Friday, October 25, 2013

ලිං මැඩියන්ට මොන ස්වාධිපත්‍යයක්ද?

සමහර බටහිර උගතුන්ට අනුව ස්වෛරීය රාජ්‍ය කියා රාජ්‍ය මේ ලෝකේ නැත එසේත් නැත්නම් රටක ස්වෛරීය භාවය යනු එතරම් පැහැදිලි සංකල්පයක් නොවේ. සම්බන්දන් මහතා ඒකීය රාජ්‍යය එතරම් තේරුමක් නැති සංකල්පයක් ලෙස හඳුන්වන්නේ බටහිර උගතුන්ගේ මේ කියමන් වලට අනුවය. ඔවුන්ට අනුව රටේ ස්වෛරීය භාවයක් බදාගෙන නහින්ට තනන ජාතිකවාදීන් ලෝකය ගැන හරිහැටි නොදන්නා නූගත් ලිං මැඩියෝය. නමුත් ස්වෛරීය භාවය අවැදගත් සංකල්පයක් ලෙස අපට උගන්වන බටහිරුන් අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම ඔවුන්ගේ ස්වෛරීය භාවය කිසි සේත් පාවා නොදෙති.

Friday, October 18, 2013

ආගම

බුදුසරණ
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කියන්නේනම් ලංකාවේ රූපවාහිනී නාලිකා හාමුදුරුවරුන් බයිට් කරන්නේ ගේමක් නැතිවය. මීට වසර පනස් හතරකට උඩදී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා ඝාතනය කිරීමට සැලසුම් කල බුද්ධරක්ඛිත හිමියන්ටවත් මෙතරම් නින්දිත ලෙස සලකන්ට එදා මිනිසුන් අසංවර වුනාදැයි මම නොදනිමි. නමුත් අද ජන මාධ්‍ය පමණක් නොවේ ගිහි බෞද්ධයෝ මෙන්ම සමහර හාමුදුරුවරු පවා ඔවුන් වැරදි යැයි සලකන සංඝයාවහන්සේලාට චීවරදාරියා හොරා බේබද්දා කියා ප්‍රසිද්ධියේ පරිභව කරන්නේ කිසිම පැකිලීමක් නැතිවය. මේ සිංහල බෞද්ධාගම මුහුණපා ඇති අර්බුදයේ එක් පැති කඩක් පමණි. තමන් හේතුවාදීන් යැයි සිතන සමහර බෞද්ධ උගත්තු සිංහල බෞද්ධාගමේ ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ලොප් කරන්ට තනති. තවත් සමහර උගත්තු බුදු දහම විද්‍යාත්මකයැයි පෙන්වීමට උත්සාහ ගනිති. සාමාන්‍ය බෞද්ධයෝද බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව විවිධාකාර ප්‍රතික්‍රියා දක්වති. සමහර උගත් මධ්‍යම පංතික තරුණ බෞද්ධයෝ සාම්ප්‍රදායික පංසල් ඇසුරින් ඈත්වී තනි තනියෙන් විමුක්තිය සොයා නොයෙකුත් ගිහි පැවදි භවතුන් සරණ යති. මේ අතර සමහර පංසල් හුදෙක් ගිහියන්ට සංස්කෘතික සේවා සපයන ආයතන බවට පත්වී ඇත. ලක්‍ෂ ගණන් සැදැහවතුන් පුදබිම් වල පූජා පවත්වති බණ අසති සිල් ගනිති. රූපවාහිනීවල පැය විසි හතරේම බණ කියැවේ. සමහරු ශුද්ධවූ බුදු දහමක් වෙන්කර හඳුනාගෙන එය ආරක්‍ෂා කර ගන්ට උත්සාහ කරති. තවත් සමහරු සිංහල බෞද්ධයින්ගේ ආරක්‍ෂාව පතා බෞද්ධ සංවිධාන පිහිටුවා ගනිති. මේ සියලු සංසිද්ධි වලින් පෙන්නුම් කෙරන්නේ සිංහල බෞද්ධාගම බටහිර සංස්කෘතිය සමඟ ගැටෙමින් එහි ගිලෙමින් කරන අරගලයය.

Friday, October 11, 2013

ජාතිය

 බොහෝ ඇමෙරිකානුවෝ සිරිතක් වශයෙන් තම නිවෙස් ඉදිරියේ ඇමෙරිකානු ජාතික කොඩිය ප්‍රදර්ශනය කරති. එහි පාසල් ළමුන් වැඩ අරඹන්නේ රටටත් ජාතික කොඩියටත් පක්‍ෂපාත වන බවට ප්‍රතිඥා දෙමිනි. නමුත් මෑතක් වනතුරුත් සාමාන්‍ය සිංහලුන් ජාතික කොඩිය ප්‍රදර්ශණය කලේ මඟුල් ගෙවල් වලදී පමණි. ඒද කොඩි ගහක නොව බෝධියේ කොඩි එල්ලන ආකාරයට සිංහයා උඩුබැලි අතට සිටවමින් කොඩි වැලකය. සිංහලුන් මඟුල් ගෙවල්වල ජාතික කොඩිය දමන්නේ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කිරීමට නොව යටගිය සිරිතකට අනුව තම සතුට සෞභාග්‍යය ලොවට කියා පෑමට විය යුතුය. පාසල් ළමුන් තබා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී රටට ජාතියට පක්‍ෂපාත වන බවට ප්‍රතිඥා දෙනවාදැයි මම නොදනිමි. පැහැදිලිවම සාමාන්‍ය සිංහලුන් ජාතිය ගැන දරන ආකල්ප ලෝකයේ සෙසු ජාතීන් විශේෂයෙන්ම බටහිර ජාතීන් දරන ආකල්ප වලට වඩා වෙනස්ය. මේ වෙනස දකින බටහිර උගතුන් සිංහල කියා ජාතියක් ඇත්තටම ඇත්දැයි සැක පහල කරති. නමුත් සාමාන්‍ය සිංහලුන් කිසි පැකිලීමක් නැතිව ජාතිකත්වය මත ඡන්දය දෙන බව දකින ඔවුහු විසංවාදයක් ඇති කරගනිති. ඔවුන්ගේ අවුල ඔවුන් උගත් බටහිර දැනුමය.

සිංහල කියා ජාතියක් ඇත. නමුත් එය දැන ගැනීමට බටහිර දැනුම ප්‍රමාණවත් නොවේ. 

Friday, October 4, 2013

වෙල්ලාල ප්‍රෝඩාව

තමන් ඡන්දය දිනන බව දැන දැනත් පළාත් සභා මැතිවරණය ආසන්නව තිබියදී දෙමළ නායකයින් විසින් බෙදුම්වාදී මැතිවරණ ප්‍රකාශයක් නිකුත් කලේ බහුතරයක් දෙමළ ජනතාව බෙදුම්වාදය අනුමත කරතැයි ඡන්දෙන් පසුච ලොවට පෙන්වාදීමේ අරමුණෙන් මිස ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් යැයි සිතිය නොහැකිය. පළාත් සභා මැතිවරණයට පෙර හා පසු දෙමළ නායකයින් තම ක්‍රියාකාරකම් තුලින් අපට ඉඟි කරන්නේ විශේෂයෙන්ම යාපනයේ දෙමළ ජනයාගේ අභිලාෂය අනන්‍යවූ ජාතියක් ලෙස ෙසේවරී රාජ්‍යයක වෙසීම බවය. ඒ සමඟම ඔවුන් අපට ඉඟි කරන අනිත් කරුන නම් ඊනියා ස්වයංපාලනයක් හෝ බලය බෙදාගැනීමක් හරහා වෙල්ලාලයින්ට දේශපාලන බලය ලබාදුන්නොත් දෙමළ ජනතාවගේ රට බෙදීමේ ආශාව මෙල්ල කරගත හැකි බවය. කප්පම් ගන්නා පාතාලයෝ කරන්නේද මෙි දෙයමය. නමුත් වෙල්ලායින් අප බිය වද්දන්ට හදන්නේ පඹයෙක් පෙන්වාය. ඔවුන් අපට පෙන්වන දෙමළ ජනයාට ඇතැයි කියන ජාතිකත්වය විඥානයක් නැති පඹයෙක් පමණි.

Wednesday, October 2, 2013

Will Wigneswaran defy the constitution (unedited)

By Nalin De Silva

C V Wigneswaran is yet to be appointed as the Chief Minister of the Northern Province. The constitution is very clear on the appointment of chief ministers and the other ministers of provincial councils. Article 154F (4) and (5) are reproduced below.  
(4) The Governor shall appoint as Chief Minister, the member of the Provincial Council constituted for that Province, who, in his opinion, is best able to command the support of a majority of the members of that Council: Provided that where more than one-half of the members elected to a Provincial Council are members of one political party, the Governor shall appoint the leader of that political party in the Council, as Chief Minister.
(5) The Governor shall, on the advice of the Chief Minister, appoint from among the members of the Provincial Council constituted for that Province, the other Ministers.