Friday, November 22, 2013

මුස්ලිම් බිය



වෙන් නොවී එකතු වෙමු!
ඉංදියානු-ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය පරදවමු!!
මීට වසර තුන හාමාරකට (2013) ඉහත මේ ලිපිය ලියද්දී බොදු බලය හරහා ක්‍රියාත්මකව තිබුණේ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් බව නොදැන සිටියෙමි.

නමුත් එහි ලියැවුනු එක් දෙයක් අදටද වලංගුය එනම් මෙරට ජාතීන් එකතු කල හැක්කේ අධිරාජ්‍යවාදයට එරෙහිව බවය. අද බටහිර රාජ්‍යයත් බටහිර අතකොලුවක්වූ දෙවාල්-මෝදි ඉංදියාවත් සෘජුවම කරන අධිරාජ්‍යවාදී බලපෑමට විරුද්ධව දෙමළ ජනයාත් මුස්ලිම් ජනයාත් සිංහලුන්ට එකතු කර ගත හැකියි. බටහිර-දෙවාල්-මෝදි සහ රනිල්-සිරිසේන මර උගුලෙන්ද කරුමයෙන්ද ගැලවීමට සුදුසුම මාර්ගයද එයයි.
ජාති ආගම් පමණක් නොවේ පක්‍ෂ සහ දේශපාලන මතවාද පවා විනිවිද යන ලෙස මෙරට සියලු ජනයා අධිරාජ්‍යවාදයට විරුද්ධව එකතු කරමු.
21/05/2017
 ===============================================
සිංහලුන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට මුස්ලිම්වරුන් කෙරෙහි යම් බියක් තිබේ. සමහරුන් එය වෛරයක් කර ගන්නා අතර සමහරුන්ට එය කනස්සල්ලකි. ඊට සමගාමීව පොදුවේ මුස්ලිම්වරුන්ටද සිංහලුන් කෙරෙහි බියක් සැකයක් ඇති බව පෙනේ. මුස්ලිම් බිය යනු මේ අන්‍යෝන්‍ය බියයි. මේ අතර කිසිම බියක් සැකක් නැති සිංහලුන් මෙන්ම මුස්ලිම්වරුන්ද නැතුවා නොවේ. කෙසේ වෙතත් මේ සිංහල මුස්ලිම් පටලැවිල්ලේ විශේෂත්වයක් ඇත. වසර තිහක් තිස්සේ දෙමළ ත්‍රස්තවාදයක් සමඟ සටන් කලද සිංහලුන්ට මෙවැනි සැකයක් බියක් දෙමළුන් කෙරෙහි ඇති නොවිනි. රට පුරා අහිංසක සිංහලුන් දෙමළ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය වෙද්දීත් සියලු දෙමළුන් ත්‍රස්තවාදීන් නොවේ යැයි සිතීමට සිංහලුන්ට අපහසු නොවිනි. පැහැදිලිවම අද සිංහලුන් හා මුස්ලිම් ජනයා ඔවුනොවුන් කෙරෙහි දක්වන අගති ආකල්ප පොදුවේ සිංහලුන් විසින් දෙමළ ජනයා කෙරෙහි නොදැක්වූහ, අදද නොදක්වති.

මුස්ලිම් බියට හේතුව සිතාමතා හෝ නොසිතා හෝ මුස්ලිම්වරුන් විසින් කරගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණයයි. පසුගිය වසර පහලොවක් විස්සක් පමණ කාලයේ සිටන් මුස්ලිම්වරුන් ජන වර්ගයක් ලෙසට පොදුවේ කරන කටයුතු හරහා සිංහලුන්ගේ සංස්කෘතික අවකාශය ආක්‍රමණය කරමින් සිටිති. හලාල් ප්‍රශ්ණය, බොදු බිම් ආක්‍රමණය, අනවසර පල්ලි ඉදිකිරීම් මීට ඇති පැහැදිලි නිදසුන්ය. නමුත් මේ සැමටමත් වඩා සිංහලුන්ට දැනෙන්නේ මුස්ලිම්වරුන් සෙසු සමාජයෙන් වෙන්වී කණ්ඩායමක් ලෙසට තමන්ගේ කමක් වඩවා ගැනීමට දරන උත්සාහයයි. බොහෝ සිංහලුන්ට, විශේෂයෙන්ම නගරබද උගත් තරුණයින්ට එය පුද්ගලිකවම දැනේ. ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය විශේෂයෙන්ම නගරබද උගත් මුස්ලිම් තරුණයින්ටද එපරිදිම දැනේ. මෙවැනි සංස්කෘතික ආක්‍රමණයක් දෙමළ ත්‍රස්තවාදයෙන් සෘජුවම සිදුනොවිනි. දෙමළ බියක් මෙරට ඇති නොවූයේ ඒ නිසයි. 

නමුත් මුස්ලිම් බිය අනියත බියකි. මුස්ලිම් සංස්කෘතියට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය බිම දැමීමට ශක්තියක් නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය වැටෙන්නේ, අදටත් වැටෙමින් පවතින්නේ අපි සුද්දන් අනුකරණය කරමින් බෞද්ධයින් වෙන්නට උත්සාහ කරන නිසාය. මුස්ලිම් බිය නැතිකල හැකිය. මුස්ලිම් බිය ඇති කලේ මුස්ලිම්වරුන් වුනත් එය නැති කල හැක්කේ සිංහලුන්ටය. එය කල හැක්කේ ඒ සඳහා කැපවුනු දේශපාලණ ව්‍යාපාරයක් මඟිනි. ඒ දේශපාලණ ව්‍යාපාරයේ අභිප්‍රාය විය යුත්තේ වෙන් වෙන්නට තනන මුස්ලිම් වරුන් නැවතත් ජාතිය අවශෝෂණය කරගනිමින් අවසන නිදහස් රාජ්‍යයක් ගොඩනඟා ගැනීමය.

මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණය ඔවුන් පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට දක්වන ප්‍රතිචාරයක අතුරු ප්‍රතිඵලයක් විය හැකිය. එසේ නොවීමටද ඉඩ ඇත. මාස කිහිපයකට උඩදී ලංඩනයේ ශ්‍රී ලාංකික නොවන නමුත් තමන් මුස්ලිම් යැයි කියා ගන්නා පිරිසක් ලංකාවේ මුස්ලිම් වරුන් වෙනුවෙන් කල උද්ඝෝෂණයේ පසුපස වූයේ ඉංග්‍රීසීන්ද නැත්නම් මුස්ලිම්වරුන්දැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිම්වරුන්ට බාහිර බලවේග විසින් බලපෑම් එල්ල නොවෙතැයි සිතිය නොහැකිය. පසුගිය වසර පහලොව විස්ස අතර ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා අතර සිදුවුනු සංස්කෘතික විපර්යාසයට මූලික හේතුව බාහිර බලවේග විය යුතුය. ඔවුන් ඒ බලවේග සමඟ අත්වැල් බැඳ ගැනීමට යම් ප්‍රවණතාවක් ඇති බවද පැහැදිලිය. ඒ නිසා සිංහලුන් කල යුත්තේ මුස්ලිම්වරුන්ට බාහිර බලවේග වලට නතු වෙන්නට ඉඩ නොදී සිංහලුන්ට හිතැති බල කේන්ද්‍රයක බැඳ තබා ගැනීමය. වත්මන් ජනාධිපතිතුමා ඊට සුදුසුම තැනැත්තාය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ දේශපාලණ ඉතිහාසය පුරාම මෙරට මුස්ලිම්වරුන් සමඟ සුහද සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. ඔහුට සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ පිලිගැනීමක් ඇත. දෙමළ ජනයා අතර පිළිගැනීමක් තිබුනු සිංහල දේශපාලකයෙක් අපට සිටියේ නම් දෙමළ ප්‍රශ්ණය මීට බොහෝ ඉහතදී විසඳා ගැනීමට හැකි වන්නට තිබිනි. ඒ නිසා අද මුස්ලිම් ප්‍රශ්ණයට මැදිහත්වීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා වැන්නකු සිටීම වාසනාවක් ලෙස සැලකිය යුතුය. මුස්ලිම් බිය නැති කිරීමේ අත්‍යාවශ්‍ය පිළියමක් වශයෙන් අප කල යුත්තේ සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට බල කරමින් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඔහුගේ අත තව තවත් සවි කිරීමය.


බොහෝවිට අද ආගම්-ජනවාර්ගික ලෙස කේන්ද්‍රගතවීමට ප්‍රවණතාවක් ඇත්තේ වයස අවුරුදු තිස්පහට පමණ අඩු උගත් තරුණයින්ටය. මේ අය හැත්ත හතේ දරුවන් ලෙස හැඳින්වීමට හැකිය. ජේ ආර් ගේ විවෘත ආර්ථිකය තුල ඔවුන් හැදුනු වැඩුණු පරිසරය ඊට ඉහත පරම්පරා හැදුනු වැඩුණු පරිසරයට වඩා බෙහෙවින් වෙනස්විය. බටහිර සංස්කෘතික ආභාශය නිසා මේ අය බොහෝ දෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට කැමතිය. ඔවුහු තමන්ගේ පුද්ගලිකත්වය ඉහල කොට සලකති. මුස්ලිම්වරුන් සෙසු සමාජයෙන් වෙන්වී කණ්ඩායමක් ලෙසට තමන්ගේ කමක් වඩවා ගැනීමට දරන උත්සාහය පුද්ගලිකවම ඔවුන්ට දැනෙන්නේ ඒ නිසාය. ඊට පිලියමක් වශයෙන් ඔවුහු සමාන අදහස් දරන අන් අය සමඟ එක් වෙති. සිංහල තරුණයින්ගේ කේන්ද්‍රගතවීම් ඒ අයුරින්ම පුද්ගලිකත්වයක් ඇති මුස්ලිම් තරණයින්ටත් දැනේ. ඔවුන්ද ඒ අනුව වඩ වඩා තම කේන්ද්‍රයට ගොනු වෙති. අවාසනාවකට අසූවේ දශකයේදී මෙලෙස අන්තවාදීව කේන්ද්‍රගතවුනු තරුණයින් විසින් අත් කරගත් විනාශය පිළිබඳ හැත්තෑ හතේ දරුවන්ට ඇත්තේ පොතේ දැනුමක් පමණි.


අද මාධ්‍ය මඟින් උලුප්පා තබන සිංහල-මුස්ලිම් ගැටුම විශේෂයෙන්ම හැත්තෑහතේ දරුවන්ගේ ගැටුමකි. ඔවුන් නොපිලිගත්තත් හැත්තෑහතේ දරුවන් ප්‍රශ්ණය දකින්නේ පුද්ගලික අයිතිවාසිකම් මූලික කරගෙනය. නමුත් ඒ ආකාරයට මේ ප්‍රශ්ණය දැක එය විසඳිය නොහැකිය. මන්ද එහිදී අනිවාර්යයෙන්ම ලැබෙන පිලිතුර නම් සියල්ලගේම පුද්ගලික අයිතීන් සමාන ලෙස ආරක්‍ෂා වන පරිදි බටහිර සංස්කෘතියට අනුගතවී ජාතිය ආගම හුදෙක් පුද්ගලික අනන්‍යතාවකට පමණක් ලඝු කරනු යන්නය. නමුත් බටහිර සංස්කෘතිය තුල සිංහල බෞද්ධයින්ට සමාජ සාධාරණයක් ඉටු වෙන්නේ නැත.


අප කල යුත්තේ යුදෙව් ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදය එරෙහිව කෙරෙන සටනකට මුස්ලිම් වරුන්ද එකතු කර ගැනීමය. තමන්ගේ අනන්‍යතාව රැකිය හැක්කේ ශ්‍රී ලාංකික ජාතියකට එක්වීමෙන් යැයි සිංහලුන් විසින් මුස්ලිම්වරුන්ට ඒත්තු ගැන්විය යුතුය. එවිට මුස්ලිම්වරුන් විසින් කරගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණය ඔවුන් විසින් නවතා දමනු ඇත. නමුත් සිංහලුන් මුස්ලිම් විරෝධී ලෙස කේන්ද්‍රගතවී සිටිනතාක් කල් එය සිදු නොවේ. මුස්ලිම් විරෝධී සිංහල සංවිධාන වලින් කෙරෙන්නේ මුස්ලිම්වරුන් මහින්ද රාජපක්‍ෂගෙන් ඈත් කරවීමය. ඒ නිසා සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් මහින්ද රාජපක්‍ෂ මහතා මත විශ්වාසයක් තබමින් තම සංවිධාන මුස්ලිම් විරෝධී ලෙස කටයුතු නොකරන තැනට වග බලා ගත යුතුය.


මීට දශක තුනකට පමණ ඉහතදීවත් මෙරට මුස්ලිම් බියක් නොතිබිනි. එකල වෙසක් කාලයට බෞද්ධයින්ගේ තොරණ්වල ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගීය. ඔහු බෞද්ධයෙකු නොවන වග බෞද්ධයින්ට වැදගත් නොවිනි. ඔහු බෞද්ධයෙකු නොවීම ඔහුටද වැදගත් නොවුනා විය යුතුය. එවැනි වතාවරණයක් මෙරට යලිත් ඇති කර ගත හැකිය. සිංහලුන් නිදහස් වෙනතුරු මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනු ඇත. මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනතුරු සිංහලුන්ට නිදහසක් නැත. සිංහලුන් බිය නොවිය යුතුය. 

14 comments:

  1. මේ මුස්ලිම් විරෝධය සංවිධානාත්මකව මෙහෙයවන පිරිසක් ඉන්නවා. කට්ටියක් කියනවා ඔවුන් ආණ්ඩුවේ ඉත්තන් කියලා. තවත් මතයක් තියෙනවා ඔවුන් බටහිර රටවල ඉත්තන්ය කියලා. කොහොම වෙතත් ඔවුන්ගේ ක්‍රියා නිසා නැගෙනහිර මුස්ලිම්වරු දෙමළ බෙදුම්වාදයට එකතු වීමේ අනතුරක් තියෙනවා. මුස්ලිම් ජාතිවාදී දේශපාලකයන්ටත් එවැනි අරමුණක් තියෙන්ඩ පුළුවන්. ඔවුන් ඒ සදහා මුස්ලිම් ජනතාවත් පෙළගස්සනවා වෙන්ඩ පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ පුලුවන් නමුත් අවසානයේ අපිට අත්දකින්න වෙන්නේ තිරය ඉදිරිපස ඉඳන් කටයුතු කරන සමාන්‍ය මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයයි. ඔවුන් නිවැරදි මඟකට යොමු කරන්න පුලුවන් නම් තිරය පිටුපස සිටින කවුරුවනත් පරදවන්න පුලුවන්

      Delete
    2. දර්ශන කස්තුරිරත්න ---ඔබ ඉතිහාසය නොදැන කියන කතා ගැන නම් ඉතා කනගාටුයි.ඔබ වැනි පිරිස් සිටිනා විට බැරිවෙලාවත් හෝ මුස්ලිම්වරුන් ගැටුමක් පටන්ගත්තොත් එයට හේතුව අර මුස්ලිම්වරුන්ට විරෝධය පළ කල මෑතකදී බිහිවූ සංවිධාන බව කියනු නිසැකය.එය එම ගැටුමේ හේතුව ලෙස අනාගතයේදී ලොව පුරා දක්වනු ඇත.පුංචි ඉතිහාස කතා ටිකක් පවසන්නම් මොනවහරි තේරෙනු ඇත්දැයි බලන්න.70 දශකයේ ඊලම ලබාදීමට එදා සිටි දෙමල දේශපාලකයන් පිරිස සමග වේදිකාවට නැගී අයෙකු වුයේ අශ්රොෆ් ය.ඔහු එදා කීවේ දෙමල දේශපාලකයන්ට බැරිනම් මම හරි ඊලම ලබාදෙනවා කියලා.ඒ වගේම මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු නායකයෙකු වූ ඒ වාගේම ජනාධිපති අපේක්ෂකයෙකු වූ අබ්දුල් රසුල් දිවයින පුවත්පත් සාකච්චාවකදී හෙළිදරව් කලේ ඔවුන්ට ඉන්දියාවෙන් හිමි වූ AK 47 කන්ටේනර් ගැනය,එමෙන්ම එහිදී ජිහාඩය සඳහා පිරිස් පුහුණු කල බවද ඒ සඳහා ආධාර ලබාදුන් ය ගැනද හෙළිදරවු කරයි,ඒ 1998 දීය.එවිට ඔය මුස්ලිම් විරෝධය දක්වන සංවිධාන වත් ,මුස්ලිම් විරෝධයක් වත් තිබුනාද කියා සොයා බලන්න,අවාසනාවකට ඇත්ත එසේය.එමෙන්ම නැගෙනහිර 2003 කාලයේදී ඔලුවිල් ප්‍රකාශයක් නම් දෙයක් සිදුවිය,එහිදී කී දේවල් මොනවාදැයි සොයා බලන්න,එමෙන්ම ඒවාට හේතු වුයේ මොන මුස්ලිම් විරෝධයද යන්න ත් සිතා බලනු මැන.එවකට නැගෙනහිර මුස්ලිම් ත්‍රස්ත කල්ලි හතරක් විය(මේවා ගැන තොරතුරු පැමිණියේ wiki leaks හෙළිදරව්වට ද බොහෝ පෙර 2003 දී පමණය.),2009 ත්‍රස්තවාදය අවසන්වූ පසු ඔවුන්ට ආයුධ බාරදෙන ලෙස ආරක්ෂක අංශ වලින් අණ ලැබුණි.ඔවුන් සතුව තිබු ආයුධ වලින් ඉතා සුළු ප්‍රමාණයක් පල්ලි හරහා සංකේතාත්මකව භාරදී නායකයන්ද අතුරුදන්විය.මේ ආයුද තබාගන්නේ සාමය රකින්නට වන්නට ඇත.එවන් මුස්ලිම් නැගිටීමක් වනවා නම් එය සිදුවන්නේ ඔය කියන සංවිධාන හෝ පුද්ගලයන්ගේ බලපෑමකින් නම් නොවන බව ඔබට මෙයින්වත් තේරුම් ගන්න.ඔවුන් එයට සුදානම් වන්නේ විශාල කලෙක සිටය.එහෙත් එවන් දෙයක් සිදුවුවහොත් ඔය කියනා මුස්ලිම් විරෝධය දක්වන සංවිධාන ටික එයට පරම හේතුව බව කියන්නට දත කට මැද ගෙන සිටින්නම් නම් ඕනෑ තරම් ඇත,අවාසනාවකට සිංහලයාම ඒවාට රැවටී අවසානයේ සිංහලයාම වරද කරුවා කරන්නට සිංහලයාටම හැකිවනු ඇත.නොදන්නේ නම් කරුණාකර ඉතිහාසය අධ්‍යයනය කර බලනු මැන.එය ඔබට සැගවුණු සත්‍යය පවසනු ඇත.

      Delete
  2. ඔබට ඉස්ලාමය ගැන මනා දැනුමක් නොමැති බව මෙයින් පෙනී යයි.එය හොඳින් අධ්‍යයනය කර බලන්න.ආබ්‍රහමීය මූල සහිත යුදෙව් සහ ක්‍රිස්තියානි/කතෝලික ආගම් මගින් ලෝකයට කර ඇති දේ ඔබලා මනාව දන්නා බව පෙනේ.පළමුව සියලු දෙනා වරද්දා ගෙන ඇති -ජාතික මට්ටමින්ම-දෙයක් ගැන කිව යුතුය.මුස්ලිම් යනු ඉස්ලාම් ආගම අදහන්නා වේ.එය සිංහල ලෙසින් ජාතියක් හෝ දෙමල ,මැලේ මෙන් ජන වර්ගයක් නොවේ.ඔවුන් මුවර් වරු ලෙස හැදුන්වුවද ඔවුන්ගේ සම්භවය කොහෙද යන්න සොයා බලන්න.බේරුවල ආශ්‍රිතව යම් යම් අරාබි රටවල සම්භවයන් සහිත මුස්ලිම් වරු සිටියද,අද නැගෙනහිර ප්‍රදේශයේ මෙන්ම රට මැද ප්‍රදේශ වල වාසය කරන මුස්ලිම්වරු දකුණු ඉන්දීය දෙමල සම්භවයක් සහිත මුස්ලිම්වරුය.අදටත් දකුණු ඉන්දියාවේ මොවුන් ගේ ඥාතීන් සිටින අතර ආවාහ විවාහ ද සිදුවේ.මොවුන් විශාල වශයෙන් මෙරටට සංක්‍රමණය වුයේ බ්‍රිතාන්‍ය පාලන සමයේය.එමෙන්ම මොවුන් විශාල ප්‍රමාණයකට ඉන්දියානු පකිස්තානු පුරවැසි පනත හරහා පුරවැසි භාවයද ලැබුණි.(මෙය ඉදිරිපත් කලේ වතු කම්කරුවන් ට ඡන්ද බලය ලබාදීම නැතිකිරීමට ය,නමුත් එහි ප්‍රතිපලය වුයේ විශාල ඉන්දීය හා පකිස්තානු පිරිසක් මෙරට පදිංචි වීමය.).පළමුව කල යුත්තේ මෙම ජනවර්ගයකට දී ඇති තැන නැති කිරීමය.ඔවුන් චන්දය පවා ඉල්ලනේ තම ආගම පෙරටු කරගෙන මිස ජනවර්ගයක පදනමින් නොවේ-මුස්ලිම් කොන්ග්‍රසය-එබඳු ආගම් පෙරටු කරගත් වෙනත් පක්ෂ(ඉතිරි සියල්ලම කතෝලික පල්ලියට රහසිගතව කඩේ යන අතර සර්වාගමික මුහුණුවර ගෙන ඇත) තිබේද ?මෙය තේරුම් ගෙන ඇත්තේ කී දෙනාද?ඔවුන් සිදු කරන්නේ තම ආගම පැතිරවීමට අවශ්‍ය දේ රජයට කිට්ටු වී ලබා ගැනීමය.ක්‍රිස්තියානිය මෙන්ම ඉස්ලාමය ද ලෝකයේ පැතුරුණු ආකාරය ඔබ සියල්ලම දන්නවා ඇති බව සිතමි.කතෝලික පල්ලිය මේ සටනින් ජයගත්තේය.ඔවුන් තම ආගම සංස්කෘතිය පැතිරවීමට ඔවුන්ගේ දැනුම යොදාගත් බව අමුතුවෙන් කිව යුත්තක් නැත.සරලව කියන්නට ඇත්තේ ඔවුන්ට පසුපසින් ආ ඉස්ලාමය කතෝලික පල්ලිය කරගෙන ආ දේ අනුගමනය කරන බවය.එය ඉස්ලාමීය සංස්කෘතික ආක්‍රමණය බව කිව හැක.මෙය ප්‍රධාන වශයෙන් ඇරඹුණේ මුස්ලිම්වරු බටහිර අධ්‍යාපනය ලැබීමත් සමගය.අද ඔබට මෙය ඉතා පැහැදිලිව ,සිංහලෙන් ඉස්ලාම් පැහැදිලි කිරීමට ඇති වෙබ් අඩවි ගණනින් හා සිංහලෙන් ඇති ඉස්ලාම් පොත් ප්‍රමාණයෙන් මනාව දැනගත හැකිවේ.එදා කතෝලික පල්ලිය හා පාදිලි ලා ඔවුන්ගේ ආගම පැතිරවීමට ගත් ක්‍රියාමාර්ගය පසුවී හෝ ඔවුන් අනුගමනය කරමින් ඇත.කතෝලිකයන් ලෝකයට තම ආගමේ ම්ලේච්ච්ත්වය හංගා ලෝකයට සුදනන් ලෙස පෙන්වූ ආකාරය පරිදි ඉස්ලාමයට නම් සුපුරුදු ම්ලේච්චත්වයෙන් මිදීමට නම් අමාරු වී ඇත.එය මෙතරම් අනික් භක්තිකයන්ගේ පිළිකුලට භාජනය වන්නේ එබැවිනි.නමුත් කෙසේ හෝ ඔවුන් එය කරන ඇත.එයට අවශ්‍ය දේ ඔවුන්ගේ ආගමින් ම දී ඇත.බෝ වී ලෝකයම අල්ලා ගැනීමට අවශ්‍ය දේ කුරානයේම ඇත.ඔබලා මුස්ලිම්වරු ජාතික තලයට ගැනීමට හදන්නේ නම් එය කිසිසේත් කල නොහැකි දෙයක් බව තේරුම්ගන්න.කිමද ඔවුන්ට ජාතිකත්වයක් නැති බැවිනි,ඔවුන් යනු අබ්‍රහමීය ආගමක සංස්කෘතියේ ,චින්තනයේ ජීවත්වන්නන්ය,බරපතල ආකාරයෙන් තම ආගම අදහන්නන්ය,ඔවු ඔවුන්ගේ ඉලක්කය කරා ක්‍රම ක්‍රමයෙන් යනු ඇත.එවිටත් අප යුදෙව් ක්‍රිස්තියානි ආක්‍රමණයක් ගැන කතා කරමින් මත දොඩවමින් සිටිනු ඇත.ක්‍රිස්තියානිය අපේ චින්තනය ආක්‍රමණය කර අප කළු සුද්දන් කර හමාරය,අදටත් එය අප ඉගෙනගන්නා විෂයන්ගෙන් අප තුලට පිවිසෙන බව සැබෑවය,එහෙත් අප ඒ චින්තනයට විරුද්ධව මුස්ලිමුන් සමග එකතු වීම තවත් ආකාරයෙන් අපගේ වල කපා ගැනීමක් බව තේරුම් ගන්න.දෙමල හින්දුන් සමග අපට කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජීවත් විය හැකිය(-ගහ මරා ගෙන හෝ-)ඒ ඔවුන් ද අබ්‍රහමීය මුල සහිත ඒක දේව වාදී ආගම් වලට වඩා බුදුදහමින් ද පෝෂණය වූ හින්දු දහමෙන් හා සංස්කෘතික අංග වලින් අපට සමාන හෙයිනි,නමුත් කතෝලිකයන් හා මුස්ලිම්වරුන් එලෙසද,පංච දුශ්චරිතයන්ගෙන් යුත් සමාජයක්(සත්ත්ව ඝාතනය-ගව ඝාතකාගාර,කුකුලන් -ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරුද ,ඌරන්,ධීවරයන් හා සුරාව කතෝලිකයන්ද -අද සිංහලයන් මෙහි ද පෙරමුණ ගෙන ඇත.) බිහිවීමට ප්‍රධාන වුයේ මේ අබ්‍රහමීය මුල සහිත ආගම් නොවේද?ලොවට සැනසීම නැති කලේ,ලොව විනාශ මුඛයට ඇද දැම්මේ එක දේව වාදී මොවුන් නොවේද?ලෝකයම තම ආගමට හරවා ගැනීමේ උමතුවෙන් පෙළෙන්නේ කතෝලිකයන් හා මුස්ලිම් වරු මිස බෞද්ධයන් වත් හින්දුන් වත් නොවන බව තේරුම් ගන්න.එම නිසා මොවුන් සමග එකට ජීවත්වීම ගැන කතාකරයි නම් ඒවා සුරංගනා කතා ලෙස මිස අන් කවරක් ලෙසින් සිතන්නද?යුදෙව් ක්‍රිස්තියානියට විරුද්ධ වෙමින් ඊටත් වඩා දරුණු වූ (චින්තනයක් ලෙස නම් එය තවමත් දුර්වල ඇති මුත් එය ඉස්ලාමීය උගතුන් ඉස්සරහට ගන්නට දරන වෙහෙස සිංහලෙන් පලවන ඉස්ලාම් අඩවි ගැන පමණක්ම බැලීමෙන් ද දැනගත හැක.)එහිම තවත් මූලයක් වූ ඉස්ලාමය සමග කිට්ටු වීමට කතා කිරීම ඉස්ලාමය ගැන නොදන්නා කම ලෙස හෝ මෝඩකමක් ලෙස සැලකිය හැක.

    ReplyDelete
    Replies
    1. ලාංකික මුස්ලිම්වරුන්ට හා කතෝලිකයින්ට පහර ගසමින් ඔබ කිට්ටු වන්නේ ඔබ වරදක් නොදකින යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට බව පැහැදිලිය. වෙබ් අඩවි වලට බිය විය යුතු නැත. ඔබ වැනි විප්ලව කාරයින් අවසානයේ ජාතිය ඇද දමන්නේ ගොඩ ඇවිත් ඇති වලටමය.

      Delete
    2. යුදෙව් ක්‍රිස්තියානියේ වරදක් නොදකින බව ඔබ කියන්නේ කෙසේද?ඒ චින්තනයම ලොව විනාශ මුඛයට ඇද දමා ඇති බව මා කියා ඇත්තේ නොවේද?ඒ මගම යන ඉස්ලාමයෙනුත් වෙන්නේ ඒ විනාශයම නොවන්නේද? වෙබ් අඩවි ගැන කිව්වේ ඔබට ඒ ගැන දන ගැනීම උදෙසාය.ඊටත් වඩා බරපතල ලෙස බිම් මට්ටමින් ආගමට හැරවීම් ක්‍රියාත්මක වේ.ක්‍රිස්තියානිය අපේ ගෙවල ඉස්සරිහිනුත් පසුපසිනුත් රිංගන බව අමතක නොකළ යුතු අතර ඔවුන් ප්‍රධාන සතුරා වේ,නමුත් ඒ සතුරා විනාශයට ඔබ එකතු කර ගැනීමට අදහස් කරන්නේ තවත් එවැනිම බෞද්ධයන්ගේ සතුරන් නොවේද?ඔවුන් බලා සිටින්නේ අවස්තාව එන තෙක්ය.ඔබට මෙය නොත්රීම පුදුමයක් නොවේ.2009 දී අවසන්වූ ත්‍රස්තවාදී කැරැල්ලේ මර්ධනයෙදී සිංහලයන්ට අමතරව මියගිය මුස්ලිම් සෙබළුන් ගෙන් අති බහුතරය (ජන සංඛ්‍යාව අනුව ඉතා සුළුතරයක් වූ)මැලේ වරුන්ය.ඔවුන් වෙළෙදාම් කරමින් ජීවත්වන මුවර් වරු නොවේ,ඒ ඇයි කියා සිතා බලන්න.එබඳු වූ අය ඔබ කියනා පරිදි අපට යුදෙව් ක්‍රිස්තියානියට විරුද්ධ වීමට සහය වෙයිද?ඔවුන්ගේ ඇත්තේ යටි අරමුණු පමණය,ඒවා සාර්ථක කරගැනීමට -තම ආගම උදෙසා-පමණක් සහය දෙන බව පෙන්වයි.ඉතිහාසය අධ්‍යයනය කරන්න.සුද්දන්ගේ කාලයේ සිට 1818 කැරැල්ල,1915 මරක්කල කොලහාලය,සිංහල රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධ ඉතිහාසය ,හා පසුව රජුන් තනන්නන් වූ අය ගැන සොයා බලන්න.මා හට විප්ලව කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.එමෙන්ම මේ ජාතියේ ඇති ගොඩ යාමකුත් නැත,එය අතීතයේ සිට බලනා විට මනාව පෙනේ-මා මෙසේ පැවසුවාට තරහා නොගන්න,නමුත් එය එසේ සිදුවී ඇත.නමුත් ඔබලා යම් ආකාරයකින් ජාතිය ගොඩනැංවීමට ජාතික චින්තනය උදෙසා කරනා කාර්යය අගය කරන අතර,මා පවසන්නේ මෙය සුදුසු නොවන මෙන්ම සාර්ථක නොවන බවක් පමණි.

      Delete
    3. ඇනෝ සමග යම් පමණකට එකඟයි.

      ලිපිය ලියා ඇති ඔබ හිඳගෙන සිටින ලිඳෙන් ගොඩ විත් මැද පෙරදිග සහ අනිකුත් මුස්ලිම් බහුතරයක් සිටින රටවල් වල අන්‍යාගමිකයන්ට (ජාති බේධයකින් තොරව .. මක්නිසාද යත් ඉස්ලාම් යනු ජාතිකත්වය මත නොව ආගමිකත්වය මත පදනම් වූ ම්ලේච්ච ධර්මයකි ) සිදුවෙන හිංසා , පීඩා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් අද්යයනය කර තම මෝඩ කම දුරු කර ගන්නේ නම් මැනවි.

      මේ වීඩියෝව සාමාන්‍ය මුස්ලිම් මිනිහෙක් තමන් ජිවත් වෙන රටට , ජාතියට සහ මුස්ලිම් නොවන අන්‍යයන්ට දක්වන ආකල්පය මැනවින් පෙන්වා දෙයි.
      http://www.youtube.com/watch?v=JUJskIq8TyU

      Delete
    4. මුස්ලිම් ප්‍රශ්ණය හදාරා ඇතැයි කියන ඉහත සමහර පඬියන්ට තම පඬිකම වෙනුවෙන් පෙන්වන්ට ඇත්තේ ඔවුන් තුල ඇති වෛරය පමණයි නේද? ඔවුන්ට ඊට ඇති පිලිතරු මොනවාද?

      Delete
  3. mathalan pennu paara dige awemi ... anik lipith niwadu welawata kiyawa balannam .....

    ReplyDelete
  4. මුස්ලිම් ආක්‍රමණයක් ඇති බව අපි මෙහි සඳහන් කර ඇත. එය මැඩලිය යුත්තේ සෘජු රජයේ මැදිහත් වීමෙනි. මුස්ලිම් විරෝධී සිංහල සංවිධාන වලට කල හැකි දෙයක් නැත.ඒ තබාඔවුන්ට රටේ ස සමාන්‍ය මිනිසුන්ගේ ඡන්දයවත් දිනාගත නොහැකිය

    ReplyDelete
  5. මෙහිදී මුස්ලිම් ප්‍රශ්නයක් නම් කවුරුත් හදාරා නැත,නමුත් ප්‍රශ්නයක් තිබෙන බව නම් පෙනේ.ඔබේ සුරංගනා ලෝකයේ ඔබ සිටිමින් අදහස් යෝජනා සිතෙනා පමණට දෙන්න.මුස්ලිම් විරෝධය දක්වන සිංහල සංවිධාන ද තමන්ගේ ගොන්කම් දිගටම කරගෙන යනු ඇත.ඔබ කියූ දේ සත්‍යය,එවැනි සංවිධාන වලට කළහැකි කෙන්ගෙඩියක් නැත.එමෙන්ම සර්වාගමික අපට සියලු ආගම් එකයි කියනා (සමහරුන්ගේ ෆැන්ටසියට අනුව ඊනියා සිංහල බෞද්ධ නායකයා)මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයටද එමෙන්ම සර්වාගමික වූ විපක්ෂයටද කළහැකි කෙන්ගෙඩියක්ද නැත.අපද කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් වාද විවාද කරමින් සිටිමු,නමුත් ඔවුන් ඔවුන්ගේ ගමන නොනවත්වා යනු ඇත.මුස්ලිමුන් කෙරෙහි ඇති වෛරයක් ද නැත.මුසල්මානුවන්ගේ මෙන්ම අනෙක් ආගම්වලද ව්‍යාප්තිය නියතය,එයටත් වඩා තමන් අදේව වාදීන් ලෙස හදුන්වාගන්නා උදවියගේ වැඩිවීම පැහැදිලිය.මේ බුද්ධ ශාසනයේ පරිහානියයි,සිංහලයාගේ එකම දුර්වලකම බුදුදහමයි.එය නැති වූ දාට සිංහලකමද නැතිවනු ඇත.බුදු දහමින් තොර සිංහල කමක් කොයින්ද?ඒ පරිහානිය නියත බැව් දනිමි.ඒ බැවින් නිවැරදි එමෙන්ම සත්‍ය කරුණු මදක් පෙන්වීමට ගත් උත්සාහයකි මෙය.එය උපකාරයට ගෙන නිවැරදි මග තේරුම් ගැනීම විනා වෛරයට කාරණා සකස්කරගැනීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි.ඔබලා හැකි තරම් වාද කරන්න.කෙසේ උත්සහ කලද පරිහානිය නියතය.නලින් ද සිල්වා හා ඒ මග යන අයට නොපෙනී ඇත්තේ එයය.අද අප ඇස් පනාපිට කොසොල් රජුගේ සිහින දහසය සැබෑ වෙමින් පවතී.සත්‍ය දැනගත්තද කිවයුතු නැත.ඔබට කීමට සාධාරණ දෙයක් නොමැති බැවින් පඬිකමක් ගැනද කතා කර ඇත.කැමැත්තක් කරනු මැන.ඒත් මේ ගීතයත් බලා හිදින්න.මෙය සත්‍ය බව මට ඇසු පමණින් වැටහිනි.ඔබට හා ඔබගේ මිතුරන්ට මා නැවත බාධා කරන්නේ නැත.ස්තුතියි.https://www.facebook.com/photo.php?v=574531709281262

    ReplyDelete
    Replies
    1. ඔබ බොහෝ දේ හදාරා ඇති බවත් මම කරන්නේ හුදු සිහින මැවීම පමණක් යැයි කියන්නේ ඔබේ පඬි කම පෙන්වන්ට මිස වෙන මොකටද? නමුත් අවසානයේ ඔබට ඇති එකම පිලිතුර අපට කරන්ට දෙයක් නෑ කියන එක නේද?

      Delete
    2. සිහින සමහරවිට සැබෑ විය හැකියි ජානක,නමුත් හැම එකක්ම නොවේ.එබඳු සිහින මැවීමට ඇති හැකියාවද එක්තරා පඬි කමක් ලෙස මා සිතමි.ඔබේ අදහස් ඉතා හොඳය.නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ඔබට නොපෙනෙන බව පෙනේ.අපට කරන්නට දෙයක් නැති බව නොවේ පිළිතුර.අපට කරන්නට දෙයක් ඇත,එය ඔබ ඇතුළු පිරිසට ගම්‍ය වී නොමැති බව මාගේ හැගීමයි.සරලව මෙය පවසන්නම් අප මේ භූමියේම සිංහලව ඉපදී මේ ජාතිය වෙනුවෙන්ම යුධ කර,ලේ හලාම,ජාතිය,ශාසනය රැකීමට කී වාරයක් කටයුතු කර ඇත්තේද යන්න සිතන්න.ඔබ බෞද්ධයෙක් නම් මා කියනා දේ තේරුම් ගනු ඇත.මේ ජාතිය ශාසනය රැකීමට කල හැකි බොහෝ දේවල් ඇත.ඒවා කරනා අතරේ මේ දෙයත් සිතා බලන්න.අපට නැවත මේ පොලවේ සම්‍යක් දෘෂ්ටිකව මිනිසෙක්ව ඉපදීමට නම් සුදුසු වාතාවරණයක් ඇතිවීමක් නම් සිදු නොවේ.එබැවින් බෞද්ධයෙකු ලෙස කලයුත්තක් ඇත.එය ඔබට වැටහේ යයි සිතමි.

      Delete
  6. සබැඳි ලිපි -
    [
    අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
    http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
    'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්න
    http://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
    ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
    http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
    මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
    http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
    බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
    http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
    "උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
    http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
    1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
    http://denethharinna.blogspot.com/2013/04/1915.html
    කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
    http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
    ]

    ReplyDelete