Monday, December 30, 2013

මුස්ලිම් ප්‍රශ්ණයට දේශපාලනික පිළිතුරක් අවශ්‍යයි

දෙමළ ප්‍රශ්ණය මූලික වශයෙන් බෙදුම් වාදය හරහා කෙරුන දේශපාලන ආක්‍රමණයක්. ඒ නිසා එය අවබෝධ කරගැනීමට අපහසු වුනේ නැහැ. නමුත් මුස්ලිම් ප්‍රශ්ණය මූලික වශයෙන් සංස්කෘතික හා සමාජීය ආක්‍රමණයක් (හලාල්, ඉඩම් අත් කර ගැනීම, සංවිධාණාත්මක ජනගහණ ව්‍යාප්තිය ආදී වශයෙන්). නමුත් බොහෝ දෙනා තේරුම් නොගත්තත් මුස්ලිම් ප්‍රශ්ණයේත් අභ්‍යන්තර හා බාහිර බල හරහා රාජ්‍ය අස්ථාවර කරමින් රටේ ෙසේවරීය භාවයට හානිකරන දේශපාලනයක් තියෙනවා.

දේශපාලණ ආක්‍රමණ හරහා රටක සංස්කෘතික සමාජීය හා ආර්ථික වෙනස්කම් කරන්න බලයක් ලැබෙනවා. ඒ නිසා දේශපාලණ ආක්‍රමණ අන් කවර ආක්‍රමණයටත් වඩා බරපතලයි. ඒ නිසා දේශපාලන විසඳුම් තමයි රටේ ප්‍රශ්ණවලට දිය හැකි බරපතලම විසඳුම වෙන්නේ. නැත්නම් අන්තිම තුරුම්පුව වෙන්නේ. දේශපාලනිකව දෙන විසඳුම් තුලින් සංස්කෘතික හා සමාජීය ආක්‍රමණ වලටත් යම් තරමකට පිලිතුරක් ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මුස්ලිම් ප්‍රශ්ණය විසඳන සුදුසුම විදිහ ඊට දේශපාලන විසඳුමක් දීමයි. ඒ දේශපාලන විසඳුම තමයි මුස්ලිම් ජනයා ජාතියට එකතු කරගෙන ඒකීය රාජ්‍යය ගොඩනැඟීම. දැන් බොහෝ දෙනා කියාවි මුස්ලිම් මිනිස්සු තමන්ගේ ආගමට ඇති ලැදියාව අත්හැරලා ජාතිකත්වයක් ඇති කරගන්නේ නැත කියලා (උදාඃ පකිස්ථානය දිනනවිට රතිඤ්ඤා පත්තු කිරීම). නමුත් මුස්ලිම්වරුන් ජාතියට එකතුවිය යුත්තේ මුස්ලිම් බව අත හරමින් නොවේ.

සුලු ජාතීන් සිංහල ජාතියට එකතු කරගැනීම සඳහා වූ රාජ්‍ය අනුග්‍රහය ලැබුනු  දේශපාලන ව්‍යාපාරයක් ඉංග්‍රීසින්ගෙන් ඊනියා නිදහස ලැබුණදා ඉඳලා මෙරට තිබිලා නැහැ. ඒ සඳහා උත්සාහයක් වත් ඒ ගැන කතිකාවක්වත් තිබිලා නැහැ. ඒ නිසා එය කල නොහැකියි කියන්නට සාධාරන හේතුවක් නැහැ. අල්ලපු රටවල් මුස්ලිම් රටවල් වෙද්දී 14% පමණවූ ඉන්දියාවේ මුස්ලිම් වරුන්ව යම් ජාතිකත්වයක තබාගැනීමට එහි හිංදුතාව සමත්වෙලා තිබීම නොසලකා හැරිය නොහැකියි. සුලු ජාතීන් ජාතියට එකතු කිරීම සඳහාවූ ජාතික දේශපාලන ව්‍යාපාරයකට සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අත ගැසිය යුතුයි. නමුත් මෙවැනි දේශපාලණ ව්‍යාපාරයක ප්‍රතිඵල ලබන්න අවුරුදු විස්සක් තිහක් යයි. ඒ අතරතුර අපිට කරන්න තියෙන්නෙ රටේ නීතිය ක්‍රියාත්මක කරන එක. ඊයේ පෙරේදා මුස්ලිම් පල්ලි වලට ගහපු අනිත් මුස්ලිම් කල්ලි වහාම නීතියට හසු කල යුතුයි. පාරම්පරික මුස්ලිම් පල්ලිවල අනන්‍යතාව රකින්න සිංහල බෞද්ධ සංවිධාන පෙනී සිටීම දේශපාලනික අයෝජනයක් නොවෙයිද?

මේ හැර මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණවලට දිය හැකි විශේෂ විසඳුමක් තියෙනවාද? උදාහරණයක් වශයෙන් මුස්ලිම් මිනිස්සු ළමයි වැඩියෙන් හදන එකට සිංහලුන් කල යුතු දෙයක් තියෙනවද?

ඒ වගේම වැදගත් මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට වෙන හානියත් බටහිර සංස්කෘතියෙන් ඊට වෙන හානියත් සංසන්ධනාත්මකව අවබෝධ කර ගැනීම. මොකද සිංහල බෞද්ධයින්ට නිදහසක් ලැබෙන්නේ මේ දෙකෙන්ම මුලු මනින්ම නිදහස් වුනොත් පමණයි. හලාල් නම් නොකා ඉන්න පුලුවන් (තවමත්) නමුත් අපිට මේ කරන බටහිර රස්සාවලින් ගැලවෙන්න පුලුවන්ද? බටහිර අධ්‍යාපනය එපා කියලා විභාග වලට මුහුණ නොදී සිටිය හැකි ජගතෙක් ඉන්නවද? අඩු තරමින් කරන රස්සාව හෝ ලබන බටහිර අධ්‍යාපනය ඒ ඒ තැන්වල විවේචනය කරන්න තරම්වත් කෙනෙකුට ශක්තියක් තියෙනවද? මට නම් නැහැ. මුස්ලිම් ආක්‍රමණ ගැන කෙඳිරිගාන අපි කරවටක් බටහිර සංස්කෘතියේ ගිලිලා නේද ඉන්නෙ? අද මුස්ලිම් වරුන්ට ගහන්න ඉදිරිපත්වෙන සමහර සයිබර් වීරයන්ටත් පෞර්ෂයක්  එන්නේ සුද්දත් මුස්ලිම් කාරයට ගහන නිසා නේද? අපි කරන්නේ බටහිර සංස්කෘතිය අනුකරණය කිරීම නිසා අපි ලත් වරප්‍රසාද ආරක්‍ෂා කරගනිමින් අපව අපහසුතාවයට පත් කරන සමාජීය ප්‍රශ්ණ ගැන කෙඳිරී ගෑමයි. අපි හලාල් කන්න ඕනෙ නෑ නමුත් අපි එරිලා ඉන්න සමස්ථ මඩ ගොහොරුව ගැන හරි අවබෝධයක් ලබා ගනිමු. නැත්නම් මේ වලෙන් ගොඩ එන්න ගන්නා ක්‍රියාමාර්ගයම අපි ඒ වල තුලට තව තවත් හිර කරාවි.

3 comments:

  1. මම දකින විදියට මුස්ලිම් ශිෂ්ඨාචාරය අරාබිය කේන්ද්‍ර කරගත් එකක්
    එම නිසා මුස්ලිම් සංස්කෘතිය පෙරලීමට අවශ්‍ය යක්ෂයා හොයා ගත යුත්තෙත් අරාබියෙන්මයි
    මුස්ලිම්වරු ශ්‍රී ලාංකික ජාතියකට එකතුකර ගැනීම ප්‍රායෝගික නෑ
    ලංකාවෙදි අපිට කරන්න තියෙන්නේ මුස්ලිම් වරු එක්ක අනවශ්‍ය ගැටුම් ඇතිනොකර ඒ වගේම මුස්ලිම් වරුන්ට මොනම වාසියක් වත් ලබා නොදී අතේ දුරින් සිටීමයි

    ReplyDelete
  2. මම හිතන්නේ මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ සිංහල අය ළඟ නෙමේ මුස්ලිම් අය ළඟමයි. ඔවුන් සියවස් ගණනක් මේ රටේ සිංහල ජනතාව සමඟ ගතකළ සාම්ප්‍රදායික මුස්ලිම් ජීවන ක්‍රමය මේ වෙද්දී අන්තවාදී කල්ලි විසින් අන්තවාදී දිශානතිය කරා තල්ලු කරනවා වේගයෙන්. මෙතෙක් ඇඳපු ඇඳුම් වෙනුවට මුළු ඇඟම වැහෙන ගෝණි බිල්ලා ඇඳුම්, හලාල් ආහාර, ආගමික ආක්‍රමණ මේ සඳහා නිදසුන්. මේ කටයුතු නතර කරලා තමන්ගේ ජාතිය අන්තවාදය කරා දක්කන නරුමයන් පරාජය කිරීම මේ රටේ ජීවත් වන සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ වගකීමක්. එතකොට ප්‍රශ්න අහවරයි. වෙළඳාමට මේ රටට ආවේ මුස්ලිම් පිරිමි විතරයි. ඔවුන්ට ස්ත්‍රීන් ලබා දුන්නේ සිංහලයින්. ඒ නිසා මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමඟ මේ රටේ ජීවත් වන මුස්ලිම් අයට ලොකු නෑකමක් තියෙන බව මුස්ලිම්වරු අමතක කළ යුතු නෑ.

    ඒ නිසා ඔවුන් කළ යුත්තේ සෞදි අරාබිය වැනි ෂාරියා නීතිය සහිත මුස්ලිම් රටක ජීවන ක්‍රමය වෙත තල්ලු වී යනු වෙනුවට ඔවුන්ගේ මුස්ලිම් මුතුන් මිත්තන් මේ රටේ සිංහල බෞද්ධයින් සමඟ සහජීවනයෙන් සිටි ආකාරයට ජීවත්වීම. ආණ්ඩුවේ වගකීම ඒ සඳහා ඔවුන් යොමු කිරීම සහ අන්තවාදය වෙත ඔවුන් තල්ලු කරන බලවේග විනාශ කිරීම. සිංහලයින්ගේ වගකීම තමන් සමඟ සමගියෙන් සිටින මුස්ලිම් ජනතාව එදා වගේම ආදරයෙන් පිළිගැනීම සහ ඔවුන් අන්තවාදය දෙසට යාම වැළැක්වීම. යමෙක් අන්තවාදය දෙසට ගමන් කරනවා නම් ඒ පිළිබඳ වහා ක්‍රියාමාර්ග ගතයුතුයි. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට තල් තැබිය යුතු නෑ. අපි අද බටහිර ආක්‍රමණය නිසා ජාතියක් විදිහට පිරිහී අනුකාරකයින් වී ඇති බව ඇත්ත. නමුත් එයින් කියන්නේ නැහැ කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි ගන්න කියලා. අප කළ යුත්තේ බටහිර වහල්බවින් මිදී අපේ සංස්කෘතිය පෝෂණය කරගැනීම මිස ඒක මුස්ලිම් සංස්කෘතියට බිලිදීම නෙමෙයි. ඉඟුරු දීලා මිරිස් ගැනීම නෙමෙයි. එහෙම නැතුව බටහිර සහ මුස්ලිම් සංස්කෘතිය කියන දෙකෙන් එකක් තෝරාගැනීම නම් අවසාන විකල්පය මම තෝරගන්නේ ෂාරියා නීතිය සහිත මුස්ලිම් සංස්කෘතිය නෙමේ, බටහිර සංස්කෘතිය.

    බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමා අපි මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයට විරුද්ධ වුණාම අපිත් බටහිර සංස්කෘතියට අනුගත වුණා නේද කියන එක. ඒක හරියට ගුරා ඒදණ්ඩෙ උඩින් ගියාම ගෝලයා යටින් යන්න හදනවා වගේ වැඩක්. අප විරුද්ධ වෙන්නේ ඔවුන් විරුද්ධ නිසා නෙමේ ඔවුන් අප වෙත ආක්‍රමණීශීලි වන නිසා. අපේ ආත්මාරක්ෂාව සඳහා. ඇමරිකාව හරි යුරෝපය හරි තමන්ගේ සංස්කෘතිය හර පද්ධතිය ආරක්ෂා කරගන්න උත්සාහ කරන නිසා අපේ සංස්කෘතිය අපි ආකර්ෂා නොකළ යුත්තේ ඇයි? මුස්ලිම්වරු ඔවුන්ගේ රටවලදී බටහිරට වඩා තදින් ඔවුන්ගේ සංස්කෘතිය ආකර්ෂා කරගන්න බව අමතක කළ යුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සාමාන්‍ය මුස්ලිම් ජනතාව විසින් මුස්ලිම් අන්තවාදය පරාජය කරයි කියල බලාපොරොත්තු වෙන එක සාධාරණයි. එසේ කරන ලෙස බල කලද හැකියි නමුත් එය වෙන එකක් නැහැ. ඊට හේතුව ඕනෑ කමක් තිබුනත් ලාංකික මුස්ලිම් සංස්කෘතියට ඒ සඳහා ජවයක් (විභවයක්?) නැතිවීමයි. ලාංකික දෙමළ සංස්කෘතියටවත් පිටින් එන බලපෑම්වලට මුහුණ දෙන්න තරම් ජවයක් නැහැ. මෙරට එවැනි සංස්කෘතික ජවයක් ඇත්නම් ඒ ඇත්තේ සිංහළුන්ට පමණයි. ඒ නිසයි සිංහලුන් ජාතිය ගොඩනැඟීමේ මූලිකත්වය ගතයුත්තේ. සිංහලුන් වැඩි බරක් කරට ගන්නවිට සුලු ජාතීන් ඊට කැමැත්තෙන් උර දෙයි කියා හිතන්න පුලුවන්. අවසානයේ සිංහල බෞද්ධයින්ට ඔවුන් බලාපොරොත්තුවෙන නිදහස ලබා ගැනීමට නම්, රට ඔවුන්ට අවශ්‍ය තැනකට ගෙනෙන්නට නම් සිංහලුන්ට එහි මූලිකත්වය නොගෙන සිටිය නොහැකියි.

      අපි මුස්ලිම්වත් යුදෙව් ක්‍රිස්තියානිවත් වෙනයම් සංස්කෘතියකටවත් අනුගත නොවිය යුතුයි. එය ඊට වඩා පැහැදිලි කරන්න දෙයක් නැහැ. අපි මෙරට ස්ථාපිත කල යුත්තේ සිංහල බෞද්ධ නීතියක්.

      මුල සිටම මම මුස්ලිම් ආක්‍රමණය ආක්‍රමණයක් හැටියට හඳුන්වන්නේ එය ආක්‍රමණයක් ලෙස මම දකින නිසා මිස මූණ ඉච්ඡාවට නොවේ. ආක්‍රමණ ලෙස හැඳින්වුවාට පසුව එය හොඳයි කියන්න තරම් මම මෝඩත් නැහැ. මුස්ලිම් ආක්‍රමණවලට මම විරුද්ධයි. නමුත් මම ඊට විරුද්ධ සිංහල බෞද්ධයෙක් හැටියට මිස බටහිර සංස්කෘතියේ කෙනෙකු ලෙස නෙවේ.

      Delete