Monday, January 27, 2014

අඩුවෙන් කන බත් සහ බත් අඩුවෙන් කෑම

ජනගහණය වැඩිවන නිසා ආහාර හිඟයක් ඇතිවෙන බවද ඊට විසඳුමක් වශයෙන් නිශ්පාදනය වැඩි කර ගත යුතු බවද අද සාමාන්‍යයෙන් අවිවාදයෙන් පිලිගැනෙන කරුණකි. නමුත් මේ ප්‍රශ්ණ සහ විසඳුම් දෙකම අපි අවිවාදයෙන් පිලිගත යුතු නොවේ. අද ඇතැයි කියන ආහාර හිඟබව අතීතයට වඩා ජනගහණය වැඩිවීම නිසා පමණක් ඇතිවුනු ප්‍රශ්ණයක්ද නැත්නම් ආහාර බෙදාගැනීම තුල ඇති විශමතාව නිසා ඇතිවුන ප්‍රශ්ණයක්ද එසේත් නැත්නම් පරිභෝජනය හා නිශ්පාදන චක්‍රය එකිනෙක කැවීම (එකක් අනික නිසා වැඩි වීම) තුල ඇතිවුනු ප්‍රශ්ණයක්ද? මේ එක් එක් හේතුවලින් ප්‍රශ්ණයට ලැබෙන දායකත්වය කොපමණද? පාරම්පරික ගොවිතැන සහ වෙදකම ගැන කථාවෙන සන්දර්භය තුල මේ ගැන විමසුමට ලක්කල යුතුය.

මේ ගැන කීමට සාක්‍ෂි නැතත් අපි අතීතයේත් මෙතරම්ම බත් කෑවේ නැතැයි මට සිතේ. අද අපි වේලකට බෙදා ගන්නා තරම් බත් පතක් අපේ මුතුන් මිත්තන්ද ආහාරයට ගත්තේ නැතුවා විය හැකි නේද? බත් පමණක් නොවේ පොදුවේ අපි අද සියලු කෑම පමණට වඩා ආහාරයට ගන්නේයැයි මම සිතමි.  පොදුවේ වැඩියෙන් ආහාරයට ගැනීම දිව පිණවීමට ඇබ්බැහි වීම නිසා ඇතිවුනු පුරුද්දක් විය යුතුය. අද අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාරයට ගෙන නිරෝගීව ජීවත්විය නොහැකිද? අද මෙන් දිව පිණවීමට ඇබ්බැහි නොවුනු අපේ මුතුන් මිත්තන් මීට වඩා අඩුවෙන් බත් ආහාරයට ගෙන නමුත් සුවයෙන් සිටියා විය නොහැකිද? එසේ වූයේ නම් ඔවුන්ට එදා ජනගහණය අනුපාතයට අනුව සාපේක්‍ෂ වශයෙන් අඩුවෙන් වී නිශ්පාදනය කර පිරිමසා ගැනීමට හැකිවන්නට ඇත.

කුස පිරීම සහ හිත පිරීම අතර සම්බන්ධයක් ඇති බව අපි අත්දැකීමෙන් දනිමු. සමහර කෑම මදක් කෑ පමණින්ම කුසද හිතද පිරෙනමුත් සමහර කෑම කොතෙක් කෑවත් නොකෑවා වැනි නේද? අද නිශ්පාදනය කෙරෙන සහල්වල ඇති යම්කිසි විශේෂත්වයක් නිසා ඉන් ලැබෙන බත් වැඩි වැඩියෙන් අනුභව කිරීමට අපේ මනස පෙළඹෙනවා විය හැකිද? වෙන ආකාරයකට පවසනවා නම් කෑවා කියා හිතට දැනෙන්නට නම් අද අපට ඇති බත් වැඩියෙන් කන්ට ඕනෑ වෙනවා විය හැකිද? මෙය සත්‍යයක්දැයි මම නොදනිමි නමුත් එය සොයා බැලිය හැකිය. එය සත්‍යයක් නම් නව තාක්‍ෂණික කෘෂිකර්මයෙන් කෙරෙන්නේ නිශ්පාදනය වැඩිකිරීම හරහා පරිභෝජනය වැඩි කිරීමකි. අද අපි කන බත්වල එවැනි ගතියක් ඇත්නම් මේ ගතිය ලැබෙන්නේ අද භාවිතා කරන වී මඟින්ද නැත්නම් සහල් නිශ්පාදන ක්‍රමවේදයෙන්ද නැත්නම් ඒ දෙකෙන්මදැයිද සොයා බැලිය හැකිය. අනිත් අතට අතීතයේ තිබූ වී වර්ග සහ සහල් නිශ්පාදනය කෙරුන විධියෙන් ලැබුනු බත්වල එවැනි දුර් ගුණයක් නොතිබුනා නම් එදා ඔවුන් ස්වභාවයෙන්ම අදට වඩා අඩුවෙන් බත් කෑවා විය හැකිද? වෙන ආකාරයකට පවසනවා නම් එදා තිබුනු සහල් වල බත් ඩිංඟක් කෑවිට කුස මෙන්ම හිතද පිරුණා විය නොහැකිද?

අඩුවෙන් බත් කනවිට අඩුවෙන් නිශ්පාදනය කල හැකිය. එසේනම් එදා සාම්ප්‍රදායික ක්‍රම අනුගමණය කරමින් කෘෂි රසායනික නොදා වැවූ වී වල ඵලදාව අඩුවීම ඔවුන්ට ප්‍රශ්ණයක් නොවුනා විය හැකියි නේද?

පමණට වඩා කෑම හොඳවිය නොහැකිය. නව තාක්‍ෂණික කෘෂිකර්මයෙන් ලැබෙන බත් ආහාරයට ගත යුතු ප්‍රමාණය වැඩිනම් එය සෞඛ්‍යයට හිතකර නොවේ. තාක්‍ෂණික කෘෂිකර්මයම විසකර බවද අපි දනිමු. ආහාරයට ගත යුතු ප්‍රමාණය වැඩිනම් ඵලදාව වැඩිවීමෙන් ඇති ලාභයද අඩුය. ඒ නිසා පාරම්පරික වී, ඵලදාව අඩුමුත් කෘෂිරසායන භාවිතා නොකරන ගොවිතැන සහ ඇති පමණට කෑමට පුරුදුවීමත් යන සමස්ථ ක්‍රියාවලිය ඊනියා ආහාර හිඟයට මෙන්ම ශරීර සුවතාවටද සුදුසු එක් පිළියමක් නොවේද?

3 comments:

  1. 100% එකඟයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වුනත් මේක සරලව පෙන්වන්න පුලුවන්. අද අපි ආහාරයට ගන්නා සහල් වර්ග වල glicaemic index එක ඉතා ඉහලයි. ඒ කියන්නෙ කාල ඉක්මනින් ලේ වලට ග්ලුකෝස් විදිහට එකතු වෙලා ශක්තිය ඉක්මනින් නිදහස් කරනව. ටික වෙලාවකින් ගත් ආහාරයෙන් ශක්තිය ලබ දීම අවසන් වෙනව.
    අපේ පැරණි සහල් වර්ග දිරවන්නෙ ඉතා සෙමින්. ඒවයේ සංඝටක ස්වභාවය නිසා. Gastric emptying time එක අඩුයි. ආමශයේ ආහාර වැඩි වෙලවක් රැඳෙනව. කුස ඉක්මනින් පිරෙනව. මෙක මම අද්දැකීමෙන් දන්නව. මඩතවාළු වගේ සහල් වල බතින් කටවල් හත අටකට වඩා කන්න අමාරුයි. කෑවම ආ‍යෙත් බඩගිනි ,වෙන්නෙ ගොඩක් පහු වෙලා. බටහිර රටවල සහ අද කාලයෙ අපේ රටෙත් snacks කියලා අතරමැද ආහාර වේල් ගන්න සිද්ද වෙලා තියෙන්නෙත් මේ glicaemic index එක වැඩි ආහාර හින්දයි.

    ReplyDelete
  2. කසුන් කෞශල්‍යයJanuary 31, 2014 at 12:52 PM

    ජනක මහත්මයා අරමුණු කල දෙයින් මදක් වෙනස් උනත් ... බත් හා සම්බන්ධ නිසා මෙය පලකරමි...

    පෙරදිග ධාන්‍යාගාරය පිරවූ අපේ සහල් වර්ග
    http://www.divaina.com/2010/07/04/siya08.html

    අප දැන් ඒ වී වර්ග 263 හඳුනා ගනිමු.

    1. අකුරම්බඩ 2. අඟුරැලි 3. අතතුරු 4. අසුරම්බොඩ 5. ඇද්. දෙවරැදිරි 6. ඇද ඇල් 7. ඇදි ගම් 8. ඇදිගම් ඇල් 9. ඇඹල ඇල් 10.ඉද ඇල්,11. ඉඳිපත් ඇල් 12. ඉලංකාලිං, ඉලංකැලි, 13 ඉලංගමට්‌ටන්, 14. ඉලංගු කොට්‌ටැල්

    15. උඩරට මා, 16. ඌරු, 17. ඌරු ඇල්, 18. කච්චිපොට, 19. කරඇල්- කරයෑල්, 20. කවුඩු ඇල්, 21. කහ ඇල්, 22. කහට 23. කහට ඇල්, 24. කහට කුණ්‌ඩ 25. කහටම්බා, 26. කහටමා, 27. කහට හන්දිරන්, 28. කහපොත් ඇලි, 29. කහමා, 30. කළු, 31. කළු ඇල්, 32. කළුකුණ්‌ඩ, 33. කළු කුන්දන් 34. කළු කුමාර, 35. කළු කුරු, 36. කළු කොත්විල, 37. කළු කොස්‌ ඇට, 38. කළුදාන හල, 39. කළුදුරු, 40. කළුපන්නටි, 41. කළු බොර ඇල්, 42. කළුමා, 43. කළුමානික්‌කන්, 44. කළු මුරුංගා, 45. කළු වීරළු ඇල්, 46. කළු හන්දිරම්, 47. කළු හීනටි, 48. කැමි හැල්, 49. කිතුල් කොට ඇල්, 50. කිතුල් පත්, 51. කිතුල් පත් ඇල්, 52. කිරි ඇල්, 53. කිරි කුණ්‌ඩ, 54. කිරි කුම්බ, 55. කිරි කුම්බ ඇල්, 56. කිරි නාරන්, 57. කිරි බැර ඇල්, 58. කුඩා කරලිනා, 59. කුදු ඇල්, 60. කුරු, 61. කුරුමා, 62. කුරුම්පත් ඇල්, 63. කුරුළු ඇල්, 64. කුරුළු ඇල්, 65. කුරුළු තුඩු, කුරුළු පිහාටු, 66. කොට්‌ටි යාරන්, 67. කොත් ඇල්, 68. කොත්ත මල්මි, 69. කොමදු ඇල්, 70. කොලො, 71. කොහු, 72. කොහුමා, 73. කොහු දෙවැරැද්දිරි, 74. කොහු හොරණවාල, 75. ගනතුඩු ඇල්, 76. ගන තුඩපත් ඇල්, 77. ගම්බොඩ හීනටි, 78. ගල්පා, 79. ගල්බඩ ඇල්, 80. ගල්බඩ හැළි, 81. ගල් හොරණවාල, 82. ගිනිමා, 83. ගිනිරත්න, 84. ගිරාතුඩු ඇල්, 85. ගිරි කුරුම්බ, 86. ගිරිස්‌ - ගිරේසස්‌, 87. ගුරුල් ඇල්, 88. ගොඩමා, 89. ගොඩ හොරණවාල, 90. තටු ඇල්, 91. තටුපත් ඇල්, 92. තණ ඇල්, 93. තමලිංගම් ඇල්, 94. තලමල් ඇල්, 95. තවාලු, කැල් 96. නිසලා හැළි, 97. තුලුංග, 98. තුලුනු ඇල්, 99. තැල්, 100. දික්‌, 101. දෙන, 102. දෙල්පත් ඇල්, 103. දෙවරැද්දිරි, 104. දෙහිලින්පත් ඇල්, 105. දේව ඇල්, 106. දේවරාජ ඇල්, 107. දොලුව ඇල්, 108. දොa ඇල්, 109. දොa බටුවා ඇල්, 110. නළා ඇල්, 111. නළා හැළි, 112. නළාමල් ඇල්, 113. නාරන් ඇලි, 114. නැහු නැටි, 115. නිවුඩු රට, 116. නුගපත් ඇල්, 117. පත් ඇල්, 118. පතු, 119. පන්නටි, 120. පනන්කාලියන්, 121. පයතුරු, 122. පලා ඇල්, 123. පාල ඇල්, 124. පාල සිදරි, 125. පින්න ඇල්, 126. විනිඇල් පුවක්‌ මල් ඇල පුස්‌ප සම්බා, 127. පිහාටු, 128. පුළුක්‌ හම්බන්, 129. පුවාලු, 130. පෙලැල්, 131. පොත් ඇල්, 132. පොඩි, 133. පොඩි කුමාර, 134. පොඩි කුරු විපස්‌ ඇල්, 135. පොඩි රට, 136. පොඩි හීනටි, 137. පොඩි හාතලි, 138. පොල් ඇල්, 139. පොල, 140. පොසොන් ඇල්, 141. බටු ඇල්, 142. බටු කිරියල්, 143. බරු ඇල්, 144.බරු කොට්‌ටැල්, 145. බාලමා, 146. බාලමීපත් ඇල්, 147. බාලරත් කුණ්‌ඩ, 148. බළල්වාන, 149. මඩ ඇල්, 150. මඩ කිරිඇල්, 151. මඩතවාලු, 152. මඩ හීනටි, 153. මල මරියන්, 154. මල වාරිය, 155. මහ කරලිනා, 156. මහ කළු, 157. මහ කළුදුර, 158. මහ කිරියල්, 159. මහකුරු, 160. මහ නාරන්, 161. මහ දෙවරැද්දිරි, 162. මඟ මා, 163. මහ මුනැස්‌, 164. මහ හොරණවාල, 165. මා (මහ), 166. මා ඇල්, 167. මා ඇලි, 168. මාදොලුවා, 169. මාපත් ඇල්. මාලවාරියන්, 170. මීපත් ඇල්, 171. මීපත් හැළි, 172. මුත්තැස්‌, 173. මුතුකිරි ඇල්, 174. මුතු සම්බා, 175. මුරුංගා, 176. මුරුණා,

    ReplyDelete
  3. කසුන් කෞශල්‍යයJanuary 31, 2014 at 12:52 PM

    2 කොටස

    184. මුදු කිරිඇල්- මුදු කිරියල්, 185. මූකළ ඇල්, 186. මොනර ඇල්, 187. මොනරකැන් ඇල්, 188. මෝපත් ඇල්, 189. රට, 190. රට දෙවැරැද්දිරි, 191. රට හන්දිරන්, 192. රත් ඇල්, 193. රත්කර ඇල්, 194. කරවාකර, 196. රත් කරවා, 197. රත් කුණ්‌ඩා, 198. රත් කුණ්‌ඩමා, 199. රත්තටු ඇල්, 200. රත් කුම්බ, 201. රත්න දානමා, 202. රත්පත් ඇල්, 203. රත්පන් ඇලි, 204. රත්හන්දිරම්, 205. රතුම්, 206. රතු මානික්‌කන්, 207. රතු වීපත් ඇල්, රතුහාතල් 208. රදා ඇල්, 209. රාජ. 210. රායණ, 211. රුවන් ඇල්, 212. ලේන ඇල්, 213. වඟු ඇල්, 214. වටුවා ඇල්, 215. වේ කොළ, 216. සන්කුණ්‌ඩ ඇල්, 217. සමන් ඇල්, 218. සානි ඇල්, 219. සිහින් ඇලි, 220. සුදු ඇල්, 221. සුදුකිරි ඇල්, 222. සුදු කුමාර, 223. සුදුකොට්‌ටියාරම්, 224. සුදුකොත්විල්, 225. සුදු කොස්‌ ඇට, 226, සුදු දාන හාල්, 227. සුදු දුරු, 228. සුදු පොඩි ඇල්, 229. සුදු පන්නම්, 230. සුදු මඩ ඇල්, 231. සුදු මල මරියන්, 232. සුදුමා, 233. සුදු මී පත් ඇල්, 234. සුදු මානික්‌කන්, 235. සුදු මුත්තැන්, 236. සුදු මුරුංගා, 237. සුදු හන්දිරම්, 238. සුදු හාතලි, 239. සුදු හැල්, 240. සුදු හීනටි, 241. සුලයි, 242. සුවඳ ඇල්, 243. සුවන් දිරම්, 244. හතියල්, 245. හන්දිරම්, 246. හත්පින් ඇල්, 247. හපුදේව, 248. හම්බා, 249. හාල්, 250. හාල් ඇල්, 251. හාල් ඇලි, 252. හාටි ඇලි, 253. හාතිලි, 254. හාල් ඇලිය, 255. හාල් සුදු, 256. හාළි සුදු ඇල්, 257. හැටදා, 258 හිගුල් පත්, 259. හීනටි- හීනටි ඇල්, 260. හීන් ඇල්, 261. හීන් නාරන් ඇල්, 262. හුණු, 263. හොණරවාලු - හොඬරවාල.

    ReplyDelete