Thursday, January 3, 2013

අයි නෝ ද ලෝ පුතා!

මීට දසක දෙකකට පමණ ඉහත විකාශණය වුන එක්තරා රූපවාහිනී නාට්‍යයක සිටි විකට චරිතයක් නිතරම මේ වදන් කියනු අසන්නට ලැබිනි. එම චරිතය වෘත්තියෙන් නීතිඥයෙකු දැයි මට මතක නැත නමුත් ඔහුට අනුව එහි සිටි අනිත් අය නීතිය නොදන්නා අය වෙති. සැබෑ සමාජයේද බොහෝ දෙනා නීති විශේෂඥයෝ නොවෙති. නමුත් අපි හොරාගේ අම්මාගෙන් පේන නොඇසිය යුතු බව නම් දනිමු. ගමේ ගොඩේ කවුරුත් දන්නා මේ දේ අද ලංකාවේ බලපැවැත්වෙන නීති විශයෙහි ලොප් වී ඇති බව පෙනේ. එසේ වී ඇත්තේ නීතියෙහි ඇති සාමාන්‍ය අපි නොදන්නා යම් ගැඹුරු ගාම්භීර කමක් නිසාද නැත්නම් එය විනිසුරුවන්ගේ බොරු කොන්ඩා මෙන්ම හුදු මවාපෑමක්ද?

පාර්ලිමේන්තුව තේරීම් කමිටුවක් හරහා අග විනිසුරුතුමියට දෝශාභියෝගයක් කල බව අපි දුටුවෙමු. දෝශාභියෝගයට ලක් වූ එතුමිය, ඊළඟට කලේ ඒ කමිටුවට එරෙහිව එතුමිය යටතේ සිටින විනිසුරු මඩුල්ලකට පෙත්සමක් ඉදිරිපත් කිරීමය. නීතිය නොදන්නා අපට නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. ඊලඟට ඒ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවකට අග විනිසුරුවරයෙක් දෝශාභියෝගයට ලක් කිරීමට නීතිමය අයිතියක් නැතැයි කියාය. ඔවුන් මෙසේ කියන්නේ මෙවැනිම තේරීම් කමිටු හරහා මීට කලින්ද අගවිනිසුරුවරුන් දෝශාභියෝග වලට ලක් කර තිබියදීය. ඒ බව මීට කලින් තීරණය කලා නම් කමක් නැත නමුත් ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ ප්‍රධානියා වරදට හසුවුනාට පසුවය. කුඩා ළමුන් පවා සෙල්ලම් කරද්දී අතරමඟ නීති වෙනස් නොකල යුතු බව දනිති. නමුත් කුඩා ළමුන් මෙන්ම සාමාන්‍ය ජනයාත් නීති විශේඥයෝ නොවෙති. 


අද මේ එළි දැක්වෙන පඹගාලේ පැටලී සිටින්නේ නීති විශේෂඥයෝ පමණි. එය රටේ අවුලක් බවට පෙන්වන්නට කරන උත්සාහය බොරු කොන්ඩා වැනි මවාපෑමක් පමණි.

12 comments:

  1. Ethakota dhoshabhiyoga karna deshapalakayin dhooshana wani dhosha walin thorada? Oba hithana widhihata dhoshabhiyogayata hethuwa aga winisuru thumiyage dhooshitha wedada nathahoth ethumiyage dhooshitha weda gana dena dena ethumiya path karapu janadhipathige ana no pilipadeemada? Ethakota aga winisuruthumiya Janadhipathige ana pilipadina rookadayek wiya yuthuda? Lankawe Jaathiwadhaya pathuruwana Wimal Weerawansata Aga winisuruge hari waradi baleemata sudusukamak thibeda?

    ReplyDelete
  2. බටහිර ක්‍රමයෙන් අපට සදාචාරාත්මක ආණ්ඩුවත් උසාවිවත් ලබා ගන්නට බෑ. නමුත් මේ ප්‍රශ්ණයේදී ජනතාව ඉන්නේ ආණ්ඩුව සමඟ මිස අධිකරණය සමඟ නොවේ. ජනතාවගේ සහාය නැතුව නීති වශේෂඥයින්ට කල හැක්කේ තමන් විසින් තනා ගත් පඹ ගාල් වල පැටලී ආතල් ගැනීමට පමණයි.

    ReplyDelete
  3. එක පිගානේ හොරා කාල තරහ උනහම දෝෂාභියෝග දැමීම

    ReplyDelete
  4. Batahira Prajathantrawadayen sadachara aanduwak laba gatha nohakinam Sinhala widihata kula wadaya padanam kota honda radala pawulaka unnehe kenek Rajah lesa pathkaragamu. Mahinda Rajapaksa mahattaya radala nowunath ehema hithagena Dewayan Wahansa kiya usasweemak dee Shirani Bandaranayaka mathini Sinhala widihata ekko ula thiyala ho gal gedi dhekak kakule banda diyawanna jalashayata paath karamu!!

    ReplyDelete
  5. අපේම වූ ආණ්ඩු ක්‍රමයක් හදා ගන්ට කියා රටේ හිටි දරුණුම රජෙකුගේ ක්‍රියා කාරකමුත් අදට කොහෙත්ම අදාල නැති කුළ ක්‍රමයකුත් ආදර්ශයට ගන්ට උපදෙස් දෙන්නේ කුහක කමකටද නැත්නම් මෝඩ කමකටදැයි මම නොදනිමි. නමුත් රටේ නූගත් ජනතාව නම් ඔයිට වඩා නිර්මාණශීලී බව කිව හැකියි.

    ආණ්ඩු වෙනස්වනවා වගේ නොවේ ආණ්ඩු ක්‍රම වෙනස් කරගන්ට කල් ගත වේවි. නමුත් ඒ අළුත් ක්‍රම ලැබෙන්නේ මේ තියන ක්‍රමය වෙනස් වීමෙන්. ඒ කියන්නේ අපට පටන්ගත හැක්කේ අද තියන ක්‍රමයෙන් මිස අතීතයේ තිබුන ක්‍රමයකින් නොවේ.

    ReplyDelete
  6. හොරාගේ අම්මගෙන් පේන ඇහිල්ල මම දන්නේ නැහැ. රාජපක්ෂ හොර පවුලට ඕනේ මුළු ලංකාවම කොල්ල කන්න. බැසිල් බුරුවට සමුර්ධි සල්ලි හිතේ හැටියට හොරකම් කරන්න දුන්නේ නැහැ කියලනේ ඔය දෝෂාභියෝගේ ගෙනාවේ. ලංකාවට කුඩු ගෙන්නන්නේ මුන් දැනුවත්ව. හොර අරක්කු පෙරන්න spirit ගේන්නේ මුන් දැනුවත්ව. කොටින්ම කියනවනම් මුන් ලංකාවේ සාරේ උරාබොන්නේ පරපොෂිතයො වගේ. මුන්ට දැන් රට ඇතුලේ ගමන් යන්න helicopter නැතිව බැහැ. මේවා තේරෙන්නේ නැත්නම් මොන ආචාර්ය උපාධි ගැහුවත් වැඩක් නැහැ. මුන්ව බලයට ගෙනාපු නලින් ද සිල්වලට, ගුණදාස අමරසේකරලට, නලා කාරයන්ට, ජඩ මාධ්‍යවේදීන්ට දැන් වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලාට වෙච්චදේ. ඕක සුද්දගේ ආණ්ඩු ක්‍රමයේ වැරද්දක් නෙමේ. අපේ රටේ එවුන්ගේ ගොන් කම.

    ReplyDelete
  7. මේ ආණ්ඩුවට අවශ්‍යනම් දිවි නැඟුම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්ට නීතියෙන් බාධාවක් නැහැ. අග විනිසුරු තුමිය දුන් තීන්දුවේ ඒ බව පැහැදිලියි. ඒ නිසා දෝශාභියෝගය ගෙන ආවේ ඒ සම්බන්ධයෙන් ඇගෙන් පලි ගන්නට යැයි කියන කථාව බොරුවක්. අපේ රටේ මිනිස්සු ගොන්නුන්වත් බූරුවන්වත් කියා මම නම් සිතන්නේ නෑ මොකද උන් බොහොමයක් දැන් රටේ නැති නිසා. කෙසේ වෙතත් ආණ්ඩුවේ දූෂිත බව ඔබ කියන කථාව බොහෝ දෙනෙක් දරන අදහසක්. දූෂිත ආණ්ඩු යන ලිපියේ ඒ පිළිබඳ මගේ අදහස් මම දැක්වූවා. මම පසුව ඒ ගැන තව දුරටත් ලියන්නම්. අරුණ, ඔබේ නමින්ම මෙහි පෙනී සිටීම ගැන ඔබට ගෞරව කරනවා. උපාධි ගැන කියන්න තියන්නේ එය රස්සාව තියා ගන්නට විතරක් හොඳ බව පමණයි.

    ReplyDelete
  8. ලුම්බිණිJanuary 13, 2013 at 8:30 PM

    මම මෙතෙන්ට අලුත් කෙනෙක්. කොහොම උනත් අරුණගේ කතාව හුඟක් දුරට මමත් පිලිගන්නවා. ගුණදාස අමරසේකරලා කියන්නේ ජාතිවාදීන්. ඒ අය ගැන කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන ආකාරයෙන් ඔවුන් ජාතිවාදී නම්... ඔබ දකින ආකාරයට ජාතික වාදීන් යනු කවුරුන් ද ?

      Delete
  9. මෙරට සාමාන්‍ය ජනතාවට අවශ්‍යව තිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්නටය. අමරසේකර නලින් ද සිල්වා ඇතුලු ජාතිකවදීන් ඒ සඳහා අවැසි මත වාද ගොඩනැඟූහ. ඒ මතවාද තුල ජාතිවාදයක් නැත. ජාතිවාදයක් ඇත්තේ දෙමලුන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන බටහිරුන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට පමණි.

    ReplyDelete
  10. Apoi! Jaathi waadin nam nowei. Eheth Demalu samula gathanaya kara ho Prabakaran paradawamu kiya matha wadayak goda nanguwe Nalin de Silva saha Gunadasa Amarasekera weni honda Bauddayinya.

    Ada Demalunta thamage Yapanaye edineda weda karaganeemata kisima balayak nodee Hamudawen Saha Polisiyen Yapanaya palanaya kireemata aanduwata punala kiyanneth Nalin de Silva saha Gunadasa Amarasekara wani ayayi.

    Eheth owun Jaathi Waadin nam noweilu. Maithriya Karunawa danna honda Bauddayolu.

    Gunadasa Amarasekara Dantha Widya Rohale wada karaddi Demala dosthara warunta kala hirihera gana ada danne swalpa deneki. Eheth Jaathi waadiyeknam noweilu!

    ReplyDelete
  11. දෙමළුන් සමූල ඝාතනය කර හෝ ප්‍රභාකරන් පරාජය කල යුතු යැයි කියා මතවාදයක් මේ කිසිවෙක් කියා නැත. එය ඔබගේ අමූලික බොරුවකි.

    පසුගිය අවුරුදු තිහ තිස්සේ යාපනයේ මිනිසුන්ට රිසි පරිදි තමන්ගේ වැඩ කරගැනීමට ඉඩ දුන්නේ ප්‍රභාකරන්ද? නැත්නම් ඔබ වැනි මෛත්‍රී ගුණ ඇති අයද?

    ReplyDelete