Friday, October 4, 2013

වෙල්ලාල ප්‍රෝඩාව

තමන් ඡන්දය දිනන බව දැන දැනත් පළාත් සභා මැතිවරණය ආසන්නව තිබියදී දෙමළ නායකයින් විසින් බෙදුම්වාදී මැතිවරණ ප්‍රකාශයක් නිකුත් කලේ බහුතරයක් දෙමළ ජනතාව බෙදුම්වාදය අනුමත කරතැයි ඡන්දෙන් පසුච ලොවට පෙන්වාදීමේ අරමුණෙන් මිස ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් යැයි සිතිය නොහැකිය. පළාත් සභා මැතිවරණයට පෙර හා පසු දෙමළ නායකයින් තම ක්‍රියාකාරකම් තුලින් අපට ඉඟි කරන්නේ විශේෂයෙන්ම යාපනයේ දෙමළ ජනයාගේ අභිලාෂය අනන්‍යවූ ජාතියක් ලෙස ෙසේවරී රාජ්‍යයක වෙසීම බවය. ඒ සමඟම ඔවුන් අපට ඉඟි කරන අනිත් කරුන නම් ඊනියා ස්වයංපාලනයක් හෝ බලය බෙදාගැනීමක් හරහා වෙල්ලාලයින්ට දේශපාලන බලය ලබාදුන්නොත් දෙමළ ජනතාවගේ රට බෙදීමේ ආශාව මෙල්ල කරගත හැකි බවය. කප්පම් ගන්නා පාතාලයෝ කරන්නේද මෙි දෙයමය. නමුත් වෙල්ලායින් අප බිය වද්දන්ට හදන්නේ පඹයෙක් පෙන්වාය. ඔවුන් අපට පෙන්වන දෙමළ ජනයාට ඇතැයි කියන ජාතිකත්වය විඥානයක් නැති පඹයෙක් පමණි.


මෙරට දෙමළ ජනයාගෙන් බහුතරයකට ජාතියක් වශයෙන් වෙන්ව ජීවත්වීමට අභිලාෂයක් ඇත්නම් එසේත් නැත්නම් ඔවුන් අතීතයේ එසේ අනන්‍යවූ ජාතියක්ව සිටියානම් යටත්විජිත සමයේ සිට අද දක්වා පැවතගෙන එන දෙමළ ජාතික විඥානයක් සහ ජාතික නිදහස් සටනක් ඔවුන් සතුව තිබිය යුතුය. නමුත් දෙමළුන් සිංහලුන් මෙන් සුද්දන්ට විරුද්ධව සටන් නොකලහ. දකුනේ මෙන් උතුරේද අධිරාජ්‍යවාදීන් සමඟ කෙරුනු සටන් වලට නායකත්වය දුන්නේ සිංහල නායකයිනි. සිංහලුන් තරම් දෙමළුන් යටත් විජිත පාලකයින් අතින් මැරුම් නොකෑහ. අනගාරික ධර්මපාලතුමා වැන්නවුන් සිංහල බෞද්ධ පුනුරුදයක් ඔස්සේ නිදහස් සටනට සිංහළ බෞද්ධයින් ගොනු කලද, හිංදුතාව මුල් කරගෙන දෙමළ ජනයා සංවිධානය කරගත හැකි ධර්මපාලතුමෙකු ශ්‍රී ලාංකික දෙමළ ජනයා අතරින් අදටත් බිහිවී නැත. එයට හේතුව කුමක්ද?

මෙරට දෙමළ ඉතිහාසය ලියැවී ඇත්තේ දහ අටවන සියවස තරම් ඉතා මෑතකදීය. එයද ජාතියක්ව සිටියානම් ඔවුන් සතුරන් ලෙස සැලකිය යුතුව තිබුනු ලංදේසීන්ගේ අනුග්‍රහය ඇතිවය. දෙමළ නායකයින් මේ ඉතිහාසය ලංදේසීන්ටවත් ඉංග්‍රීසීන්ට එරෙහිවවත් කල සටනකට පණදීම සඳහා යොදා ගත්තේ නැත. අද එය ඔවුන් පාවිච්චි කරන්නේ සිංහලුන්ට එරෙහිවය. දෙමළ නායකයින්ට නැඟෙනහිර සහ උතුරු පළාත්වලට හිමිකම් කියන්නට අවශ්‍යවුනත් එ පළාත්වල පුරාවිද්‍යා ගවේශණයට ඔවුන් මෙන්ම සාමාන්‍ය දෙමළ ජනයාද උනන්දුවක් නොදක්වති.  අදටත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ සිංහලුන්ය. දෙමළ ජනයාට ජාතික හැඟීමක් තිබිනි නම් නැඟෙනහිර සහ උතුරු පළාත් ඒ ජාතියේ නිජබිම්යැයි ඔවුන් කල්පණා කරන්නේ නම් එය එසේ විය හැකිද? ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය සුමන්දිරන් මන්ත්‍රීතුමාගෙන් යාපනය දෙමළ නිජ බිම ලෙස හඳුන්වන්නේ කුමන පදනමින්දැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ අසූ තුනේ ජූලි කලබලවලදී ජේ ආර් විසින් දෙමළුන් ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආණ්ඩුවේ වියදමින් යාපනයට යැවූ නිසාය යන්නය. මේ දෙමළ ජාතිකත්වයක් ගැන කියන දෙමළ නායකයෙක් කියන කථාවය. සාමාන්‍ය සිංහලයෙකුගෙන් මේ රට නුඹේ වන්නේ කෙසේදැයි ඇසුවොත් මීට වඩා හැඟීම්බර උත්තරයක් ලැබෙන්නේ නැද්ද? මේ සියලු කරුනුවලින් ගම්‍ය වෙන්නේ තමන් අනන්‍යවූ ජාතියක්ය යන විඥානය සිංහලුන්ට තරමටම මෙරට දෙමළ ජනයාගේ සිත්තුලට කාවැදී නැති බවය. අතීතයේද එය එසේ නොවිනි.

නමුත් එකක් පැහැදිලිය. දෙමළ ජනයාගෙන් ඉතා සුලු පිරිසකට ජාතික මට්ටමේ දේශපාලණ බලයක් අත් කර ගැනීමට අභිලාෂයක් ඇත. ඔවුන්ට එය අයිතියැයි ඔවුහු සිතති. ඔවුන්ට එය අත් කරගත හැකියැයිද ඔවුහු සිතති. දහනව වන සියවසේ සිට අප දකින්නේ සුලු පිරිසක්වූ වෙල්ලාල නායකයින් තමන්ගේ ඊනියා අයිතිය ලබා ගැනීමට කරන අයිතිවාසිකම් සටනක් මිස දෙමළ ජාතිකත්වය මත පදනම්වුනු ජාතික සටනක් නොවේ. ප්‍රභාකරන් විසින් ආයුධ සන්නද්ධ අරගලයක් තෙක් දික් කර ගත්තේද ඒ අයිතිවාසිකම් සටනේ වෙල්ලාල නායකත්වය වෙනුවට තමන් ආදේශ කර ගනිමිනි. ඊනියා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ නායකයින් මුලදී දෙමළුන්ට සිදුවන ඊනියා අසාධාරණයක් පෙන්නුවද අනූවේ දශකය වනවිට ඒ මත බොරු යැයි සමාජගත කිරීමට සිංහල දේශප්‍රේමීන්ට හැකි විනි. එල්ලෙන්ට වැලක් නැතිවුන දෙමළ ජාතිවාදීන් ජාතිකත්වයක් පිළිබඳ අදහස් ගොතන්ට පටන් ගත්තේ ඊට විකල්පයක් වශයෙනි. ශත වර්ශ ගණනාවක් තිස්සේ දකින්නට නොතිබුනු දෙමළ ජාතිකත්වයක් කරලියට ගෙන එන්නේ එංගලන්තය ඇමෙරිකාව නොර්වේ ස්වීඩන වැනි බටහිර රටවල විශ්ව විද්‍යාලවල හිඟාකන බටහිර උගතුන් විසිනි. ඉතිහාසයේ වූ පරිදිම අදද දෙමළ නායකියන්ට කතන්දර හදන්ට උදව් කරන්නේ බටහිරුන්ය. නමුත් මුලින් කී සේ බටහිරුන් ඔවුන්ට හදාදී ඇත්තේ පඹයෙකි. ඒ ජාතිකත්වයට විඥානයක් නැත. අඩුම තරමේ පසුගිය වකවානුව තුල දෙමළ හිංදුන් බුරුතු පිටින් ක්‍රිස්තියානි කරණයට ලක්වීමට එරෙහිව කෙඳිරිල්ලක්වත් ගෑමට ඒ පඹ ජාතිකත්වය සමත් නොවිනි. පුදුමවිය යුත්තේ එය එසේ වූවා නම්ය.

දෙමළ ජනයාට වූ අසාධාරනය නම්වූ බොරුව බොරුවක් බව ඔප්පුවූ බැවින් දෙමළ ජාතිවාදීන් විසින් ඊනියා දෙමළ ජාතිකත්වයක් පිළිබඳ කතාවක් ගොතමින් ගෝල් කණුව වෙනතකට ගෙන ගොස් ඇත. අවාසනාවකට අපේ සමහර උගතුන් තවම පන්දුව එල්ල කරන්නේ පරන තැනටමය. කෙසේ නමුත් දෙමළ ජාතිකත්වයද බොරුවකි. සිංහලුන්ට සාපේක්‍ෂව බහුතරයක් සාමාන්‍ය දෙමළ ජනයාට තමන් ස්වාධීනවූ ජාතියකට අයත්යැයි හැඟීමක් නැත. හැකියාවක් ඇත්නම් බටහිර සමාජ විද්‍යාඥයින්ට දෙමළ ජන විඥානය පිළිබඳ පර්යේශණයක් කර එය දැන ගත හැකිය. මා මින් අදහස් කරන්නේ දෙමළ ජනයාට අනන්‍යවූ ජාතියක් ගොඩනඟා ගැනීමට අභිලාෂයක් ඇතිවිය නොහැකියැයි හෝ එවැනි අභිලාශයක් නොතිබිය යුතුයැයිවත් නොවේ. නමුත් ජාතිවාදීන් විසින් දෙමළ ජාතිකත්වය ලෙස අද අපට පෙන්වන්නේ බටහිර විශ්ව විද්‍යාලවල නිර්මාණයවුනු පඹයෙකි. එයට හිතක් පපුවක් නැත. එහි එකම අරමුණ සිංහලුන් බිය වද්දා වෙල්ලාලයන්ට බලය ලබාගෙන රටේ ෙසෙවරීභාවය නැති කිරීමය. සිංහලයෝ පඹයින්ට බිය විය යුතු නැත.

වෙල්ලායින් ප්‍රසිද්ධියේ රට බෙදන්ට යැයි නොකියන බව ඇත්තකි. නමුත් ඔවුන් උතුරේ ස්වයං පාලනයක් නැත්නම් බලය බෙදාගැනීමක් සාධාරණය කරන්නේ අනන්‍යවූ ජාතියක් ලෙස ෙසේවරී රාජ්‍යයක වෙසීම දෙමළ ජනයාගේ අභිලාෂය බව පෙන්වමිනි. ඒ නිසා ස්වයං පාලනය හෝ බලය බෙදාගැනීම පිටුපස ඇත්තේ තමන්ට ෙසේවරී බවක් අත් කර ගැනීමේ අරමුණ නොවේයැයි ඔවුන්ට තර්ක කල නොහැක. මුලු රටම සිංහලුන්ගේය. ඒ නිසා දෙමළ ජනයා උතුරේ ෙසේවරීය බවක් අත් කර ගැනීම තුලින් සිංහලුන්ගේ ෙසේවරීය බව නැතිවනු ඇත. ඒ නිසා රට බෙදුවත්, උතුරේ ස්වයං පාලනයක් ඇති කලත්, බලය බෙදාගත්තත් වෙල්ලාලයින් කරන දේශපාලනයෙන් සිදුවන්නේ එකම දෙයකි. සිංහලුන්ගේ ෙසෙවරීයභාවය නැතිවීමය. සිංහලුන්ගේ ෙසෙවරීයභාවය නැති කරගනිමින් දෙමළුන්ට ෙසේවරීය බවක් අත් කර දිය යුතු යැයි කීම අසාධාරණය. අනන්‍යවූ ජාතියක් ලෙස ෙසේවරී රාජ්‍යයක වෙසීම දෙමළ ජනයාගේ අභිලාෂය නම් එය ඉටු කර ගත හැක්කේ සිංහලුන් සමඟ එක්වී ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ෙසෙවරීයභාවය ආරක්‍ෂා කර ගැනීම තුලිනි. බටහිරුන් විසින් තනා දී ඇති, වෙල්ලාලයින් විසින් නටවන ඊනියා දෙමළ ජාතිකත්වය නමැති හිතක් පපුවක් නැති පඹයාට එය අත් කර ගත නොහැකිය.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete