Tuesday, December 4, 2012

දෙමළ ප්‍රශ්ණය


සුලූ ජාතීන්ට, විශේෂයෙන්ම මේ රටේ සාමාන්‍ය දෙමළ ජනයාට බරපතල ප්‍රශ්ණයක් ඇත. ඒ මෙරට ඉපදුනත් මෙරට ජීවත්වුනත් ඔවුන් මෙරටේ සංස්කෘතියේ හෝ එහි දේශපාලණයේ හෝ කොටස් කාරයන් නොවීමය. දෙමළ ජනයාට මේ ප්‍රශ්ණය සැමදාම තිබිනි. ඔවුන් සිංහලයන් සමඟ හොඳින් සිටියත් නැතත් මේ ප්‍රශ්ණය මඟ හැරෙන්නේ නැත. බටහිර උගතුන් නොකීවත් මෙය සිංහලයන්ටද ඇති එක ප්‍රශ්ණයකි. දෙමළ ජනයා මෙරටේ සංස්කෘතියේත් එහි දේශපාලනයේත් කොටස් කරුවන් නොවී වෙන්ව සිටීම එසේත් නැත්නම් සිංහල ජාතියෙන් වෙන්ව සිටීම සිංහලයන්ටද ඇති මූලික ප්‍රශ්ණයකි. සිංහලයන්ට ඇති අනිත් ප්‍රශ්ණය බටහිර අධිරාජ්‍ය වාදීන් මේ වෙන්ව සිටින සුලූ ජාතීන් සිංහලයන්ට විරුද්ධව මෙහෙය වීමය. මේ ප්‍රශ්ණය එකිනෙකින් ස්වායත්ත නොවේ. එනිසා ඒවාට සපයන විසඳුම් සියලු ප්‍රශ්ණ වලටත් සියලු ජාතීන්ටත් සාධාරණය විය යුතූය. ජන වාර්ගික පදනමක් මත දේශපාලණ බලය බෙදීමෙන් දෙවෙනියට සඳහන්වූ සිංහලුන්ගේ ප්‍රශ්ණය උග්‍ර වෙනවා මිස ඊට විසඳුමක් ලැබෙන්නේ නැත. සිංහලුන් ගේ ප්‍රශ්ණ නොවිසඳෙන විසඳුම් ජාතික විසඳුම් නොවේ.

මේ වෙන්වීම දෙමළුන්වත් සිංහලුන්වත් විහින් ඇති කර ගත් දෙයක් නොවේ. අධිරාජ්‍යවාදීහු දෙමළ ජනයා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගත් දින පටන්ම ඔවුන් සිංහල ජාතියෙන් වෙන්කර තැබීමට පියවර ගත්හ. දෙමළ ජනයා අතරින් ප්‍රභූ පැළන්තියක් බිහිකර ඔවුන්ට මෙරටේ නොතිබූ දේශපාලන වරප්‍රසාද හිමි කරදීම මඟින් අධිරාජ්‍යවාදීහු මේ වෙන් කිරීම අප සමාජයේ ස්ථාපිත කළහ. අද සාමාන්‍ය දෙමළ ජනයා සිංහල ජාතියෙන් වෙන්වී සිටින්නේ සියවස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක කෙරුන මේ වෙන් කිරීමේ ක්‍රියාවළියේ ප්‍රතිඵලය නිසාය. සිදුවිය යුත්තේ මේ දෙමළ ජනයා මෙරට සංස්කෘතියටත් දේශපාලනයටත් ආර්ථිකයටත් එකතු කිරීමය.

ඉතිහාසය පුරා භාරතයෙන් අප රටට සංක්රමණය වූ මිනිස්සු ඒ ඒ අවධියේ මෙරට ස්ථාපිතව තිබූ සංස්කෘතියටත් දේශපාලනයටත් ආර්ථිකයටත් ස්වාභාවිකවම අනුගත වෙන්නට ඇතැයි අපිට සිතිය හැකිය. පරම්පරා කිහිපයකින් පසු ඔවුහු තමන් සිංහලුන් යැයි හඳුනාගන්නට ඇත. එසේ හඳුනාගෙන එතැන් පටන් සිංහල ජාතියේ ඉතිහාසයටද උරුම කම් කියන්නට ඇත. නමුත් අවාසනාවකට මෙරට දෙමළ ජනයාට මෙසේ ස්වාභාවිකව සිංහල ජාතියට අනුගත වීමට ඉඩක් නොලැබිනි. ඔවුන් ගොවි කම්කරුවන් ලෙස මෙහි ආ දා පටන් කෘතිමව වෙන්කර තැබිනි. ඒ නිසා ඔවුන් මෙරට සංස්කෘතියටත් දේශපාලනයටත් ආර්ථිකයටත් එකතු කෙරීම සක්රීයව සිදුකල යුතු ක්‍රියාවළියක් බවට අද පත්වී ඇත.

සිංහල ජාතිය අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අඛන්ඩව මෙරට ඔවුන්ට ආවේනිකවූ සංස්කෘතියකුත් දේශපාලනයකුත් ආර්ථිකයකුත් ගොඩනඟමින් සිටිති. වෙන්ව සිටින අනිකුත් සියලු ජන කොටස් බැඳ ගත යුත්තේ මේ සිංහල ජාතියටය. අපි යම් ජාතියකට අයිතිය යන හැඟීම අපට ඇත්තේ මූළික වශයෙන් අප එකිනෙකා සමඟ ආධ්යාත්මිකව බැඳී සිටින නිසාය. මෙසේ බැඳුනු ජාතියකට යම් පොදුවූ සංස්කෘතික ලක්ෂණ තිබිය හැක. නමුත් බැඳී සිටීමට එකම සංස්කෘතියක හිඳීම අනිවාර්ය නොවේ. ඒනිසා දෙමළ ජනයා සිංහල ජාතියට බඳවා ගැනීම යනු ඔවුන් සිංහලුන් කෙරීම නොවේ. බැඳ ගැනීම ඉතා පැහැදිළිවම අධ්යාත්මික ක්‍රියාවළියකි. බැඳගැනීමේදී දෙමළ ජනයා ඔවුන්ගේ දෙමළ හින්දු අනන්‍යතාව රකිනු ඇත. එය එසේ විය යුතුය.

එකතු වූ පසු ඔවුන් එකවර සිංහල ජාතිය සමඟ බැඳීත් සිංහල ජාතියෙන් වෙන්වීත් සිටිනු ඇත. මේ බැඳී වෙන්වීම තුලින් ඔවුන් මෙරටේ සංස්කෘතියේත් එහි ආර්ථිකයේත් එහි දේශපාලනයේත් කොටස් කරුවන් වීමට ඉඩ ප්රස්තාව සැලසෙනු ඇත. බැඳී වෙන්වීම නිසා අනුගත වූ ජාතියට එකවර අනන්‍යතා කිහිපයක් ලැබේ. මෙහි ගැටලුවක් නැත. ජාතියකට අයත් සියලු වැසියන්ට තිබිය යුත්තේ එක් අනන්‍යතාවක් පමණකැයි පවසන්නේ බටහිර උගතුන් පමණි. ඒ බටහිර රටවල ඇත්තේ ඒකීය සංස්කෘති බැවිනි. ඔවුන්ට අනුව ජාතියක් යනු එකම සංස්කෘතියකට අයත් මිනිස් සමූහයකි. එකම සංස්කෘතියකට අයත් නොවී බටහිරුන්ට එකට සිටිය නොහැකිය. ඒ නිසා දෙමළ ජනයා සිංහල ජාතියට එක්වීමේදී ඔවුන්ගේ දෙමළ හින්දු අනන්‍යතාව නැති වෙනු ඇතැයි බටහිර උගතුන් කෑ මොර දෙනු ඇත. ඊට විසඳුමක් වශයෙන් ඔවුහු සිංහලුන් ගේ සිංහල කමත් දෙමළුන් ගේ දෙමළ කමත් පසෙක තබා ඊනියා අන්තර් ජාතික සංස්කෘතියකට එක්වන ලෙස අපට උපදෙස් දෙනු ඇත. අවසානයේ මේ සියල්ලන් එකතුවන්නේ කොහේවත් නැති අන්තර් ජාතික සංස්කෘතියකට නොව බටහිර සංස්කෘතියටම බව ඔවුන් නොකියයි. මෙවැනි නග්න එකතුවීම් වලින් සිංහලුන්ටත් දෙමළුන්ටත් ඉටු වෙන සෙතක් නැත. සිංහලයන් මෙන්ම දෙමළුත් බැඳී වෙන්වී සිටීමට දනිති. ඔවුන් හට තම අනන්‍යතාවන් අත් නොහැර එකට සිටින්නට පුලුවන.

14 comments:

  1. විවේක පාඩු වෙලාවක මුල ඉදන් කියවලම ඕන කමෙන්ටුවක් දාන්න...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානං කමෙන්ට් කරන්න ලේසියි...

    ReplyDelete
  2. හෙමින් සැරේ නිවී හැනහිල්ලේ කියවන්න ඕනි තමයි,
    දිගටම ලියන්න

    ReplyDelete
  3. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා

    ReplyDelete
  4. ලිපි කිහිපයක් කියෙව්වෙමි! සිහල බ්ලොග් අවකාශයේ ඇති හරවත්සහ මතවාදීමය හිඩැස පිරවීමට හැකියාව ලැබේවා!

    ReplyDelete
  5. Dear Janaka, What you seem to be saying is that the only way to solve the problem is for the Tamils to become Sinhalese. There are many problems with that aproach. The first being that no one has the right to dictate to others what culture they should espouse. Any attempt to do so would only increase tensions rather than reduce them. The whole problem started with only Sinhala being given recognition as the national language in the constitution. If equal recognition was given to Tamil in 1956, perhaps there would not have been hartals and protests by Tamils, there would not have been a Sinhala backlash in the form or riots and the Tamils would in turn not have responded with terrorism.

    I am also interested to know how you propose to assimilate the Tamils. Should the govt for instance abolish the Tamil medium in schools? Should they remove the Tamil signs on streets and buses for instance. Should it be made illegal for Tamils to talk to each other in Tamil? For the total assimilation you prescribe all the above measures will be necessary. And still I doubt if it will succeed as humans (not just Tamils and Sinhalese) take pride in their language and culture and will resist another being imposed on them. And that is the same reason why you cling onto your Sinhala culture while living in the United States.

    Personally, I think the "Tamil Problem" has 3 aspects to it.
    1. A desire for nationhood.
    2. Bitterness towards the Sinhalese due to a number of real and perceived grievances. The principal one being the repeated pogroms.
    3. Tamil supremacism. Where some Tamils believe they have a superior claim to Sri Lankan soil (than the Sinhalese.)

    Personally, I think we can go a long way to satisfying 1 and reassuring Tamils that 2 will never happen again, without it adversely impacting the rights of the Sinhalese. It is only 3 that we cannot entertain under any circumstances. We can, for example enter negotiations with the TNA insisting on equality being the criterion for any settlement.

    Personally, I can see no problem with a Jaffna and Batticaloa administered by the Tamils with Police and Land powers as long as the teritory they control is proportionate to their populations. It forms no threat to the Sinhalese. Let them run their schools, repair their roads, tax their people, punish the criminals as they see fit. Why should we interfere? This will go a long way to reassuring them that we are ready to accept them as equals and restore their pride as architects of their own destiny. Of course on a practical level we will have to maintain the military bases (perhaps at the pre-1987 levels along the coast to ensure arms are not smuggled in for a new insurrection by another supremacist like Prabakaran). We need to send the message that we have no objection to them running their own lives as long as they do not infringe on our own rights to equality in Sri Lanka.

    My only objection to Tamil Nationalism is their grandiose claim to superior land rights as if all of the Vanni and Eastern Province is the Tamil's exclusive birthright. However if they are prepared to concede that their claim to Sri Lankan land is no superior to ours, I am prepared to yield 7% of the landmass in the north to the Tamils and 5% of the landmass in the East. (which is roughly their ethnic proportion). With the advantage of free trade and travel to the rest of the country, they are then most unlikely to ever want to secede.

    ReplyDelete
  6. දෙමළ ජාතිකවාදය (Thamil nationalism) මටනම් ප්‍රශ්ණයක් නොවේ. මා දෙමළුන් සිංහල ජාතියට බඳවාගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් සිංහල කිරීම නොවේ. එය අධ්‍යාත්මික ක්‍රියාවළියකි. ඒ බව මම පැහැදිලිවම කියා ඇත:
    "දෙමළ ජනයා සිංහල ජාතියට බඳවා ගැනීම යනු ඔවුන් සිංහලුන් කෙරීම නොවේ. බැඳ ගැනීම ඉතා පැහැදිළිවම අධ්‍යාත්මික ක්‍රියාවළියකි. බැඳගැනීමේදී දෙමළ ජනයා ඔවුන්ගේ දෙමළ හින්දු අනන්‍යතාව රකිනු ඇත. එය එසේ විය යුතුය."

    ReplyDelete
  7. Kohomada ethakota owun bandawaganne? Monawada gatha yuthu prayogika piyawara? Demala Jathikawadaya prashnayak nowenam oba demala swayang nirnayata (self determination) ekagada? Rate bim pramanayen kopamana panguwakatada?

    ReplyDelete
  8. ස්වයං නිර්ණ අයිතිය හුදු ජාතිවාදයක් මිස දෙමළ ජාතිකවාදයක් යැයි කියා මම සිතන්නේ නැත. බැඳීම් ඇති කර ගැනීමට මිනිසුන් අතර භෞතික වශයෙන් ගනුදෙනු තිබිය යුතුයි. ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක රැකියාවක් කර ගැනීමට, වෙළඳාමක් කර ගැනීමට, අධ්‍යාපනය ලැබීමට සහ පදිංචිවී ජීවත් වීමට ඇති බාධක ඉවත් කිරීම මීට ඉවහල් වනු ඇති. ඒ වගේම සිංහලුන්ටත් නායකත්වය දිය හැකි දෙමළ නායකයිනුත් දෙමළුන්ටත් නායකත්වය දිය හැකි සිංහල නායකයනුත් බිහි කර ගන්නට හැකි නම් හොඳය. මේ දෑ අවුරුද්දෙන් දෙකෙන් ඉටු නොවන බව පැහැදිලිය.

    ReplyDelete
  9. තමන්ගේ ගම් වල තමන්ට උවමනා විදිහට වැඩ කර ගැනීමට දෙමළුන්ට පමණක් නොවේ සිංහලයින්ටද අවශ්‍යය. එහි ඇත්තේ ස්වයං නිර්ණ ප්‍රශ්ණයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය බලය විමධ්‍යගත විය යුතුය. එය කළ හැකි එක් ආකාරයක් මම An Ideal Devolved State යන ලිපියෙන් යෝජනා කෙරුවෙමි.

    රටේ බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන්නේ උතුර හා නැගෙනහිර පලාත්වලින් පිටය. ඔබ කියන පරිදි සිංහලුන් දෙමළුන්ට ඔවුන්ට අවශ්‍ය ආකාරයකට වැඩ කරගන්නට ඉඩ නොදෙනවා නම් උතුරින් හා නැඟෙනහිරින් යම් කොටසක් ඔවුනට දීමෙන් මුලු රටේම සිටින දෙමළ ජනතාවගේ ඔබ කියන ප්‍රශ්ණය (එවැන්නක් ඇත්නම්) විසඳෙන්නේ නැහැ නේද?

    ReplyDelete
  10. Dakune inna Demala minisunta swayan nirnaya LTTE ho TNA ekawath illa natha. Eheth 100% Demala wana Yapaneta saha Madakalapuwata swayan nirnaya deemata thibena badhaka monawada? Demela bahutharayak inna pradesha walata witharai swayang nirnaya illa thibenne. Ewata witharai swayan nirnaya puluwan. Thawada illa thibena illeem walata witharai wisadum awashya. Aekai Demala jathika wadhaya. Oba Demala Jathika wadayata ekaga wunath owunta podi illeemakwath denna laesthi nae wage!

    Sankya lekhana walata anuwanam thawamath demala minissu bahu tharayak inne Uthuru ha Neganahira palath wala.

    ReplyDelete
  11. ස්වයං නිර්ණ අයිතිය සහ ජාතිකවාදය යන සංකල්ප ගැන මම දරන්නේ වෙන අදහස්. වෙනස් අර්ථ දැක්වීම් යොදාගෙන දෙදනෙකුට එකම කරුණක් ගැන කථා කිරීම ගැටළු සහගත නිසා ඒ සංකල්ප භාවිතා නොකර ඔබේ ප්‍රශ්ණවලට පිළිතුරු දීමට උත්සාහ කරන්නම්.

    රටේ ඕනෑම ගමක වෙසෙන වැසියන්ට තම දෛනික කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය පරිදි රාජ්‍ය බලය (පරිපාලන, උසාවි ආදිය) මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතුයැයි මම අදහස් කරමි. මේ බලය අද රටේ කිසිම ගමකට නැත. එයට හේතුව අප මත පටවා තිබෙන කේන්ද්‍රීයගත බටහිර ආණ්ඩු ක්‍රමයේ දුප්පත් බවය (ඉහත අළුත්ම ලිපිය කියවන්න). යාපනයට මෙන්ම ගාල්ල පැත්තේ සිංහළුන් පමණක් වෙසෙන ගමකටත් මේ බලය තිබිය යුතුය. නමුත් ගාල්ලේ ඒ ගමට නැති රාජ්‍ය බලයක් යාපනයට දීමට කිසිදු පදනමක් නැත.

    ජනගහණ ව්‍යාප්තිය පිළිබඳ ඔබේ මතය නිවැරදිය. මුළු දෙමළ ජනගහනයෙන් 48% ජීවත් වන්නේ නැඟෙනහිර සහ උතුරු පලාත්වලින් පිටය.

    ReplyDelete
  12. Janaka, I think your model is more suitable for a pre-colonial Sri Lanka when the population was tiny, land was plentiful and people hardly traveled outside their villages. Village councils can deal with a handfull of minor aspects of administrataion but who is going to deal with criminality when a man steals from outside his village, but hehaves in an exemplary manner in his own village? What will motivate his friends in the local Police station to apprehend him? What if the plaintiff and defendent in a case are from two different villages? Who administers the ports? Who collects the taxes on wealth held islandwide? Who decides on which students go to University? We cannot have a University in every village. We cannot have a different A'Level syllabus for every village. Also, Who maintains the highways? Who defends the nation's borders? All these can only be carried out by 1 or perhaps 2 or 3 centres. Not more.

    The reality is that very few of the state's functions can practically be decentralised to the village level as you prescribe. However it is still practical if the number of distinct entities are 2, 3, or even 4. As it is, there are no Sinhalese campaigning for self rule. It is only the Tamils. So it is only the Tamils we need to accomodate in this regard. And as long as they receive self rule with only their rightful share of the nation's resources (based on the priciple of equality) the rest cannot and should not complain. That is my opinion.

    ReplyDelete
  13. Rather than maintaining boarders of the self governed states the 2,3 or 4 of them will have the chance to fight for the limit of borders. I think this model of "solution" is thrown out at Nandikadal.

    Its good thing you think of new types of solutions/ideas for our problems while most of the people find it difficult to think outside the prescriptions of west.

    ReplyDelete