Saturday, March 30, 2013

රට ගිය ඇත්තන්ගේ ජීවන තත්වය


සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?

බටහිර රටවලට පැනගත් මා වැනි පළමු පරම්පරාවේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ
මන් වාසය කරන ප්‍රදේශවල පංසල් තනා ගනිති. බටහිර රටවලට පැන ගැනගත් ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.

බටහිර රටක වාසය කලත් මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් සංස්කෘතියෙන් මුලු මනින් බටහිර වී නැති බව පැහැදිලිය. ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි.  ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුහු තම සංස්කෘතියේ එල්බ ගෙන සිටමින් ලෞකික සැප සම්පත් ලඟා කරගෙන තමන්ගේ ජීවන තත්වය උසස් කර ගනිති. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩු ළුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුල බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?


පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කල යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.


රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුලින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.


බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒනිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. ඒ නිසා ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක අද ජීවත්වන හෝ අතීතයේ ජීවත්වූ මිනිසුන් සමූහයක ජීවන තත්වයට අගයක් දීමට හැකියැයි බටහිර ආර්ථික විද්‍යාඥයෝ කල්පනා කරති. ඔවුන් සංවර්ධනය වී සිටින්නේත් අපි තවම සංවර්ධනය වන්නේත් ඒ පදනම උඩය. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි.

27 comments:

  1. ලංකාවෙන් රට ගිය අය ගැන හොද විවරණයක්..

    ReplyDelete
  2. මේ මහතා පිටරට ශ්‍රී ලාංකිකයන් ගැන බොහෝ හොඳ නිර්වචනයක් දීල තියෙනවා. ..බොහෝ දුරට අවංකයි...ගරු කල යුතුයි...

    රට ගිය ඇත්තෝ ලංකාවට නිවාඩු ආවම ඒ රටවල execetive jobs කරනවා කියල සත්‍ය වශයෙන්ම කම්කරු ජොබ් කරන බොහෝ පිරිස ගැන හා ලංකාවේ තම අයටම නැති බොරු කියන අය ගැන තවත් විස්තර කිරීමක් කළා නම් පංකාදුයි...බොහෝ පළමු පරම්පරාවේ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ බටහිරකරණය වුනාම තමන්ව කොන් වෙන බව දැනෙනවා. .ඉන් පස්සේ ඉතින් ලංකාවේ අයට පම්පෝරි ගහලා ඒ දුක නිවාගන්නවා. ..බොහෝ අය වසරක්කට පාරක් සංස්කෘතික උළෙලක් තියලා ලංකාවේ විදිහටම ජීවත් වෙනවා...හැදී හූනියම් ,කොඩිවින නැතිව නෙවෙයි...

    හැබැයි අපේ අය නම් පිටරටදී මාර එකමුතුයි ඈ ..දැක්කත් අහක බලන් යනවා. .ඔබ තුමා ඉන්න රට නම් දන්නේ නැහැ...මගේ කරුණු ගැලපෙනවද දන්නෙත් නැහැ..නමුත් සමස්තයක් විදිහට ගත්තම ඔබගේ අදහස ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අයට මොකටද රටගිය ඇත්තෝ මොන job කලත් ?. ලංකාවේ අය බොහෝ විට රැකියාව, ඇදුම මත මිනිසුන් මනිනවා. පිටරටවල බොහෝ විට එහෙම නැහැ . ලංකාවේ අයට ලොකු උවමනාවක් තියෙනවා රටගිය ඇත්තෝ එහෙ ගිහින් මොනවද කලේ කියලා දැනගන්න. ඒ වෙන මොනවාටවත් නෙවෙයි අපහාසයට අවමානයට ලක් කරන්න.

      Delete
  3. I agree with the content but not the context. To me this is Sri Lanka’s core issue. We look back at our glory days in the past and consider our culture, philosophy and way of life better than everyone else. The cold hard truth is completely different.

    I met a number of highly skilled professionals from Sri Lanka in the UK who seemed to justify their migration through pseudo economic stability, opportunities for children, living standards etc. I felt nothing but bitterness towards them because they could have all those things here while doing a service to the country. But majority of Asians I met there have benefited greatly due to the Western Economic model and culture. There is nothing wrong with free enterprise, equality, opportunities to succeed in life, secular governance etc. Describing everything western as a grand charade is petty. There are a lot of good concepts in there.

    I recall a conversation I had with a Bangladeshi Taxi Driver. When I asked why he migrated to UK, he said, “If I lived in Bangladesh, my son would be doing the same job as me. Instead, he is starting a degree this year”. To me there is nothing fake in that.

    I enjoyed the freedom to openly discuss my viewpoint at work with superiors. There were so many times where I said ‘ is a bad idea because of reasons. We should be doing ’ without fearing negative consequences. I’m working in the Sri Lankan public sector now and I know first hand of the counter-intuitive culture here.

    I could go on but my point is this. I couldn't care less if Sri Lanka was the poorest country in the world if the people living in it were happy. But we know that it isn't so. The first step in learning is acceptance of a problem. The recent wave of condemning anything western and declaring Buddhist philosophy and Sinhalese culture as superior is massively counter-intuitive in my opinion.

    ReplyDelete
    Replies
    1. The point I am trying to make here is that economic development in the western sense alters the definition of living standard in such way that no comparison can be made before and after.

      Delete
    2. මෙය බටහිර ඇති සියල්ල වැරදිය කීමට ලියා ඇති ලිපියක් හෝ අපේ දේ සියල්ල නිවැරදිය කියා කීමට ලියා ඇති ලිපියක් ලෙස ඇනෝ-1ට පෙනීම ගැන මම පුදුම වෙමි.

      ඇනෝ-2

      :)

      Delete
    3. This article makes sense except for the last two paragraphs. The last two paragraphs are under the assumption that the changes in definition of living standard across generations among SL immigrant families are similar to the changes in such definitions in western economies over time. But there is no evidence given to support that assumption.

      Delete
    4. The experiences of the first and subsequent generations of immigrants is just a case in point. My argument that in western economies, one cannot compare the living standard of a society between two different time points of history is based on the observation that definition of "living standard" changes over time. The definition changes because the so called growth of economy depends on creating new needs (or demands as it is said in economics).

      Delete
    5. Creating new needs does not necessarily change the 'living standard' definitions. In assessing the quality of health care, for example, 'standards' like expected-life-time may not need to change due to the use of more complicated methods to fulfill health care needs. However, I understand that there can be exceptions and in some situations such definitions can evolve to cater for the growth in needs. Let me give one hypothetical example in health care, where the economists would use number of patients per primary care physician at time point 1, and later change that as the number of patients per MR machine at time point 2 to evaluate health care standards. According to the example case point presented in this article, it is not clear to me how or why the economists would use different definitions at different time points. What is sensible to assume as to what an economist would do (in a situation like in my example) is to use the definition at time point 2 and claim that compared to ten years ago, now the number of patients per MR machine has decreased , and therefore, there is an improvement in health care standards. This is in fact consistent with the observation in the presented case point, where the 1st generation immigrants perceive an improvement in their living standards when they stick to the same definitions. My point is that it is not intuitive, using the presented case, to understand how an economist would use multiple definitions to measure the growth. In a situation where the definition evolved over time they either use the new definition or they could still use the old one. Although across multiple generations, there is an abrupt change in the definitions and they perceive using the definitions in their own generation, it is not clear to me how one would use that to argue that economists make mistakes in assessing gradual changes over time. There might be evidence to prove that this is not the case and economists actually do make mistakes, but I couldn't make the connection with the example case.

      Delete
    6. Thank you for your comments. I am not sure if I fully understand you but I think I have answered some of your concerns in the previous article titled “living standard” in Sinhala.

      We like to think that the expected-life-time is an absolute standard that is true for all cultures at all times but is it really? Isn’t it possible that these expectations may vary depending on the culture and time? If expected-life-time were and absolute measure then we could argue that there should be an ideal value that a society must reach in order to claim that it has met its standard. What is that value? We don’t have such a target. We can only make comparisons between life times of societies with the assumption that the longest living society has a higher standard of living. This is fine but we must acknowledge that all we are doing is making a relative measure between two or more societies. We are not measuring against an absolute standard like a meter rule for instance. But we claim that we do.

      For instance why not we set the ideal expected-life-time to be 200 years? We don’t do this today because we cannot fathom how living for that long could be a good thing from what we know of human life today. But if we were able to extend the life expectancy to 200 years at a future time we will probably look back at today’s life and say that we had a pretty low standard of living because we died at say 80 years. Are we wrong today about the future or the future man is wrong about today? My answer is both are neither wrong nor right. This is because it is not meaningful set absolute standards about “living”.

      Further there is no meaning to using two sets of definitions for two time points unless you are able to relate one to the other. If you claim that you are somehow able to relate the two definitions (like dollars and rupees)then that means there is an absolute measure. But as I argued above you cannot have absolute standards. So I wouldn’t say that the economist making a mistake when he is making a comparison between two time points because if he is making a mistake then there is an absolute truth to be known. But there isn’t.

      Delete
  4. යම් තක් දුරට එකග වෙම්.නමුත් වෙනත රටක ජිවත් වන විට අපිට අපගෙ අඩු පඩු හොඩ්ඩින් පෙනවා.ලන්කව නිතිය අතින් කොපමන පහලද ඉන්නෙ.මෙක 1ක දෙයක් විතරඉ.මම සෙවය කරන්නෙ දකුනු කොරියවෙ.මෙ රට බටහිර සුයලුම දෙ අරගෙන මෙ රටට ගෑලපෙන ලෙස හදාගෙන තියනව.

    ReplyDelete
  5. මේක රටගිය ඇත්තන් ගැන විවේචනයක්ම නොවේ. බටහිර ආර්ථික සංවර්ධනය නිසා ජීවන තත්වය උසස්වේය යන ආකල්පය සැම විටම නිවැරදි නොවන බව පෙන්වන්න ගත් උත්සාහයක්

    ReplyDelete
  6. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි.
    මා සිතන්නේ සිතන්න හොඳ ප්‍රවේශයක්....

    ReplyDelete
  7. එකඟ වෙමි,අනික පලමුවෙනි පන්තියේ පුරවැසි කමක් ඔය කොහේ ගියත් අපිට ලැබෙන්නෙ නැ කියන එකත් අපි මතක තබා ගත යුතුයි,ලංකාවේ විතරයි අපි පලමුවෙනි පුරවැසියෝ.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ අසත්‍යක්. ඔබ කී වෙනි පන්තියේ පුරවසියෙන් දැයි දැනගැනීමට අවශ්‍ය නම් මෙර්වින් සිල්වා වැනි අයගේ වැඩ පොඩ්ඩක් විවේචනය කරන්න.

      Delete
  8. ලන්කාවේ හොඳ රැකියා කරමින් සිට බටහිර රට වලට පැමිනි බොහෝ දෙනෙකු ගැන දනිමි. ලංකාවේ අපි පලමුවෙනි පුරවැසියෝද? ලංකාවේ පලමු පන්තියේ පුරවසියෝ දේශපාලුවෝය. දේශපාලකයෙකු අතින් ඔබට අසාධාරනයක් වූ විට ඔබ පොලිසියට යන්න , ඔබට යුක්ථිය ඉටුවේද ? ලන්කාව ජිවත් වීමට සුදුසු රටක්ද? , උගතුන්ට තැනක් තිබේද ? ලන්කාවේ ප්‍රාදේශිය දෙශපාලකයන් පවා දැන් කප්පම් ගනිති ස්ත්‍රි දුශන කරති. ඔබගේ දරුවා ලෝකයේ අඩුම අධ්‍යපන ශ්‍රෙනිගත ලෙවල් එකක් තිබෙන ලන්කාවේ විශ්ව විදය්‍යල වලට යවා නවක වදය කියමින් ශාරීරික මානසික පීඩාවට ලක් කිරීමට සලස්වනවාද ? යම් ලෙසකින් බටහිර රටවල් වීසා නීති ලිහිල් කලොත් ලන්කාවේ එකම දේශප්‍රෙමියෙක්වත් ඉතිරි නොවන බවත් කියමි

    ReplyDelete
    Replies
    1. මේය සම්පූර්ණ සත්‍යකි

      Delete
    2. This comment is obviously from someone who migrated, and is trying to convince himself that its the best decision.
      I have citizenship in a Australia, did a professional job in a leading company, and had a house. But I have moved back to Sri Lanka.
      Australia was unsafe because of muggers and thieves, and it is very hard to raise children keeping them away from harmful influences. Police discrimination, racism, troubled job market are other factors most Sri Lankans are not aware of when they try to migrate overseas.

      Delete
    3. This guy (AnonymousApril 15, 2014 at 3:16 PM) is a complete looser
      muggers and thieves - This is because he was living in a bad neighborhood or couldn't afford a vehicle to travel.

      very hard to raise children keeping them away from harmful influences - Millions of other families do. Don't blame a society for your lack of parenting skills

      Police discrimination - police discrimination is less in srilanka ? hilarious

      troubled job market - People who are good at what they do have no problem finding a great job. You obviously is not.

      looser of a grand scale.

      Delete
  9. අප දියුණු ජාතියක්‌ බවට පත්වීමට නම්

    කැනඩාවේ ප්‍රධාන සංඝනායක,
    රාජකීය පණ්‌ඩිත,
    පූජ්‍ය වැහිහේනේ පඤ්ඤාලෝක නාහිමි

    අපරදිග ලෝකයේ භෞතික අංශයෙන් උසස්‌ දියුණුවක්‌ ලබා සිටින සංවර්ධිත රටවල් අතර ඇමරිකාව හා කැනඩාව විශේෂ ස්‌ථානයක්‌ ගන්නා රාජ්‍ය දෙකක්‌ ලෙස හඳුන්වමින් මා ලියූ මුල් ලිපියෙන් ඊට අදාළ කරුණු කිහිපයක්‌ ද පැහැදිලිව දක්‌වා ඇත. මේ ලිපියෙන් මා අදහස්‌ කරන්නේ නොදියුණු රටවලට මේ දියුණු රාජ්‍යයන්ගෙන් ලද හැකි උපදෙස්‌ හා මගපෙන්වීම පිළිබඳ කෙටියෙන් අදහස්‌ ටිකක්‌ ඉදිරිපත් කිරීමටයි.ප්‍රජානත්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලධර්මයන්ට හා ප්‍රතිපත්තීන්ට අනුකූලව ක්‍රියා කිරීමේ උසස්‌ සම්ප්‍රදාය හැම නායකයකු විසින් ම අඛණ්‌ඩව පවත්වාගෙන එනු ලැබීම මෙරට දේශපාලන නායකයන්ගේ විශිෂ්ට ලක්‍ෂණයක්‌ සේ සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගෞරවය හොඳින් ආරක්‍ෂා වීමටත් විශ්වාසය වඩාත් තහවුරු වීමටත් එය බොහෝ දුරට ඉවහල් වී ඇත. එමෙන් ම මේ රටවල නායකයන් මෙන් ම රට වැසියන් ද ප්‍රජාතන්ත්‍රවාදය මේ දක්‌වා හොඳින් රැකගෙන ඇත්තේ ද එමඟින් රටේ ශුභ සිද්ධිය හා ආරක්‍ෂාව සහතික කරගෙන ඇත්තේ ද මේ අයුරින් බව සඳහන් කළ යුතුය.

    යුක්‌තිය හා නීතිය භේදයකින් තොරව සාධාරණව සමසේ ඉටුවීම මේ රටවල ප්‍රගතියට බලවත් රුකුලක්‌ වී ඇත. එය රට තුළ සාමය ආරක්‍ෂාවීමටත් ජනයා අතර අෙන්‍යාන්‍ය හොඳ හිත හා සුහදතාව වර්ධනය වීමටත් පාලකයන් හා රටවැසියන් අතර මත භේද ඝට්‌ටන ඇති නො වීමටත් විශේෂ වශයෙන් හේතු වී ඇත. එමතුදු නොව මේ රටවල දේශපාලකයන්ගේ අයුතු බලපෑම් වලින් හා අඟිලි ගැසීම් වලින් තොරව ස්‌වාධීනව පවතින අධිකරණය සැමවිට ම සැමට යුක්‌තිය සාධාරණය ඉටුකිරීම රටේ සාමකාමී පැවැත්මට විශාල අනුබලයක්‌ වී ඇත. ඒ අනුව නීතිය විසින් මිනිසා ආරක්‍ෂා කරනු ලබන අතර නීතිය කෙරෙහි මහජනයාගේ ගෞරවය හා සැළකිල්ල වැඩිවීමටත් නීති විරෝධී ක්‍රියාවන්ගෙන් රට වැසියන් වැළැක්‌වීමටත් විශේෂයෙන් හේතුවී තිබෙන බව පෙනේ. රටක පාලකයන් අයුතු ලෙස අසාධාරණ ලෙස නීති විරෝධී ලෙස කටයුතු කරන විට රට තුළ සමාජ යුක්‌තිය සමාජ සාධාරණය ඉටු වීමට කිසිසේත් ඉඩක්‌ නැති බව නායකයන් හොඳින් තේරුම් ගෙන ක්‍රියා කිරීම මේ රටවල නායකත්වයේ උසස්‌ ලක්‍ෂණයකි.පක්‍ෂ දේශපාලනය කෙතරම් උග්‍රව පැවතුණ ද මහජන ඡන්දයෙන් බලයට පත් දේශපාලන නායකයන් කිසි විටෙකත් ස්‌වකීය ප්‍රතිවාදීන් ගෙන් පළි ගැනීමේ පහත් ගතිය අනුගමනය නො කිරීමෙන් මේ රටවල නායකයන් දන්වා ඇති විශිෂ්ටාදර්ශය මහත්මා ගතිය සැබවින්ම ප්‍රශංසනීය වේ. ඡන්දයකින් පසුව ඇතැම් රටවල සිදුවන ජීවිත හානි, දේපොළ විනාශය හා ඔවුනොවුන් අතර ඇතිවන නොහොඳ, අමනාපකම් ආදී නොයෙකුත් කටුක අමිහිරි අවස්‌ථා මේ රටවල ඇසීමටවත් නොලැබෙන්නේ නායකයන් දක්‌වන වැදගත් උසස්‌ ආදර්ශය නිසා යෑයි කිවයුතු යි.

    පුරුෂ වීර්යය, පුරුෂ ධෛර්යය හා උත්සාහය තුළින් මිහිබට සුරපුරක්‌ ගොඩ නැගීමේ භාරදූර උදාර කාර්යය ඇමරිකාවේ හා කැනඩාවේ පුරවැසියන් සාර්ථක ලෙස ඉටුකර ඇතැයි අතිශයෝක්‌තියෙන් තොරව සඳහන් කරනු කැමැත්තෙමි. ඔවුන් ගොඩ නගා ඇති රට සෑම අතින් ම සංවර්ධිතය. ස්‌වයං පෝෂිතය. දුගී දුප්පත්කම හා නැති බැරිකම ඔවුන් පිටුදැක ඇත්තේ සංවර්ධිත රටක්‌, ස්‌වයංපෝෂිත රටක්‌ ගොඩ නැගීම තුළින් යෑයි කීම වඩාත් සාධාරණ ය.

    ReplyDelete
  10. 001flyDApril 7, 2013 at 3:03 PM
    එකඟ වෙමි,අනික පලමුවෙනි පන්තියේ පුරවැසි කමක් ඔය කොහේ ගියත් අපිට ලැබෙන්නෙ නැ කියන එකත් අපි මතක තබා ගත යුතුයි,ලංකාවේ විතරයි අපි පලමුවෙනි පුරවැසියෝ.\\ ලංකාව ඇතුලේ අවුරුදු දහස් ගාණක සිට ජීවත් වෙන දෙමළ , මුස්ලිම් මිනිස්සුන්ට ලබා දීමට අකමැති බොහෝ අය බටහිරට ආවට පස්සේ වසර 5ක් 10 ඇතුලත පුරවැසි කම බලාපොරොත්තු වීම පිලිබදව ඔබගේ අදහස කුමක්ද ?

    ReplyDelete
  11. ඉතා හොඳ ලිපියකි. ඇත්තම තමයි කතාව.
    නමුත් හෙලබිමේ කෙදිනකවත් මහා ලොකු ආර්තික දියුනුවක් නම් ඇතිවෙන්නේ නෑ. නමුත් ඉතා දියුනු උසස් වූ මනසකින් යුතු මිනිසුන් පහල වී ලෝකයාටම නිව්විම පිනිස කටයුතු කරයි. හේතුවනම් බුදුන් උපන් මේ හෙලබිම නිවන සඳහාම කැපවූ නිවන් දකින්නට පිංකල උතුමන් සඳහාම වෙන් වූ පින් කෙත වීමය. එකී ජන සමූහයක් බෞතික දේ පිබඳව බැඳීමක් නැත. එනම් ආධ්‍යාත්මික මග පල සහ බෞතික දියුනුව එකට පැවැතිය නොහැක.

    ReplyDelete
  12. Thoughtful piece. Some readers seem to be missing the central point you make. For some years now, I've noticed, reports like this: http://bit.ly/QbWrWX . That the current younger generation will be worse off than their parents, reversing a trend of at least a century or many generations. Then there are others who talk of transhumanism, where humans become integrated with machines and continue to 'exist' for far longer spans of time than human bodies permit and also conceivably with, or so they claim 'higher intelligence'. http://cnn.it/QbYvhJ They are speaking of time that not too far off, mid century! Does not invalidate your main point. Many cultures if not all, including western culture would have a hard time coming to terms with such a form of existence. It does seem more rather than less likely that increasing concentration of wealth, the economic consequences of climate change (and other forms of environmental degradation) plus the economic competition from the so called BRICs/emerging economies might mean that rising standards of living will no longer be a limitless frontier. The 19c. economist Jevons also spoke of such limits though not for the above reasons.

    ReplyDelete
    Replies
    1. Thanks Chamath for your views and for the useful links. You might like this too.
      http://janakawansapura.blogspot.com/2014/04/blog-post_9.html

      Delete
  13. lankave sarasavi walin upadiya labagathayin pasu vidya ansayen upadhidarinta Americave paschath upadhi labaganata awasthawa atha. 1980 apada (my wife) me ratata awe elesaya. In pasu obey sarthakathwaya anuwa rakiya lapagatha haka. Peradeniyen egenagath boho dena elasa paminiya. Mathaka sita Moratuwa wage than walinda enawa. Desa palana balapamak nathiva Hakiyawanta anuwa raksha labagatha haka.

    ReplyDelete
  14. An American investment banker was taking a much-needed vacation in a small coastal Mexican village when a small boat with just one fisherman docked. The boat had several large, fresh fish in it.

    The investment banker was impressed by the quality of the fish and asked the Mexican how long it took to catch them. The Mexican replied, “Only a little while.” The banker then asked why he didn’t stay out longer and catch more fish?

    The Mexican fisherman replied he had enough to support his family’s immediate needs.

    The American then asked “But what do you do with the rest of your time?”

    The Mexican fisherman replied, “I sleep late, fish a little, play with my children, take siesta with my wife, stroll into the village each evening where I sip wine and play guitar with my amigos: I have a full and busy life, señor.”

    The investment banker scoffed, “I am an Ivy League MBA, and I could help you. You could spend more time fishing and with the proceeds buy a bigger boat, and with the proceeds from the bigger boat you could buy several boats until eventually you would have a whole fleet of fishing boats. Instead of selling your catch to the middleman you could sell directly to the processor, eventually opening your own cannery. You could control the product, processing and distribution.”

    Then he added, “Of course, you would need to leave this small coastal fishing village and move to Mexico City where you would run your growing enterprise.”

    The Mexican fisherman asked, “But señor, how long will this all take?”

    To which the American replied, “15-20 years.”

    “But what then?” asked the Mexican.

    The American laughed and said, “That’s the best part. When the time is right you would announce an IPO and sell your company stock to the public and become very rich. You could make millions.”

    “Millions, señor? Then what?”

    To which the investment banker replied, “Then you would retire. You could move to a small coastal fishing village where you would sleep late, fish a little, play with your kids, take siesta with your wife, stroll to the village in the evenings where you could sip wine and play your guitar with your amigos.”

    I love this simple parable. It brings clarity to what the money game is all about… and definitely not about.

    It brilliantly illustrates the illusions we so easily fall into when pursuing wealth and financial freedom. It’s far too easy to build incessantly and forget the end game is happiness and a fulfilling life.

    It’s equally easy to forget all the goodness we are surrounded by today. The truth is it doesn’t take a lot of money to have a truly wealthy life, but it does take freedom.

    -Nalliah Thayabharan

    ReplyDelete
  15. //බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය//
    //නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි. //

    +++++++

    ReplyDelete