Monday, May 20, 2013

බුදුන් වහන්සේ වැඩ හිටියේ ලංකාවේද?


මිතුරෙකු විසින් පෙන්වාදෙනු ලදුව මීවනපලානේ සිරි දම්මාලංකාර හිමියන්ගේ අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි යන පොත මම කලකට ඉහතදී කියෙව්වෙමි. එහි එන සමහරක් කරුණු උන්වහන්සේ දැන ගත්තේ කෙසේද යන්න ඉන් හෙළි නොවුනත් බුදු උපත පිළිබඳ දැනට ඉන්දියාව අළලා ගෙතී ඇති කථාව ප්‍රශ්ණ කිරීමට තරම් ඒ කරුණු ප්‍රමාණවත් යැයි මම සිතමි. ඊට අමතරව අන්තර් ජාලයේද නොයෙකුත් කන්ඩායම් මඟින් මීට අදාල ඉතිහාස තොරතුරු පළ කර ඇත. ගෞතම බුදුන් උපන්නේ ලංකාවේ නම් ඊට වඩා වැදගත් දෙයක් සිංහල බෞද්ධයින්ගේ ඉතිහාසයේ තිබිය නොහැකියි. එය සත්‍යයක් නම් අපි අපේ ඉතිහාසය විජයගේ ලංකා ගමණින් නොව බුදු උපතින් ආරම්භවන ලෙස නැවත ලියා ගත යුතුයි. නමුත් අද බහුතරයක් බෞද්ධයින් මේ කථාව පිළිගන්ට සූදානම් නැත. ඊට සාධාරණ හේතු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාණ හේතුව ලෙස මම දකින්නේ දැනට දන්නා සියලු කරුණු ගොනු කර එක් සංගත කථාවක් ගොතා ගැනීමට මේ පිළිබඳ උනන්දුවන අයට නොහැකි වීමය. ඒ කථාවේ මුලින්ම පිළිතුරු දිය යුතු ප්‍රශ්ණය නම් බුදුන් වහන්සේ ජීවත්වුනේ ලංකාවේ නම් ඒ පිළිබඳව ස්වභාවයෙන්ම සිංහලුන්ට තිබිය යුතුවුන දැනුම ඔවුන් අතින් ගිලිහුනේ කෙසේද යන්නය (බුදු උපත ඉන්දියාවට ආදේශවුනේ කෙලෙසද යන්න එහි අතුරු ප්‍රශ්ණයකි). මේ ප්‍රශ්ණයම නොයෙක් ආකාරයෙන් ඇසිය හැකි බැවින් ඒ සියලු ප්‍රශ්ණවලට එකම කථාවක් පදනම් කරගෙන පිළිතුරු දිය හැකි විය යුතුය. නමුත් එවැනි කථාවක් මා දන්නා තරමින් තවම ගෙතී නැත.

අද බටහිර සමාජයේ පිටසක්වල ජීවීන් හා පියාඹන පීරිසි ගැන නොයෙකුත් කථා අසන්නට ලැබේ. නමුත් මේ කිසි කථාවක් ඒ රටවල සාමාන්‍ය පිලිගත් දැනුමක් බවට පත්වී නැත. ඊට හේතුව ඒ පිළිබඳ සියලු අත්දැකීම් පහදා දිය හැකි යම් පොදු කථාවක් ඔවුන් අතර නොවීමය. ඕනෑම සංසිද්ධියක් තේරුම්ගත හැකි ආකාර එකකට වඩා ඇත. බටහිර විද්‍යාවෙන් කරනු ලබන්නේ එක්කෝ දැනට ගෙතී ඇති කථාවලට ඒ සංසිද්ධිය සංගත කරගැනීමය නැත්නම් අළුත් සංසිද්ධියත් කලින් දැනගෙන සිටි සංසිද්ධිත් අළලා නව කථාවක් ගෙතීමය. කෙසේ නමුත් බටහිර විද්‍යාවෙන් කරන්නේ සංසිද්ධි උපරිම ගණනක් පහදා ගැනීම සඳහා එක් කථාවක් ගොතා ගැනීමය. බටහිරුන් සිතන්නේ ඔවුන් කරන්නේ යථාර්තය පැහැදිලි කර ගැනීමක් බවය. නමුත් ඔවුන් ඇත්තටම කරන්නේ බොහෝ සංසිද්ධි තේරුම් කරදිය හැකි එක් කථාවක් ගෙතීමය. මිනිසුන් සාමාන්‍යයෙන් එවැනි සාධාරණ කථා පිළිගැනීමට කැමතිය. බටහිර විද්‍යා කථා වියුක්තය. ඉතිහාස කථා සංයුක්තය. සංයුක්ත හෝ වියුක්ත වේවා අපිද පිළිගැනීමට කැමති එවැනි සාධාරණ කථාය. ඉතිහාස කථාවක්ද බහුතරයකගේ පිළිගැනීමට ලක්වෙන්නේ ඒ මඟින් සංසිද්ධි ගණනාවක් පහදා ගත හැකි නම් පමණි.බොහෝ ඉතිහාස කරුණුද තේරුම් ගත හැකි විධි එකකට වඩා තිබිය හැකිය. යම් කරුණුක් අවශ්‍ය එක් ආකාරයකට පහදා දීමට නම් කල යුත්තේ ඒ කරුණ අදාල සියලු කරුණු මත සංගත වන ආකාරයේ පොදු කථාවකට ඈඳා ගැනීමය. ඒ ඒ කරුණු සඳහා වෙන වෙනම කථා තිබීම ඒ කිසිම කථාවක් සමාජයේ පැළ පදියම් නොවීමට හේතුවිය හැකිය. 

පියාඹන පීරිසි ගැන ඇති කථාවලට වඩා බුදු උපත පිළිබඳ කථාව වැදගත් බව කිව යුතු නොවේ. නමුත් පියාඹන පීරිසි ගැන කථාවලට වඩා බුදු උපත පිළිබඳ පිළිගැනීමක් අප සමාජයේ ඇති වීමට නම් ඊට අදාල සියලු තොරතුරු සංගතවන වෙන එක් ඉතිහාස කථාවක් තිබිය යුතුය. 

 පසුවදනක්:

බුදුන් වහන්සේ ලංකාවේ වැඩ සිටියා නම් ඒ දැනුම අද අපෙන් ගිලිහෙන්නට බටහිරුන් විසින් අපේ ඉතිහාසය ලිවීම හේතුවක් විය හැකියි. නමුත් එය එකම හේතුව නොවේ යැයි මම හිතමි. දහ නව වන සියවස මුලදීත් ෆිලේතියස් නම් ඉංග්‍රීසි ජාතිකයෙක් ලියූ පොතක බුදුන් ලංකාවේ වැඩ විසූ බවට ජනප්‍රවාද තිබූ බව සඳහන්වේ. මේ කනින්හැම්ගේ කැනීම් වලට ඉහතදීය. මගේ කල්පනාව නම් මේ කථා යම් ප්‍රමාණයකට ජනතාව අතර මෑතක් වනතුරු තිබුනත් බටහිර ආක්‍රමණ වලට බොහෝ ඉහතදීම එනම් බුද්ධ පරිනිර්වානයෙන් සුලු කලකට පසුව දේව හෙලය සංස්කෘතිකව හා දේශපාලණිකව යක්‍ෂ හා නාග හෙලයන්ට පසුබා සිටින්නට ඇත කියාය.  දුටු ගැමුණු රජ සමයේ මේ ගෝත්‍ර එක් කර සිංහල බෞද්ධ රාජ්‍යයක් ගෙඩනැඟීමේදී යක්‍ෂ හා නාග සංස්කෘති මුල් තැනක් ගන්නට ඇති. සමහරවිට තම ආරක්‍ෂාව සඳහාම දේව සංස්කෘතිය ක්‍රමයෙන් ඊට අවශෝෂණය වන්නට ඇති. එතැන් පටන්ම බුදු උපත පිළිබඳවත් බුදු දහම පිළිබඳවත් දේව හෙලයන්ට තිබුනු දැනුම ක්‍රමයෙන් දියාරුවී යන්නට ඇති.
 

22 comments:

  1. බුදුන් උපන් බිම මෙරට බවට මීවනපලානේ හිමියන් අතින් ලියවී ඇති කරුණුද, වෙනත් අයවලුන් විසින් බවුද්ධ සහිත්‍යයයේ ඇතැම් අවස්ථා යොදාගනිමින් ගෙනහැර දක්වන සංසංදනද පහසුවෙන් බැහැර කල නොහැක. එය වර්ථමානය දක්වාම අප විසින් දරනු ලැබූ විශ්වාසය ප්‍රශ්ණ කිරීමට ලක් කරයි.සැබවින්ම මෙහිලා ප්‍රධානම ගැටලුව වන්නේ, බුදුන් මේරට උපන්නා නම්, ඒ පිළිබඳ දැනුම සිංහලයා අතින් ගිලිහුනේ කෙසේද?, මෙය සමූල ඝාතනයකින් වූවවිය නොහැක.
    එමෙන්ම මේ මතය දරන්නන් අතර තවමත් සංගත කතාවක් පරිපූර්ණ ලෙස ගෙතී නැතුවා සේම, තර්කනයට යටත් කල නොහැකි වුවද, හදවතින් නැගැන තවත් වැදගත් පැනයක් ඇත.
    එනම් ලොව පහල වූ අග්‍ර ගනයේ සහ විරලතම මනුෂ්‍ය රත්නය වූ, අප ශාස්ත්‍රූ වූ බුදු රජුන්ගේ ජීවිත කථාව හා බැදුන් මෙවන් වටිනා ස්ථාන, මෙලෙස පාලුවට යා හැකිද?. විශ්වීය ශක්තිය කැටි වූ මෙවන් ස්ථාන කාලයෙන් වැසී පාලුවට යාහැකිද?.( අද මෙසේ සලකන බොහෝ ස්ථාන ලංකාවේ පාලුවට ගොස් ඇත ).
    කෙසේ වෙතත් අප වහාම එක් සංගත මතයකට යායුතුව ඇත. මන්දයත් එසේ ඔවන්නට ඒක ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙකු විශ්වාස කර පිරිසක් දෙපිරිසකට බෙදී යනු ඇත. දන්නා පරිදි කිසිම ශාස්ත්‍රූන් කෙනෙකුගේ ජීවිට කථාව හා බැදුනු ස්ථාන දෙවිදිහකට විශ්වාසකරන ආගමිකයන් නැත.
    මෙය සිංහල බවුද්ධයා විනාශ කිරීමට කැසකවන, ඊනියා ප්‍රවාද නිර්මාපකයන්ට "ඌරගේ මාලු ඌරාගේම ඇඟේ කැපීමට " අවස්ථාවක් කර නොදිය යුතුය.

    ReplyDelete
  2. මීවනපලානේ හිමියන් සමාපත්තියෙන් මේ දැනුම ලබාගත් බව පවසන අතර (you tube videos) මූකලන්ගමුවේ හිමියන් පවසා සිටින්නේ භාරතයේ තිබෙන ස්ථාන නැරබූ පසු ඒවා යේ තිබෙන්නාවූ නොගලපීම් හේතුවෙන් ලංකාවේ සහ වෙනත් රටවල පොත් පත් වලින්ද කියවා, සහ සිරි ලක ස්ථාන නිරීක්ෂණයෙන් නිවැරදි ඉතිහාසය සොයාගත් බවය. අනෙකුත් කණ්ඩායම් පවසා සිටින්නේ ද සිරි ලක සිදුකල ගවේෂණ, සෙල්ලිපි, සහ අපේ පුරාන පොත පත භාවිතයෙන් ඔවුන් ගෝතම බුදුන් උපන් බිම සිරි ලක බව පවසන බවය.

    එය සත්‍යයක් නම් අපි අපේ ඉතිහාසය විජයගේ ලංකා ගමණින් (ගෝතම බුදුන්ගේ පිරිනිවන දවස ) නොව බුදු උපතින් පමණක් ආරම්භ වන ලෙස ලියාගත යුතු නැත. මන්ද, ත්‍රිපිටක ය සහ බෞද්ධ සාහිත්‍යයට අනුව දීපංකර සරණංකර බුදුන්, සූවිසි බුදුවරුන් ගැන කතාවෙන අපි, අනෙක් අන්තයෙන් 2500 ඉතිහාසය නොවිමසා විශ්වාස කරමු.

    අප බෞදධ යැයි කියාගන්න නමුදු, මේ ඉතිහාසය ඉතා පැහදිලිව බුදු වදනේ තිබෙන විට අප මේ සුවිසි බුදුන් දහමට පමනක් සීමා කර ඉතිහාසයෙන් ඉවත් කර තිබේ. එය ඩාර්වින් ගේ පරිණාමවාදය පිලිගෙන අග්ගඥ්ඥ සූත්‍රය බොරු ප්‍රවාදයක් බවට පත් කිරීම ලෙසම මට හැඟේ. එමෙන්ම අප මෙහිදී සිදුකරන්නේ බටහිර රේඛීය ඉතිහාසය පිලිගනිමින්, බුදු දහමේ චක්‍රීය ඉතිහාසයට පිටු පෑමයි..

    මහා සම්මත මනු, බලි, තරු, හිරණ්‍ය කසුබ්, මහාසෙන්, රාවන ගැන අපි අමතක කරන්නටද නොහැකිය.. තවද ලොව වඩාත්ම සංවිධානාත්මක මානවයා සිටියේ හෙල බිමේ යැයි බටහිර විද්‍යාත්මක සාක්ශි වලින් ඔප්පුකර ඇතිමුත් (පතිරාජ වෙල හම්බන්තොට මානව සැකිල්ල- වසර 128000) අප එයද සැලකිල්ලට නොගනිමු.. පාහියන්ට පවරා දී ඇති ලෙනෙන් වසර 35000ක සකිල්ල මතුවූ සැනින් එංගලන්ත විද්‍යාවේදීන් එය රැගෙන ගොස් ඇත..

    කූරගල ගැන කූරගල විහාරාදිපති හිමියන් පවසන ලෙස එහි ඉතිහාසය මේ කල්ප ආරම්බයට දිවෙයි. සුද්දන් විසින් සිරි පාද කඳු මුදුන ආදම් ලොවට බට ස්ථානය නිසා එලෙස නම්කර ඇති බව කියවේ. මාතකාලීන ජල ව්‍යාපෘති වලදී රාවන උමං මාර්ග හමුවු අතර නිධන් හාරන්නන් (බලය ඇති ) ඉතිහාසය ගැන කියන කතා පුදුම සහගතය.. මහා වංශයට අනුව එදා සටනට පෙර ගැමුණු කුමරුන් කතරගම මහාසෙන් දෙවියන් යැදූ පරිදිම තවමත් සමහර බලවතුන් කතරගම යති.. (ඔවුන් අපට වඩා යමක් දන්නේද? ) නමුත් මහාසෙන් නැමති අපගේ මී මුත්තා හට භාරත හුරුවට ද්‍රවිඩ දෙවි ආභාශයක් ලබාදී ඇත.

    අපගේ ඉතිහාසය පාසල් පෙල පොතෙන් ඉවත්කරන මොහොතක, අනික් ජන වර්ග විවිධ ඉතිහාසකතා ඔවුන්ගේ භාෂාවෙන් එකම රට තුල වෙනස් කර උගන්වයි.. සමහර ආගමික ස්ථාන වල පරනවිතාරනයන් අනුගමනය කරමින් වෙනමම පණිවිඩයක් මහජනයාට ලබා දෙන්නේ සිංහල-බෞද්ධ සංස්කෘතිකාංගද සොරා ගනිමිනි.. බුදු දහමේ දේව තල සහ සිංහල දෙවිවරු අතර වෙනස් කම්ද, ඒවාත් ග්‍රීක සහ හින්දු දෙවිවරුන් ලෙස හඳුන්වන්නන්ද අතර වෙනස අප වටහා ගත යුතුවේ. තවද සමපත්තියක් හෝ මාරග ඵලයකට නො එලඹුන සුද්දන් විසින් රචිත ග්‍රන්ථ සහ බොදු දහම කියවන විට අප සැලකිලිමත් වියයුතු බවද මට හැඟේ.

    බුදුන් වහන්සේ ජීවත්වුනේ ලංකාවේ නම් ඒ පිළිබඳව ස්වභාවයෙන්ම සිංහලුන්ට තිබිය යුතුවුන දැනුම ඔවුන් අතින් ගිලිහුනේ කෙසේද යන්න, තිපිටකය අකුරින් ලියා තිබියදීම තව අවුරුදු විස්සකින් අග්ගඥ්ඥ සූත්‍රය නොදන්නා පිරිසක් බිහිවීමට සමාන නොවේද? අප බොහෝ බෞද්ධයන්ගෙන් විමසූ විට අග්ගඥ්ඥ සුත්‍රය නොදන්නා ඔවුන් ඩාර්වින්ගේ පරිනාම වාදය පිලිබඳ දැනුමෙන් සන්නද්ධ වී ඇත. ඔවුන් බුදුන් සහ ඩාර්වින් අතර වෙනස වටහාගන්නට උත්සාහ නොකරන්නට තරම් බටහිර මානසිකත්වයෙන් පෙලෙයි නම්, බුදු උපතට වඩා ඩාර්වින් ගේ උපත ගැන සිරි ලක ඈඳා ප්‍රකාශයක් කලහොත් එය පිලිගැනීමට ද ඉඩ ඇත.. මා දන්නා සමහර ස්වාමීන්වහන්සේලා පවා අග්ගඥ්ඥ සුත්‍රය ඉවත හෙලා පරිණාම වාදය විශ්වාස කරන කාලයක ගිහියන් ගැන කුමන කතාද..

    මෙලෙසම අද අපි එකම මහාවංසයකට පමනක් වහල් වී නොසිට එම ග්‍රන්ථයට වඩා පැරනි සිහල පොත පත සහ හෙල අටුවා සියල්ල ඒකරාශී කරගනිමින් වඩ සංගත ඉතිහාසයක් ලියාගත යුතුය. සුද්දා එක "පොතකින්" බලා ලියවා අපට දුන් ඉතිහාසයේ සංගත නොවන කතා ඇත්තේ ද එම හෙතුව නිසාම විය හැක..එමෙන්ම බටහිරයන් අකුරු ලියන්ට තතනන කාලයේ අපේ මුතුන්මිත්තන් ලියූ සෙල්ලිපි ද අපි භාවිතා කලයුතුය.

    මේ සියල්ල හරි ආකාරව සිතා බලා අප අපගේ නිවැරදි ඉතිහාසය සෙවිය යුතුය..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස ඉතා නිවැරදිය​. නමුත් දේශපාලනයට පොදු සංගතය වෙනස් කල හැකි නොවේද​.හොරෙක් විරුවෙක් කල හැක. විරුවෙක් නිකමෙක් කල හැකිය​. අදහස් ඔලු වලට විවිධ අයුරින් කැවිය හැකිය​. ජන මාධ්‍යටද එය කල හෙකිය​. එසේනම් මේ මතය ගෙන ඒමට රාජ්‍ය අනුග්‍රහය කෙසේ හෝ ලබා ගත යුතුය​.
      එවිට ඉබේම ජනමාදධ්‍ය හරහා පොදු සංගතය ගොඩ නෙගෙනු එත​.
      එහෙත් එයයි අපහසුම කටයුත්ත. රජයේ ප්‍රධානියාගේ සිත හෝ ඔහුගේ විශ්වාසනීයම අයගේ සිත් තුළට මේ අදහස රිංගවා හෙමින් කා වැද්දීම කිරීමට මගක් එත් නම් ඉතිරිය ඉබේම සිදු වනු එතිය​. එහෙත් එයින් වාසියක් නොවන්නත ඔවුන් මෙය බෙහෙර කරන්නට ද ඉඩ ඇත.

      Delete
  3. අවුරුදු දස දහස් ගණනකට යන්ට කලින් අපි මුලින් අපේ ජීවමාන ඉතිහාසය සකස්කර ගත යුතුයි. මගේ ප්‍රශ්ණය බහුතරයක් සිංහල බෞද්ධයින් මේ පිළිබඳව තවම විශ්වාස නොකරන්නේ ඇයිද යන්නය. ඊට මගේ පිළිතුර බුදු උපත පිළිබඳව සංගත කථාවක් තවම ගොඩනැඟී නැති නිසාය යන්නය. එය නොකල හැකියැයි මම නොකියමි.

    මීවනපලානේ හාමුදුරුවන් මේ කරුණු දැනගත් ආකාරයටම සාමාන්‍ය මිනිසුන්ට දැනගත නොහැකියි. මේ කරුණු ත්‍රිපිටකයේ ඇතිබව පෙන්වා දෙන්නට පුළුවන්නම් හොඳය. නමුත් සාමාන්‍ය මිනිසුන්ට ත්‍රිපිටකයේ ඇති කරුණු පරිශීලණය කිරීමට තරම් දැනුමක් හෝ හැකියාවක් නැහැ. රටක ඉතිහාසය ගැඹුරින් හැදෑරිය යුතු උගතුන්ට පමණක් දැනගත හැකි දැනුමක් නොවිය යුතුයි. එය එසේ නොවෙන්නට නම් මේ සියලු කරුණු පහදාගත හැකි කථාවක් ගෙතිය යුතුය. එය තවම කෙරී නැති බවයි මගේ අදහස. එය වැරදි නම් බහුතරයක් මේ කථාව තවම පිළිගන්නේ නැත්තේ ඇයිද යන්න පැහැදිලි කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. දැනට පාසැල් පෙලපොතේ ඇති හෝ අපට උගන්වා ඇති ඉතිහාසය ජනතාව විශ්වාස කරන්නේ ඇයි?

      එය සංගත නොවන බව ඔය කියන ඉතිහාසයේදී; රාක්ශ යක්ශ ජනතාව රාක්ශ යක්ශ ආත්ම ලෙස හුවාදැක්වීම, කපු කටිමින් සිටි කුවේණියගේ ජාතියට කලා ශිල්ප භාරතයෙන් ලබීම, ඔය කියනා ලෙස්ට තෙවරක් බුදුන් වැඩි පසුත් මහින්දාගමනය තෙක්ම අප රටේ බෞධයන් නොමැතිවීම වැනි අප් කාටත් නොගැලපීමක් අති කාරණා වලින් පහැදිලි වෙනවා කියා මට හිතෙනවා. මහින්දාගමනයෙන් පසු රටට තාක්ශණය කලාශිල්ප ලැබුනත් ඊට කලින් මහා ලොකු වැව් හදලා තියෙනවාලු.. වසර ගණනය කිරීම් බැලුවොත් සංගත නොවන තැන් අපට බලාගන්ට පුලුවන් නේද ඕන තරම්?

      විශ්වාසයට වඩා යමක් විමසා බලා ඊලගට අවබෝධ කරගන්නට අප අකමැති ඇයි දැයි කියාද අප සිතා බැලිය යුතුය.. අප බහුතරයක් ඉතිහාසය පමණක් නොව බුදුදහම ඉගෙනගත්තේද බටහිරයන්ගෙන් වීම මෙයට හේතුවක් විය හැකිද? වෙනත් පොත් පත් තිබියදී එක වංශකතාවක් පමණක් අප හදාරමින් එය පාවිච්චි කරන්නේ ඇයි... සුද්දන්ට අහුවෙන එකම පොත ඒක නිසාද? ඉතිහාසෙ දන්නෙ භාරතයෙන් ආපු අයද, බටහිරින් ආපු අයද? මෙහෙ හිටපු මිනිස්සු දන්නෙ කතා විතරද කියන එකත් අපි සැලකිල්ලට ගන්ට වෙයි නේද?

      බටහිර උප්පරවැට්ටි සියල්ල දන්න අපි කිහිපදෙනෙක් හෝ එකතුවී මෙහි නිරවද්‍යතාවය හොයමු ද...

      Delete
    2. මා කියවූ ඉහත ලිපියත් ඔබගේ අනෙක් ලිපිත් කියවීමෙන් ම හට ඔබගේ දැක්ම පිළිබඳව යම් ගැටළුවක් මතුවේ . එනම් දැනුමත්තෙකු වන ඔබ සිංහල ජාති මාමක බෞද්දයකු බව ඔබගේ ම මා කියවූ ලිපි වලින් ගම්‍ය වේ .බෝඋද්ද දර්ශනය මැනවින් වටහා ගන්නෙකුට ලෝකය රට වියඋත්තේ තමාය .මන්ද කාලයට සාපේක්ෂව පවතින කිසිවක් මෙලොව නැත .බෝඋද්ද දර්සනයේ ප්‍රදාන ඉගැන්වීම එයවේ .අප සම නිමේෂයකම මැරි මැරී උපදී එනම් කාලයට සාපේක්ෂව භව වේ.අන්න ඒ බවගමීත්වය තුල අපවිසින් මෙය මගේය මේ මගේ රටය මේ මගේ අගමලෙස බවගමීවේ.එලෙස බලන කල කිසිම දර්ශනවාදී බෞද්ද්ය්කුට මගේ රට මගේ ජාතිය ලෙස කිව නොහැක.එසේ කියන්නේ නම් ඔහු බුද්ඩ ඉගැන්වීමට විරුද්දව යන්නෙකි.එබැවින් ජාතියක් ගැන කතා කරන්නෙකුට නියම බෞද්දයකු විය නොහැක . එබැවින් අප සිංහල කමගැන පමණක් කතාකොට බෞද්ද දර්ශනයට අනුව ජීවත්වී නිර්වය අවබෝධ කරගනිමු. ඉන් බුද්දසසනයට වින කරන්න මනබලන්නන්ට වර්ධනයට මාධ්‍යක් තැනීමෙන් වළකිමු. ඔබේ යහපත් අරමුණු සාක්ෂවේවා !

      Delete
  4. අපේ ඉතිහාස කරුණු ජාතික චින්තනය තුල නිර්මාණය කිරීමටත් (උදා ආර්ය සංකල්පය, ගෝත්‍ර එකතු කොට රාජ්‍යය තැනීම) බුදු දහමේ ඇතැම් කරුණු බටහිර උගතුන් දකින ආකාරය නිවැරදි නොවන බව දැකීමටත් අපිට හැකි වී තිබෙනවා. ඒ නිසා බුදුන්වහන්සේ වැඩ සිටියේ ලංකාවේයැයි පිළිනොගෙනෙන්නේ බටහිර ගැතිවීම යැයි කීම සාධාරණ නොවේ. අභ්‍යන්තර ක්‍රියා බටහිරුන්ගේ ක්‍රියාවන්ට මීට මුල්වන්නට ඇතැයි මට සිතේ

    ReplyDelete
  5. මා පෞද්ගලිකව විශ්වාසකරන යමක් ඇත. එනම් මේ මොහොතේ අපකෙරෙහි වූ ප්‍රධානම අභියෝගය වන්නේ බටහිරන් අප මත පටවා ඇති ඔවුන්ගේ ඊනියා දැනුම හා ක්‍රිස්තියානි සංස්කෘතියයි. අප කලයුතුව ඇත්තේ එය කෙසේ හෝ පරාජය කිරීමය. එය කිරීමට අපට මෙතෙක් නොහැකිව ඇත්තේ අපේ ඉතිහාස කතාවේ වරදක් නිසා නොවන බව අප තරයේ වටහාගත යුතුය. මහාවංශය වැරදි හෝ නිවැරදි වියහැක (එහි ඇහම් අඩු ලුහුඩුකම් ඇත් )ඉතිහාස කතාවේ වැරදි තිබේ නම් එය නිවැරදි කලයුතුය. වඩ වඩාත් සංගත කලයුතුය.නමුත් අප මෙහිදී අමතක නොකලයුතු වටිනා කාරණා 2ක් ඇත.
    එකක්, මෙටර තුල කිසිදු බටහිර හෝ වෙනත් ඊනිය විප්ලවීය මතවාදන්ට මුල්බැස ගැනීමට නොදී මේ රට ආරක්ෂාකලේ මහරජ ගැමුණුගේ චින්තනයට පින් සිද්ධ වන්නය.
    අනෙක, මහානාම හිමියනේ මහාවංශයයි. ලොව පැරණිම ලිඛිත ඉතිහාස කතාව එයයි. චිරාත් කාලයක් පුරා අපව රැක්කේ එයයි. කිසිවෙකුට හෝ ඒ හරහා රිංගා අපට හානි කිරිමට නොහැකිව ඇත.(එසේ කලහැකිවූවා නම් මෙලහටත්, බටහිරයන් එය කල හමාරය ).
    මහාවංශය නොකියූ බොහෝඅ ඉපැරණි ඉතිහාස කතාවක් අපට ඇත.එහි විවාදයක් නැත. ඉතිහාසය ගැන විවිද අයට විවිද පරිදිදි කතා ගෙතිය හැක. මෙය තවත් එක කතාවකි.100%ක් නොවූවද වඩාත සංගත කාතාවය. එය එසේ තිබියදී අපට තවත් කතාවක් ගෙතීමට බැරිකමක් නැත.
    එනම් පෙරට වඩා හොද කතාවක් අපට ගෙතීමට කිසිසේත් බැරි නැත.

    ReplyDelete
    Replies
    1. ඔය විප්ලවීය මතවලට මුල් බැසගන්නට මහරජ ගැමුණු චින්තනය නොමැති අරාබියේත්,ඉන්දියාවේත් බැරි වුනා නේද?

      Delete
  6. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ථෙරවාද සහ මහායාන බුදුදහම ඇති හැම රටකම පිළිගන්නවා සිදුහත් කුමාරයා (ඉපදෙන කොට බුදු බව ලබා නැති නිසා බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන එක වැරදියි) දඹදිව උපන් බව. මේ රටවල් හැම එකක්ම පැරණි ලංකාව සමග මහාවිහාරය, අභයගිරිය සමග සමන්ධතා තිබ්බ රටවල්. සමහර රටවලට ලංකාවෙන් උපසම්පදාව ගිහිල්ලාත් තියෙනවා. එහෙන් ඇවිල්ලාත් තියෙනවා. මේ සියල්ල වූයේ ඉංගිරිසීන් එන්ඩ ගොඩක් කලින්. එහෙමනම් මේ රටවල් වල ඉන්න ඔක්කොම මිනිස්සු රැවටුනාද? ඒක වෙන්ඩ අමාරුයි. මේ කිසිම රටක සිදුහත් කුමරා ලංකාවේ උපන් බවට කිසිම සදහනක් නෑ.

    ReplyDelete
    Replies
    1. දඹදිව කිව්වේ ලංකාවට නම්?

      Delete
  7. මේ කතාව පිළිගත්තොත් මහාවංශය ඇතුළු සියලු නිල ඉතිහාසය බොරු වෙනවා. දළදා මැදුර, ශ්‍රීපාදය, ශ්‍රී මහා බෝධිය වැඩකට නැති ස්ථාන වෙනවා. සිදුහත් කුමරා උපන් තැන, බුදු හාමුදුරුවෝ බුදු වූ තැන ආදිය ඉතා වැදගත් ස්ථාන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ ස්ථාන වැදපුදාගෙන සිත පහදවා ගත යුතුයි කියලා. ඒ අවස්ථාව මේකෙන් නැති වෙනවා. ඉන්දියාවේ කුසිනාරාව, සැවැත් නුවර ආදීයේ නටබුන් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ලංකාවේ නෑ. හුදෙක් ගම් වල නම් වලින් මේ වැනි කරුණක් ගැන තීරණය කරන්ඩ බෑ. ඒවා නොමග යවන සුළුයි. මා නම් හිතන්නේ මේ කතාව පතුරවන අය වැඩ කරන්නේ සද්භාවයෙන් නොව සිංහල බෞද්ධයන්ගේ මනස අවුල් කරන අදහසින් බවයි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම වැරදි අදහස් කිහිපයකි. මහාවංශයේ ඇති සමහර වැරදි තැන් දැනටමත් හෙළිවී තිබේ. මේ කතාව පිළිගැනීමෙන්, දළදා මැදුරේ වැඩසිටින බුදුන් වහන්සේගේ
      "වම් දළදා වහන්සේ" වැඩකට නැති දෙයක් වන්නේ කෙසේද ? බුදුන්වහන්සේ සමන්තකුට පර්වතයේදී දම් දෙසා අනතුරුව එහි පිහිටවූ ශ්‍රීපාදය අහෝසි වන්නේ කෙසේද ? හිරිවඩුන්න ජයශ්‍රීමහා බෝධියෙන්ම පැන නැංගාවූ, එහි අනු ශාකාවක් වූ අනුරපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩකට නැති ස්ථානයක් වන්නේ කෙසේද ?

      මෙමගින් සිදු වන්නේ සිදුහත් කුමරා උපන් තැන, බුදු හාමුදුරුවෝ බුදු වූ තැන ආදිය වැදපුදාගැනීමේ අවස්ථාව නැති වීමද ? එහෙම නැත්තන් අති විශාල පිරිසකට ඒ සැබෑම ස්ථාන සියැසින්ම දැක වැදපුදාගැනීමේ මාහැගි අවස්ථාවක් උදා වීම ද ? කිසිදු බුද්ධ ශක්තියක් නැති ව්‍යාජ ස්ථාන වෙනුවට බුද්ධ ශක්තියට අනුගතවියහැකි සැබෑම ස්ථාන විවරවිමද ?


      පුරාවිද්‍යාත්මක සාක්ෂි නැත්තේ නෑ. තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ පෙන්නපු තැන් වත් නොසොයන එකයි ප්‍රශ්නේ.


      අඩු ගානේ මේ ගැන නෙවෙයි රාවනා ඉතිහාසය ගැනවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තාම එක ශාක්ෂියක් වත් ලැබිලා තියෙනවද ? (මන් දන්න තරමින් නම් තාම නෑ)

      Delete
  8. බුදුන්වහන්සේ ලංකාවේ උරුමයක් බව අරිසෙන් අහුදබුදු මහතා ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයින් පවසා තිබුනත් ඒවා පිලි ගන්නට අපේ මිනිසුන් කැමති නොවීය. 1826 මුල්කිරිගල පන්සලක තිබී ගාල්ලේ උපන් හිමි නමකට මහාවංශ ටිකාව හමුවී උන් වහන්සේට එය කියවා ගත නොහැකි බැවින් භාෂා විශාරදයකු ලෙස එකල පිළිගැනීමක් තිබුණු ඉංග්‍රීසි ජාතික George Turnour අතට පත් කළේය. වසර 10 ක පමණ කාලයක් ඉතාමත් අපහසුවෙන් මහානාම රජ දක්වා වන කොටසට ඉංග්‍රීසියට පත් කළේය. ඉන් පසු පාසල් වල මෙම ඉතිහාසය ඉගැන්වීමත් සමග අපි විජයගෙන් ආ පිරිසක් ලෙස දැඩිව අල්ලාගෙන තිබේ. එහෙත් ඊට පෙර ලියන ලද පැරණි පොත පත අනුව ලාංකිකයා තමා විජය ගෙන් පැමිණි බව කතා කරන බවක් නොපෙනේ.
    අද අප කියවා ගන්නේ මහාවංශ ඉතිහාසය වුවත් ඊට වඩා වෙනස් කරුණු දීප වන්ශයෙන්ද මුණ ගසේ.

    පහතින් ඇති මෙම දීප වංශ කොටස කියවා බලන්න
    http://www.facebook.com/photo.php?fbid=157328001076610&set=o.200998756685899&type=1&theater

    ReplyDelete
  9. අරිසෙන් අහුබුදු මහතා ලිවූ කවි
    http://www.facebook.com/photo.php?fbid=247667242042685&set=a.106799066129504.9708.100003982337506&type=1&theater
    http://www.facebook.com/photo.php?fbid=246378778838198&set=a.106799066129504.9708.100003982337506&type=1&theater

    ReplyDelete
  10. මාකෝ පොලෝ බුදුන්වහන්සේ ගේ පියා ලංකාවේ ප්‍රසිද්ධ රජ කෙනෙකු බව කියා ඇත්තේය
    http://www.facebook.com/photo.php?fbid=4920853022057&set=o.200998756685899&type=1&theater

    http://archive.org/stream/ceyloncingaleset01sirr#page/224/mode/2up
    pl read 224, 301

    ReplyDelete
  11. ඔබගේ අදහස ඉතා නිවැරදිය​. නමුත් දේශපාලනයට පොදු සංගතය වෙනස් කල හැකි නොවේද​.හොරෙක් විරුවෙක් කල හැක. විරුවෙක් නිකමෙක් කල හැකිය​. අදහස් ඔලු වලට විවිධ අයුරින් කැවිය හැකිය​. ජන මාධ්‍යටද එය කල හෙකිය​. එසේනම් මේ මතය ගෙන ඒමට රාජ්‍ය අනුග්‍රහය කෙසේ හෝ ලබා ගත යුතුය​.
    එවිට ඉබේම ජනමාදධ්‍ය හරහා පොදු සංගතය ගොඩ නෙගෙනු එත​.
    එහෙත් එයයි අපහසුම කටයුත්ත. රජයේ ප්‍රධානියාගේ සිත හෝ ඔහුගේ විශ්වාසනීයම අයගේ සිත් තුළට මේ අදහස රිංගවා හෙමින් කා වැද්දීම කිරීමට මගක් එත් නම් ඉතිරිය ඉබේම සිදු වනු එතිය​. එහෙත් එයින් වාසියක් නොවන්නත ඔවුන් මෙය බෙහෙර කරන්නට ද ඉඩ ඇත.

    ReplyDelete
  12. පරම්පරා දෙකකට වඩා අධික කාලයක් මෙරට ජන විඥ්ඥාණයට දැනුම ලබා දුන් මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කලොත් නිදහස් අධ්‍යාපනය ලෙස බටහිරින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුකූල ලෙස සැකසූ අධ්‍යාපන ක්‍රමවේදයක් බෞතිකත්වය සහ මැවුම්කාර දේව ආගමික සංකල්ප සමඟ මුසුකොට ලබා දී ඇතිබව වත්මන් සමාජය පෙර සිරිලක සමාජය සමඟ සංසන්දනය කරනවිට පැහැදිලිව පෙනේ.

    පිරිවෙණ් අධ්‍යාපනය පහතට ඇද දමා ජන සමාජය කෙමෙන් දහමින් ඈත්කිරීමට සහ බුදු දහමේ න්‍යායන්ට පිටින් බුද්ධ පුත්‍රයන්ම උසිගැන්වීමට අවැසි වාතාවරණය එකල බටහිර පාලකයන් බලාපොරොත්තු වූ ආකාරයටම අද සිදුවේ.

    බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංකල්ප මත පිහිටා සැකසූ පාලන ව්යුහයක සිටින අපි තවමත් නාමික බෞද්ධයන් වශයෙන් කටයුතු කරන ආගම දහම නොහඳුනන රූකඩ පාලකයන් අතින් පාලනය වීම එහි ප්‍රතිඵලයයි.

    යටත් විජිත තුල යුදෙව් ක්‍රිස්තියානි ආගමික ව්‍යාප්තවාදය එකළ සුලබ කරුණක් විය. නමුත් ජීවිත පූජාකලත් එදත් නියම සිංහළයා බුදුදහම අත් නොහළේය. එය හැකිතාක් ආරක්ශා කළේය. එයට හේතුව සිංහළයාගේ උරුමය බුදුදහම නොහොත් හෙළදම් බව ඉඳුරාම ලේ බිදුවලට පවා කා වැද්දී තිබූ නිසා නොවේ නම්, තෙවරක් බුදුන් වහන්සේ වැඩම කලමුත් පිහිටවිය නොහැකි වූයේ යැයි පවසන බුද්ධ සාසනය මිහිඳු හිමි විසින් පිහිට වූ නිසාද සිතා බැලීම වටී.

    ජීවිත බිලි පූජවෙන් සිරිලක බුද්ධ සාසනය විනාශ කළ නොහැකි නිසා සහ බමුණන් විසින් පෙර පාලන සමයන් හිදී වෙනස් කරන ලද වංශ කථා සහ පාලි ග්‍රන්ථ ආශ්‍රයෙන් බුදුන් වහන්සේ සම්භන්ධ ස්ථාන ඉන්දියාවට සිතාමතා හෝ පැටලීමකින් ඈඳා ඇත. මෙසේ කිරීමට ආසන්නතම හේතුව නුදුරු අනාගත කාලයේ සිංහලකමත් බුදු දහමත් ජන සමාජයෙන් වෙන්කර බටහිරට කත් අදින යාචකයින් පිරිසක් බිහි කිරීම විය යුතුය. එවිට යුදෙව් ක්‍රිස්තියානිය පහසුවෙන් සමාජ ගත කළ හැකිය. අද සමාජය දෙස සුපරික්ශාකාරීව බලන කල මෙය හොඳින් දක්නට ලැබේ. මෙය වඩාත් සැක සහිත වන්නේ දහසය වන සියවසේ රොබට් නොක්ස් සහ දහහත් වන සියවසේ රණස්ගල්ල හිමි කාලය වනවිටත් දැනසිටි සිරි ලක පිහිටි දඹදිව දහ අටවන සියවසේ සහ ඉන්පසු බිහිවූ බටහිර අධ්‍යාපනය හැදෑරූ උගතුන් කෙරෙන් ගිලිහීයාමයි.

    යටත් විජිත සමය තුල මෙරට මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයක් පමණක් හැරුණුකොට ඉතිරි සියල්ල බටහිර විවිධ ජාතීන් විසින් විනාශ කිරීම සහ රැගෙන යෑම සිදු වූ බවට ඉතිහාසය සාක්ශි දරයි. එසේ තිබියදී සුදු ජාතිකයින් සහ ඔවුන්ගේ පාලිත්යින් විසින් ලබාදුන් ඉතිහාස කථාව තුල බලි තරු රාවණ ආදී ශ්‍රේෂ්ඨ නිරිඳුන් ගිලිහී ගිය ආකාරය සෙවීමට වත්මන් නාමික සිංහලයා උත්සුක නොවේ.

    ReplyDelete
  13. බුදුන් පිරිණිවන් පා දින සතකින් මෙලක ගොඩබට විජයගෙන් අරඹන ඉතිහාස කථාවත් එවකට මෙහි සිටි ඇඳුම් ඇඳි අමනුස්ස යක්කුත් ගැනත්, ලියවුණු අද පිළිගත් මෙලක ඉතිහාසය පිරිසිදු බාවිත භාශාව වූ සිංහළ භාවිතා නොකොට අභාව්‍ය බාෂාවක් වූ පාලියෙන් පරිවර්ථනය කර මුල් ග්‍රන්ථ විනාශ කිරීමත්, කෙසේවත් අහඹුවක් ලෙස සැලකිය නොහැක. මහා වංශය පුරාම ඇති අභව්‍ය සාවද්‍ය කරුණු අධ්‍යයනයෙන් පසු හිතාමතා යම් යටි අරමුණක් ඇතිව මෙය කළ බව පැහැදිළි වේ.

    කරුණු එසේ හෙළි වී තිබියදී මෙසේ මහත් වෑයමෙන් සැඟවීමට තරම් අන්‍ය ජාතීන්ට හෝ අන්‍ය ලබ්ධිකයින්ට මෙලක තිබූ වටිනාම ඉතිහාස කථා වස්තුව කුමක්දැයි සිතා බැලීම වටී. මෙහිදී අප දත් ඉතිහාසයේ වටිනාම ඉතිහාස කථාව ගෝතම බුදුන් හැර අන් කවරෙක්ද? යන්න සලකා බැලීම වැදගත් වේ.

    කුමක් සැඟවුවත් ගෝතම බුදුන්ගේ ධාතු නිදන් කළ ස්ථාන, හෙළ රජදරුවන් ඉන්දියානු වන්දනාවේ නොගිය කාරණා, "දඹ" නම් වාක්‍ය කණ්ඩය සහිත හෙළ වචන සමුදාය, මෙරටට ආවේණික ස්තූප කළාව, බුදුන් වහන්සේ අරබයා සැකසුණු ග්‍රාම නාම සහ අදටත් මේ හෙළයේ අස්සක් මුල්ලක් නෑර ඉන්දියානු ගඩොල් තාකෂණයට වඩා පැරණි ශෛලමය වාස්තු විද්‍යාවන් වලින් පරිපූර්ණ පූජණීය ස්ථාන, පැවතීම ආදිය සැඟවීමට නොහැකිව මෙලක තුල අදද දැකිය හැකිය. වෙනසකට ඇත්තේ උගතුන් විසින් එක් එක් අර්ථකථන එක් කොට මෑත කාලයේ භාවිතා වූ ලෙසට කතන්දර ගොඩ නගා ඒවා වර්ගීකරණයකට ලක් කර තිබීමයි.

    මෙසේ තිබියදීත් උගතුන් බටහිර අධ්‍යාපන මිණුම් දණ්ඩෙන් පුද්ගලයින් මැන මැන සාමාන්‍යපෙළ, උසස්පෙළ, උපාධි, ආචාර්‍ය පට්ටම් ආදී වශයෙන් පුද්ගල ඛන්ඩනයකට ලක්කොට සම්මත උදෙසා දැනුම පිරික්සීමට පෙර පෙරීමකට ලක්කර අවිචාරවත්ව හෙළා දකිමින් හෝ අනුගාමිකයන් වෙමින් සිටී.

    මොවුන් බහුතරය දැනුම මත පදනම් වූ යාන්තික මානසිකත්වයෙන් පෙළෙන නිසා බුදුන් දේශිත සූත්‍රවල නිධාන කථාතුල අන්තර්ගත ස්ථාන ගැන වදවීම හැර කාලාමා සූත්‍ර වැනි බුද්ධිය මෙහෙයවා තේරුම් ගැනීමේ න්‍යාය සෙවීමට හෝ පිළිපැදීමට උත්සුක නොවේ.

    පතිරූප දේස වාසෝච, පුබ්බේත කත පුඥ්ඥතා ඇතිව මෙසිරිලක උපන් සියළුම මනුශ්‍යයන්ට ණැනස පහදවා නිබ්බාන සුඛය ලඟා කර ගැනීමට හැකියාව ඇති මේ මොහොතේ මීවන පලානේ සිරි ධම්මාලංකාර හිමියන් වෙන්වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය උපකාර කරගනිත්වා. (www.sirisaddharmaya.net).

    අවිද්‍යාවෙන් වැසී මෙම නිවන් මාර්ගය වැසීමට උත්සුක වන්නාවූ සැමට දහම් ඇස පහදවා ගැණීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා..!!!

    ReplyDelete
  14. ඉහත කමෙන්ට්ස් බොහොමයක් කියවුවෙමි. බුදුන් ලංකාවේ උපදින්නට ඇතයි යන්න මම ද විස්වාශ කරමි. ඉහත දක්වා ඇති ලේකන කීපයක් කියවීමි . ලංකාවේ සැලකිය යුතු පිරිසක් ඉහත මතය පිලි ගැනීමට බයයි. එයට හේතුව ලෙස පෙනෙන්නේ අද වැඩි පිරිසක් තර්කයට වඩා විශ්වාසයට මුල් තැන දීමයි.යම් දෙයක් ගවේෂණයට කම්මැලි වීමයි. අද රටේ පසුබෑමට එයද හේතුවක් වී ඇතිබව පෙනී යි.

    ReplyDelete
  15. මීවනපලානේ හිමියන් සේම වහරක අභයරත්නාලංකාර හිමියන්ද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසයි. දැනගත්තේ සමාපත්ති බලයෙන් බවත් දෙදෙනාම පවසයි. නමුත් කරණු පරස්පරයි.

    උදා: බුදු වූ ස්ථානය - මීවනපලානේ හිමි = හිරිවඩුන්න, වහරක හිමි = අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය

    සමාපත්ති බලයෙන් නිවැරදි දේ දැන ගත්තා නම් ස්ථාන වෙනස් උනේ කොහොමද?

    අප විශ්වාස කල යුත්තේ කවුරුද?

    ReplyDelete