Monday, September 22, 2014

ඌවේ ඡන්ද ප්‍රතිඵලය සහ ජාතික ප්‍රශ්ණය

ඌවේ  පළාත් සභා මැතිවරණ ඡන්ද ප්‍රතිඵල වලින් සතුටට පත්විය හැක්කේ හරීන් ප්‍රනාන්දු මහතාට පමණි. මාධ්‍ය මගින් සුපිරි තරුවක් බවට පත් කෙරුණු ඒ මහතා බලාපොරොත්තුවිය හැකි අයුරින්ම වැඩිම මනාප ඡන්ද ගණනක් හිමි කර ගත්තේය. ඒ මහතාට පුද්ගලිකව මිස පොදුවේ කිසිම දේශපාලන පක්‍ෂයකට ප්‍රතිඵල පිළිබඳව සතුටුවිය නොහැකිය. එජාපය ඡන්ද සුනාමියක් බලාපොරෙත්තු වුනද සියයට පණහක්වත් ලැබුනේ නැත. කෙසේ නමුත් හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණේ සහය නැතිවද රජයට ඌව පළාත් සභාව දිනාගත හැකිවිය. නමුත් රජයට බලාපොරොත්තුවූ තරම් වැඩි ඡන්ද ප්‍රමාණයක් නොලැබිනි.

ඡන්ද ප්‍රතිඵල තුලින් පෙනී යන්නේ රටේ ෙසේවරීය භාවය වෙනුවට සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයක් ජාතික ප්‍රශ්ණය බවට පත්වෙමින් ඇති බවය. රටේ ෙසේවරීය භාවය මෙරට සාමාන්‍ය ජනතාවට වැදගත් නැතැයි ඉන් කියවෙන්නේ නැත. රටේ ෙසේවරීය භාවය තරම් වැදගත් යමක් රටක ජනතාවට තිබිය නොහැකිය. නමුත් එය ජාතික ප්‍රශ්ණ ලැයිස්තුවෙන් පහතට වැටෙන්නේ රටේ ෙසේවරීය භාවය සුරැකෙන බව සාමාන්‍ය ජනතාව විශ්වාස කරන බැවිනි. විදේශීය සහ දේශීය බලවේග විසින් ගෙනයන රාජ්‍ය විරෝධී ව්‍යාපාරය දෙස බලන විට ඒ විශ්වාසයට එතරම් පදනමක් නැතැයි කිව හැකි වුනද වත්මන් රජය රටේ ෙසේවරීය භාවය සම්බන්ධයෙන් සිය වගකීම ඉටු කරනු ඇතැයි සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරති. රජයට ඒ ගැන සතුටුවිය හැකිය. එජාපයට තවමත් සියයට පනහක් ඡන්දය නොදෙන්නේ බලය ලැබුනොත් එජාපය විසින් රටේ ෙසේවරීය භාවය පාවා දෙන බවද මිනිස්සු විශ්වාස කරන බැවිනි.

ඌවේ ජනතාව ඉස්මතු කර පෙන්වා දෙන මෙරට සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය තව දුරටත් නොසලකා සිටිය නොහැකිය. එය ඌවේ ජනතාවට වැඩියෙන්ම දැනේනම් එයද අහම්බයෙන් සිදුවූවක් නොවේ. ඉංග්‍රීසීහු වෙල්ලස්සේ ජනතාවගෙන් කෲර ලෙස පලිගත්හ. ඉන් ආර්ථික සාමාජීය හා දේශපාලනිකව පසු බෑමකට ලක්වු ඔවුන් පරම්පරා ගණනකින් ස්වභාවයෙන්ම යලි නැගිටී යැයි සිතිය නොහැකිය. ඇමෙරිකාවේ කළු ජාතිකයින් වහල් බවින් නිදහස් වී වසර 150 ක් ගෙවුනද, ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා විශේෂ අන පනත් ක්‍රියාත්මක වුනද ඔවුන් තවමත් සිටින්නේ ඇමෙරිකානු සමාජයේ අඩි පතුලේය තවත් බොහෝ කලක් ඔවුන්ට හිමි වනු ඇත්තේද එතැනය. ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ ඉතිහාසය වෙල්ලස්සේ ජනතාවගේ ඉතිහාසයට සමාන නොවුනද ඓතිහාසික අසාධාරනකම් ලෙහෙසියෙන් කණපිට පෙරලිය නොහැකි බව පැහැදිලිය.

කෙසේ වෙතත් ඌවේ ජනතාව පෙන්වාදෙන සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය ඔවුන්ට පමණක් බලපාන ප්‍රශ්ණයක් නොවේ. එය මුළු රටටම විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට බලපාන ප්‍රශ්ණයකි. මෙරට බහුතරයකට ජීවන වියදම දරා ගත නොහැකිය. නමුත් අධික සැප සම්පත් විඳින විශාල නමුත් සුළුතරයක් මෙරට ජීවත්වෙති. සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ නොහැකියාව ගැන දුකක් ඇති අතර අර සුළු පිරිසට ඇති හැකියාව ගැනද තරහක් ඇත. රටේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගැනීමට නම් මේ ආකල්ප දෙකම වැදගත් කොට සැලකිය යුතුය. තවමත් සාමාන්‍ය මිනිසුන් බලාපොරොත්තු වන්නේ උපරිමයෙන් ඉන්ද්‍රිය පිනවා තෘප්තියක් ලැබීමට නොව ඉන්ද්‍රිය තවන ගමන් තෘප්තිමත් වීමටය. නමුත් මුළු සමාජයම ඒ සම්මුතියේ නොසිට තනි පුද්ගලයින්ට එය ඉටු කර ගත නොහැකිය. ඒ නිසා මුළු සමාජයමද ඒ අනුව හැඩ ගැසෙතැයි සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙති. නමුත් අද රට යන්නේ ඒ අතට නොවේ. සාමාන්‍ය මිනිසුන්ගේ දුකටත් තරහටත් හේතුව එයයි.

මේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය හුදු ආර්ථික ප්‍රශ්ණයක් පමණක් දකින ධනාවාදයෙන් හෝ මාකස්වාදයෙන් හෝ වෙනයම් බටහිර ආර්ථික දැනුමකින් හෝ විසඳිය නොහැකිය. ධනවාදයට අනුව ලෝකයේ කවදත් කොතැනත් සිටින්නේ එකම ආකාරයේ දුප්පතුන්ය. මාකස්වාදයට අනුව ලෝකයේ කවදත් කොතැනත් සිටින්නේ එකම ආකාරයේ පීඩිතයින්ය. නමුත් ආර්ථික ප්‍රශ්ණ සංස්කෘතියෙන් වෙන්කර සැලකීම නිවැරදි නොවේ.

කෙසේ වෙතත් බටහිර කිසිම ආර්ථික ක්‍රමයක සිිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු නැත. බටහිර ආර්ථික දැනුමේ ඇත්තේ බාහිර බල පමණි. සිංහල බෞද්ධයින්ගේ ආර්ථික දැනුමෙහි අභ්‍යන්තර බලද ඇත. ඒ අනුව ආර්ථික වර්ධනයේ සීමාවන් නිර්ණය විය යුත්තේ බාහිර බලපෑම් වලට අමතරව අභ්‍යන්තරයෙන් ඇති කරගන්නා ස්වයං වාරණ වලද ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බව නොසලකා හරිනතාක් කල් මෙරට සාමාන්‍ය මිනිසුන්ගේ දුකත් තරහත් නොසන්සිඳෙනු ඇත.

අවසානයේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණද විසඳෙන්නේ දේශපාලනයෙනි. ඒ නිසා ප්‍රශ්ණය ජාතික ප්‍රශ්ණයක් ලෙස හඳුනාගන්නේ කවුද ඊට පිළිතුරු දිය හැක්කේ කාටද යන්න ජනතාව විසින් ජන මත විචාරණ වලදී තීරණය කරනු ඇත. අවාසනාවකට ජනතාවට දේශපාලනය කිරීමට සිදුව ඇත්තේ අසමත් අකාර්යක්‍ෂම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ව්‍යුහය තුලය. ඒතුල එකල මහා සම්මතවාදයට අනුව ක්‍රියාත්මක වුනු ගම් සභා තුල තිබිනැයි සිතිය හැකි පාලක-පාලිත ගතිකයක් නැත. ඒ නිසා පාර්ලිමේන්තු ක්‍රමයක් තුල ජනතාවට කලහැක්කේ ගතිකව ආණ්ඩුවක ප්‍රතිපත්ති වෙනස් කරවීමට උත්සාහ කිරීමට වඩා ආණ්ඩුවක් බලයේ තබා ගැනීමට හෝ බලයෙන් පහ කිරීමට ඡන්දය පාවිච්චි කිරීමය. මේ තත්වය යටතේ සාමාන්‍ය මිනිසුන් තම ආර්ථික ප්‍රශ්ණ විසඳීම සඳහා සම්ප්‍රදායිකව තෝරා ගන්නේ එජාපයයි. මෙහිදී ජානිපෙයටවත් හෙල උරුමයටවත් සැලකීමක් නොලැබෙන බවද ඒ පක්‍ෂ තේරුම් ගන්නේ නම් හොඳය. නමුත් බටහිර ගැති එජාපයට සිංහළුන්ගේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයට පිළිතුරක් නැත. එපමණක් නොවේ එජාපය ඉන් එහාට ගොස් රටේ ෙසේවරීය භාවයද පාවා දෙනු ඇත.  

3 comments:

  1. මොකක්ද මේ ලිපියෙන් කියන්න හදන්නේ කියලා මට ටිකක් තේරෙනවා අඩුයි. ඌවේ ජන්දයෙන් මට නම් දැනෙන විදිහට ජාතික ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. මේ ඡන්ද ප්‍රතිපලයෙන් පෙනෙන්නේ මිනිස්සුගේ බඩ ගින්න කතා කරලා තියෙනවා කියලයි. කොළඹ පාවෙන නගර, ආකේඩ්, හැදුවට වැඩක් නැහැ ඒ ප්‍රතිලාභ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැත්නම්. අ

    අනිත් එක ලංකාව සංචාරක පුරයක් කරන්න කියලා වෙනත් රටවල තියෙන දේවල් කොපි කරලා කොන්ක්‍රීට් ඉදිකිරීම් කරලා සංචාරකයෝ ගේන්න පුළුවන් කියලා හිතනවනම් ඒක තේරුමක් නැති වැඩක්. මේ හැමදේම නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ බඩට වදිනවා කියන එකත් ඒක දැන් මිනිස්සුන්ට යුධ ජයග්‍රහණය විතරක් පෙන්නලා සමනය කරන්න බැහැ කියන එකත් තමයි ඌවේ ඡන්දයෙන් පේන්නේ....

    ReplyDelete
    Replies
    1. යුද්ධෙ දිනුවේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධය දිනන්න උවමණාවක් තිබුන නිසයි. බහුතරයක් මිනිස්සු ඒ ගැන කොහොමටත් ආඩම්බරයි. අවශ්‍ය වෙලා තියෙන්නෙ රටට ඔබින ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කරගන්න එකයි. එසේ නැතිව මොන ආණ්ඩුවක් ආවත් රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසඳෙන්නේ නැහැ.

      Delete
  2. ඔබ ගැටලුව මතුපිටින් සාකච්චා කර තිබෙනවා. ඒත් ඇතුලටම ගියා නම් තමා වැඩියෙන් හොඳ.මෙවර ඌවෙ පාරම්පරික පදිංචි කරුවන් unp එකට චන්දය දීමෙන් තම විරෝධය බොහොම හොඳින්ම ආණ්ඩුවට සහ ඒකෙන් චන්දය ඉල්ලපු තම පලාතට කිසිම වැඩක් නොකළ අපේක්ෂකයන්ට දන්වලා තියෙනවා. ඒත් ඒ ඔක්කොම unp එකට නැවතත් ආපු චන්ද කියල තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා. හාලි ඇල සහ බදුල්ල චන්ද වලින් පෙනෙන්නෙ දිලාන්ගේ සහ නිමල් සිරිපාලගේ මුස්ලිම් ගැති බව සිංහල බෞධයන් පිළිකුල් කල බවයි.තමන් මුහුණපාන ජල හිගයට කන්දේ ඇල සහ කිකිලිමාන ව්‍යාපාර ශක්තිමත් කර එමගින් ඌව පරණගම සහ වැලිමඩ ප්‍රදේශවල ජාල ගැටලුව විසඳනවා වෙනුවට එකී ජලය අවසානයට යන උමා ඔය දකුණට හැරවීම ගැන එහි ජනතාව දැක්වූ විරෝධය වලිමදින් සහ ඌව පරනගමින් පෙනෙනවා.

    සමරසේකර

    ReplyDelete