය.නාගරික මධ්‍යම පාන්තික උගතුන් අතර එහෙම අය ඉන්නවා.බොහෝ විට බටහිරකරණය වුන අය.
    උගතුන් කියන්නෙ ඔබ වැනි නව සොයාගැනීම් කරන සැබෑ බුද්ධිමතුන් නොවෙයි.නිකම් දන්නැද්ද ඉතින්

    ReplyDelete
    Replies
    1. //උගතුන් කියන්නෙ ඔබ වැනි නව සොයාගැනීම් කරන සැබෑ බුද්ධිමතුන් නොවෙයි.නිකම් දන්නැද්ද ඉතින්/ //
      ආන්න ඒක තමයි මල්ලි රත්තරං කියමන. !

      Delete
  7. මම එක කතාවක් කියන්නම්.ප්‍රභාකරන්ගෙ පුත්‍රයා ගේ මරනය ඊනියා මානව හිතවාදීන් සලිත කළානෙ.හැබැයි කොටි සිංහල ගම්වලට පැනල පොඩි එවුන් පෙති ගහපුවට එහෙම සලිත වුනේ නෑ.එහෙම සලිත වුනානම් ඒ අය ගෙ සමාජෙන් ඒ අය කැපෙනව.ජාතිවාදීන් කියල හංවඩු වදිනව.
    සිංහල ගම්වලට පැනල මරපු පොඩි එවුන් රෑට කාල තිබුනෙ ගස්ලබු වගෙ කෑම.හැබැයි ප්‍රභාකරන්ගෙ පොඩි එකා සැප සම්පත් විදපු එකෙක්.ඒක හරි කියනව නොවෙයි.නමුත් සෝබනකාර මානව හිතවාදීන් ගෙ නිරුවත ඒකයි

    මම එක කාලකන්නියෙක් එක්ක ( යාළුවෙක් තමයි )වාද කළා එක සිද්ධියක් ගැන.ඌ ප්‍රභාකරන්ගෙ පුතා මරපු එක ගැන ඇඩුවෙ නැති ටික.
    මම කිව්ව මම අහපු කතාවක්.ඔය යුද්ධෙ තිබුන ගමක ඉදන් ගෑනුකෙනෙක් ආව අපේ පැත්තට.ඒ ගෑනු කෙනා ගෙදර පොඩි එකත් එක්ක ඉන්නකොට කොටි කාන්තා බලකායෙන් ආවලු.ඇවිත් තේ ඉල්ලුවලු.ගෙදර ( ගෙදර කීවට පැළක් ) තේ කොළ තිබිල නෑ.ඉතින් තේකොළ ගේන්න ගියාලු.පොඩි එකා ගෙදර දාල.
    තේ කොල අරන් එනකොට කොටි හිටියෙ නැහැල්ලු.දොර ඇරල දාල
    .ඇතුලට ගිහින් බැලුවම ගෑනුකෙනා කලන්තෙ දැම්මලු.පොඩි එකාගෙ අතපය කපල ඔලුව වෙන්කරල වලදකට දාල තිබුනලු.

    මේව කිව්වහමත් අර වේ* කැරිය කියනව ප්‍රභාකරන්ගෙ පුතා ගැනම .ඌ තව කිව්වනම් ඇදුම් නැතිව යන්න වෙන්නෙ.මම ඌව එක්කගෙන ගියා.පස්සෙ කෙනෙක් එතන හිටපු කෙනෙක් කිව්ව මහත්තය එක්ක ආපු අර අනික් මහත්තය බීලද හිටියෙ ඌ තව ටිකක් හිටියනම් අපෙන් ගුටිකාල මැරෙන්නෙ කියල.

    ඔවුන් එකෙක්වත් මානව හිතවාදියො නොවෙයි.දාගෙන ඉන්න වෙස්මූණට යටින් කුණු ගදගහන අභ්‍යන්තරයක් තියෙන්නෙ.මූණු දෙකක් පෙන්නන එවුන්.විදේශගත දෙමළ ජාතිවාදීන් එක්ක ආර්ථික සම්බන්ධතා තියන අය.මං අර කලින් කියපු යාළුවත් එහෙම එකෙක්.ඌට නම් කලින් ආණ්ඩුව එක්ක ඇරියස් එකක් තිබ්බ.තව එකක් ඌ කොටින්ට පක්ෂ වුනාට මුස්ලිම් විරෝධිය.
    ඥානසාර තමයි මහ වීරය.අන්තිමට මුස්ලිම් එවුනුත් හොඳවුනා ජනාධිපතිවරණෙ කිට්ටුවෙද්දි.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන් වෙනයි රජයේ හමුදාවක් වෙනයි... රජයේ හමුදාවක් උනාම පිලිපැදිය යුතු සම්මතයන් තියෙනවා එවා නොපිලිපදිනවානම් හමුදාවයි ත්‍රස්තවදීන් අතරෙයි ඇති වෙනස කුමක්ද?

      ප්‍රබාගෙ පුතාව මරපු එකනෙමෙයි මෙතන අවුල පිලිගත් හමුදාවක් යටතෙ හිටපු පොඩි කොල්ලෙක් (තාත්තා කල වැරදි ගැන කිසි අවබෝධයක් නැති )යටත් වූ හෝ යටත් වීමට එවු,

      මෙතන සැලකියයුතු කරුනනම් යටත් වී නම් ඒ ඇයි හෝ යටත් වීමට එවූ නම් ඒ ඇයි කියන කාරනාව, පැහැදිලිවම ප්‍රබාකරන් උනත් හිතුවෙ තමන්ගෙ හයක් හතරක් නොදන්න පොඩි පුතාව රජයෙ හමුදාවක ආරක්ෂාවට යවන එක හොදයි කියලා .. හමුදාවක් කියන්නෙ ත්‍රස්තවාදීන් නොවන නිසා තමන්ගෙ පුතාව රැකබලාගනී කියන විශ්වාසය නිසා

      අපේ දේශප්‍රේමීයන් මේක හිතන්නෙ නෑ

      කරුනාකරලා මේක කියවන අය සරම උස්සගෙන මගෙ ඇගට ගොඩ වෙන්නනම් හදන්න එපා මම කොටියෙක් කියලා මෙ මම කිව්වෙ වියහැකි සිදුවීමක් මට අදටත් විස්වාසයි අපේ හමුදාව යුද අපරාද නොකරපු හමුදාවක් කියලා

      Delete
    2. //ත්‍රස්තවාදීන් වෙනයි රජයේ හමුදාවක් වෙනයි... රජයේ හමුදාවක් උනාම පිලිපැදිය යුතු සම්මතයන් තියෙනවා එවා නොපිලිපදිනවානම් හමුදාවයි ත්‍රස්තවදීන් අතරෙයි ඇති වෙනස කුමක්ද?
      මෙනදී මුලින්ම කියන්න මේක ඔබේ හිතට ආපු අදහසක්ද? නැත්නම් වෙන තැනකින් උපුටාගත් දෙයක්ද?
      ඒත් නැත්නම් දේව වාක්‍යයක්ද?එහෙමනම් ඒ මූලාශ්‍රය දක්වන්න.
      ඔය කියන විදියට ත්‍රස්ථවාදී සංවිධානයක් සමඟ සටන් කිරීමේදී රජයේ හමුදාවන්ට පාඩු වෙනවා
      හරියට බොක්සිං තරඟයකදී එක් ක්‍රීඩකයෙකුට මාංචු දමාගෙන ක්‍රීඩා කරනවා වගේ.
      එසේ නම් එම පාඩුව මඟහරවා ගැනීමට රංජ්‍යය හමුදා දෙකක් අතර යුද්ධයකදී යොදා නොගන්නා, ත්‍රස්තවාදීන් සමඟ කරන යුද්ධයකදී පාවිච්චියට ගන්නා යම් සම්ප්‍රදායයක් තිබිය යුතුයි. ඉහත අදහස ඉදිරිපත් කරන්නා ඒ සඳහා යෝජනා කරන්නේ කුමක්ද? මෙහිදී ත්‍රස්තවාදී සංවිධානය යම් ජනවර්ගයක් හෝ ආගමක් නියෝජනය කරයි එම සංවිධානය පරාජය කරන තුරු නම් රටේ වසන එම ජනකණ්ඩායමේ අනෙක් සාමාජිකයනස්ගෙන් අමතර බදු අයකර ගැනීම සහ ප්‍රජා අයිතීන් අඩු කිරීම සුදුසුයි.

      Delete
  8. // පනස් අට ලය් පා ද්ශපාලන ස්ථාවරය සිංහල බෟද්ධයින්ග් ද්ශපාලන ස්ථාවරයය. ඒ වන කිසිවක් නාව රට බදීමට ඉඩ නාදන බවය.//

    සින්හල බෞද්ද ලක්ශ 58ම මහින්දට චන්දෙ දුන්නෙ රට බෙදීම වැලැක්වීමේ අදහසින් කියන නිගමනය ගත්තෙ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි හා දැනට සිටින එකම දේංපාලන නායකයා මහින්ද නිසා.

      Delete
    2. පොඩ්ඩක් තර්කානුකූල උත්තරයක් බලාපොරොත්තුවෙන් ඇහුවෙ. මහින්ද එහෙමමයි කියමු, එතකොට ඔබතුමා ඇහුවද කක්ශ 58න්ම ඔය කාරනාව.[මොකද වෙන හේතු වලට චන්දය දුන් අයත් නෑ කියන්න බෑනේ]

      Delete
    3. ඡන්දයට කලින් අපේක්‍ෂකයෝ තමන්ගේ දේශපාලන ස්ථාවරය ජනතාවට පැහැදිලි කරනවා. ඒ අනුව ඡන්ද දායකයෝ තමන්ට කැමති අපේක්‍ෂකයට ඡන්දය දෙනවා. දැන් ඔබ කියන්නේ පොදුවේ ගත්තහම ඒ ඒ අපේක්‍ෂකයාට ඡන්දය දුන් අයගේ දේශපාලන ස්ථාවරය ඒ ඒ අපේක්‍ෂකයාගේ දේශපාලන ස්ථාවරය හා සමපාත වේ යැයි ගැනීම තර්කානුකූල නොවේ කියාද? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමම එය නොවේද?

      Delete
    4. ඔය තරම් තාර්කික ඡන්ද දායකයො ලංකාවෙ ඉන්නවා කියලා පිලිගැනීමම මායාවක්!!!
      පොදු මහජනයා තියා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු බහුතරයක් වත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මොන පාට දැයි දන්නවාද කියා මට නම් සැකයි!!!!!!!!!!!

      Delete
  9. කෝ මගෙ කොම්න්ට්ස්?

    ReplyDelete
  10. There are many fathers for the war victory now ( Gen, hela urumaya, JVP etc etc). However Tamils know it for sure that it was Mahinda's brain child..That is why only Mahinda is hated by them for abolishing their separating dream. That is the tell-tale story.Unfortunate enough, that a sizable proportion of ''Sinhalese'' do not like to accept this very clear fact just because they simply hate Mahindha.
    Those who voted Mahinda never wanted the corruption to be around and wanted the system to be purified. However, the alternative given was not trustworthy. There was a big suspicion about the future and the evil forces behind the swan were horrific.( Ranil,Chandrika,TNA,SLMC,etc) . The strong assurance among Sinhalese that Mahinda would never allow separatism drama to perform was very strong.. So, despite corruption stories , they still chose Mahinda. In a way ,he was the ''Hobson's Choice''.( better one out of bad)
    Lots of baseless allegations are leveled against Mahinda and his kith and kin, and are spread across the society , day in day out, since the Yahapalana pundits fear that Mahinda's supporters would remain unchanged life or death. Less publicity is given to the news that says the allegation made yesterday was a damn lie.
    Quite humorous is corruptions after 2005 are only probed. Those happened before have already ''Chlorinated'' like Wimal says.
    life is such that Finance Minister goes to courts to defend himself against massive fraudulent transactions in the morning of the budget presentation day. Sadly funny.
    With all these disgusting cross overs and media politicizing the true public choice is not represented in the senate or media. Promised change is yet to happen. Election-oriented budget taxation has already caused a big pandemonium across the business field. The future of this country is still in a grey area. This is really a sad situation.
    I do not think that the vast majority who voted Mahinda would ever vote for a Mahindaless-SLFP.
    I have a lot of Tamil and Muslim friends. But my country comes first of all.
    If any pundit is going to define that voting for my preferred candidate is being blood-thirsty of Tamils and Muslims, that person need seeing his psychiatrist immediately. There is no connection between two. The so-called pundit appears being greedy to look better than others.
    Let him live in his fantasy.
    Just ignore, please.

    ReplyDelete
    Replies
    1. //the alternative given was not trustworthy.//
      //So, despite corruption stories , they still chose Mahinda.//

      එකඟයි, 100%.
      ''බඩගිනි දැනුනට ඉඳුල් නොකව්..
      තණ්කොල නොබුදිති සිංහ පැටව්..''

      Delete