Friday, October 3, 2014

විරාතු හිමි සහ අපි

බුරුමය, ලාඕසය, කාම්බෝජය සහ තායිලන්තය යන රටවල අති බහුතරයක් ජනතාව ථෙරවාදී බෞද්ධයෝ වෙති. වියට්නාමයේද මුලින් මහායාන බුදු දහම මුල් බැස තිබුනද විසිවන ශත වර්ශයේ සිට ථෙරවාදී බුදු දහමේ පුණුරුදයක් දකින්නට ඇත. මේ රටවල ජනගහණ එකතුව මිලියන 230 කට වැඩිය. මේ බෞද්ධයින් අතීතයේ සිය වස් ගණනාවක් තිස්සේ නොකඩවා අප සමඟ සම්බන්ධව සිටියත් අද අපි ඔවුන් ගැන දන්නේ බීබීසිය හෝ වෙනයම් බටහිර මාධ්‍යයක්  අපට කියා දෙන දේ මිස අපේ ඇසින් දැක ගන්නා දෙයක් නොවීම අභාග්‍යයකි.

මේ හැම රටක්ම දහඅට සහ දහනව වන සියවස් තුල බටහිර (ලංදේසි, ප්‍රංශ, ඉංග්‍රීසි) අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයට හසුවී තිබී අප මෙන් සීමා සහිත නිදහස ලැබුවෝ වෙති. අද බටහිරුන් මෙන්ම ආසියාතික දැවැන්තයෝද නැවතත් ඔවුන්ගේ සම්පත් සූරා කෑමට බැල්ම හෙලති.


ඓතිහාසිකව මේ රටවල අධිරාජ්‍ය විරෝධී සටන් නොමඟ ගියේ බුදු දහමට නොගැලපෙන සමාජවාදයක් කර පින්නා ගැනීමට යෑමෙනි. ඒ නිසා මේ කිසි රටක කල් පවතින ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟුනේ නැත. නමුත් අද වනවිට බුරුම බෞද්ධයින් විසින් ජාතික ව්‍යාපාරයක් ගෙඩනඟමින් සිටිති. විරාතු හිමියන් නියෝජනය කරන්නේ ඒ දණගාන අවදියේ පවතින බුරුමයේ ජාතික ව්‍යාපාරයයි. විරාතු හිමියන්ගේ ව්‍යාපාරය බටහිරුන්ගේ ආදරයට පාත්‍රවූ බුරුම විපක්‍ෂය නොවේ. අපි ථෙරවාදී බෞද්ධයින් වශයෙන් විරාතු හිමියන්ගේ බුරුමය සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගත යුතුවෙමු.


බුරුමය සමඟ පමණක් නොවේ ලාඕසය, කාම්බෝජය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් සමඟද අදට වඩා කිට්ටු මිතු දම් ඇති කර ගත යුතුවෙමු. ඒ සඳහා අපි විකල්ප මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගත යුතු වෙමු. මේ රටවල මිනිසුන් ඉංදියානුවන්ටත් වඩා, විශේෂයෙන්ම උතුරු ඉංදියානුවන්ට වඩා සංස්කෘතියෙන් අපට ලඟය. ඒ බව බටහිර රටවල ඇති අපේ පංසල් වලට කිට්ටුවෙන ඒ වැසියන්ගෙන් පෙනේ. අපි ඔවුන් සමඟ සම්බන්ධකම් තර කර ගත යුත්තේ අපේ සහ ඔවුන්ගේ සදාචාරයට අනුවය. එදා අනගාරික ධර්මපාලතුමා හෙන්රි ඔල්කට් මහතාට රැවටී ඉංදියාවට නොගොස් බුරුමයට ගියේ නම් අද වෙන විට අපි බුරුමය සමඟ මීට වඩා හොඳ සම්බන්ධ කමක් ඇති කර ගන්නට ඉඩ තිබිනි. කෙසේ වෙතත් බොදු බල සේනාව විසින් විරාතු හිමියන් මෙහි වඩැම්මවීම බුරුමය සමඟ ඓතිහාසික සම්බන්ධකම් අළුත් කර ගැනීමට මුල පිරීමක් කර ගත යුතුය. එවැනි සම්බන්ධකම් තනාපති සම්බන්ධකම් වලට වඩා වටී. කොක්ටේල් ඩිනර් පාටි තුලින් කෙරෙන තනාපති සේවය අවශ්‍යමනම් එය බටහිර රටවලට පමණක් සීමා කිරීම සුදුසුය.


බුරුම ජාතික ව්‍යාපාරයට වඩා සිංහළුන්ගේ ජාතික ව්‍යාපාරය මුහුකුරා ගොස් තිබුනද 2009 පසු අපි නැවතත් මං මුලාවී සිටින්නෙමු. එල්ටීටී ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු ගත යුතු මඟ පිළිබඳව නිසි අවබෝධයක් හෝ සම්මුතියක් අපට තිබුනේ නැත. 2009 දී රජයට කරන්නට තිබුනේ 13 වෙනි සංශෝධනය කුණු කූඩයට දමා රටේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගැලපෙන විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කර එය පදනම් කරගෙන ප්‍රබල ඒකීය රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා අත්තිවාරම් දැමීමය. අදටත් අප විසින් කල යුතු මූලික කාර්යය එයය. නමුත් මේ වෙනවිට අපි තවත් ප්‍රශ්ණ ඇති කරගෙන සිටින්නෙමු. වසර තිහක් තිස්සේ නිදා සිටි යම් දුෂ්ඨ බලවේගයක් හදිසියේ නැගිටවිත් රටම වෙලා ගත්තා සේ 2009 න් පසු අපි සදාචාරාත්මකව වේගයෙන් පරිහාණියට පත් වෙමින් සිටින්නෙමු. මේ වැටීම 77දී වැටුන වැටීමටත් වැඩි යැයි මම සිතමි. අචාර ධර්ම පිරිහීම නිසා රට තුල සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයක් නිර්මාණයවී ඇත. ඉදිරියේදී ඒකීය රාජ්‍යයට ඇති තර්ජන ජය ගත යුත්තේ ඒ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණද විසඳා ගනිමින්ය.


මේ ජාතික ප්‍රශ්නවලට පිළිතුර තෙවෙනි දේශපාලන බලවේගයක් තැනීම නොවේ. මෙරට සාමාන්‍ය මිනිස්සු ජාතික වුවද තුන්වෙනි බලවේගයකට මෙරට පාර්ලිමේන්තු බලය ලබා දෙන්නේ නැත. එහෙව් එකේ තමන් මූලික කරගෙන දේශපාලන බලයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ නම් බොදු බල සේනාව ඉන් කරන්නේ ජාතික ව්‍යාපාරය අඩපන කිරීමකි. අනගාරික ධර්මපාල තුමා සිංහළුන් මත තම මතවාදය වපුරවමින් සුද්දන්ට පහර දුන්නා මිස තමන් වෙත දේශපාලන බලයක් රැස් කර ගැනීමට උත්සාහ නොකලේය. රටේ දැවෙන ප්‍රශ්ණ සඳහා විසඳුම් සමාජ සම්මත කරගන්නට හැකි වෙනවිට නිරායාසයෙන්ම එය ක්‍රියාත්මක කල හැකි ජාතික නායකයින් කල එලි බසිනු ඇත. තවමත් අපි තරම් සංකර නොවුනු බුරුම ජාතිකයින්ගෙන් අපට ඒ සඳහා පාඩම් ලබා ගත හැකිය.


ජාතික බලවේග අද කල යුත්තේ විකල්ප දේශපාලන කේන්ද්‍ර නිර්මාණය කිරීම නොව පිරිහෙමින් පවතින සංස්කෘතිය ගොඩ ගැනීමට මඟක් සෙවීමය, ඒ හරහා ඉන්ද්‍රිය තවමින් ආර්ථික වර්ධනයක් ඇති කරගන්නා ආකාරය සෙවීමය, වෙන් වෙමින් යන සුළු ජාතීන් හා අන්‍යාගමිකයින් නැවත ජාතියට එක් කරන මඟක් සෙවීමය. කුරාණයේ ඇති නැති දේ මුස්ලිම් සංස්කෘතියට අදාල ප්‍රශ්ණ මිස සිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්ණයක් නොවේ. යාපනයේ ජනතාවට බෙදුම්වාදී දේශපාලනයට විකල්පයක් ලබා දෙන තාක් කල් රටේ ඒකීය බවට තර්ජයක් ඇත. ඒ දෙමළ ජනයා ජාතියට එක් කර ගැනීමද ජාතික ව්‍යාපාරයේ වගකීමය. අද මැදිවිය පසු කරමින් සිටින ජාතිකවාදී දේශපාලන නායකයින් ඒ සඳහා ඉදිරිපත් වෙයිද? අනුවණකමට හෝ තම සිරුරට ගිණි තබා ගෙන දිවි පුදමින් රටට ඇති ආදරය ප්‍රකාශ කරන ඔවුන්ගේ වයෝවෘද පියවරු ඉල්ලා සිටින්නේ තමන් නොව රට පෙරට තබනු කියා විය යුතුය.

8 comments:

  1. කමෙන්ට් පබ්ලිස් කරන්නෙ නැති නිසා කමෙන්ට් දාල වැඩක් නැහැ.. ඔයා මොනවා හරි ලියලා ඔයාම ඒවා කියවගන්න එක හොදයි..

    ReplyDelete
  2. ඉතා හොද ලිපියක්.
    නමුත් සමහර කරුනු විකෘතිසහගතය.

    //ඓතිහාසිකව මේ රටවල අධිරාජ්‍ය විරෝධී සටන් නොමඟ ගියේ බුදු දහමට නොගැලපෙන සමාජවාදයක් කර පින්නා ගැනීමට යෑමෙනි. ඒ නිසා මේ කිසි රටක කල් පවතින ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟුනේ නැත. //

    සමාජවාදය බුදුදහම සමග මිස වෙන කිසිම වාදයක් සමග(දනවාදය,ෆෑසිස්ට්වාදය,ආගම්වාදය,ජාතිවාදය......) ගෑලපෙන්නේ නෑත.

    ඔබ උදාහරනයට ගත් රටවල් වල ලාඔසය සහ වියට්නාමය අදටත් ඉදිරියටත් සමාජවාදී රටවල් 2කි.
    බුරුමයේ හා කාම්බෝජයේ සමාජවාදී පක්ශවල වෑඩි බලපෑම මෑතක් වනතුරුම පෑවතුනි.
    මේ රටවල බුදුදහම ආරක්ශාවූයේ ඵම රටවල් ආක්‍රමනය කිරීමට කෑසකෑවූ බටහිර දනපති ආක්‍රමනිකයන්ට විරුද්දව ජීවිත පූජාවෙන් සටන්කල සමාජවාදී සටන් කරුවන් නිසාය.
    වියට්නාමයේ බටහිර ගෑති පාලකයා වූ ජෙනරාල් ඩින්ඩියම් අන්තවාදී ක්‍රිස්තියානියෙකු විය.
    ඔහුගේ යටතේ දකුනු වියට්නාමයේ (ඵනම් දනවාදී ප්‍රදේශවල )උග්‍ර ක්‍රිස්තියානිකරනයක් සිදුවිය.
    ඵවකට සුප්‍රසිද්ද ක්වාන් ඩක් ස්වාමින්වහන්සේ සිරුරට ගිනිතබාගෙන අපවත් වූයේ මේ නිනිදිත ක්‍රිස්තියානිකරනයට ඵරෙහිවය.
    අදටත් ඵරට කමියුනිස්ට් ආණ්ඩුව උන්වහන්සේ ගේ නොපිලිස්සුන හදවතට පුදසත්කාර කරති.වියට්නාම් ජනතාවගේ අයෝමයේ වීරයෙකු ලෙස උන්වහන්සේ හදුන්වති.

    මේ ඵකාදිපතියාට ඵරෙහිව සටන්කල වීරෝදාර වියට්කොන් භටයන් ඩින්ඩියම්ද , ඔහුගේ ක්‍රිස්තියානිකරණ ව්‍යාපාරයද ඈමරිකන් ආක්‍රමනික හමුදාවද සමගම වලපල්ලට යවන ලදි.
    දෑන් වියට්නාමය ඵක්සත් , බුදුදහම අදහන රටකි.
    ඵ් වෙනුවෙන් දිවිපිදූ කමියුනිස්ට් භටයින් ගනන මිලියන ගනනකි.

    නමුත් සමාජවාදී විරෝධී ඈමරිකන් ආක්‍රමනයට හසුවූ ඈමරිකන් ගෑති හමුදාපාලක 'ජෙනරාල් පාක්' ගේ දකුණු කොරියාව දෙස බලන්න.
    ඈමරිකන් හමුදා සමග 'ජෙනරාල් පාක්' පාළනය පිහිටුවන විට දකුණු කොරියාව 80% ත් වඩා බොදුනුවන් සිටි රටකි.
    ගතවූයේ සමාජවාදී විරෝදී ලිබරල් යෑයි කියාගන්නා පාලනය යටතේ දශක කිහිපයකි.
    අද වනවිට දකුනු කොරියාව ක්‍රිස්තියානි රටකි.
    ඵරට ක්‍රිස්තියානියට හෑරවූ අය විසින්ම අද පන්සල් ගිනිතබති,බොදුනුවන්ට හින්සා පීඩා වෙනස්කම් කරති........ලිබරල් ආණ්ඩුව ලිබරල්වාදයේ නාමයෙන් යෑයි පවසා ඵවාට මුනිවත රකිති.
    ද. කොරියාවේ අද බොදුනු ප්‍රතිශතය 30%ටත් අඩුවී ඈත.ඔවුන්ද ඉන්නේ කෙනෙහිලිකම් වලට යටත්වය.
    ඵ් සමාජවාදය ඵපා කියා ධනවාදය වෑලදගත් රටක බුද්ධසාසනයට සිදුවූ දෙයයි.
    සමහර රටවල බුදුදහම විනාශකරන්නේ බටහිර ඵ්ජන්තයන් විසින් ඔවුන්ගේ කටුකන පාලකයින් ලවා බුදුදහමට අනුග්‍රහය දක්වන ව්‍යාජ වෙසක් පෙන්වා ඵ් රටවල හර පද්දතීන් සූක්ශමව බිදදෑමීම් මගිනි.
    අද තායිලන්තයේ මෙන්ම ජපානයේත් සිද්දවන්නේ මෙයයි.

    ධනපතියන් හා මනා ඈයිහොදෑයියකින් පසුවන තායිලන්තය අද බොදුනු රටක් උවද...ඵහි සස්කෘතිය බටහිර බලපෑමෙන් විනාශවී ගොස්ය.අද බටහිරට ගනිකාවන් සපයන රටක් බවට ඵය පත්ව ඈත.

    මා ඔබට කීවේ සමාජවාදය සමග ශක්තිමත් වූ හා බුදුදහම රෑකගත් රටවල හාසමාජවාදය නම් ඉතා වෑඩදායක සoකල්පයට ගරහා කපටියන් පසුපස ගොස් ආද්‍යාත්මිකව විනාශ වූ රටවල් අතර වෙනසයි.
    මේ ටිකකි කියන්නට තව බොහෝ දේ තිබේ.
    මහත්මයානනි සමාජවාදයට ගරහන්නට පෙර ඉතිහාසය අධයනය කරන්න නෑවත නෑවත අධයනය කරන්න.
    ඔබට සත්‍ය වෑටහේවී.
    ඔබට ජය.!

    ReplyDelete
    Replies
    1. මේ රටවල යම් තරමකට බුදු දහම රැකූන පලියට ඉන් කියවෙන්නේ නෑ සමාජවාදය නිසයි එය රැකුනේ කියලා. කාම්බෝජයේ පොල් පොට් වැනි නායකයින්ට බුදු දහම රැකීමට අවශ්‍යතාවක් තිබුනේ නැහැ. අද ලංකාව දිහා බලල ඕන නම් කාට හරි කියන්න පුළුවන් ධනපති ක්‍රමය තුලත් බුදු දහම රැකෙනවා කියලා. විවිධ ආර්ථික ක්‍රම යටතේ බුදු දහම විවිධ ආකාරයට පවතින්න පුළුවන්. මම කියන්නේ මේ රටවල නිදහස් සටන් කෙරුනේ බෞද්ධ පදනමක් ඇති ජාතික ව්‍යාපාර තුලින් නෙවෙයි. එහෙම උනා නම් ඔවුන්ට අදට වඩා ප්‍රබල රාජ්‍ය ගොඩනඟා ගන්නට තිබුනා කියා මම හිතනවා.

      සමාජවාදී ආර්ථික ක්‍රමය බෞද්ධ ජීවන රටාවට ගැලපෙන්නේ නැහැ. ඒ ගැන මගේ පැහැදිලි කිරීමක් අගෝස්තු 7දා පලකල සිංහල බෞද්ධයාගේ සමාජවාදය යන ලිපියේ සඳහන්.

      Delete
    2. අද වියට්නාමෙට එයාලගෙ හෝඩියවත් නෑ සමාජවාදෙ හින්ද

      Delete
  3. //මේ රටවල යම් තරමකට බුදු දහම රැකූන පලියට ඉන් කියවෙන්නේ නෑ සමාජවාදය නිසයි එය රැකුනේ කියලා. //
    ඈයි නෑත්තේ???
    ධනවාදය පිලිගත් රටවල් සීග්‍රයෙන් ක්‍රිස්තියානිකරණය වී බටහිරකරනය වී තියෙන හෑටිත් සමාජවාදය පිලිගත් රටවල බුදුදහම ආරක්ශා වී දේශීය සස්කෘතිය රෑකී තිබෙන හෑටිත් බොහොම පෑහිදිලිව පේන්න තියනවා.(කලින් කමෙන්ටුවෙන් උදහරණ සහිතව විස්තර කරලා තියනවා.)
    ධනවාදය කරපින්නාගත් ඉහත කී රටවල බුදුදහම සමගින් දේශීය හරපද්ධති විනාස වීමත් සමාජවාදී රටවල ඵ්වා ආරක්ශාවීමත් සිද්ද උනේ සමාජවාදී පාලන තන්ත්‍ර විසින් ව්‍යාජ මායාකාරී බටහිර ගුණ්ඩු පිටුදෑකලා ඵ් ඵ් රටවල ඵ්තිහාසික හර පද්ධති වලට වටිනාකම දුන්නු නිසා නෙවෙයි නම් වෙන මොන ක්‍රමයෙන්ද???
    (සමාජවාදී රටවල පාලකයන් බුදුදහම විකුනගෙන නොකෑවට ඵ් රටවල බුදුදහමට සස්කෘතියට ප්‍රායොගිකව නිසි වටිනාකම දෙනවා.අපේ රට ඈතුලු ධනවාදය කරපින්නාගත් රටවල නායකයො උදේ හවා මල්වට්ටි උස්සාගෙන කෑමරා ඉස්සරහා පන්සල් ගියාට ඈත්තටම කරන්නේ සූක්ශමව බටහිර න්‍යායපත්‍ර මත සාශනය විනාස කරන ඵකයි. සමාජවදී රටවල බුදු දහම රෑකෙන්නේත්...... ධනවාදී රටවල බුදුදහම විනාශමුඛයට යන්නේත් මේ නිසා තමා. )

    //කාම්බෝජයේ පොල් පොට් වැනි නායකයින්ට බුදු දහම රැකීමට අවශ්‍යතාවක් තිබුනේ නැහැ//
    පොල්පොට් කියන ෆෑසිස්ට්වාදියාව පන්නලා දාල කම්බෝජ ජනතාව ආරක්ශාකරගත්තේත් වියට්නාම් රතු හමුදාව විසින් බව ඔබලා දන්නවා ඈති නේ.
    වියට්නාමයේ වගේම කාම්බෝජයේ බුදුදහම ආරක්ශාකරගත්තේ වියට්නාම් රතු හමුදාව තමයි.
    ඵහෙම නෑතිඋනානම් ඈමරිකන් රූකඩ පාලක ජෙනරාල් ඩින්ඩියම් යටතේ ක්‍රිස්තියානි වියට්නාමයකුත් , පොල්පොට් යටතේකාම්බෝජ මිනීකනත්තකුත් තමා ඉතුරුවෙන්නෙනේ !

    //අද ලංකාව දිහා බලල ඕන නම් කාට හරි කියන්න පුළුවන් ධනපති ක්‍රමය තුලත් බුදු දහම රැකෙනවා කියලා//
    ඵ්ක කෙසේවෙතත් ධනවාදය යටතේ රටක බුදුදහම හා සoස්කෘතිය විනාශවෙන්නේ කොහොමද කියලා බලන්න ඔනනම් ලoකාව ඵ්කට හොද උදාහරණයක් වශයෙන් පෙන්නන්න පුලුවන්.
    බුදු පිලිම වල සිරස කඩා නිදන්හොයන පාලකපන්තිය.....
    රජකඩු හොයන්න ස්වාමීන්වහන්සේලා අපවත්කරවන ලොකු ලොකු අය...
    අවුරුදු 80 දසසිල්මෑනිවරු පවා දූශනය වන රටක් මේක.
    ඔන්න අවුරුදු 66ක් ධනවාදයෙන් අපේ බුදුදහමට ලෑබුනු ආරක්ශාව.

    //මම කියන්නේ මේ රටවල නිදහස් සටන් කෙරුනේ බෞද්ධ පදනමක් ඇති ජාතික ව්‍යාපාර තුලින් නෙවෙයි//
    ඈමරිකන් අදිරාජ්‍යවාදයේ සෘජු ආක්‍රමනවලට ඵරෙහිව ආයුදගන්න ඔය දෑන් වීරයො වෙලා ඉන්න ව්‍යාජ ජාතිකවාදී(කියාගන්න )ව්‍යාපරවලට කොන්දක් තිබුනේ නෑ.ඵ් කොන්ද තිබුනේ බුදුදහමට සෑබෑ ලෙස ගරුකරන මාක්ස්වාදී විමුක්ති ව්‍යාපාරවලට විතරයි.
    ඵ් කලේ ඵයාලා හිටියෙ ඈද යට.බොරු ජාතිකවාදී ව්‍යාපාර නිදහස් සටන් කරන්න ඵලියට ඵන්නඵපෑයි ඉතින්.................
    දෑන්තමා CIAඵකෙන් සල්ලි අරන් වීරයෝ වෙලා තියෙන්නේ.

    //සමාජවාදී ආර්ථික ක්‍රමය බෞද්ධ ජීවන රටාවට ගැලපෙන්නේ නැහැ. //
    සමාජවාදය හෑර බුදුදහමට අනුකූල වන වෙන කිසිම ආර්තික ක්‍රමයක් ඈත්තේ නෑත !

    @jagath pathirana

    ඔබ කියන කතාව ටිකක් පෑහෑදිලිකරනන් පුලුවන්ද?

    සමාජවාදය නොතිබුනානම් බොදුනු වියට්නාමයක් ඉතුරුවෙන්නෙත් නෑ.
    'ජෙනරාල් පාක්' බිහිකරපු ක්‍රිස්තියානි දකුණු කොරියාව වගේ 'ජෙනරාල් ඩින්_-ඩියම්ගේ' ක්‍රිස්තියානි වියට්නාමයක් තමයි ඉතුරුවෙන්නේ !

    රටට ආදරය කරන මිනිස්සු සමාජවාදී ජාතිකවාදී වශයෙන් බෙදී වෙන්වෙන්න කාලයක් නෙවෙයි.
    රටට ඈත්තටම ආදරය කරන ජාතිකවාදීන් ඉන්න ඔන සමාජවාදී කදවුරේ මිසක් ධනවාදී කපටින්ගේ තුරුල්ලේ නෙවෙයි.
    බුදුදහම,යුක්තිය,මානව නිදහස,සොබදහම.....මේ හෑමදේකම පොදු හතුරා කොල්ලකාරී ධනවාදය නෙවෙයිද?
    ප්‍රගතිශීලි ව්‍යාපාර ඵකිනෙකා කොටවලා තමුන්ගේ පෑවෑත්ම තහවුරුකරගන්නේ ධනවාදය නෙවෙයිද?
    ඵ් නිසා රටට ආදරය කරන සමජවාදීන්,අවoක ජාතිකවාදීන් මේ හෑමෝම ඵකතුවෙනවා මිසක් ජාතිවාදය තුරුල්ලට වෑදිලා ධනවාදයේ අතකොලුවේලා තමුන්ගේ පතියේ අනිකාත් මරාගෙන තමුනුත් නෑහෙනවාද කියලා තීරනය කරන්න ඔන.
    ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ සංස්කෘතිය ජීවන ක්‍රමයක් ධනවාදයත් සමාජවාදයත් පිලිවෙලින් යුදෙව් ක්‍රිස්තියානි සහ කතෝලික සංස්කෘතිවල බිහිවුණු හුදෙක් ආර්ථික ව්‍යුහ පමණයි. ඒ නිසා ධනවාදය සමාජවාදය සමඟ සිංහල බෞද්ධ සංස්කෘතිය සසඳන්න බැහැ. මා කලින් කියා ඇති පරිදි සිංහල බෞද්ධ සංස්කෘතික ආර්ථික ව්‍යුහයේ ඉන්ද්‍රිය තැවීමත් ආර්ථික වර්ධනයට බලපෑමක් ඇති කරනවා. ධනවාදයටත් සමාජවාදයටත් ෙසෙද්ධාන්තිකව එවැනි ස්ථාවරයක් නැහැ.

      මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් තිබිය යුතු බව නොයෙකුත් පැහැති සමාජවාදීන් පිළිගන්නවාද? එසේ පිළිගන්නේ සමාජවාදයේ කුමන ඉගැන්වීම හෝ න්‍යාය මත පදනම් වද?

      Delete