Sunday, November 10, 2013

චෝගම්

“You let one ant stand up to you then they all might stand up to us. Those puny little ants outnumber us hundred to one and if they ever figure that out, there goes our way of life. It’s not about food it’s about keeping those ants in line!! That’s why we are going back (to the Ant Island)” 

-Bug’s Life. Dir. John Lasseter, Andrew Stanton. Perfs. Kevin Spacey (Hopper). Walt Disney Pictures, Pixar Animation Studios, 1998. 
චෝගම් ආණ්ඩුවේ පම්පෝරියක් බව ඇත්තය. නමුත් මේ සමුළුවට වැදගත්කමක් ලැබෙන්නේ ආණ්ඩුවේ වැඩ නිසා නොව බ්‍රිතාන්‍යය ඊට වැදගත් කමක් ලබා දෙන නිසයි. ඊළාම් යුධයේ අවසාන භාගයේ සති ගණනක් ලංඩනයේ පාරවල් වසමින් ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා උද්ඝෝෂණයක් කිරීමට ඉඩ සලසා දුන්නේ බ්‍රිතාන්‍ය රජය බව අමතක කල නොහැකිය. මේ උද්ඝෝෂණය සඳහා ලංඩන් පොලිසිය පවුම් මිලියන ගණනක් වැය කිරීම තුල ප්‍රභාකරන් ජීවත් කරවීම ඉංග්‍රීසීන්ට කොතරම් වැදගත් වුනිදැයි පෙනේ. 

අපට වඩා මේ සමුළුව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවලට වැදගත් වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා එහි සභාපතිවීම බටහිර ආධිපත්‍යයට එරෙහිවීමක් ලෙස නිවැරදිව ඔවුන් දකින නිසාවෙනි. සෘජුව ඔවුන්ට එරෙහි වන්නේ අපි පමණක් වුනත් මෙහි සාමාජිකත්වය දරන සංස්කෘතියෙන් බටහිර නොවන බහුතරයක් රටවල් ඉංග්‍රීසීන් ගැන තැකීමක් නොකරන බව ඔවුන් දන්නවා විය යුතුය. මේ රටවල් එකතුවීම පොදුවේ බටහිරුන්ගේ ජීවන ක්‍රමයට තර්ජනයකි. අනාගතයේ මේ රටවල් ඔවුන්ට එරෙහිව එකතුවීම වලකා ගැනීමට විශේෂයෙන් ඉංග්‍රීසීන්ට අවශ්‍යය. බ්‍රිතාන්‍යය සමුළුවට සහභාගී වීමෙනුත් කැනඩාව නොඒමෙනුත් උත්සාහ කරන්නේ එයයි.

බරහිර රටවල වෙසෙන්නේ ලොව ජනගහනයෙන් සුළුතරයකි. පරමාදර්ශීය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ජීවන ක්‍රමයක් ගෙන යන්නේ ඉනුත් සුලු පිරිසකි. නමුත් එය පවත්වාගෙන යාම සඳහා මුලු ලොව පුරා සිය අධිපත්‍යය පවත්වාගෙන යාමට ඔවුන්ට සිදුවී ඇත. බොහෝ බටහිර නොවන රටවලට තම ශක්තියෙන් පමණක් ඒ ආධිපත්‍යයෙන් ගැලවීමට හැකියාවක් නැත. අපටද ඒ සඳහා ආර්ථික හා සංස්කෘතික ශක්තියක් නැත. නමුත් මේ ජාතීන්ට එක්විය හැකි නම් සමූහයක් වශයෙන් ඔවුන්ට ඒ ශක්තිය ලබා ගත හැකිය. පැහැදිලිවම ලොවේ බහුතරයක් හිමි වනුයේ එවැනි සමූහයකටය. මේ චෝගම් අපට වැදගත් ඒ නිසයි.

5 comments:

  1. එතකොට කොන්ද පණ නැති ඉන්දියාව?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවටත් ඕනෙ අපිව ඔවුන් යටතේ තබා ගැනීමට තමයි මනමෝහන්ට සමුළුවට සහභාගීවීමට අවශ්‍ය ඒ නිසයි. නමුත් ඔවුන්ට දකුණු ඉන්දියාවේ බෙදුම්වාදී ගිනි නිවන්නත් ඕනෙ. මනමෝහන්ට එන්ට බැරි ඒකයි.

      Delete
  2. බටහිර ආධිපත්‍යට එරෙහිවෙන්න නම් කරන්න පුළුවන් දේ තමයි ඔය කෙහෙල්මලට සහභාගී නොවී ඉඳීම.

    ReplyDelete
    Replies
    1. අපි නිකම්ම සාමාජිකයෙක් පමණක් වුනානම් එහෙම කරන්න තමයි තිබුනේ

      Delete
  3. ඉන්දියාව අපේ රටට හතුරුකම් පෑවේ අද ඊයේ නෙමෙයි. මුල ඉඳලම අපේ රටට හතුරුකම් තමයි කෙරුවේ.බූතානය,නේපාලය සිකීමය ආදී රටවල් තම ග්‍රහණයේ පවත්වාගෙන යන උතුරු ඉන්දියාවේ බ්‍රාහ්මණ පන්තිය ලංකාව ගැනත් හිතන්නේ ඒ විදියටම තමයි.සප්තා සෆ්ටා වාගේ ගිවිසුම් වලින් අපේ රටේ සාරය ඔවුන් උරා බොනවා.අවාසනාවකට අපේ රටේ නිදධාරි පලන්තියෙන් වැඩි හරියක් මේ උගුලට අහුවෙලා ඉන්නේ.
    දකුණු ඉන්දියාවේ දෙමළුන්ට තමන්ට කියා වෙනමම රටක් නැතිවීම තවත් ප්‍රශනයක් ඒ නිසා අපේ රටේ දෙමල ප්‍රශ්නයක් ඇතැයි ඔවුන් කැගසනවා.
    අපිට වෙලා තියෙන්නේ දත් 32ත මැදිවෙලා ඉන්න දිව තම පැවැත්ම ගෙනයන ආකාරයට පරිස්සමින් කටයුතු කිරීමම පමණයි.

    ReplyDelete