Friday, November 29, 2013

නිදහසේ මුල් පියවර තබමු

ලක්‍ෂ ගණන් මුදල් වැය කර ඊනියා ජාත්‍යාන්තර පාසල්වල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනයක් ලබා ලංඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියද බහුතරයකට ලංඩනයේ හෝ වෙනත් විදේශයක උසස් අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත නමුත් මෙරට දරුවන්ට දේශීය අධ්‍යාපනයක් ලැබීමට නිදහසක් නැත. වකුගඩු රෝගයකින් මිනිස්සු දහස් ගණන් මිය ඇදෙති. එය සුව කිරීමට බටහිර වෛද්‍ය විද්‍යාවට නොහැකිය නමුත් කෘෂි රසායන භාවිතයෙන් තොර ගොවිතැනක් කිරීමට අපට නිදහසක් නැත. හෘදයාබාද පිළිකා මානසික රෝග වැනි නොයෙකුත් ව්‍යාදීන්ට පිළියමක් නැත නමුත් මස් කිරි පාන් නොකා විශ නැති පරිසරයක ජීවත්වීමට අපට නිදහසක් නැත.

නිදහස නැති නිසා ඇති වෙන ප්‍රශ්ණ නිදහස් නොවී විසඳාගත නොහැකිය. අපි අපේ ප්‍රශ්ණ විසඳාගැනීමට නම් පවතින බටහිර දේශපාලන හා ආර්ථික ක්‍රමයට පිටූපා අඩුතරමින් අපට සුදුසු දේශපාලන හා ආර්ථික ක්‍රමයක් තනා ගත යුතුවෙමු. ඒ සඳහා ගතයුතු මූලික පියවර ගැන අද අපට හැඟීමක් ඇත.


අපි පවතින්නේ අපත් ලෝකයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධකම නිසාය. එවැනි අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පවත්වාගත හැක්කේ කුඩා සමාජ ඒකක තුලය. ගම එවැනි ඒකකයකි. අන්‍යෝන්‍ය සම්බන්ධකම පදනම් කරගෙන සියල්ලටම සෑහීමකට පත්විය හැකි තීරණවලට එලඹීමට ගම් සභාවක් තුල හැකියාවක් ඇත. මහා සම්මතවාදය යනු එයයි. ගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් ඊට ඉහල ඒකකයකට අයත්වේ. ග්‍රාම නියෝජිතයින් අතරද තිබිය යුත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධකමකි. ඒ සම්බන්ධකම උඩ ඒ ඒකකය තුලද මහා සම්මතවාදයෙන් තීරණ ගත හැක. මේ ආකාරයට ක්‍රමයෙන් වඩෙන සමාජ ඒකක අතුරින් ඉහලම තලයේ ඒකකය ජාතියයි. ජාතික තලයේ ගන්නා තීරණ ක්‍රමයෙන් පහල තල මත පැටවෙන්නේද මහා සම්මතවාදයෙනි. මේ දේශපාලන ක්‍රමය තුල කේන්ද්‍රගත බවක් මෙන්ම විමධ්‍යගත බවක්ද ඇත. අපට සුදුසු මෙවැනි දේශපාලණ ව්‍යුහයකි. නමුත් අද බලය විමධ්‍යගත කිරීමට නොහැකිය. මන්ද දෙමළ හා මුස්ලිම් නායකයින් ඒ හරහා අසමමිතික දේශපාලන බලයක් නැගෙනහිර හා උතුරු පළාත්වල ගොඩනඟා ගන්නා බැවිනි. තවමත් දෙමළ සංධානය ප්‍රභාකරන් වීරයෙකු ලෙස සමරන්නට උත්සාහ දරයි. ඒ මාර්ගයෙන් රටේ සතුරෝ රට බෙදීමටත් රාජ්‍යය දුබල කිරීමටත් ක්‍රියා කරති. අපට අද මහා සම්මතවාදීව බලය කේන්ද්‍රගත කිරීමටද නොහැකිය. මන්ද දෙමළ සහ මුස්ලිම් ජනයා සිංහල දේශපාලකයින්ට අවනත නොවෙන බැවිනි. සියලු ජන කොටස්වලට නායකත්වය දිය හැකි ජාතික මට්ටමේ නායකයින් අද අප අතර නැත.


මහා සම්මතවාදී ආණ්ඩු ක්‍රමයක විමධ්‍යගතබව රැක ගන්නට නම් නිජ බිම් දේශපාලණය අහෝසි කර දැමිය යුතුය. එම ආණ්ඩු ක්‍රමයේ කේන්ද්‍රීයබව රැක ගන්නට නම් සිංහල දෙමළ හා මුස්ලිම් ජනයා එක් ජාතියකට අනුකලණය විය යුතුය. එකක් නිසා අනිකද ඉටුවෙන බව පැහැදිලිය. මේ අනාගතයේ අප බලාපොරොත්තු වෙන දේශපාලණ වතාවරණයකි. මේ දේශපාලණ වතාවරණය ඇතිකර ගතහැක්කේ ශක්තිමත් දේශපාලණ ව්‍යාපාරයක් මතිනි. වාසුදේව නානායක්කාර මහතාගේ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයෙන් නම් කෙදිනකවත් එය අත් කර ගත නොහැකිය. ඒ සඳහා  කැපවුනු රාජ්‍ය නොවෙන නමුත් රජයේ අනුග්‍රහය ඇති රජය උපදෙස් ලබන ජාතික සංවිධානයක් පිහිටවිය යුතුය. එම සංවිධානය මඟින් එක ජාතියක් ඒකීය රටක් යන තේමාව යටතේ තරුණ දෙමළ මුස්ලිම් හා සිංහල දේශපාලඥයින් පිරිසක් එකතු කර ඔවුන් හරහා ජන මතය මෙහෙයවිය යුතුය. එමඟින් වාර්ගික දේශපාලනය අවතක්සේරුවට ලක් කල යුතුය.


නිජ බිම් දේශපාලණය ජාතික සමගියට එරෙහි වේ. ඒ නිසා කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා දේශපාලණය කිරීම, ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පක්‍ෂ සංවිධාන කරගැනීම නීති විරෝධී කල යුතුය. යටත් විජිතවාදීන් විසින් මෙරට ජන සංයුතියේ සිදුකල වෙනස ජාතික සමගියට බාධාවක් ලෙස සලකා එය නිවැරදි කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගත යුතුය. ඒ අනුව පුරවැසියයෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට ඇති බාධා ඉවත් කල යුතුය. මුලු රටේ ජනවර්ග අනුපාතයට වඩා අතිශයෙන් වෙනස් ජන අනුපාතයක් ඇති ප්‍රදේශවලට ඒ වෙනස අවම කිරීම උදෙසා ජන සංක්‍රමණයක් සිදුවිය යුතුය. එවැනි සංක්‍රමණයක් ස්වේඡාචාවන් සිදුවීමට අවශ්‍ය උත්තේජන සැපයිය යුතුය. උදාහරණයක් වශයෙන් රජයේ රැකියා ලබාදීමේදී දකුනේ වෙසෙන සිංහලයෙකුට උතුරේත් උතුරේ දෙමළ ජාතිකයෙකුට දකුනේත් ප්‍රමුඛතාවය හිමිවිය යුතුය. ඔවුන්ට සංක්‍රමණයවීම සඳහා මුල්‍යාධාර ඉඩ කඩම් සපයා දිය යුතුය. එවැනි සංක්‍රමණිකයින්ගේ දරුවන්ට පාසල් වලට ඇතුලත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාවක් හිමිවිය යුතුය. එමෙන්ම ජන සංයුතියේ වෙනසක් කල හැකි ව්‍යාපාර සංක්‍රමණයවීම සඳහාද බදු සහන ණය ආධාර වැනි උත්තේජන සැපයිය යුතුය.


දේශීය ආර්ථිකයේ ව්‍යුහය විමධ්‍යගත විය යුතුය. ඒ අනුව ගම් හැකිතාක් දුරට ස්වයංපෝෂණය විය යුතුය. ගමේ පිරිමසා ගත නොහැකි අවශ්‍යතා ගම් එකතුවී සැදෙන ඊලඟ පරිපාලන තලය තුල මත සිදුවෙන වෙලඳ හුවමාරු තුලින් ඉටු කර ගත යුතුය. එහිදී පිරිමසා ගත නොහැකි අවශ්‍යතා ඊට ඉහල තලයේ සිදුවිය යුතුය. මේ අකාරයට රටේ වෙලඳ ආර්ථිකය දේශපාලන ව්‍යුහය හා සමපාත විය යුතුය. අද අප කල යුත්තේ ආර්ථිකයේ විමධ්‍යගත භාවයක් ඇති කිරීමට ගත හැකි පියවර සොයා බලා එය ක්‍රියාත්මක කිරීමය. උදාහරණයක් වශයෙන් දැනටමත් යෝජනාවී ඇති රට පුරා සුපිරි පාසල් පිහිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුය.

Friday, November 22, 2013

මුස්ලිම් බිය



වෙන් නොවී එකතු වෙමු!
ඉංදියානු-ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය පරදවමු!!
මීට වසර තුන හාමාරකට (2013) ඉහත මේ ලිපිය ලියද්දී බොදු බලය හරහා ක්‍රියාත්මකව තිබුණේ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් බව නොදැන සිටියෙමි.

නමුත් එහි ලියැවුනු එක් දෙයක් අදටද වලංගුය එනම් මෙරට ජාතීන් එකතු කල හැක්කේ අධිරාජ්‍යවාදයට එරෙහිව බවය. අද බටහිර රාජ්‍යයත් බටහිර අතකොලුවක්වූ දෙවාල්-මෝදි ඉංදියාවත් සෘජුවම කරන අධිරාජ්‍යවාදී බලපෑමට විරුද්ධව දෙමළ ජනයාත් මුස්ලිම් ජනයාත් සිංහලුන්ට එකතු කර ගත හැකියි. බටහිර-දෙවාල්-මෝදි සහ රනිල්-සිරිසේන මර උගුලෙන්ද කරුමයෙන්ද ගැලවීමට සුදුසුම මාර්ගයද එයයි.
ජාති ආගම් පමණක් නොවේ පක්‍ෂ සහ දේශපාලන මතවාද පවා විනිවිද යන ලෙස මෙරට සියලු ජනයා අධිරාජ්‍යවාදයට විරුද්ධව එකතු කරමු.
21/05/2017
 ===============================================
සිංහලුන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට මුස්ලිම්වරුන් කෙරෙහි යම් බියක් තිබේ. සමහරුන් එය වෛරයක් කර ගන්නා අතර සමහරුන්ට එය කනස්සල්ලකි. ඊට සමගාමීව පොදුවේ මුස්ලිම්වරුන්ටද සිංහලුන් කෙරෙහි බියක් සැකයක් ඇති බව පෙනේ. මුස්ලිම් බිය යනු මේ අන්‍යෝන්‍ය බියයි. මේ අතර කිසිම බියක් සැකක් නැති සිංහලුන් මෙන්ම මුස්ලිම්වරුන්ද නැතුවා නොවේ. කෙසේ වෙතත් මේ සිංහල මුස්ලිම් පටලැවිල්ලේ විශේෂත්වයක් ඇත. වසර තිහක් තිස්සේ දෙමළ ත්‍රස්තවාදයක් සමඟ සටන් කලද සිංහලුන්ට මෙවැනි සැකයක් බියක් දෙමළුන් කෙරෙහි ඇති නොවිනි. රට පුරා අහිංසක සිංහලුන් දෙමළ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය වෙද්දීත් සියලු දෙමළුන් ත්‍රස්තවාදීන් නොවේ යැයි සිතීමට සිංහලුන්ට අපහසු නොවිනි. පැහැදිලිවම අද සිංහලුන් හා මුස්ලිම් ජනයා ඔවුනොවුන් කෙරෙහි දක්වන අගති ආකල්ප පොදුවේ සිංහලුන් විසින් දෙමළ ජනයා කෙරෙහි නොදැක්වූහ, අදද නොදක්වති.

මුස්ලිම් බියට හේතුව සිතාමතා හෝ නොසිතා හෝ මුස්ලිම්වරුන් විසින් කරගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණයයි. පසුගිය වසර පහලොවක් විස්සක් පමණ කාලයේ සිටන් මුස්ලිම්වරුන් ජන වර්ගයක් ලෙසට පොදුවේ කරන කටයුතු හරහා සිංහලුන්ගේ සංස්කෘතික අවකාශය ආක්‍රමණය කරමින් සිටිති. හලාල් ප්‍රශ්ණය, බොදු බිම් ආක්‍රමණය, අනවසර පල්ලි ඉදිකිරීම් මීට ඇති පැහැදිලි නිදසුන්ය. නමුත් මේ සැමටමත් වඩා සිංහලුන්ට දැනෙන්නේ මුස්ලිම්වරුන් සෙසු සමාජයෙන් වෙන්වී කණ්ඩායමක් ලෙසට තමන්ගේ කමක් වඩවා ගැනීමට දරන උත්සාහයයි. බොහෝ සිංහලුන්ට, විශේෂයෙන්ම නගරබද උගත් තරුණයින්ට එය පුද්ගලිකවම දැනේ. ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය විශේෂයෙන්ම නගරබද උගත් මුස්ලිම් තරුණයින්ටද එපරිදිම දැනේ. මෙවැනි සංස්කෘතික ආක්‍රමණයක් දෙමළ ත්‍රස්තවාදයෙන් සෘජුවම සිදුනොවිනි. දෙමළ බියක් මෙරට ඇති නොවූයේ ඒ නිසයි. 

නමුත් මුස්ලිම් බිය අනියත බියකි. මුස්ලිම් සංස්කෘතියට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය බිම දැමීමට ශක්තියක් නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය වැටෙන්නේ, අදටත් වැටෙමින් පවතින්නේ අපි සුද්දන් අනුකරණය කරමින් බෞද්ධයින් වෙන්නට උත්සාහ කරන නිසාය. මුස්ලිම් බිය නැතිකල හැකිය. මුස්ලිම් බිය ඇති කලේ මුස්ලිම්වරුන් වුනත් එය නැති කල හැක්කේ සිංහලුන්ටය. එය කල හැක්කේ ඒ සඳහා කැපවුනු දේශපාලණ ව්‍යාපාරයක් මඟිනි. ඒ දේශපාලණ ව්‍යාපාරයේ අභිප්‍රාය විය යුත්තේ වෙන් වෙන්නට තනන මුස්ලිම් වරුන් නැවතත් ජාතිය අවශෝෂණය කරගනිමින් අවසන නිදහස් රාජ්‍යයක් ගොඩනඟා ගැනීමය.

මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණය ඔවුන් පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට දක්වන ප්‍රතිචාරයක අතුරු ප්‍රතිඵලයක් විය හැකිය. එසේ නොවීමටද ඉඩ ඇත. මාස කිහිපයකට උඩදී ලංඩනයේ ශ්‍රී ලාංකික නොවන නමුත් තමන් මුස්ලිම් යැයි කියා ගන්නා පිරිසක් ලංකාවේ මුස්ලිම් වරුන් වෙනුවෙන් කල උද්ඝෝෂණයේ පසුපස වූයේ ඉංග්‍රීසීන්ද නැත්නම් මුස්ලිම්වරුන්දැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිම්වරුන්ට බාහිර බලවේග විසින් බලපෑම් එල්ල නොවෙතැයි සිතිය නොහැකිය. පසුගිය වසර පහලොව විස්ස අතර ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා අතර සිදුවුනු සංස්කෘතික විපර්යාසයට මූලික හේතුව බාහිර බලවේග විය යුතුය. ඔවුන් ඒ බලවේග සමඟ අත්වැල් බැඳ ගැනීමට යම් ප්‍රවණතාවක් ඇති බවද පැහැදිලිය. ඒ නිසා සිංහලුන් කල යුත්තේ මුස්ලිම්වරුන්ට බාහිර බලවේග වලට නතු වෙන්නට ඉඩ නොදී සිංහලුන්ට හිතැති බල කේන්ද්‍රයක බැඳ තබා ගැනීමය. වත්මන් ජනාධිපතිතුමා ඊට සුදුසුම තැනැත්තාය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ දේශපාලණ ඉතිහාසය පුරාම මෙරට මුස්ලිම්වරුන් සමඟ සුහද සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. ඔහුට සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ පිලිගැනීමක් ඇත. දෙමළ ජනයා අතර පිළිගැනීමක් තිබුනු සිංහල දේශපාලකයෙක් අපට සිටියේ නම් දෙමළ ප්‍රශ්ණය මීට බොහෝ ඉහතදී විසඳා ගැනීමට හැකි වන්නට තිබිනි. ඒ නිසා අද මුස්ලිම් ප්‍රශ්ණයට මැදිහත්වීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා වැන්නකු සිටීම වාසනාවක් ලෙස සැලකිය යුතුය. මුස්ලිම් බිය නැති කිරීමේ අත්‍යාවශ්‍ය පිළියමක් වශයෙන් අප කල යුත්තේ සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට බල කරමින් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඔහුගේ අත තව තවත් සවි කිරීමය.


බොහෝවිට අද ආගම්-ජනවාර්ගික ලෙස කේන්ද්‍රගතවීමට ප්‍රවණතාවක් ඇත්තේ වයස අවුරුදු තිස්පහට පමණ අඩු උගත් තරුණයින්ටය. මේ අය හැත්ත හතේ දරුවන් ලෙස හැඳින්වීමට හැකිය. ජේ ආර් ගේ විවෘත ආර්ථිකය තුල ඔවුන් හැදුනු වැඩුණු පරිසරය ඊට ඉහත පරම්පරා හැදුනු වැඩුණු පරිසරයට වඩා බෙහෙවින් වෙනස්විය. බටහිර සංස්කෘතික ආභාශය නිසා මේ අය බොහෝ දෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට කැමතිය. ඔවුහු තමන්ගේ පුද්ගලිකත්වය ඉහල කොට සලකති. මුස්ලිම්වරුන් සෙසු සමාජයෙන් වෙන්වී කණ්ඩායමක් ලෙසට තමන්ගේ කමක් වඩවා ගැනීමට දරන උත්සාහය පුද්ගලිකවම ඔවුන්ට දැනෙන්නේ ඒ නිසාය. ඊට පිලියමක් වශයෙන් ඔවුහු සමාන අදහස් දරන අන් අය සමඟ එක් වෙති. සිංහල තරුණයින්ගේ කේන්ද්‍රගතවීම් ඒ අයුරින්ම පුද්ගලිකත්වයක් ඇති මුස්ලිම් තරණයින්ටත් දැනේ. ඔවුන්ද ඒ අනුව වඩ වඩා තම කේන්ද්‍රයට ගොනු වෙති. අවාසනාවකට අසූවේ දශකයේදී මෙලෙස අන්තවාදීව කේන්ද්‍රගතවුනු තරුණයින් විසින් අත් කරගත් විනාශය පිළිබඳ හැත්තෑ හතේ දරුවන්ට ඇත්තේ පොතේ දැනුමක් පමණි.


අද මාධ්‍ය මඟින් උලුප්පා තබන සිංහල-මුස්ලිම් ගැටුම විශේෂයෙන්ම හැත්තෑහතේ දරුවන්ගේ ගැටුමකි. ඔවුන් නොපිලිගත්තත් හැත්තෑහතේ දරුවන් ප්‍රශ්ණය දකින්නේ පුද්ගලික අයිතිවාසිකම් මූලික කරගෙනය. නමුත් ඒ ආකාරයට මේ ප්‍රශ්ණය දැක එය විසඳිය නොහැකිය. මන්ද එහිදී අනිවාර්යයෙන්ම ලැබෙන පිලිතුර නම් සියල්ලගේම පුද්ගලික අයිතීන් සමාන ලෙස ආරක්‍ෂා වන පරිදි බටහිර සංස්කෘතියට අනුගතවී ජාතිය ආගම හුදෙක් පුද්ගලික අනන්‍යතාවකට පමණක් ලඝු කරනු යන්නය. නමුත් බටහිර සංස්කෘතිය තුල සිංහල බෞද්ධයින්ට සමාජ සාධාරණයක් ඉටු වෙන්නේ නැත.


අප කල යුත්තේ යුදෙව් ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදය එරෙහිව කෙරෙන සටනකට මුස්ලිම් වරුන්ද එකතු කර ගැනීමය. තමන්ගේ අනන්‍යතාව රැකිය හැක්කේ ශ්‍රී ලාංකික ජාතියකට එක්වීමෙන් යැයි සිංහලුන් විසින් මුස්ලිම්වරුන්ට ඒත්තු ගැන්විය යුතුය. එවිට මුස්ලිම්වරුන් විසින් කරගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණය ඔවුන් විසින් නවතා දමනු ඇත. නමුත් සිංහලුන් මුස්ලිම් විරෝධී ලෙස කේන්ද්‍රගතවී සිටිනතාක් කල් එය සිදු නොවේ. මුස්ලිම් විරෝධී සිංහල සංවිධාන වලින් කෙරෙන්නේ මුස්ලිම්වරුන් මහින්ද රාජපක්‍ෂගෙන් ඈත් කරවීමය. ඒ නිසා සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් මහින්ද රාජපක්‍ෂ මහතා මත විශ්වාසයක් තබමින් තම සංවිධාන මුස්ලිම් විරෝධී ලෙස කටයුතු නොකරන තැනට වග බලා ගත යුතුය.


මීට දශක තුනකට පමණ ඉහතදීවත් මෙරට මුස්ලිම් බියක් නොතිබිනි. එකල වෙසක් කාලයට බෞද්ධයින්ගේ තොරණ්වල ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගීය. ඔහු බෞද්ධයෙකු නොවන වග බෞද්ධයින්ට වැදගත් නොවිනි. ඔහු බෞද්ධයෙකු නොවීම ඔහුටද වැදගත් නොවුනා විය යුතුය. එවැනි වතාවරණයක් මෙරට යලිත් ඇති කර ගත හැකිය. සිංහලුන් නිදහස් වෙනතුරු මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනු ඇත. මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනතුරු සිංහලුන්ට නිදහසක් නැත. සිංහලුන් බිය නොවිය යුතුය. 

Monday, November 18, 2013

Flip of the Cultural Poles



The earth’s magnetic field is said to be due for reversal sometime soon. This is when the current North Pole would become the South Pole and vice versa. However, we may be witnessing a different kind of Pole reversal taking place in an altogether different sphere; i.e. in the socio-cultural sphere.

There are two extreme cases of socio-cultural organizations in the human society; one promotes collectivity over individuality and the other promotes individuality over collectivity. Generally, western societies under Judeo-Christian culture are pro-individualist and the Arabic societies under Muslim culture are pro-collectivist.

I believe that collectivist societies are beginning to become more individualistic while individualistic societies are gradually turning towards collectivism. Further I believe that, it is their own individuality coupled with the collectivism of the Muslim societies that drives the individualistic Western world towards collectivism and conversely it is their own collectivity coupled with the individualism in Judeo-Christian societies that drives the collectivistic Arab world towards individualism. The current socio-political development in the respective societies points to this phenomenon.

Friday, November 15, 2013

බෞද්ධයින්ට වෙන සමාජ අසාධාරණය

ලංකාවේ රඟදැක්වෙන සිංහල බෞද්ධ සංදර්ශණයක් ඇත. ඒ හරහා මෙරට සිංහල බෞද්ධ හෙජමොනියක් ඇතිබව ලෝකයාටත් අපටත් ඒත්තු ගැන්වෙයි. නමුත් සිංහල බෞද්ධයින්ට හෙජමොනියක් තබා නිදහසක්වත් නැත. එපමණක් නොවේ ඒ සංදර්ශණය තුලින් මෙරට බෞද්ධයින්ට සිදුවන සමාජ අසාධාරණය වසා දැමෙයි. 

පරමාදර්ශීය වශයෙන් සිංහල බෞද්ධයින්ට අවශ්‍ය ඉන්ද්‍රියන් තවමින් මමත්වය මර්ධනය කරගනිමින් (අපි මෙයට පොර නොවී සිටීම යැයි කියමු) සමාජයත් පරිසරයත් සමඟ එක්ව ජීවත්වීමටය. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල නිදහසක් ඇත්තේ ධනය රැස් කරන්නටය, ඉන්ද්‍රියන් පිනවීමටය, සමාජයෙන් පරිසරයෙන් වෙන් වන්නටය නැත්නම් පොර වෙන්ටය. බටහිර ආධිපත්‍යයට යටවුනු අප රටේ දේශපාලණය ආර්ථිකය හා සංස්කෘතිය තුල පවතින්ට පුලුවන් පොරවල් වලට පමණි. පොර නොවී සමාජයේ පවතින්නට නොහැකිවීම සිංහල බෞද්ධයින්ට වෙන සමාජ අසාධාරණයයි.

The ugly Englishman and their servants

By Nalin de Silva


The Channel 4 (of the BBC) crew that has come to Sri Lanka with Visas to cover the CHOGM is not doing what they have being given accreditation to do. It is clear by their behavior that they are interested in cooking up another video footage(s) against the Sri Lankan government and the armed forces and of course the Sinhala people though not clearly expressed. They think that Sri Lanka is still their colony and are angry that the President, the Defense Secretary and the armed forces were able to defeat the LTTE terrorists against the wish of the former. They disregarded all diplomatic and media courtesy on Tuesday to jump at the President after a formal meeting where nobody else asked questions. Presumably they wanted to go to Vavunia on Wednesday where no CHOGM activities were held, but had to come back to Colombo without fulfilling their objectives when people objected to their visit. They are after all not in Sri Lanka on ordinary tourist visas and they know the conditions of accreditations well. They would say that they are against violations of human rights by the LTTE also but these are mere balancing exercises practiced by the hypocritical English media. How many video footages have they come up with on the LTTE activities. 

Thursday, November 14, 2013

මුතුන් මිත්තෝ


මුතුන් මිත්තෝ යනු වියුක්ත සංකල්පයකි. ඉතිහාස කථාවලින් කෙරෙන්නේ ඈත අතීතයක විසූ අපි විසින් හඳුනාගන්නා සංයුක්ත පුද්ගලයින් (උදා: දුටු ගැමුණු රජු) ඇසුරින් මුතුන් මිත්තන්ට යම් සංයුක්ත බවක් ලබාදීමය. මේ වියුක්ත මුතුන් මිත්තන් හා වර්තමානයේ වෙසෙන අප අතර ඇත්තේ ආධ්‍යාත්මික සම්බන්ධකමක් මිස ලේ නෑකමක් නොවේ. දුටු ගැමුණු රජතුමාට ලේ නෑකම් ඇති අය අද ජීවතුන් අතර සිටිය හැකි වුනත් එසේ නොවන සිංහලුන්ද දුටු ගැමුණු රජු තමන්ගේ මුතුන් මිත්තෙකු ලෙස සලකති. ඒ නිසා ලේ නෑකමක් නැති වර්තමානයේ වෙසෙන ජන සමූහයකටද එකම මුතුන් මිත්තන් සමඟ ආධ්‍යාත්මික සම්බන්ධයක් ඇති කර ගැනීමට බාධාවක් තිබිය යුතු නැත. ජාතියක් ගොඩනැඟීමේදී කෙරෙන්නේ විවිධ ජන කොටස් එකම මුතුන් මිත්තන් රැලක් සමඟ ආධ්‍යාත්මිකව බැඳීමය. ඒ හරහා  වර්තමානයේ වෙසෙන ඔවුනොවුන්  අතරද ආධ්‍යාත්මික බැඳීමක් ඇති කර ගනිති. ජාතියේ පැවැත්ම තහවුරු කරන එක සාධකයක් නම් මුතුන් මිත්තන්ට මෙන්ම එකිනෙකා අතරත් ඇති කර ගන්නා බැඳීමයි.

මීට ශත වර්ශ ගණනක් උඩදී කේරළෙයෙන් ලංකාවට සංක්‍රමණය වුනැයි සිතිය හැකි මිනිසුන් කොටසක් ගනිමු. මේ අය පරම්පරා ගණනකින් පසු තමන්ගේ මුතුන්මිත්තන් යැයි හඳුන්වන්ට ඇත්තේ කේරළයේ හිටපු ඔවුන්ගේ ලේ නෑයන් නොව අපි අද  මුතුන් මිත්තන්යැයි සලකන බලි තරු රාවණ ගැමුණු රජ වරුන් කාලේ සිටම පැවැත එතැයි සැලකෙන වියුක්ත මුතුන්මිත්තන් සමූහයකටය. මෙතැනදී කේරලයෙන් ආ කථාව වැදගත් නොවෙන අතර ඒ කථාව කාලයත් සමඟ මඟහැරී යයි. 

ඒ වගේම අද මෙරට ජීවත්වෙන දෙමළ ජනයා ලංදේසින්/ඉංග්‍රීසීන් විසින් ගොවි-කම්කරුවන් ලෙස මෙහි ගෙන්වාගත් අය යන කථාව අනාගතයේ එක්වුනු ශ්‍රී ලාංකික ජාතියක ඉතිහාස කථාවේ වැදගත් තැනක් ගත යුතු නොවේ. (අද ඒ කථාව වැදගත් වෙන්නේ නිජ බිම් කථාව බොරු කරන්නට පමණය). මේ කියන්නේ අද ඉන්න දෙමළ ජනයා පැවතෙන්නේ ඒ කම්කරුවන්ගෙන් නොවේ කියා නොවේ. නමුත් අර කේරලයෙන් ආ මිනිසුන් ඔවුන්ගේ ලේ නෑකම් අමතක කර (අවැදගත් ලෙස සලකා) මෙරට ඉතිහාසයට උරුම කම් කියනවාසේම අද ඉන්න දෙමළ ජනයාත් කාලයාගේ ඇවෑමෙන් එක්වුනු ජාතියක පොදු ඉතිහාසයකට උරුමකම් කියනු ඇතැයි බලාපෙරොත්තු විය හැකිය. ඒ ඉතිහාස කථාවයි අද අපි නිර්මාණය කර ගත යුත්තේ. හිංදුවරුන් අතේ කෝවිල් බවට පත්වුනු (උදා: නල්ලූර්හි මුරුගන් කෝවිල) දේවාලවල වැඩ ඉන්න සිංහලුන්ගේ දෙවිවරු හරහා මේ පොදු ඉතිහාස කථාව නිර්මාණය කරන්නට හැකිය. වාල්මිකීගේ රවණා නොව බුදු දහම දැනසිටි හෙළ රාවණ රජෙකු හරහා එය කල හැකිය. මේ නිර්මාණය කරන ඉතිහාස කථාව හරහා අනාගත දෙමළ ශ්‍රී ලාංකිකයින් උරුම කම් කියනු ඇත්තේ තමන් කම්කරුවන් ලෙස දකුණු ඉංදියාවෙන් මෙහි ආ බව කියන කථාවට නොවේ ඊට අවුරුදු දහස් ගණනක පැරණි ඉතිහාසයකටය. එය සිංහලුන්ට ප්‍රශ්ණයක් විය යුතු නොවේ මන්ද ඒ ලංකා ඉතිහාස කථාව සිංහල ජාතියේ ඉතිහාස කථාවම වන බැවිනි. මෙහිදී අපි වටහා ගත යුත්තේ ලේ නෑදෑකමයි අපි මුතුන් මිත්තන් යැයි සලකන වියුක්ත සංකල්පයයි එකක්ම විය යුතු නැති බවයි.

Wednesday, November 13, 2013

Cameron, Manmohan Singh, Maccrae and Valmiki

By Nalin de Silva





Going by the reports that appeared in Indian news media I thought that finally the Indian Prime Minister would come to Sri Lanka to participate at the CHOGM even for a few hours at least to mark his presence. However, it was not to be. Remember that it is not Manmohan Singh who is not coming to Sri Lanka but the Indian Prime Minister. The talk of how many CHOGMs the Indian Prime Ministers have missed during the last fifty or sixty years is nothing but diplomatic mockery. After all it is not the same as the Indian Prime Minister not going to Perth as Colombo or (Sri) Lanka tolls a different bell to Indians at least from the time of Valmiki. The Indian Foreign Office has lost to Jayalalitha who is in effect the Indian Minister for Sri Lankan affairs. I feel sorry for Mr. Kurdish, whose portfolio has been devalued. The Indian High Commissioner in Colombo who must have done his best to see that Manmohan Singh came to Sri Lanka should also be a worried person.

Sunday, November 10, 2013

චෝගම්

“You let one ant stand up to you then they all might stand up to us. Those puny little ants outnumber us hundred to one and if they ever figure that out, there goes our way of life. It’s not about food it’s about keeping those ants in line!! That’s why we are going back (to the Ant Island)” 

-Bug’s Life. Dir. John Lasseter, Andrew Stanton. Perfs. Kevin Spacey (Hopper). Walt Disney Pictures, Pixar Animation Studios, 1998. 
චෝගම් ආණ්ඩුවේ පම්පෝරියක් බව ඇත්තය. නමුත් මේ සමුළුවට වැදගත්කමක් ලැබෙන්නේ ආණ්ඩුවේ වැඩ නිසා නොව බ්‍රිතාන්‍යය ඊට වැදගත් කමක් ලබා දෙන නිසයි. ඊළාම් යුධයේ අවසාන භාගයේ සති ගණනක් ලංඩනයේ පාරවල් වසමින් ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා උද්ඝෝෂණයක් කිරීමට ඉඩ සලසා දුන්නේ බ්‍රිතාන්‍ය රජය බව අමතක කල නොහැකිය. මේ උද්ඝෝෂණය සඳහා ලංඩන් පොලිසිය පවුම් මිලියන ගණනක් වැය කිරීම තුල ප්‍රභාකරන් ජීවත් කරවීම ඉංග්‍රීසීන්ට කොතරම් වැදගත් වුනිදැයි පෙනේ. 

අපට වඩා මේ සමුළුව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවලට වැදගත් වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා එහි සභාපතිවීම බටහිර ආධිපත්‍යයට එරෙහිවීමක් ලෙස නිවැරදිව ඔවුන් දකින නිසාවෙනි. සෘජුව ඔවුන්ට එරෙහි වන්නේ අපි පමණක් වුනත් මෙහි සාමාජිකත්වය දරන සංස්කෘතියෙන් බටහිර නොවන බහුතරයක් රටවල් ඉංග්‍රීසීන් ගැන තැකීමක් නොකරන බව ඔවුන් දන්නවා විය යුතුය. මේ රටවල් එකතුවීම පොදුවේ බටහිරුන්ගේ ජීවන ක්‍රමයට තර්ජනයකි. අනාගතයේ මේ රටවල් ඔවුන්ට එරෙහිව එකතුවීම වලකා ගැනීමට විශේෂයෙන් ඉංග්‍රීසීන්ට අවශ්‍යය. බ්‍රිතාන්‍යය සමුළුවට සහභාගී වීමෙනුත් කැනඩාව නොඒමෙනුත් උත්සාහ කරන්නේ එයයි.

බරහිර රටවල වෙසෙන්නේ ලොව ජනගහනයෙන් සුළුතරයකි. පරමාදර්ශීය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ජීවන ක්‍රමයක් ගෙන යන්නේ ඉනුත් සුලු පිරිසකි. නමුත් එය පවත්වාගෙන යාම සඳහා මුලු ලොව පුරා සිය අධිපත්‍යය පවත්වාගෙන යාමට ඔවුන්ට සිදුවී ඇත. බොහෝ බටහිර නොවන රටවලට තම ශක්තියෙන් පමණක් ඒ ආධිපත්‍යයෙන් ගැලවීමට හැකියාවක් නැත. අපටද ඒ සඳහා ආර්ථික හා සංස්කෘතික ශක්තියක් නැත. නමුත් මේ ජාතීන්ට එක්විය හැකි නම් සමූහයක් වශයෙන් ඔවුන්ට ඒ ශක්තිය ලබා ගත හැකිය. පැහැදිලිවම ලොවේ බහුතරයක් හිමි වනුයේ එවැනි සමූහයකටය. මේ චෝගම් අපට වැදගත් ඒ නිසයි.

Friday, November 8, 2013

වෙන් නොවී සිටීම උදෙසා ජාතික නිදහස් සටන

ඊළාම් යුධයේ අවසාන භාගයේ රූපවහිනියේ පෙන්වූ කෙටි දර්ශණ පෙලක් මට තවම මතකය. එහි දිස්වූයේ රණවිරු ශාවේන්ද්‍ර සිල්වා තම සෙබලුන් දිරි ගන්වමින් සිටින අන්දමය. ඒ වනවිට ප්‍රභාකරන්ගේ මිනිස් ආවරණය කඩමින් නන්දි කඩාල් කලපුවේ සිට දෙමළ ජනයා එකා දෙන්නා රජයේ හමුදාවෙත පැමිනෙමින් සිටියහ. එහිදී එතුමා තම සෙබලුන් අමතා කියන්නේ “පව් මේ අහිංසක මිනිස්සු, ඔවුන් බේරාගෙන නුඹලාගේ ජීවිතත් රුකගෙන අපි සතුරා පරාජය කරමුයි” කියාය. මෙහිදී එතුමා තමන්ගේත් තම සෙබලන්ගේත් අහිංසක දෙමළ වැසියන්ගේත් ජීවිත සම තත්වයේ තැබීමට තරම් නිහතමානී වුනැයි මම සිතමි. බටහිර රටක හමුදා නිළධාරියෙක් ගෙන් බලාපොරොත්තු විය නොහැකි මේ ගති අපේ මිනිසුන්ට තිබීම පුදුමයක් නොවේ. කුඹුරේ වැඩ ගන්න ගවයාට පිං දී මතු බවයක නිවන් දකිත්වා යැයි පතන්නේ මා ජීවත් කරන්නේ නුඹයැයි සිතීමට තරම් අපේ ගොවියා නිහතමානී වීම නිසාය. අපේ අම්මලා සමහරවිට මං ඉන්නේ නුඹ නිසයි පුතේ කියන කියමනින් තේරුම් යන්නේ අම්මා ජීවත් වෙන්නේ දරුවන් රකින්ට බවත් අනිත් අතට දරුවන්ගේ පිං බලෙන් තමන් ජීවත්වන බවත් යන දෙකමැයි මම සිතමි. මේ ආකල්ප අපට ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාපේක්‍ෂ පැවැත්මක් දකින නිසාය.

Friday, November 1, 2013

නිදහස නැතිවීම

ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ පුද්ගලික නිදහස අඩුයැයි කීවොත් බොහෝ දෙනෙක් පිළිගන්නේ නැතිවේවි. නමුත් ඇමෙරිකාවේ කාලයක් තිස්සේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙක් වරක් මා සමඟ පැවසූවේ “ලංකාවේ මිනිස්සු සැපසේ දුක් විඳිනවා අපි මෙහේ දුකසේ සැප විඳිනවා” කියලයි. (එක අතකින් මේ කථාවෙන් කියවෙන්නේ සැපෙන් දුක කැන්සල් වෙන්නේ නැහැ කියලයි. බටහිර භෞතික විද්‍යාවේ ප්‍රතිවිරුද්ධ බල කැනසල් වුනාට යුදෙව් ක්‍රිස්තියානි නොවෙන සංස්කෘතිවලට අනුව ප්‍රති විරුද්ධ බල කැන්සල් නොවී තියෙන්නත් පුලුවන් බව වැදගත් කාරණයක්). ඒ කොහොම වුනත් මූලික වශයෙන් ලංකාවේ අය ඇමෙරිකාවේදී දුකෙන් සැප විඳින්නේ සැප විඳීම අරභයා ඔවුන් තමන්ගේ පුද්ගලික නිදහස පවාදෙන නිසා කියල මම හිතනවා.සැප තිබුනත් ඔවුන්ට දුකක් දැනෙන්නේ ලංකාවේ තිබුනු පුද්ගලික නිදහස සීමාවීම නිසයි.