Saturday, January 10, 2015

පැරදුනේ කවුද?

රටේ ජනගහණයෙන් සියයට හැත්තෑවක් සිංහල බෞද්ධයෝය. සියයට අසූවක් හෝ ඊට වැඩියෙන් සිංහල බෞද්ධයින් වෙසෙන දිස්ත්‍රික්ක එකොලහකි. ජනාධිපතිවරණයේදී මේ දිස්ත්‍රික්ක එකොලහෙන් පොලොන්නරු දිස්ත්‍රික්කයේ හැර අන් සියලු දිස්ත්‍රික්කවලින් වැඩි ඡන්දයක් හිමිවූයේ මහින්ද රාජපක්‍ෂ මහතාටය (> 52%). (ඒ දිස්ත්‍රික්ක එකොලහෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත් වැඩි ඡන්ද සංඛ්‍යාව (592,836) මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු රටෙන්ම ලබා ගත් වැඩි ඡන්ද සංඛාවට (449,072) වඩා වැඩිය). රටේ සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් (majority) වැටෙන්නට ඇත්තේ මහින්ද රාජක්‍ෂ මහතාට යැයි මේ අනුව අපට අනුමාණ කල හැකිය. එය එසේනම් බහුතරයක් සිංහල බෞද්ධයින් ඡන්දය දුන් ඡන්ද අපේක්‍ෂකයාට ජනාධිපති ධූරය අහිමි වී ඇත. පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය විසින් මේ ඡන්දයෙන් පරදවා ඇත්තේ සිංහල බෞද්ධයින්ය. සිංහල බෞද්ධයින් නියෝජනය කල නායකයෝය, දේශපාලන ක්‍රියාකාරීහුය. අවසාන වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතියය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට නොයෙකුත් සිල්ලර හේතු ඉදිරිපත් කල හැකිය. රාජපක්‍ෂවරුන් නීතිය හරිහැටි ක්‍රියාත්මක කලේ නම් පැරදෙන්නේ නැතැයි සමහරු කියති. ඔවුහු රජයේ මුදල් ගසා කෑ බවද එසේ නොකලේ නම් පැරදෙන්නේ නැතැයි තව අය කියති. ඔවුහු බොදු බල සේනාවට සහය දුන් බවද එසේ නොකලේ නම් මුස්ලිම් ඡන්ද රැක ගැනීමට තිබුණියැයි සමහරු කියති. රජය මුස්ලිම් ආක්‍රමණය නොතකා හැරිය බවද එසේ නොකර එය මර්ධනය කලේ නම් පැරදෙන්නේ නැතැයිද තව සමහරු කියති. මේ සියළු කථා අඩු වැඩි වශයෙන් ඇත්ත හෝ බොරු විය හැකිය. පැරදුනේ මහින්ද රාජක්‍ෂ මහතා පමණක් නම් මේ කථා විශ්ලේශණය කිරීම වැදගත් කොට සැලකිය හැකිය. නමුත් සමස්ථයක් වශයෙන් පැරදුනේ සිංහල බෞද්ධ සංස්කෘතියය. සංස්කෘතියක් පැරදවිය හැක්කේ තව සංස්කෘතියකටය. සිංහල බෞද්ධ සංස්කෘතිය පැරදුනේ වෙන කිසිවකට නොව බටහිර සංස්කෘතියටය.


මෙරට සිංහල ජනයා යහපාලන ප්‍රෝඩාවක් ඔස්සේත් දෙමළ සහ මුස්ලිම් ජනයා බෙදුම්වාදී මතවාද ඔස්සේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව මෙහෙයවන්නට බටහිර සංස්කෘතියට හැකිවිනි. අද නැගෙනහිර සහ උතුරු පලාත්වල සුළු ජාතීන් යුද්ධයක් දින්නාසේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය සමරන්නේ දකුනේ සිංහලුන් දිනාගත්තා යැයි කියන යහපාලනය නිසා නොවෙන බව තේරුම් ගැනීමට අපහසු නැත. මහින්ද විරෝධය ස්වාභාවිකව පැන නැඟුනක් නම් ඊට අසම්බන්ධ විවිධ පදනම් තිබිය නොහැකිය. මහින්ද විරෝධය සහමුලින්ම බටහිර බලවේග වල නිර්මාණයකි. අරමුණ එකම වුවද බටහිර බලවේග විසින් ඒ ඒ ජන වර්ගවලට ලබාදී ඇත්තේ ඒ ඒ කැවුම්ය. සිංහලුන් මෙන්ම මෙරට මුස්ලිම් සහ දෙමළ ජනයාද බටහිරුන්ගේ කැවුම් කන්නට තරම් මෝඩ වී ඇත. අනේ අනිච්චං.


බටහිරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගන්නට තිබූ දේ අරගෙන ඇත. නොබෝ දිනකින් ඔහු අවලංගු කාසියක් බවට පත්වනු ඇත. ඉදිරියේදී සිංහල බෞද්ධයින්ට මුහුණ දෙන්නට සිදුවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොව රනිල් චන්ද්‍රිකා නියෝජනය කරන සංස්කෘතිය හරහා ක්‍රියාත්මක වන බටහිර අධිරාජ්‍යවාදයටය. නමුත් අද වෙනවිට සිංහල බෞද්ධ සංස්කෘතියට ඊට පිළිතුරු නැත.

3 comments:

  1. අපිට සිදු වන්නේ බලාන ඉන්නට පමණි
    සිදුවූ සියල්ල සිදු වී අවසන්ය
    මෛත්‍රීට චන්දය දුන් එවුන් පවා මහින්ද ලොක්කා පැරදුණ විට ඇඩුවේ මන්දැයි මම දන්නෙ ්නැත...
    කෝමත් අපේ සහජීවන කාරයෝ කියනා පරිදි මුස්ලිම් හා දමිල පිරිස් ලාංකීය වුවද ඔවුන් එසේ නොසිතා කටයුතු කිරීම ප්‍රධාන ගැටළුවකි..
    බොහෝ විට මට හැගෙන පරිදි ඉතිහාසය නැවත වෙනස් වෙමින් අලුත් වෙමින් පරණ ෆෝමැට් එකෙන්ම කැරකෙන්නට පටං ගෙන තිබේ...
    එහෙත් ඒවා තීරණය කරන්නට යාමට කල් වැඩිය

    ReplyDelete
  2. සිංහල බෞද්ධයන් පරාජයට පත් වූ බව සැබෑය. එහෙත් ඒ මේ චන්දයෙන්ය කීමට අපට නොහැකිය. මට සිතෙන ලෙසට සිංහල බෞද්ධයා පරාජය වූයේ 2010 දී හෝ ඊටත් පෙරය. මහින්ද සිංහල බෞද්ධයන් වෙනුවෙන් කළ දේවල් 10 ක් නම් කරන්නැයි කීවොත් ඔබට ඒවා නම් කළ හැකිද ? සිංහලයින් විසින්, විශේෂයෙන් බෞද්ධයින් විසින් නොසෙල්වෙන බලයක් සහිතව ලබා දුන් පාර්ලිමේන්තු බලයක් සහිතව ඔහු කළේ කුමක්ද ?
    * තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම පිණිස ප්‍රතික්ෂිප්ත පුද්ගලයන් (UNP මන්ත්‍රී වරු - මේ බොහෝ දෙනා කතෝලික/ක්‍රිස්තියානි පල්ලියේ/කල්ලි වල නියෝජිතයන් වේ) ආණ්ඩුව තුලට ඇතුල් කර ගැනීමේ දී සිංහල බෞද්ධයා පරාජයට පත් විය.
    * හකීම්, තොණ්ඩමන් වැනි සිංහලයේ සදාකාලික සතුරන් (මහනුවර නුවරඑළිය බදුල්ල මොණරාගල අම්පාර ඈ දිස්ත්‍රික්ක වල සිංහලයන් 1818 සිට මේ දක්වා පාගාගෙන සිටීමට මේ අය හවුල්ය) ආණ්ඩුව තුලට වැද්ද ගැනීමේදී සිංහල බෞද්ධයා පරාජය විය.
    * බුද්ධ සාශන ඇමති ධුරය දරන ආණ්ඩුවේ අගමැතිගේ ලේකම් කුඩු කන්ටේනර් නිදහස් කිරීම පිණිස ලියුම් දෙන විට සිංහල බෞද්ධයා පරාජය විය.
    * මන්නාරමේ අක්කර දහස් ගණනක් දේශීය හෝ විදේශීය මුස්ලිම් ජනයා අතර බෙදා දෙන විට සිංහල බෞද්ධයා පරාජය විය.
    * අරාබි රටවල මුදල් සහ ත්‍රස්තවාදී පෙරගමන් කරුවන් නැගෙනහිර අරාබි කොළනියක් බවට පත් කරන විට සිංහල බෞද්ධයා පරාජය විය.
    * පළාත් සභා අහෝසි කරනු වෙනුවට උතුරට පළාත් සභාවක් පත් කරන විට සිංහල බෞද්ධයා පරාජය විය.
    * උතුරු නැගෙනහිර පළාත් වල ජනවාර්ගික සංහාරයක් කර සිංහලයින් පළවා හරින ලද තත්වයක් තුල එය නිවැරදි කිරීමට කිසිවක් නොකර සිටීමේදී සිංහල බෞද්ධයා පරාජය විය.
    * පල්ලියේ බලපෑම මත අන්‍යාගමිකකරණය වැළක්වීමේ පනත අතුරුදහන් කෙරෙන විට සිංහල බෞද්ධයා පරාජය විය.
    මේ ආදී නොයෙක් හේතු නිසා සිංහල බෞද්ධයා පරාජය වූයේ 2015 ට පෙරදී බව ඉඳුරාම පැවසිය හැකිය. 2015 ජනවාරි 8 වැනිදා සිදු වූයේ එකී මෘත කලේබරය උත්සවාකාරයෙන් ආදාහනය කිරීමයි.
    --- ඒ ඉදිරිපත් කළේ සිංහල බෞද්ධයාගේ පරාජය පිළිබඳ අපේ අවංක අදහසයි.

    යහපාලනය ක්‍රිස්තියානි ආගමේ ගැලවුම්කාරයා වැනිය. එනවා එනවා කීවත් කවදාවත් එන්නේ නැත. නොඑන නිසාම බොහෝ කෛරාටික පුද්ගලයන් මෙකී ගැලවුම්කරුවා පෙන්වා මිනිස්සු මුලා කර තමාගේ වැඩේ කර ගනිති.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය පිළිබඳ සහ ඔහු වෙනුවෙන් මෙවර චන්දය නොදීම පිළිබඳ අපේ අදහස මීට පෙර එළි දක්වා ඇත.
    --- http://katha32.blogspot.com/2014/11/io-sirisena.html?showComment=1417031701193#c3080616701530736952

    ReplyDelete
  3. ඔබේ විග්‍රහය සමග මමත් එකඟ වෙනවා. අද දෙමළ සන්ධානයත් මුස්ලිම් අන්තවාදයත් මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහනය සමරන්නේ යහ පාලනය නිසා නොවේ. ඒ ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටුකරගන්න මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මහින්ද රාජපක්ෂ මහතාට වඩා සහයක් ලැබෙයි කියල හිතාගෙන.

    ReplyDelete