Friday, September 26, 2014

වාස් පියනම අපේ කෙරීම සහ අපේ කර ගැනීම

ලංකාවේ එක්තරා පේණ කියන තැනත්තියකට පත්තිණි මෑණියන්ගේ මෙන්ම සාන්ත අන්තෝනි තුමා ගේද අනුග්‍රහය ලැබෙන බව කියවේ. මේ දෙපල අතර කිසි සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැකි වුනද වෙරළබඩ තිබුනු සමහර පත්තිනි දේවාල එකල පෘතුගීසීන් විසින් කතෝලික පල්ලි බවට පත් කිරීම හා එය ගැලපේ.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට වැඳුම් පිදුම් කරන්නේ කතෝලිකයින් පමණක් නොවේ. බෞද්ධයෝත් හිංදුවරුත් එහි යති එති. ඉන් පැහැදිලි වන්නේ සාන්ත අන්තෝනි තුමා අපේ කරගත් ආකාරයය. පෘතුගීසීන් විසින් බලෙන් පැටවුනද කතෝලික ආගම සිය සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට තරම් ශක්තියක් සිංහළුන්ට තිබිනි. අද අපට බටහිරෙන් එන සහ බලෙන් දෙන බොහෝ දේ අපේ කර ගැනීමට තරම් ශක්තියක් නැතිවීම කණගාටුවට කරුණකි.

සංස්කෘතියක් පරිහාණියට පත් වෙන්නේ එය තමන්ට රිසි පරිදි වෙනස් කර ගැනීමට හැකියාවක් එහි මිනිසුන්ට නැති වෙන විටය. අද අපි දෙන දේ ගෙඩිය පිටින් භාර ගන්නෙමු. ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහසක් ලැබීමෙන් පසු මෙරට විදේශ ප්‍රතිපත්තියක් කියා යමක් තිබුනේ නම් එය එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ හෝ විදේශ ප්‍රතිපත්තිවලට නැමෙන ඔවුන්ට තේරුම්ගත හැකි ඔවුන්ගේ ආකෘතියට ගැලපෙන එකක් විය. මෙතෙක් කල් අපේ තනාපති ක්‍රමය ගෙඩිය පිටින් ගත් දෙයක්විය. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා තනාපති ක්‍රමය අපේ එකක් බවට පත් කරමින් සිටියි. අපේ රටට රටේ ආර්ථික හා යුදමය ශක්තියට එහා යන දේශපාලනික පිළිගැනීමක් සහ අනන්‍යතාවක් ජාත්‍යාන්තරව අත් කරදීමට ඒ මහතාට හැකිවී ඇත. එසේ හැකිවී ඇත්තේ මෙතෙක් කල් අපි අනුගමනය කල බටහිරෙන් ලබා ගත් තනාපති ක්‍රමයට අනුව නොව එය අපේ කර ගැනීම තුලය. මේ තත්වය ජාතික ව්‍යාපාරය විසින් නිර්මාණය කරගත් දෙයක් නොව මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම නිර්මාණය කරන ලද්දක් වීමද විශේෂයකි.

ශාන්ත අන්තෝනිතුමා ඉපැදුනේ දොලොස් වන ශත වර්ෂයේ පෘතුගාලයේය. මිය ගියේ ඉතාලියේය. එතුමා ලංකාවට පැමිණ නැත. ජුසේ වාස් නමින් සිංහලට හරවා ගත් ජොස්ප් වාස් පියතුමා නායක් පවුලකට දාව ඉපිදුනේ ඉංදියාවේ ගෝවේ ප්‍රාන්තයේය. එතුමා වයස අවුරුදු තිස් හයක් වනතෙක් කතෝලික පූජකවරයෙකු වශයෙන් සේවය කලේ ඉංදියාවේය. දාහත්වන සිය වසේ අග භාගයේ ලංදේසීන් විසින් ලාංකික කතෝලිකයින්ට කරන හිරි හැර දකින එතුමා වයස අවුරුදු තිස් හයේදී ලංකාවට රහසේ පැමිනෙයි. එතැන් සිට කන්ද උඩ රට දෙවන විමලධර්මසූරිය සහ වීර නරේන්ද්‍රසිංහ යන සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලබමින් 1711දී මිය යන තෙක් වසර විසි පහක් මෙරට කතෝලිකයින් වෙනුවෙන් මහනුවර වාසය කරමින් කැපවී කටයුතු කලේය.

ජුසේ වාස් පියතුමාගේ උසස් චරියාව අගයමින් වතිකානු පල්ලිය විසින් ලබන වසරේදී එතුමා සාන්තුවරයෙක් බවට නම් කෙරීමට නියමිතය. එහි වැදගත් කම නම් එතුමා ලංකාවේ ප්‍රථම සාන්තුවරයා වීමය. ඉංදියානු සම්භවයක් තිබුනද එතුමා ලංකාවේ සාන්තුවරයෙකු ලෙස හැඳින්වීම තුලින් වතිකානුව විසින් එතුමා අපේ බවට පත් කෙරෙයි. නමුත් වතිකානුව විසින් එතුමා අපේ කෙරීමට පෙර මෙරට සිංහල බෞද්ධ රජවරු විසින් එතුමා අපේ කරගත් බව අමතක නොකල යුතුය.

අද වනවිට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් බටහිර කතෝලික සංස්කෘතියට බරපතල තර්ජනයක් ඇත. එය විශේෂයෙන්ම එලි දැක්වෙන්නේ ලිංගිකත්වය පිළිබඳ ඒ සංස්කෘති දෙක අතර ඇති ගැටුම තුලිනි. පැහැදිලිවම මේ සංස්කෘතික ගැටුමෙන් දිනන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියය. ඒ නිසා එහි උවමණා එපාකම් වලට අනුව පාප් වහන්සේ ඇතුළු වතිකානු පල්ලිය මෙහෙය වීමට හැකියාවක් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ලැබී ඇත. ඒ හරහා සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීමට වතිකානුව යොදා ගැනීමටද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හැකියාවක් ඇත. එසේ යොදා ගැනෙන්නේ නම් ඒගැන මුලින්ම සංවේදී විය හැක්කේ සිංහල කතෝලිකයින්ටය. එවැනි ක්‍රියාන්විතයකදී සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කරදීම සිංහල කතෝලිකයින්ගේ වගකීම හා යුතුකම වනු ඇත. කතෝලිකයින් පෙලූ ලංදේසීන්ට එරෙහිව ජුසේ වාස් පියතුමාට අනුග්‍රහය දක්වමින් සිංහල බෞද්ධ රජවරුන් තමන්ගේ යුතුකම් කොටස ඉටුකර ඇත.

8 comments:

  1. ඕවා ඕන නෑ බුද්ධාගමට අබ සරණ තියෙනවා නේ..

    ReplyDelete
  2. අනුරාධ පුර යුගයේදීත් මෙහෙ ක්‍රිස්තියානි අය හිටියා කියා කතාවක් තියෙනවා මේකට බෞද්ධයොනම් තදින්ම විරුද්ධයි
    නමුත් මට හිතෙනවා වලගම්බා රජ්ජුරුවෝ පලායනකොට මහකළුසිංහලයා පැනල යනවෝ කිව්ව ගිරි නිඝන්ටයා ක්‍රිස්තියානි කාරයෙක්ද කියලා
    මොකද ඔයවගේ කතාවක් කියන්න නම් ඌ මාක්ස වාදියෙක් හෝ ක්‍රිස්තියානිකාරයෙක් විය යුතුයි.
    මම මෙහෙම කියන්නේ රනිල් ප්‍රභා සාම ගිවිසුම ගහපු කාලේ මගේ කතෝලික යාලුවො හැසිරුන හැටි මතක නිසා.

    ReplyDelete
    Replies
    1. උබේ කමෙන්න්ටුව දිහා බලනකොට නානසාරගෙ මන්දබුද්දික අනුගාමිකයො ටික ඔලුවෙතියාගෙන ඉන්න හීනමාන අදහස් මොනවාද කියලා හොදටම පේනවා.
      උබල වගේ නානසාරවාදියොත් මුස්ලිම් වාහාබ්කාරයොත් අතර කිසිම වෙනසක් නෑ මචන්.

      ක්‍රිස්තියානි මූලදර්මවාදීන්ව ඵක අතකිනුත් මුස්ලිම් අන්තවාදීන්ව අනිත් අතිනුත් හුරතල් කරන ඈමරිකන් ගේම් ඵකේ ශ්‍රී ලoකන් වර්ශන් ඵක ,
      මුස්ලිම් අන්තවාදියො ඵක අතකිනුත් සිoහල බොදු ( කම විකුන කන ) අන්තවාදියො තව අතකිනුත් හුරතල් කර කර ජාතිවාදෙන් මිනිස්සුන්ගේ ඈස් අන්ද කරලා, රටේ දෑවෙන ප්‍රශ්න යටගහන කපටි පාලකයන්ගේ උපක්‍රමය නේද උබලා මේ දාන්නේ කියන ඵක් තේරුම් නොගන්න තරම් අපිට මොගල් නෑ බන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.

      ශ්‍රී දළදා මාලිගාව ඉස්සරහා කාර් රේස් පෑදපු, බුදු පිළිමවල සිරස කඩලා නිදන් හාරපු , රජ කඩු හොයන්න ස්වාමීන්වහන්සේලා අපවත් කරපු.......අද අවුරුදු 80ක දස සිල් මාතාවක් දූශනය කරන්න තරම් පිරිහුනු මේ රටේ සාශනයට මේ වගේ අපහාස උන යුගයක් තවත් තියනවද බන්?

      මොනවද උබලා මේවාට ඵරෙහිව ගත්ත ක්‍රියා මාර්ග???

      මම උඩින් කියපුවා ක්‍රිස්තියානියො වත් මුස්ලිමුන්වත් මාක්ස්වාදියො වත් කරපු වෑඩ නෙවෙයි නේද...........මේ රටේ පාලකයන්ගේ අනුදෑනුම ආරක්ශාව යටතේ තමා කාර් රේස්,නිදන් හෑරිලි, රජ කඩු හෙවිලි ඔය කියන ඔක්කොම අපහාස සිද්ද උනේ.

      උබලා මොනවද මේවාට ඵරෙහිව කලේ?

      ඈටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපු ඵක විතරයි නේද???

      ආණ්ඩුවේ හෙලුව (යූ.ඈන්.පී කාරයන්ද වෙනසක් නෑත ) වහන්න චීවරය පාවිච්චිකරන ඵක හරිම නින්දිතයි බන්.
      උබලා ඔය කරන බොරුව ගෑන ලෑජ්ජ වෙයන්.

      ගිරි කියන නිගන්ඨයා වශයෙන් ඉදලා තියෙන්නේ නානසාර !

      Delete
    2. මම බොදුබල සේනාවට විරුද්ධ කෙනෙක් ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ පිදිය යුත්තෙකුත් නෙමෙයි (මම සාමාන්‍යයෙන් හෙළ උරුමෙට චන්දෙ දෙනවා) මට මහින්ද රාජපක්ෂ ගැන ලොකු විවේචනයක් තියෙනවා
      ඒ වගේම බොදු බල සේනාව විවේචනය කරන අයගැනත් මට පැහැදීමක් නෑ.
      දලදා මාලිගාව ඉස්සරහා කාර් රේස් යෑම වගේම දලදා මාලිගාවට බෝම්බ ගැහීමත් මට අමතක නෑ ඒ වගේම රටේ කෙරෙන හැම අපරාධයක්ම බොදුබල සේනාව විසින් වැලැක්විය යුතුයි කියන්නෙ මොකද එහෙනම් බොදු බල සේනාවට පොලිස් බලතල දීල ඉඳිමු
      ඔයා දැවෙන ප්‍රශ්න කියලා කියන්නෙ සහ ඒවාට විසඳුම් හැටියට බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
      ඒ වගේම ලංකාවෙ බුද්ධාගම නොතිබුනානම් එල්.ටී.ටී. ඊ. එක මේ වනවිට දිනලා

      Delete
    3. //මම බොදුබල සේනාවට විරුද්ධ කෙනෙක් ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ පිදිය යුත්තෙකුත් නෙමෙයි (මම සාමාන්‍යයෙන් හෙළ උරුමෙට චන්දෙ දෙනවා) මට මහින්ද රාජපක්ෂ ගැන ලොකු විවේචනයක් තියෙනවා//

      ඔන්න ඔකතමා ඔබතුමාලගේ මතවාදය.ඔලු තුනේ බූරුවෝ වගේ.
      බොදුබල සේනාවට අකමෑති ලු.
      මහින්ද ට කෑමෑත්තක් නෑ ලු.
      ඔබතුමා හෙල උරුමයට චන්දෙ දෙනවලු.

      මහත්මයා හෙල උරුමය රි0ගන් ඉන්නේ ඔබ අකමෑතී කියන ආණ්ඩුව ඈතුලේ නේද?
      හෙල උරුමෙට ගහන චන්ද හෑම ඵකකම ආණ්ඩුවට ගහන චන්ද නේද?
      බොදු බල සේනාව ආණ්ඩුවෙම බලල් අතක් නේද?
      ඔය අකමෑතියි කියන හෙළ උරුමය බො.බ.සෙ මේ හෑම ඵකකම රාජපක්ශ මහත්මයාගේ ආණ්ඩුවේ හෙන්චයියො නේ.
      ඔබතුමා බො.බ්.සෙ මහින්ද ඵක්ක ලගින පක්ශයකට චන්දෙ දෙනගමන් ඵ්වාට කෑමති නෑ කියන්නේ කටින්ද?
      හෙල උරුමෙට දෙන හෑම චන්දයක්ම චම්පික ගිහිල්ලා තියන්නේ මහින්දගෙ පාමුල.
      ඵ් නිසා හෙ.උරුමයට චන්දේ දුන්නාය කියන්නේ මහින්දට දුන්නා කියන ඵකයි............ඵ් කියන්නේ බො.බ.සේ වගේ අන්තවාදී සoවිදාන වල මෝඩ වෑඩ අනුමත කලා කියන ඵකයි

      //දලදා මාලිගාව ඉස්සරහා කාර් රේස් යෑම වගේම දලදා මාලිගාවට බෝම්බ ගැහීමත් මට අමතක නෑ//

      ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගෑහීම අමතක නෑද්ද?
      ඵතකොට ඵ් බෝම්බ ලොරිය ඵවපු ඵක කරුනා අම්මාන් ඵයාව මතකද?
      ඌ ඔබතුමාලගෙ හෙළ උරුමය කඩේයන අණ්ඩුවේ ශ්‍රීලකා නිදහස් පක්ශයේ උපසබාපති.
      ඔබතුමාට දුමින්ද සිල්වාට වගේ ඵ්වා මතක නෑද්ද?
      අරන්තලාවේ ස්වාමීන්වහන්සේලා කෑතිගහපු හෑටි.....මතකද?
      ඵ්වා කරපු පිල්ලෙයාන් ව අමතකද?
      ඌ ඉන්නේ හෙළ උරුමෙත් ලෑගලා ඉන්න ආණ්ඩුවේ.
      ඵතකොට දයා මාස්ටර් උන්ව මතකද?
      ඔබතුමා ලා කොටි ඵක්ක ලෑගලා ඉන්න හෙළ උරුමයට චන්දේ දෙන්නේ රෙදි ඈදගෙනද මහත්මයානනි???

      කොටිත් ඵක්ක තම්බිත් ඵක්ක බුදියන ගමන් නෑති ජාති ආගම් ප්‍රස්න ඈතිකරන්න ඵපා.

      අපි දන්නවා ආණ්ඩුවෙන් ඔබතුමාලට දීලා තියන කොන්තරාත් ඵක නෑති ජාති ආගම් ප්‍රස්න ඈතිකරලා මිනිස්සුන්ගේ අවදානය වෙනස්කරන ඵක.
      මේ ආත්මේ ඔය ගහන ගේම්වලට ලබන ආත්මේ කිනිතුල්ලො වෙලා තම උපදින්නේ හෙළ උරුමෙ.බො.බ.සෙ ඵවුන් !

      අති උත්තම නිර්මල බුදු දහම විකුන කන්න පපා යකුනේ !කොටි ඵක්ක තම්බි පක්ක ආණ්ඩුවේ ලගින ගමන් උන් ඵක්ක බිස්නස් ඩීල් ගහන ගමන් දුප්පත් මිනිස්සුන්ව කොටවලා උන් උන් මරවලා සේපවිදින මහින්ද බොබසේ හෙල උරුම කරුණා රවුෆ් හකීම් රිශාඩ් බදූදීන් තොපි ඔක්කොම ඵකයි.
      කඩේ යන ඔබතුමාලත් ඵච්චර තමයි !

      Delete
  3. "නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා තනාපති ක්‍රමය අපේ එකක් බවට පත් කරමින් සිටියි. අපේ රටට රටේ ආර්ථික හා යුදමය ශක්තියට එහා යන දේශපාලනික පිළිගැනීමක් සහ අනන්‍යතාවක් ජාත්‍යාන්තරව අත් කරදීමට ඒ මහතාට හැකිවී ඇත."

    ඔබතුමාට මේ ගැන පොඩි පැහැදිලි කිරීමක්, නැත්නම් උදාහරණ(යක්) හෝ දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් අපේ රටේ උගත්තු හිතන්නෙ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ විවාද කණ්ඩායමේ සාමාජිකත්වය තමයි උසස් රාජ්‍යතන්ත්‍රිකයකු වීමට තිබිය යුතු සුදුසුකම කියලා. මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියාවෙන් පෙන්වලා තියෙනවා ඒ සුදුසුකම තමයි වැදගත්ම නුසුදුසුකම කියලා. ඒ මහතාට හැකිවෙලා තියෙනවා ලෝකයේ සුළුතරයක් නියෝජනය කරන බටහිර ආණ්ඩු කිහිපයක් දරන ආධිපත්‍යයට නිර්භයව මෙන්ම අපේ සදාචාරයට අනුව විරෝධයක් දක්වන්ට.
      එක්සත් ජාතීන්ගේ සමුළුවේ කල කථාව
      පලස්තීනයට අධාර කිරීම
      බොලිවියාවෙන් ලද සම්මානය
      චීනයේ සහ ජපානයේ රාජ්‍ය නායකයින්ගේ මෙරට සංචාරය
      ඉංදියාව සමඟ ඇති කරගෙන ඇති අන්‍යෝන්‍ය අවබෝධය

      මෑතකදී දැක්විය හැකි උදාහරණ කිහිපයක්.

      Delete