Thursday, August 22, 2013

සිංහල බෞද්ධයින්ගේ දුක් ගැනවිල්ල


පංසලකට යාබද ඉඩමක අන්‍යාගමික පල්ලියක් ඉදි කරන්නට යෑම ආක්‍රමණශීලී නොවේ යැයි කිව හැකිද? උප්පරවැටි යොදා අහිංසක ගැමි බෞද්ධයින් අන්‍යාගම් වලට හරවා ගැනීමට තැත් කිරීම ආක්‍රමණශීලී නොවේ යැයි කිව හැකිද? සංවිධානාත්මකව රටේ යම් ප්‍රදේශ තම ආගම අදහන්නන් සඳහා වෙන් කර ගැනීමට තැත් කිරීම ආක්‍රමණශීලී නොවේ යැයි කිව හැකිද? මේ දෑ රටේ නීතියට විරුද්ධ නොවන්නට පුළුවන නමුත් එහි ඇති ආක්‍රමණශීලී බව පණ නැති නීතියට නොදැනුනත් පණ ඇති බෞද්ධයින්ට දැනේ. නමුත් බෞද්ධයින්ට ඒ ගැන කල හැක්කක් නොමැත. ඉවසුම් නැති සමහර බෞද්ධයින් ප්‍රචන්ඩකාරී වන්නේ ඒ නිසා විය හැකිය. ප්‍රචන්ඩත්වය මැඩලිය යුතුය. ඒ සඳහා රටේ නීති ඇත. නමුත් ආගම්වාදීන් මෙන්ම සමාජය පුරා නොයෙකුත් විශමාචාරයන් පතුරවන සංවිධාන සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කරන ආක්‍රමණ වලට විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ගයක් බෞද්ධයින්ට නොමැත. එය බරපතල ප්‍රශ්ණයකි. එයට විසඳුම් තිබිය යුතුය.


මොවුන්ගේ ආක්‍රමණ මැඩලීමට නීති දැමිය හැකි දැයි මම නොදනිමි. බුදු දහමට රටේ මුල් තැන දෙන බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එක වගන්තියකින් කියැවුනත් ඉන් ඉටු වන දෙයක් තිබේද? ඒ හරහා ඉහත කී නො කී ආක්‍රමණ වලට වැට බැඳිය හැකිද? නීති මඟින් බොහෝවිට සාර්ථකව කර ගත හැක්කේ පුද්ගලික අයිතිවාසිකම් රැක ගැනීමය. උදාහරණයක් වශයෙන් අවශ්‍ය නම් යම් පුද්ගලයෙකුට පංසලකට යාබද ඉඩමක් මිලදී ගත හැකිය. ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඇතිව එහි නිවසක් ඉදි කර ගත හැකිය. ඉන්පසු එහි අවට ජීවත් වන මිනිසුන් එහි ගෙන්වාගෙන ඔහුගේ මතවාදයක් ඔවුන්ට කියා දිය හැකිය. තව දුරටත් යමින් පංසලට යන එන දුප්පත් මිනිසුන්ට මුදල් ආධාර දී ඔවුන් ඔහුගේ මතයට නම්මවා ගැනීමට කටයුතු කල හැකිය. ඊටත් එහා ගොසින් අවශ්‍යනම් ඔහුගේ අනුගාමිකයින් අතර බෞද්ධ විරෝධී අදහස් පතුරුවන්නටද හැකිය. මේ සියලු දෑ කිරීමට රටේ ඕනෑම පුද්ගලයෙකුට ඇති අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්‍ෂිත කර ඇත. නමුත් අර කී පංසලේ දායකයින්ගේ සාමූහික අයිතිය අරක්‍ෂා කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නොහැකිය. පොදුවේ ගත්විට සිංහල බෞද්ධයින්ගේ කනස්සල්ලට හේතුව එයයි.



අද අපි භාවිතා කරන බටහිර නීතිය වැඩිමනත් උනන්දුවන්නේ මිනිසුන්ගේ පුද්ගලික අයිතීන් ආරක්‍ෂා කිරීමටය. පුද්ගලයින්ගේ අයිතීන් සුරැකි විට සමාජයේම අයිතීන් සුරැකේ යැයි යමෙකුට කිව හැකි මුත් එය නිවැරදි නොවේ. පොල් ගෙඩි එකතු කර පොල් ගොඩක් යැයි කිව හැකි මුත් සමාජයක් යනු හුදෙක් පුද්ගලයින්ගේ එකතුවක් නොවේ. පොල් ගෙඩි අතර නැතිවුනත් මිනිසුන් අතර අන්නෝන්‍ය සම්බන්ධකම් ඇත. ඉහත කී පංසලේ දායකයින්ට තමන්ගේ සංස්කෘතියට සදාචාරයට අනුව තම දිවි පෙවෙත පවත්වාගෙන යා හැක්කේ ඔවුනොවුන් අතරත් ඔවුන් හා පංසල අතරත් ඇති සංකීර්ණ සමාජ සම්බන්ධකම පැවතුනොත් පමණි. එය හුදෙක් පංසලත් තනි පුද්ගලයිනුත් අතර ඇති පුද්ගලික සම්බන්ධකමක් මත පමණක් පවත්වාගෙන යා හැකි නොවේ. ඒ නිසා පංසලේ දායකයින්ට තමන්ට රිසි පරිදි තම දිවි පෙවෙත, චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යාමට නම් සමූහයක් වශයෙන්ද ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා විය යුතුය. නමුත් අද අපේ රටේ නීතියට රැකිය හැක්කේ පංසලට යාබද ඉඩමේ කෙනෙහිලිකම් කරන පෙර කී පුද්ගලයාගේ පුද්ගලික අයිතිය මිස දායකයින්ගේ සාමූහික අයිතිය නොවේ.


යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක හැදුනු ඇල්බට් අයින්ස්ටයින් තමන් හා දෙවියන් අතර ඇති පුද්ගලික සම්බන්ධයක් ගැන කථා කලත් සිංහල බෞද්ධ සමාජයට වැදගත් වන්නේ පුද්ගලික අයිතීන් පමණක් නොවේ. සාමූහික අයිතීන්ද ඔවුන්ට වැදගත්ය. ඒ නිසා ඒ දෙකම ආරක්‍ෂා කල යුතු යැයි කීමට සිංහල බෞද්ධයින් පසුබට විය යුතු නැත. පහුගිය වකවානුව මුලුල්ලේම විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් උද්ඝෝෂණය කලේ තමන්ගේ සාමූහික අයිතිවාසිකම් රැක ගැනීමටය. හලාල් ප්‍රශ්ණයේත්, අන්‍යාගම්කරණයේත් බොදුබිම් ආක්‍රමණයේත් බෞද්ධයින් කැස කැවුනේ ඔවුන්ගේ සාමූහික අයිතිවාසිකම් රැක ගැනීමට මිස පුද්ගලික අයිතිවාසිකමක් රැක ගැනීමට නොවේ. අවාසනාවට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක බිහිවුනු අප රටේ නීති පද්ධතිය බෞද්ධයින්ගේ අයිතිවාසිකම් රැක දීමට සමත් නැත. ඒ සඳහා සංයුක්ත ලෙස ප්‍රශ්ණ දෙස බැලිය හැකි පුද්ගලික මෙන්ම සාමුහික අයිතිවාසිකම්ද සැලකීමට ගන්නා විධි ක්‍රමයක් තිබිය යුතුය. එකල නම් එය කිරීමට මහෞෂධ පඬිවරු සිටින්නට ඇත නමුත් මහෞෂධ පඬිවරු අද රටේ නැත.


මෙදා ඉහත කී ප්‍රශ්ණ ගොඩින් බේරා ගැනීමට හැකි වූයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන් යම් නීතියක් නිසා නොව රජයේ බලවතුන්ගේ සෘජු දේශපාලණ මැදිහත්වීම නිසාය. නමුත් සිංහල බෞද්ධයින්ට රජයෙන් එය සැමදා බලාපොරොත්තු විය නොහැකිය. මන්ද එවිට අධිපතිවාදීව ක්‍රියා කරතැයි රජයට චෝදනා එල්ලවිය හැකි බැවිනි. භික්‍ෂු නායකත්වයෙන් හෙබි බෞද්ධ සංවිධාන මත යැපීමද විසඳුමක් නොවේ. එවැනි සංවිධාන ගිහියන්ගේ විවිධ දේශපාලණ බලපෑම් වලට හසු වීම වැලකිය නොහැකිය. සිංහල බෞද්ධයින්ගේ සාමූහික අයිතිවාසිකම් රැක ගැනීමට නම් මෙරට සමාජ දේශපාලනික පෙරළියක් සිදුවිය යුතුය. ඒ හරහා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට සුවිශේෂ තැනක් තිබිය යුතුයැයි පුළුල් පිළිගැනීමක් සමාජය තුල ඇති කර ගත යුතුය.


මේ සුවිශේෂ තැන ඉන්දියාවේ හිංදු සංස්කෘතියටත් බ්‍රිතාන්‍යයේ ඇංගලිකන් සංස්කෘතියටත් ඒ රටවල ඇති තැනම මිස වෙන අරුමයක් නොවේ. නමුත් සිංහල බෞද්ධ විරෝධීන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ තැන දීමට සූදානම් නැත. වාසුදේව නානායක්කාර මහතා ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගයා ප්‍රදර්ශණය කරන්නේ එයයි. උගත් පාඩම් කොමිසම සංස්කෘතික සලාදයක් ගැන කථා කරන්නේද සියලු සංස්කෘති එක මට්ටමේ තිබිය යුතුයැයි සලකා ගෙනය. නමුත් ඔවුන් සිතනා ආකාරයේ බහු සංස්කෘතියක් රකිනා රටක් මෙලොව කොහේවත් නැත. ඒ බව ඔවුන් නොදන්නවා විය නොහැකිය. ලොකයේ සියලුම ජාතීන් වාසය කරන සංස්කෘතික කල්දේරමක් යැයි සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේවත් සියලු සංස්කෘති එක මට්ටමේලා සලකන්නේ නැත. සංස්කෘතික සලාද කොහෙවත් නැති හුදු හිතලුවක් පමණි. සිංහල බෞද්ධ විරෝධීන්ගේ ක්‍රියා කාරකම් පරදවා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂ තැන අප සමාජය තුල ඇති කරගන්නා තාක් කල් සිංහල බෞද්ධයින්ගේ සාමූහික අයිතිවාසිකම් සුරැකෙන්නේ නැත.

10 comments:

  1. බටහිරයින්ට අවැසිලෙස අධ්‍යාපන හා සංස්කෘතික ආභාෂයන් ලැබූ අපි තවමත් සිංහලද? අපි දැන් අයිති වන්නේ කුමන කොටසටද.? අපි අපි ගැන කතා කරනකොට එයට ජාතිවාදය කියන්නේ ඇයි? මා ජාතියක් නැති නපුන්සක යකු ලෙස දැනේ. මා වටා මා සමග සිටි ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල යහළුවන්ද දැන් දැන් නපුන්සකයින් වී ඇති බව පෙනේ. ඊනියා බටහිර ගැති අධ්‍යාපනය අපට නොදැනීම අපිව නපුන්සකයින් කොට ඇත. නමුත් සමකාලින සමහරුන්ට තවමත් එය අවබෝධ නොවීම සිංහලයින්ගේ කරුමයද? මෙය අපට පෙනෙන දෙයට වඩා ඇති සුක්ෂම ක්‍රියාවලියක ප්‍රතිපලයක් දැයි මහා භයක් දැනේ.

    ReplyDelete
  2. .සොබා දහමට සමීපව කටයුතු කර නිසාත් ,,බුදු දහමෙන් ලැබුණු අසීමිත සිතීමේ නිදහස නිසාත් සිංහලයන් වටා විශ්මිත සංස්කෘතියක් ගොඩ නැගුණි ,,ඒ සංස්කෘතිය තුල තෘප්තිමත් ලෙස ජීවත් වීමටත් කිසිදු දේව ආගමක් ඔස්සේ තේරුම් ගත නොහැකි ජීවිතයේ යතාර්ථය තේරුම් ගැනීමටත් හැකියාව ලැබුණි ,,,බුදු දහම විනාස කිරීම යනු මේ රටේ සිංහලයාගේ කොඳු කැඩීම බව සිංහල බෞද්ධයන්ට වෛර කරන්නන් දනී දැන් විවිද ක්‍රම වලින් සිදු වන්නේ එයය

    ReplyDelete
  3. ඉතාමත් වටිනා ලිපියක්. ඔබගේ අදහස් සමග එකඟ වෙනවා. මේ ලිපිය සම්පාදනය ගැන ස්තූතියි. ගොඩක් අය බෞද්ධයා තමන්ගේ අයිතීන් වෙනුවෙන් කෑගහන එක විග්‍රහ කරන්නෙ අන්තවාදය ලෙසයි.

    එහෙත් වෙනත් ආගමියිකයන් බෞද්ධයන්ගේ අයිතීන් සීමා තඔයකට මායිම් නොකර ඔවුන්ගේ යටිකූට්ටු වැඩ වලින් බෞද්ධයන් කුපිත කරවීම අපේම බෞද්ධයන්ට නොපෙනීමත් කණගාටුවට කරුනක්..

    උදා: මාවතගම පල්ලිය අසල නිශ්ෂබ්ද වනු පුවරුව.
    බොහෝ මුස්ලිම් පල්ලි වල පුවරු අරාබි බසින්, මැලේ, දමිල, ඉංග්‍රීසි බසිනුත් අවසානයට සිංහලෙන් සුලුවටත් දැකිය හැකිය...

    එහෙත් මෙම පුවරුවේ බලන්න..
    http://1.bp.blogspot.com/-boFihMzzalU/Ug4RCOArH3I/AAAAAAAABss/oZ08vG7432Q/s400/484022_405804302873633_482905597_n.jpg

    වෙනත් ආගමියන් ආක්‍රමණය නොකරන බෞද්ධ පුදබිම් ඉස්ලාමිකයන් පමණක්ම ආක්‍රමණය කරීම. (කූරගල, දෙනවගල)

    ග්‍රෑන්ඩ්පාස් සිද්දිය ගැන
    http://www.youtube.com/watch?v=emoFGqbueEM

    මෙයින් පෙනේනේ මුස්ලිම්වරුන් කූඨ ලෙස බෞද්ධයන් කුපිත කර එය බෞද්ධයන් මත පැටවීමට බව මගේ අදහසයි.

    ඔබට ස්තූතියි.

    ReplyDelete
  4. ලක්ෂාන්August 23, 2013 at 2:18 AM

    // සිංහල බෞද්ධයින්ගේ සාමූහික අයිතිවාසිකම් රැක ගැනීමට නම් මෙරට සමාජ දේශපාලනික පෙරළියක් සිදුවිය යුතුය. ඒ හරහා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට සුවිශේෂ තැනක් තිබිය යුතුයැයි පුළුල් පිළිගැනීමක් සමාජය තුල ඇති කර ගත යුතුය. //
    එම පෙරළිය ඔස්සේ අනෙකුත් ජාතීන්ගේ/ආගම්වල අයිතීන් තප්පාදු වේ නම් එම පෙරළියෙන් ඇති සෙත කුමක් ද ? උදාහරණයක් ලෙස ජාතික හෙළ උරුමයේ තිලක් රත්නායක මහතා 2003 දී ප්‍රකාශ කළේ සෝම හිමියන්ගේ අභාවය වෙනුවෙන් නත්තල් උත්සවය නොපවත්වන ලෙසය. උදාහරණයකට ඇමරිකාව ගත් විට බහුතර ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සංස්කෘතිය අනෙකුත් ජාකීන් සහ ආගම් වල ඇ‍ෙඟේ ගැසීමක් සිදුවන්නේ දැයි මම නොදනිමි. ඇමරිකාවේ සිටින ඔබ ඒ ගැන විස්තර කරනවා නම් මැනවි. ඇමරිකාවේ ක්‍රිස්තියානි පල්ලියකට අල්ලපු ඉඩමේ බෞද්ධ පන්සලක් තැනීමට ඉඩ ලබා දෙනවාද ?
    සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂි බව ගැන ගැටළුවක් නැත. එහෙත් එය උපයෝගි කොටගේ අනික් ජාතීන් සහ ආගම්වල ඇ‍ගේ ගැසීමට යාම වැරදිය. අද රටේ දේශපාලන/හමුදා බලය සාතිශය බහුතර ලෙස හොබවන්‍නේ සිංහල බෞද්ධයන්ය. ඒ ගැනත් සිතන්න

    ReplyDelete
    Replies
    1. බටහිරයින්ට අවැසිලෙස අධ්‍යාපන හා සංස්කෘතික ආභාෂයන් ලැබූ අපි තවමත් සිංහලද? අපි දැන් අයිති වන්නේ කුමන කොටසටද.? අපි අපි ගැන කතා කරනකොට එයට ජාතිවාදය කියන්නේ ඇයි? මා ජාතියක් නැති නපුන්සක යකු ලෙස දැනේ. මා වටා මා සමග සිටි ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල යහළුවන්ද දැන් දැන් නපුන්සකයින් වී ඇති බව පෙනේ. ඊනියා බටහිර ගැති අධ්‍යාපනය අපට නොදැනීම අපිව නපුන්සකයින් කොට ඇත. නමුත් සමකාලින සමහරුන්ට තවමත් එය අවබෝධ නොවීම සිංහලයින්ගේ කරුමයද? මෙය අපට පෙනෙන දෙයට වඩා ඇති සුක්ෂම ක්‍රියාවලියක ප්‍රතිපලයක් දැයි මහා භයක් දැනේ.

      Delete
    2. සියලුම සංස්කෘති එකම මට්ටමේ තබා සලකන බහු සංස්කෘතියක් ඇතැයි කියනා යම් රටක් වෙත්නම් ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්න ඉන්පසු අපිට ඒ ගැන සාකච්චා කල හැකියි.

      Delete
  5. ඇයි සිංහල බෞද්ධ ලේබලය? දෙමල බෞද්ධයෝ? ලාංදේසික බෞද්ධයෝ?ආදිවාසි බෞද්ධයෝ? ශ්‍රී ලාංකීක බෞද්ධයෝ නැද්ද?
    මේ රට සිංහල දේශය කියා පිළිගන්නවානම් මෙරට් සියලුම පුරවැසියන් සිංහලයන්ය.ඔවුන් හැඳින්විය යුත්තේ සිංහල- දෙමල,සිංහල -ලාන්දේසික, සිංහල- මරක්කල, සිංහල- මැලේ,සිංහල -ආදිවාසික( වැදි ජනතාව ), සිංහල-අහිකුන්ටික ජනතාව,සිංහල -උඩරට දෙමල ජනතාව ආදි වශයෙනි.
    සිංහල බෞද්ධ යනුවෙන් ජන වර්ගයක් නොමැත.
    ජනතා පුත්‍ර

    ReplyDelete
    Replies
    1. මම නපුන්සකයෙකි . මන්දයත් මට මගේ ජාතිය ගැන ආගම ගැන දරුණු හැගීමක් ඇති නොවන බැවිනි. මට බොහෝ විට මගේ ආගම නොව අනෙකකුගේ ආගම හා අයිතිය ගැන කතාකිරීමට සිතේ. එය ප්‍රබුද්ධ හෝ උගත් බව පෙන්විය හැක්කක් ලෙස අප සමාජයේ මුල්බැසගෙන තිබේ. ම හැර අන්කිසිවෙකු මගේ ආගම ජාතිය කතා නොකරන යුගයක උගත් මා ගතයුත්තේ අන්‍ය ආගම් වල සහජීවනයයි . එවිට මා උගතකු ලෙස පෙනේ . මම එයට කැමතිය. නමුත් මම තවමත් නපුන්සකමය.

      Delete
    2. එක් ජන වර්ගයක් තවකෙකින් වෙන්කර හඳුනා ගන්නේ කොහොමද? ඔවුන්ගේ භාෂාවෙන්ද? හැඩ රුවෙන්ද? නැත්නම් ඔවුන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂාකරලාද? මේ කිසිම නිර්ණායකකටත් වඩා සමාජික ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ ඔවුන්ගේ සංස්කෘතියයි. උදාහරණයක් වශයෙන් ඇමරිකන් ජාතිකයන් අතර සංස්කෘතියෙන් හැර අන් සියලු නිර්ණායකයන් වෙනස්වූ මිනිසුන් සිටිනවා. ඒ නිසා ඇමරිකන් ජාතිකයින් වෙන්කර හඳුනාගන්ට උචිතම නිර්ණායකය තමයි ඔවුන්ගේ සංස්කෘතිය. අවශ්‍යනම් ඩී එන් ඒ හරහා මිනිසුන් වර්ග කරන්ඩ හැකි වේවි නමුත් එහි සමාජික ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කමක් නෑ.

      වසර දෙදහස් ගණනක් පුරා දිවයන ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔවුන්ට අනන්‍යවූ සංස්කෘතියක් හා ඒ මත පදනම් වුනු ආර්ථික-දේශපාලණ ක්‍රමයක් මෙරට බිහි කල ජනතාවගේ සංස්කෘතිය ලොව අනිත් සංස්කෘතින් අතරින් වෙනස් කරන්නේ සිංහලකමයි බෞද්ධකමයි. ඒ අනන්‍යවු සංස්කෘතියේ ජීවත්වන මිනිසුන් පොදුවේ සිංහල බෞද්ධයින් ලෙස අපි හඳුන්වනවා. අපිට වැදගත් වන්නේ සමස්ථයක් ලෙස මේ සංස්කෘතියේ ලක්‍ෂණ මිස එහි ජීවත්වන තනි පුද්ගලයින්ගේ ලක්‍ෂණ නොවේ.

      Delete
  6. ලිපියේ අන්තර්ගතය සැබෑවකි. සිංහල බෞද්ධයින්ට වර්තමානයේ අත්වෙමින්යන මෙම අවාසනාවන්ත ඉරනමින් ගලාවාගැනීමට කිසිදු රටක් හෝ වෙනත් ජාතියක් ඉදිරිපත් වන්නේ නැත. අප විසින්ම මේ සදහා ශක්තිය සපයා ගත යුතුය.ඒ සදහා යොදාගත හැකි හොදම ශක්තිය ආධ්‍යත්මික ශක්තිය වේ.කුන්ඩලිණී බලය හෝ ධ්‍යානමය ශක්තිය උපයා ගත හැකි පින් මහිමයෙන් යුත් මිනිසුන් තවම අපරටේ නැත්තේ නොවේ.එවැනි මිනිසුන්ගේ උපකාරය ලබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම කල යුතුමය.

    ReplyDelete